Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, November 4, 2008

ගම්බීර්ට තරග තහනමක්


මී මැස්සෝ මඳ වේලාවකට තරගය නතර කරති



ඔස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් පිලේ තුන් ඉරියව් කී‍්‍රඩක ෂේන් වොට්සන් සමග කළහකාරී ලෙස පිටියේ හැසිරීම සම්බන්ධයෙන් ඉන්දීය ආරම්භක පිතිකරු ගෞතම් ගම්බීර් හට එක ටෙස්ට් තරගයක තහනමක් ඊයේ පැනවිය.
මේ අනුව පළමු ඉනිමේදී ද්විත්ව ශතකයක් ලැබු ඔහුට නොවැම්බර් 6 වැනිදා සිට 10 දා දක්වා නාග්පූර්හී පැවැත්වෙන සිව්වැනි හා අවසාන ටෙස්ට් තරගයට සහභාගී වීමට නොහැකිවනු ඇත.
මෙම තීරණයට එරෙහිව ගම්බීර් ඇපෑලක් ඉදිරිපත් කරනු ඇතැයි ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය.
ඊයේ තරගය පැවැති අතරතුරදී මීමැසි රංචුවක් පිටිය සිසාරා පියාසර කිරීමෙන් තරගය මොහොතකට නතර විය.
ඒ අවස්ථාවේදී ඉන්දීය හා ඔස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයෝද විනිසුරුවෝද මීමැස්සන් පිටියෙන් ඉවත්ව යනතුරු බිම දිගා වූහ.

No comments: