Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, November 11, 2008

සත්‍ය ලොවට කියන්නට කලාකරුවෝ එක්වෙති


ශ‍්‍රී ලංකාවෙන් ත‍්‍රස්තවාදය තුරන් කිරීමට රජය ගන්නා උත්සාහයට දකුණු ඉන්දීය කලාකරුවන් දැක්වූ විරෝධය පිළිබඳ සත්‍ය ලොවට කියා පෑමේ අරමුණෙන් සමස්ත ශ‍්‍රී ලාංකික කලාකරුවෝ මෙම 13 වැනිදා කොළඹ නිදහස් චතුරශ‍්‍රයේ දී අධිෂ්ඨාන පූජාවක නිරත වෙති. ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සුදර්ශී ශාලාවේ දී ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවේ දී කලාකරුවන් අදහස් පළ කළ අයුරු.
ඡායාරූපය - රංජිත් ජයවීර
ධනුෂ්ක ගොඩකුඹුර
රුදුරු ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ අරමුණෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ සත්‍යය ලොවට කියන්නට ශ‍්‍රී ලංකාවේ කලාකරුවෝ අනිද්දා (13) සවස 4 ට කොළඹ නිදහස් චතුරශ‍්‍රයේදී අධිෂ්ඨාන පූජාවක නිරත වෙති.
ශ‍්‍රී ලංකාව පිළිබඳ නිවැරැදි ආකල්පයක් ලොවට ලැබේවා යැයි කියමින් සුදු ඇඳුමෙන් සැරසී අධිෂ්ඨාන කරන ඔවුහු මේ පිළිබඳව කලාකරුවන්ගේ හවතින් නැගෙන සිතුවිලි ඇසුරෙන් ලියවිල්ලක් සකස් කොට එය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා ඉන්දීය බලධාරීන්ට හා කලාකරුවන්ට භාර දීමට සූදානම් වෙති.
මවුබිම වෙනුවෙන් යුතුකම ඉටු කිරීමට එක් වන්නැයි සමස්ත කලා කරුවන්ගෙන් ප‍්‍රවීණ සිනමා නළු රවීන්ද්‍ර රන්දෙණිය මහතා ඉල්ලීමක් කරයි.
කලාකරුවන්ගේ අධිෂ්ඨාන පූජාව පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමට කොළඹ සුදර්ශි ශාලාවේදී ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම ඉල්ලීම කළේය.
ශ‍්‍රී ලංකාවේ දැනට සිදු කෙරෙන මෙහෙයුම් බියකරු ත‍්‍රස්තවාදය පැරදවීමේ අරමුණෙන් කෙරෙන ඒවා මිස කිසිදු ජාතියකට,ආගමකට එරෙහිව කෙරෙන්නක් නොවන බව කී රන්දෙණිය මහතා මෙය මෙරට වර්තමාන තත්ත්වය පිළිබඳව අදහස් පළ කළ දකුණු ඉන්දීය කලාකරුවන්ට එරෙහිව විරෝධයක් නොවන බවත් අවධාරණය කළේය.
ත‍්‍රස්තවාදය පරාජය කිරීම පිළිබඳව ලොවට සත්‍ය පෙන්වා දීම කලාකරුවන් සතු ජාතික වගකීමක් බවත් මෙය සාමකාමී අධිෂ්ඨාන පූජාවක් පමණක් බවත් පැවසීය.
ඉන්දීය නල් නිළියන්ගේ විරෝධය පිළිබඳව තමන් මහත් සේ කනගාටුවට පත් වන බවත් එය අපේ රට පිළිබඳව ඇති කළ වැරැදි චිත‍්‍රය නිසා වූ විරෝධයක් යැයි තමන් කල්පනා කරන බවත් ගීතා කුමාරසිංහ මහත්මිය මෙහිදී ප‍්‍රකාශ කළාය.
රජයක් රටක් පිළිබඳ ගන්නා තීරණවලට එරෙහිව කලාකරුවන් ෂ;ර¤ධය පළ කිරීම පුදුම සහගත බව පැවසූ කුමාරසිංහ මහත්මිය ශ‍්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව ඉන්දීය බලධාරීන් දැනුවත් කිරීමේ සාධාරණ අයිතියක් කලාකරුවන්ට ඇතැයිද පැවැසුවාය.
හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි මහතා හෝ මෙරට ප‍්‍රවීණ ද්‍රවිඩ දේශපාලඥයන් ඝාතනය වූ අවස්ථාවේ නිහඬව සිටි ඉන්දීය කලාකරුවන් හිටි හැටියේ විරෝධය පාන්නට වීම අහම්බයක් නොව පරාජයේ එළිපත්තට පැමිණ සිටින එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන්ගේ තවත් එක් උපක‍්‍රමයක් පමණකැයි බුද්ධදාස විතානච්චි මහතා මෙහිදී පැවැසීය.
තමන්ගේ නියත පරාජයෙන් ගැලවීමට ඉන්දීය රජය යොදා ගැනීමට ගත් උත්සහය අසාර්ථක වූ නිසා කලාකරුවන් ලවා හැඟීම්බර අයුරෙන් මෙම ගැටලුව ජනතාවට ඉදිරිපත් කිරීමට කොටි ත‍්‍රස්තවාදීන් උත්සාහ දරන බව කී හෙතෙම එල්.ටී.ටී.ඊ. ය ජාත්‍යන්තර වශයෙන් මෙන්ම ද්‍රවිඩ ප‍්‍රජාව තුළද ප‍්‍රතික්ෂේප වී සිටින අවස්ථාවක ඔවුන්ගේ බළල් අත් වන්න එපා යැයි ඉන්දීය කලාකරුවන්ගෙන් ඉල්ලීමක්ද කළේය.සියලු අංශ නියෝජනය කරමින් කලාකරුවන් රැසක් මෙම මාධ්‍ය සාකච්ඡාවට එක් වී සිටියහ.

No comments: