Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, November 11, 2008

අය වැයෙන් අඩු කළ භාණ්ඩවල මිල ගණන් වෙළෙඳපොළට පමණක් සීමා විය යුතු නැහැ-වාසුදේව නානායක්කාර

අයවැය මගින් අඩු කළ හා වැඩි කළ භාණ්ඩවල මිල ගණන් හා බදු මුදල් සමස්ත ලෙස පොදු ජනතාවට බලපාන්නා වූ ආකාරය තීරණය කිරීම වෙළෙඳපොළට පමණක් නොපැවරිය යුතු බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් වාසුදේව නානායක්කාර මහතා පවසයි.
2009 අය-වැය පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා මෙසේද සඳහන් කළේය.
බඩු මිල අධීක්ෂණය හා මිල හැසිරවීම සඳහා යාන්ත‍්‍රණයක් ඇතිකිරීම අනිවාර්ය සාධකයකි. ඉන්ධන මිල අඩුකිරීම නිසා ජනගහනයෙන් විශාල පිරිසකට සෘජුවම සහන ලැබේ.
එහෙත් ඉන්දන මිල අඩුවීම කරනකොටගෙන වෙනස්විය යුතු මගී හා භාණ්ඩ ප‍්‍රවාහන ගාස්තු නිසිලෙස ගණන් බලා එයින් මගීන්ට, පාරිභෝගිකයන්ට හා නිෂ්පාදකයන්ට ලැබිය යුතු සහනය සහතික කිරීම කළ යුතුවේ.
දේශීය කෘෂි නිෂ්පාදන අලෙවි කැර ගැනීමේ හා නිසි මිලක් ලබාගැනීමේ ප‍්‍රශ්නය ආර්ථික මධ්‍යස්ථානවලින් පමණක් විසඳෙන්නේ නැහැ. ඒ සඳහා එම මධ්‍යස්ථානවල රාජ්‍ය අලෙවි සංවර්ධන අංශයක් තරගකාරීව කි‍්‍රයාත්මක විය යුතුය.
සෞඛ්‍යයට, අධ්‍යාපනයට, දරිද්‍රතා සහනවලට වෙන්කර ඇති මුදල් ප‍්‍රමාණවත් නැත. මේ සඳහා අවශ්‍ය රාජ්‍ය ආදායම් මීට වැඩිකර ගත හැකි කි‍්‍රයාමාර්ග ගණනාවක් අප විසින් පෙන්වා දී ඇත.
යුද්ධය කෙළවරක් කැර ගැනීමට අවශ්‍ය පියවර නොගෙන සැබෑ සංවර්ධනයක් ගැන හෝ එහි ප‍්‍රතිලාභ ගැන හෝ සිතීමට නොහැක.

No comments: