විජයානි එදිරිසිංහ
කිලිනොච්චි අක්කරායන්කුලම් ප‍්‍රදේශය ඊයේ (05) පෙරවරුවේ ආරක්ෂක හමුදා මඟින් අත් පත් කරගෙන තිබේ. නාච්චිකුඩා ප‍්‍රදේශයට නැඟෙනහිර දෙසින් අක්කරායන්කුලම් ප‍්‍රදේශය ඒ 9 මාර්ගයට යාබද ව පිහිටා ඇත.
නාච්චිකුඩා ප‍්‍රදේශයේ බලය ආරක්ෂක හමුදා තහවුරු කර ගැනීමෙන් අනතුරුව ආරක්ෂක හමුදා අක්කරායන්කුලම් අත්පත්කර ගන්නා අවස්ථාව වන විටත් අක්කරායන්කුලම් ප‍්‍රදේශය දෙසට මෙහෙයුම් ආරම්භ කර තිබිණි.
පෙරේදා සිට ඊයේ පෙරවරුවේ එම ප‍්‍රදේශය අත්පත් කරගන්නා අවස්ථාව වන තෙක් ම දෙපාර්ශ්වය අතර දරුණු ගැටුම් ඇති වූ බව ආරක්ෂක අංශ පවසයි.
මෙහි දී කොටින්ට බරපතළ හානි සිදු වී තිබේ. කොටි ත‍්‍රස්තවාදීන් විශාල පිරිසක් මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇත. තුවාල ලැබූ කොටි ත‍්‍රස්තවාදීන් ද රැගෙන කොටි කණ්ඩායම් පසු බැස ගිය බව ද මෙහෙයුම් සිදුවන ප‍්‍රදේශයෙන් වාර්තා වෙයි.
නාච්චිකුªඩා ආරක්‍ෂක අංශ යටතට පත් වීමෙන් පසු කොටි ත‍්‍රස්තවාදීන්ගේ සියලුම සැපැයුම් මාර්ග අවහිර විය. අක්කරායන්කුලම කොටින්ට අහිමිවීමත් සමඟම එය තවත් වැඩි වී තිබේ.
කිලිනොච්චි නගරයට තවත් තිබෙන්නේ කිලෝමීටරයක පමණ දුරකි. කිලිනොච්චියේ බොහෝ ස්ථාන කොටි ත‍්‍රස්තවාදීන් විසින් ධර්මපුරම් වෙත ගෙනගොස් ඇති බව වාර්තා වෙයි.
ධර්මපුරම් කිලිනොච්චි සිට කිලෝමීටර් හයක පමණ දුරකින් පිහිටා ඇත.
මිනිස් පළිහක් ලෙස යොදා ගැනීමට ත‍්‍රස්තවාදීන් විසින් බලහත්කාරයෙන් රැගෙන ගිය සාමාන්‍ය ජනතාව විශාල පිරිසක් ද ධර්මපුරම් ප‍්‍රදේශයේ රඳවාගෙන සිටින බව ද වාර්තාවෙයි.
අත්පත් කරගන්නා අවස්ථාව වන තෙක් ම දෙපාර්ශ්වය අතර දරුණු ගැටුම් ඇති වූ බව ආරක්ෂක අංශ පවසයි.
මෙහි දී කොටින්ට බරපතළ හානි සිදු වී තිබේ. කොටි ත‍්‍රස්තවාදීන් විශාල පිරිසක් මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇත. තුවාල ලැබූ කොටි ත‍්‍රස්තවාදීන් ද රැගෙන කොටි කණ්ඩායම් පසු බැස ගිය බව ද මෙහෙයුම් සිදුවන ප‍්‍රදේශයෙන් වාර්තා වෙයි.
නාච්චිකුªඩා ආරක්‍ෂක අංශ යටතට පත් වීමෙන් පසු කොටි ත‍්‍රස්තවාදීන්ගේ සියලුම සැපැයුම් මාර්ග අවහිර විය. අක්කරායන්කුලම කොටින්ට අහිමිවීමත් සමඟම එය තවත් වැඩි වී තිබේ.
කිලිනොච්චි නගරයට තවත් තිබෙන්නේ කිලෝමීටරයක පමණ දුරකි. කිලිනොච්චියේ බොහෝ ස්ථාන කොටි ත‍්‍රස්තවාදීන් විසින් ධර්මපුරම් වෙත ගෙනගොස් ඇති බව වාර්තා වෙයි.
ධර්මපුරම් කිලිනොච්චි සිට කිලෝමීටර් හයක පමණ දුරකින් පිහිටා ඇත.
මිනිස් පළිහක් ලෙස යොදා ගැනීමට ත‍්‍රස්තවාදීන් විසින් බලහත්කාරයෙන් රැගෙන ගිය සාමාන්‍ය ජනතාව විශාල පිරිසක් ද ධර්මපුරම් ප‍්‍රදේශයේ රඳවාගෙන සිටින බව ද වාර්තාවෙයි.
Ministry of Defence - Sri Lanka (MOD)
Lankaenews
Sri Lanka News Updates at LankaNewspapers.com
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය
Powered by Department of Government Information-Sri Lanka
Sri Lanka News - ColomboPage.com
Security News Feed - http://www.navy.lk
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment