Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, November 17, 2008

රාවය ප‍්‍රවෘත්තියේ ඇතැම් කරුණු පදනම් විරහිතයි- කතානායක

දයා පෙරේරා, දුමින්ද ගුරුගේ සහ ස්වර්ණා විජේකෝන්
පොදු රාජ්‍ය මණ්ඩලීය සංගමය හා අන්තර් පාර්ලිමේන්තු සංගමය සම්බන්ධයෙන් වාර්තා වූ කරුණු පදනම් විරහිත බව කතානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා පාර්ලිමේන්තුවට පෙරේදා (15) දැනුම් දුන්නේ ය.
කතානායකවරයාගේ ප‍්‍රකාශය මෙසේ ය.
පාර්ලිමේන්තුව දූෂණ ආකරයක් යන ශීර්ෂ පාඨය යටතේ 2008 නොවැම්බර් 16 වැනිදා රාවය පුවත්පතේ පළවූ වාර්තාවට අදාළව ම විසින් කරුණු සොයා බලන ලදී.
පොදු රාජ්‍ය මණ්ඩලීය සංගමය හා අන්තර් පාර්ලිමේන්තු සංගමය සම්බන්ධයෙන් වාර්තා වූ කරුණු පදනම් විරහිත බව ප‍්‍රකාශ කරමි. මන්ද යත්, එකී සංගම්වලට මුදල් වෙන් කරනු ලබන්නේ ප‍්‍රදාන ලෙස වන අතර ඒ ප‍්‍රදානයන් සම්බන්ධයෙන් මූල්‍ය කළමනාකරණ කටයුතු එක් එක් සංගමයේ ව්‍යවස්ථාවන්ට අනුකූලව සිදු වී ඇති බව අවධාරණය කරමි.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ කටයුතු සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන්ට කිසිදු මුදලක් ගෙවා නොමැති අතර එම ව්‍යාපෘතියට අදාළ ගිණුම් තැබීමේ කටයුතු එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් සිදු කර ඇත.
තවද මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කිසිදු මුදල් පරිහරණයක් හෝ කිසිදු භාණ්ඩ මිල දී ගැනීමක් පාර්ලිමේන්තුව විසින් සිදු කර නොමැති බව පැහැදිලිව ප‍්‍රකාශ කළ යුතුව ඇත.
පාර්ලිමේන්තුවේ නිලධාරීන් 4 දෙනකු ඕස්ටේ‍්‍රලියාවේ පුහුණුවට යැවීම සහ පුස්තකාලය සංවර්ධනය කිරීම සඳහා කර ඇති වැය කිරීම් සම්බන්ධයෙන් ලැබී ඇති ප‍්‍රතිලාභ පිළිබඳව සෑහීමකට පත් විය හැකි ය.
පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි සෞඛ්‍යාරක්ෂිත තත්ත්වය වැඩි දියුණු කර ගැනීම සඳහා එම මුළුතැන්ගෙයි ප‍්‍රතිසංස්කරණ කටයුතු කළ යුතුව ඇත. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන භාණ්ඩාගාරය විසින් සපයා ඇති අතර අමාත්‍ය මණ්ඩල තීරණයක් පරිදි එකී ප‍්‍රතිපාදන රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවට පවරා ඇති අතර එම ආයතනය විසින් එම කටයුතු ඉටුකිරීමේ දී අපේක්ෂිත උනන්දුවෙන් කටයුතු නොකරන බව පෙනී යන බව කනගාටුවෙන් සඳහන් කරමි.
එම පුවත්පත් වාර්තාවේ සඳහන් කර ඇති තොරතුරු පති‍්‍රකා විශේෂයෙන් පාසල් දරුවන් දැනුවත් කිරීම සඳහා උපයෝගී කරගන්නා අතර වාර්තා වැඩසටහන පාසල් දරුවන් හා පාර්ලිමේන්තුවට පැමිණෙන අමුත්තන්ට පෙන්වා පාර්ලිමේන්තුව ගැන දැනුමක් ලබාදීමට දැනටමත් පියවර ගෙන ඇත.

No comments: