Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, November 19, 2008

කොටි නායකයන් ගමන් කළ රථ දෙකකට හමුදාවෙන් ප‍්‍රහාර

විජයානි එදිරිසිංහ සහ මහින්ද කුලතුංග
ආන්දන්කුලම් සහ මාන්කුලම් ප‍්‍රදේශවල දී කොටි නායකයන් ගමන් කළ වාහන දෙකකට යුද හමුදාව එල්ල කළ ප‍්‍රහාරවලින් කොටි නායකයන් දෙදෙනකු බරපතළ තුවාල ලබා ඇති අතර, ඔවුන් ගමන් කළ වෙඩි නොවදින රථ හා ආයුධ තොගයක් හමුදා අතට පත්වී ඇතැයි යුද හමුදාව කියයි.
හමුදා ප‍්‍රහාරවලින් එක් රථයක රියැදුරු මියගොස් තිබේ. මෙම රථවල ගමන් කළ කොටි ත‍්‍රස්තවාදීන්ටද බරපතළ හානි සිදුවී ඇති බව වාර්තා වෙයි.
කොටි නායකයන් ගමන් කර ඇත්තේ වෙඩි නොවදින ලෙස ආවරණය කළ රථවල බව යුද හමුදාව පැවසීය.
යුද හමුදාවේ 59 වැනි සේනාංකය එල්ල කළ ප‍්‍රහාරයෙන් ආන්දන්කුලම් කොටි නායකයා ගමන්ගත් රථයට හානි සිදුවී තිබේ.
බි‍්‍රගේඩියර් සත්‍යපි‍්‍රය ලියනගේ නායකත්වයෙන් යුත් 53 වැනි සේනාංකය මාන්කුලම්හි දී එල්ල කළ ප‍්‍රහාරයෙන් අනෙක් කොටි නායකයා ගමන් කළ වාහනයට හානි සිදුවී තිබේ. ප‍්‍රහාරයෙන් පසු තුවාල ලැබූ නායකයන්ද රැගෙන කොටි සාමාජිකයන් පලාගොස් ඇත.
ආන්දන්කුලම්හි කොටි නායකයා ගමන් ගත් වාහනයේ තිබී ආර්. පී. ජී. අවි දෙකක්, එල්. එම්. ජී. අවියක්, ටී – 56 අවි දෙකක්, ආර්. පී. ජී. බෝම්බ දෙකක් සහ ගුවන් විදුලි පණිවිඩ හුවමාරු යන්ත‍්‍රයක් හමුදාව සොයාගෙන තිබේ.

No comments: