වර්ගීය ඖෂධ කෙලින්ම වෛද්‍ය සැපයුම් අංශයට
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව නිපදවන වර්ගීය ඖෂධ සෘජුවම වෛද්‍ය සැපයුම් අංශයට සැපයීමට සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ කැබිනට් පති‍්‍රකාවකට අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව වෛද්‍ය සැපයුම් අංශයට අවශ්‍ය වන ඖෂධ මුළු ප්‍රමාණය තරඟකාරී මිල ගණන් කැඳවීමකින් තොරව පූර්ව එකඟත්වයකට පැමිණි මිල ගණන් යටතේ ඖෂධ සංස්ථාවෙන් මිලට ගන්නා අතර මිල ගණන් තීරණය කිරීමට කමිටුණක්ද පත් කෙරේ.
උපරිමාධිකරණ විනිසුරු වැටුප් ප්රතිශෝධනයට පියවර
උපරිමාධිකරණ විනිශ්චය කාරවරුන්ගේ වැටුප් ප්‍රතිශෝධනය කිරීම වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පති‍්‍රකාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව අගවිනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් අභියාචනාධිකරණයේ සභාපති හා විනිශ්චයකාරවරුන්ගේ වැටුප් ඉහළ නැංවේ.
දීමනාද සහිතව 2005 වසරේ දෙසැම්බර් මාසයේ ගෙවන ලද වැටුප සහ යෝජිත වැටුපෙන් සියයට 50ත් 2006 ජනවාරි මස 01 දින සිටත් ඉතිරි සියයට 50 2007 ජනවාරි මස 01 දිනසිට ගෙවීමටත් නියමිත අතර 2007 ජූලි මස 01 දා සිට මෙම දීමනා සැකසේ.
බෙල්ලන්විල පූජා භූමි සංවර්ධනය ඉඩම් ප්‍රතිසංස්කරණ සංස්ථාවට
බෙල්ලන්විල පූජා භූමිය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ඉඩම් ප්‍රතිසංස්කරණ හා සංවර්ධන සංස්ථාවට පැවරේ.
ඒ වෙනුවෙන් නාගරික සංවර්ධන හා පූජා භූමි සංවර්ධන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ සංදේශයකට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 34කි.
පාවහන් හා සම්භාණ්ඩ පුහුණු පාසලක්
පාවහන් හා සම්භාණ්ඩ පුහුණු පාසලක් පිහිටුවීමට කර්මාන්ත සංවර්ධන ඇමැති කුමාර වෙල්ගම මහාත ඉදිරිපත් කළ සංදේශයකට අනුමැතිය හිමිව ඇත.
මේ සඳහා 2009 වසරේ දී රුපියල් මිලියන 70 ක් හා 2010වසරේදී රුපියල් මිලියන 50 මුදලක් වැය කෙරේ.
මරදාන ටවර් රඟහල අලුත්වැඩියා කරයි
මරදාන ටවර් රඟහල අලුත්වැඩියා කිරීම සඳහා ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයට පැවරීමට සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරිපත් කළ සංදේශයකට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
Ministry of Defence - Sri Lanka (MOD)
Lankaenews
Sri Lanka News Updates at LankaNewspapers.com
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය
Powered by Department of Government Information-Sri Lanka
Sri Lanka News - ColomboPage.com
Security News Feed - http://www.navy.lk
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment