ජගත් පේර්මචන්ද්ර දඹුල්ලේ සිට....
තරගාවලියේ කඩුල්ලක් අතර හොඳම ලකුණු සබඳතාවක් පිහිටු වූ ශ‍්‍රී ලංකා කාන්තා කි‍්‍රකට් පිලේ ආරම්භක පිතිකාරිනියන් වූ දේදුනු සිල්වා සහ චමරි පොල්ගම්පොළ ඊයේ (09දා) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ දී පැවැති ශ‍්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා එක්දින කි‍්‍රකට් තරගාවලියේ තෙවැනි තරගයේ දී තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා ගෙන ගියහ.
පළමුවෙන් පන්දුවට පහර දුන් සංචාරක කී‍්‍රඩිකාවෝ ඕවර 44.3ක දී ලකුණු 125කට සීමා කිරීමට සත්කාරක ශ‍්‍රී ලංකා කී‍්‍රඩිකාවෝ මත් වූහ.
එම ඉලක්කය ඕවර 36.3 දී පසු කිරීමට ශ‍්‍රී ලංකා කී‍්‍රඩිකාවෝ සමත් වූයේ කඩුලු 2 ක් පමණක් දැවී ගොස් තිබියදී ය.
මෙම ජයග‍්‍රහණයත් සමග තරග 5 කින් යුත් එක්දින කි‍්‍රකට් තරගාවලිය 2 – 1ක් ලෙස ඉදිරියට පැමිණීමට ශ‍්‍රී ලංකා කී‍්‍රඩිකාවෝ සමත් වූහ.
දේදුනු සහ චමරි පළමු කඩුල්ල සඳහා ලකුණු 119ක සබඳතාවක් පැවැත් වූහ. ඔවුන් දෙදෙනා ඒ සඳහා වැය කර තිබුණේ පන්දු 210කි.
ලකුණු 50 සබඳතාව පන්දු 112ක දී ද ලකුණු 100 සබඳතාව පන්දු 177ක දී ද රැස් කරගත් ඔවුන් දෙදෙනා කොදෙව් දූපත් පන්දු යවන්නියන්ට රිසි සේ බැට දුන්හ.
පන්දු 94කට මුහුණ දුන් දේදුනු හතරේ පහර 9 ක් සමඟ ලකුණු 58 ක් තම ඉනිමට ඇතුලත් කළාය. තරගයේ ජයග‍්‍රහණය ශ‍්‍රී ලංකා පිලට හිමිවෙන විට හිරුකා ප‍්‍රනාන්දු (04)සහ සඳුනි අබේවික‍්‍රම (04) නොදැවී පිටියේ රැඳී සිටියහ.
තරගාවලියේ පළමු වරට කාසියේ වාසිය දිනාගත් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් දූපත් නායිකාව ඊයේ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සතු කර ගත්තා ය. ස්ටැෆ්නි ටේලර් සහ ඩෙන්ඩ‍්‍රා ඩොටින් කොදෙව් දූපත් ඉනිම ආරම්භ කළ අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 25 දී බිඳ හෙළීමට චන්දි වික‍්‍රමසිංහ සමත් වූවාය.
අංක 9 පිතිකාරිණිය ලෙස පිටියට පිවිසි ඩැනියෙලී ස්මෝල් එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් කොදෙව් දූපත් ලකුණු පුවරුව බිඳෙන් බිඳ ඉහළට ඔසවා තැබුවා ය. ඇය අකීභ මොහොමඩ් සමග එක්වෙමින් 9 වැනි කඩුල්ලට ලකුණු 29 ක සබඳතාවක් එක් කළා ය. එය කොදෙව් ඉනිමේ හොඳම ලකුණු සබඳතාව විය.
ඒ වෙද්දී පෙර කී දක්ෂතාවලින් මදක් දුරස්ව සිටි ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවන් කොදෙව් දූපත් කඩුලු දවාලීමට තිබූ අවස්ථා කිහිපයක් ම මග හරවා ගත් හ. ලද අවසරයෙන් ස්මෝල් තම ලකුණු ප‍්‍රමාණය වැඩි කරගත් අතර ඔවුන්ගේ ඉනිම නිමා වන විට ඇය පන්දු 72 ක දී හතරේ පහර 6ක් සමග නොදැවී ලකුණු 37ක් ලබා සිටියාය .
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කි‍්‍රකට් කණ්ඩායම - සියලු දෙනාම දැවී 125 (44.3) - ස්ටැෆ්නි ටේලර් 25, ඩෙන්ඩ‍්‍රා ඩොටින් 16, ඩැනියෙල් ලී ස්මෝල් නොදැවී 37, රෝස් ප‍්‍රනාන්දු 22/3, ශෂිකලා සිරිවර්ධන 24/2, සුවිනි ද අල්විස් 20/2, චන්දි වික‍්‍රමසිංහ 23/2.
ශ‍්‍රී ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායම - කඩුලු 2 ක් දැවී 127 (36.3) දේදුනු සිල්වා 58. චමරි පොල්ගම්පොළ 47
Ministry of Defence - Sri Lanka (MOD)
Lankaenews
Sri Lanka News Updates at LankaNewspapers.com
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය
Powered by Department of Government Information-Sri Lanka
Sri Lanka News - ColomboPage.com
Security News Feed - http://www.navy.lk
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment