ප්‍රින්ස් ගුණසේකර
රාජකීය විදුහල විසින් වසර 29 කට පසුව ශාන්ත සෙබස්තියන් විදුහල ඉනිමකින් හා ලකුණු 169කින් පරාජයට පත් කරමින් ඉතිහාසගත ජයක් ලැබීය.
රීඩ් මාවතේ රාජකීය විදුහල් පිටියේදී ලැබූ එම අනගි ජයග්‍රහණය ශාන්ත සෙබස්තියන් පිලට එරෙහිව 1979දී රන්ජන් මඩුගල්ල නායකත්වය දුන් රාජකීය පිල ලබාගත් ජයෙන් පසුව හිමිවූවකි. රාජකීය විදුහල ප්‍රථම ඉනිමේදී කඩුලු 8 කට ලකුණු 308ක් ලබා ඉනිම අත්හිටවූ අතර ශාන්ත සෙබස්තියන් පිල ප්‍රථම ඉනිමේ ලකුණු 25කට සීමා කළේය.
රාජකීය පිලේ කිත්රුවන් විතානගේ පන්දු 146කදී ලකුණු 142ක් වාර්තා කළේ හතරේ පහර 22 ක්ද සමගිනි.
රාජකීය පිල වෙනුවෙන් අනගි පන්දු යැවීමක නිරත වූ භානුක රාජපක්ෂ කඩුලු ති‍්‍රත්වයක්ද සමග ලකුණු ලබා නොදී කඩුලු 4ක් ප්‍රථම ඉනිමේදී වාර්තා කිරීම කැපී පෙනුනි. ලක්ෂනද සිල්වා මුළු තරගයේදී කඩුලු 7ක් බිදහෙලීය.
රාජකීය විදුහල ප්‍රථම ඉනිම කඩුලු 8කට ලකුණු 304 (ඕවර් 59.2) කිත්රුවන්විතානගේ 142, හරූන් මවුජුඩ් 60, අන්ජුල රාජපක්ෂ 28 (සනිත්ද මෙල් 57/3 අනුක් ද සිල්වා 51/2, අනෝජ් ගයාශාන් 63/2)
ශාන්ත සෙබස්තියන් විදුහල ප්‍රථම ඉනිම ලකුණු 25 (ඕවර් 17.2)
භානුක රාජපක්ෂ 00/4, යසිත අබේකෝන් 03/2, ලක්ෂන ද සිල්වා 15/4
දෙවැනි ඉනිම ලකුණු 110(ඕවර් 34.2)
දේශාන් ඩයස් 24 (භානුක රාජපක්ෂ 25/2, ලක්ෂිත ද සිල්වා 19/3 යසිත අබේකෝන් 19/3, සහන් හෙට්ටිආරච්චි 14/2)
ශාන්ත බෙනඩික්ට් ජය ලබයි
වමතින් දග පන්දු යවන ඩිලංක අවුවෝඩ් වෙස්ලි විදුහලේ කඩුලු 8ක් ලකුණු 50කට බිදහෙලා ශාන්ත බෙනඩික්ට් ජයග්‍රහණය තහවුරු කළේය.
ශාන්ත බෙනඩික්ට් විදුහල ප්‍රථම ඉනිම ලකුණු 201 (ඕවර් 70)
නිසල් ෆොන්සේකා 56 සුරේන් සිල්වා 39, රුක්ෂාන් වීරසිංහ 25 (දුලංජන විජේසිංහ 63/3, පසන් සමරසේකර 23/4, සචින් ජයවර්ධන 50/2
වෙස්ලි විදුහල ප්‍රථම ඉනිම ලකුණු 82 (ඕවර් 27,4)
දුලංජන විජේසිංහ 38 (දිල්ෂාන් පෙරේරා 17/4, ඩිලංක අවුවෝඩ් 20/3)
වෙස්ලි විදුහල දෙවැනි ඉනිම ලකුණු 80 (ඕවර් 45.5)
ෆසන් සමරසේකර 29, දුලංජන විජේසිංහ 32, ඩිලංක අවුවෝඩ් 30/5, සුරේන් සිල්වා 16/5
සහිරා විදුහලට ඉනිමක ජයක්
මරදාන සහිරා පිටියේ පැවැති තරගයෙන් දේවානන්ද විදුහල ඉනිමක හා ලකුණු 17ක පරාජයක් ලැබීය. ඉෂාන් ගවුස් නොදැවී ලකුණු 200ක් හා කඩුලු 9 ක් බිදහෙලීය.
දේවානන්ද විදුහල ප්‍රථම ඉනිම ලකුණු 129 (ඕවර් 40.3)
රසික තීක්ෂණ 36 සුපුන් ප්‍රියංකර 20 (ඉෂාම් ගවුස් 24/6, මොහොමඩ් ඉර්ෂාඩ් 41/2)
සහිරා විදුහල ප්‍රථම ඉනිම කඩුලු 6 කට ලකුණු 350 (ඕවර් 68)
මොහොමඩ් ඉම්රාස් 76, ඉෂාම් ගවුස් නොදැවී ලකුණු 200
දේවානන්ද, විදුහල දෙවැනි ඉනිම ලකුණු 204 (ඕවර් 65)
සුපුන් ප්‍රියංකර 64, අමිත් කුමාර 45
(ඉෂාන් ඉබුනු 51/4, ඉෂාම් ගවුස් 54/3)
Ministry of Defence - Sri Lanka (MOD)
Lankaenews
Sri Lanka News Updates at LankaNewspapers.com
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය
Powered by Department of Government Information-Sri Lanka
Sri Lanka News - ColomboPage.com
Security News Feed - http://www.navy.lk
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment