Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, November 17, 2008

ගාලු පුරපති හෙට ඉල්ලා අස්වෙයි

පෝද්දල සමූහ ජයන්ත කල්යානන්ද
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දැනුම්දීම අනුව තමන් හෙට (18) ගාල්ල මහා නගරාධිපති ධුරයෙන් ඉවත්වන, බවත් නව නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතාට කිසිදු කොන්දේසියකින් තොරව සම්පූර්ණ සහයෝගය ලබා දෙන බවත්, ගාල්ල නගරාධිපති කැලුම් සෙනෙවිරත්න මහතා ප‍්‍රකාශ කරයි.
ගාල්ල නගරාධිපති කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී වැඩි දුරටත් කරුණු දැක්වූ සෙනෙවිරත්න මහතා මෙසේද සඳහන් කළේය. මම ගාල්ලට ආදරෙයි. ඒ වගේම මම මගේ පක්ෂයට (ශ‍්‍රී.ල.නි.ප) ආදරෙයි. මාගේ නායකතුමන්ට ආදරෙයි. කීකරුයි.
මම නගරාධිපති ධූරය බාරගත්තේ මෙත්සිරිද සිල්වා මහතා සමඟ 5998 බැගින් සමාන ඡන්ද ලැබීමෙන් ඒ අනුව වසර හතරක් නගරාධිපති කාලයේ වසර 2 ක් මටත් ඉතිරි වසර 2 ක් සිල්වා මහතාටත් ලැබුණා.
නමුත් මගේ කණ්ඩායමේ ම ඇතැමුන් විපක්ෂයත් සමඟ එකතුවෙලා මගේ කකුලෙන් ඇද්දා. නින්දා අපහාස කළා. නමුත් මම ඒ කිසිවකින් සැලුනේ නැහැ.
ගාල්ලේ පාරවල් 17ක් කාපට් කළා. තව පාරවල් රාශියක් කොන්කී‍්‍රට් යොදා සංවර්ධනය කළා. ගාලු නගරයට දැවෙන ප‍්‍රශ්නයක් වූ කුණු කසල ප‍්‍රශ්නය විසඳුවා. නියෝජ්‍ය නගරාධිපතිවරයා මට පූර්ණ සහයෝගය දුන්නා.
ජනාධිපතිතුමන් මට ළඟදීම තවත් සුවිශේෂ රාජකාරියක් පවරනවා. මම ඉදිරියටත් ගාලු නාගරික මන්තී‍්‍රවරයකු වශයෙන් ජනතාවට සේවය කරනවා. මගේ අලුත් තනතුරෙන් ගාල්ලට තවත් වැඩකරනවා.

No comments: