Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, November 20, 2008

TRO ගිණුම්වල තිබූ ලක්ෂ 710ක් රාජසන්තකයි

ජයසිරි මුණසිංහ
දෙමළ පුනරුත්ථාපන සංවිධානයේ (ටී. ආර්. ඕ.) ගිණුම්වල තිබූ රුපියල් ලක්ෂ 710 කට ආසන්න මුදලක් රාජ සන්තක කොට තිබේ.
මූල්‍ය ගනු දෙනු වාර්තා කිරීමේ පනතෙහි සහ ත‍්‍රස්තවාදය සඳහා අරමුදල් සැපැයීම මැඬ පැවැත්වීමේ සම්මුති පනතෙහි වගන්තිවලට අනුකූලව මේ තීරණය ගත් බව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය ඊයේ (19) ප‍්‍රකාශ කෙළේය.
උතුරු නැඟෙනහිර දෙමළ ජනතාවගේ සුබ සාධනය සඳහා මානුෂීය ආධාර ලෙස දෙස් විදෙස් වලින් ලබා ගන්නා මුදල් ත‍්‍රස්තවාදී කටයුතු වලට යොදා ගන්නා බව හෙළි වීමෙන් පසුව රජය මේ තීන්දුව ගෙන තිබේ. ටී. ආර්. ඕ. සංවිධානය තහනම් කිරීමට රජය ඉකුත් 2006 වසරේ අගෝස්තු මාසයේදී කටයුතු කළේය. ඒ හදිසි නීතිය යටතේය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ තීරණය ගනු ලැබුවේය. එදින පටන් ටී. ආර්. ඕ. සංවිධානයට මුදල් ලැබෙන මාර්ග සහ ඒවා යොදා ගන්නා කි‍්‍රයාකාරකම් පිළිබඳ දැඩි නිරීක්ෂණයක නිරත වූ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් මේ තීරණය ගැනීමට අවශ්‍ය නීතිමය තත්ත්වයන් රජයට පෙන්වා දෙනු ලැබුවේය.
වසර දෙකකට ආසන්න කාලයක් සිදු කළ දැඩි සුපරීක්ෂා කිරීම් මැද මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයට හඳුනා ගැනීමට හැකි වූයේ ටී. ආර්. ඕ. අරමුදල් ත‍්‍රස්තවාදයට යොදා ගන්නා බවය.
මානුෂීය ව්‍යාපෘති කටයුතු වෙනුවෙන් යැයි සඳහන් කරමින් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන, විදේශීය ආයතන හා පුද්ගලයන් සහ ටී. ආර්. ඕ. සංවිධානයේ විදේශීය ශාඛාවන්ගෙන් ලද මුදල් එලෙස යොදා ගෙන ඇති බවද මහ බැංකුවේ නිගමනය වී තිබේ.
ටී. ආර්. ඕ. සංවිධානය සතුව පැවැති මුදල්, සුරැකුම් සහ වෙනත් අරමුදල් ත‍්‍රස්තවාදී කටයුතු සඳහා භාවිතා කිරීම, එසේ භාවිතා කිරීමට ඉදිරියේ දී කි‍්‍රයා කිරීම වැළැක්වීම, රජය ගත් තීන්දුව නිසා සිදු වනු බව මූල්‍ය බුද්ධි ඒකකය කියා සිටියි.
ටී. ආර්. ඕ. සංවිධානයට අයත් අරමුදල් සහ වෙනත් වත්කම් තහවුරු කර රාජසන්තක කිරීමට අදාළ විමර්ශනයන් තවදුරටත් කි‍්‍රයාත්මක කරන බවද බුද්ධි ඒකකය ප‍්‍රකාශ කරයි. තහනම් සංවිධානයක් සමඟ මුදල් සම්බන්ධතා ඇතුළත්ව කුමන ආකාරයක ;හ¤ සම්බන්ධතාවන් පැවැත්වීම සාපරාධි වරදක් වන බවද බුද්ධි ඒකකය පෙන්වා දෙයි.
ටී. ආර්. ඕ. සංවිධානය සමග හෝ එහි නිලධාරීන් සමග කුමන හෝ මුදල් ගනු දෙනුවක නිරත වීම හෝ වෙනත්අයුරක සම්බන්ධතා පැවැත්වීම අපරාධ නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරක් බවද මහ බැංකුව අවධාරණය කරයි.

No comments: