Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, November 13, 2008

සමාජවාදී ඔක්තෝම්බර් විප්ලවයක් යළි සැබෑ ලෙසම නිර්මාණය කරමු -රාජා කොල්ලුරේගෙන් ජනතාවට ඇරැයුම්

අනුර පේ‍්‍රමලාල්
ධනේශ්වර ලෝකයේ මතුවී තිබෙන අර්බුද හමුවේ ලෙනින්ගේ හා මාක්ස්ගේ පොත්පත් අධ්‍යයනය කිරීමට ධනේශ්වර ලෝකයේ පිරිස් දැන් යොමුවී ඇතැයි සමාජවාදී ජනතා පෙරමුණේ ප‍්‍රධාන ලේකම් නීතිඥ රාජා කොල්ලුරේ මහතා ප‍්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඉකුත් (10) දින ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ සුගීෂ්වර ශාලාවේ පැවැති ශ්‍රේෂ්ඨ ඔක්තෝම්බර් විප්ලවය සැමරීම් රැස්වීමකට සහභාගිවෙමින්ය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ කොල්ලුරේ මහතා මෙසේද පැවැසීය.
වර්තමානයේ නව ලිබරල්වාදී ආර්ථික ක‍්‍රම අනුගමනය ධනපති රටවල මූල්‍ය ආයතන කඩා වැටිලා ඒවා ජනසතු කරමින් නගාසිටුවීමට රාජ්‍ය මුදල් යොදවමින් සිටිනවා. අපේ රටේ ඇතුළු ලෝකයේ බොහෝමයක් රක්ෂණ සමාගම් ප‍්‍රතිරක්ෂණය කර තිබෙන ඒ.ඊ.ජී. නැමැති විශාල රක්ෂණ සමාගමද කඩා වැටිලා.
එබැවින් මේ කි‍්‍රයාදාම තුළින් පෙනෙන්නේ ඉදිරියේදී සමාජවාදය කෙරෙහි තිබෙන අභිලාෂයයි. ශ‍්‍රී ලාංකික ජනතාවටද අද හෙටම නොවුවාත් සමාජවාදය පිළිගැනීමට සූදානම්ව සිටිනවා. ඒ සඳහා ජනතාවගේ කැමැත්තෙන් වර්ධනයක් ඇතිවෙමින් තිබෙනවා.
සමාජවාදය ගැන කතා කරන පක්ෂ රැසක් අපේ රටේ තිබෙනවා. ජාතිවාදී ලෙස කටයුතු කිරීම නිසා අපි වෙන්වී සිටියත් සමාජවාද ප‍්‍රචලිත කිරීමේදී භේදයෙන් තොරව කටයුතු කිරීම නිසා සමාජවාදී සංකල්පය ජනප‍්‍රිය සංකල්පයක් ලෙස ව්‍යාප්ත වෙමින් තියෙනවා.
1917 දී ඇතිවූ ඔක්තෝම්බර් විප්ලවය ගොඩනැංවීම සඳහා එදා පැවැති ප‍්‍රතිගාමීන්ට එරෙහිව වැඩකරන පන්තියේ ප‍්‍රගතිශීලින් කටයුතු කරද්දී එය හාස්‍යයට ලක් කළ උදවියට ඔක්තොම්බර් විප්ලවය නිසි පාඩම් කියා දුන්නා.
ප‍්‍රාග් කොමියුනිස්ට් ධනපති වහල් ක‍්‍රමයක් බිඳහෙළමින් ඉන් හෙම්බත් වූ ජනතාව තම අයිතින් දිනාගැනීමට තමන්ගේම පාලන රටාවක් බිහිකරගත් අවස්ථාවක් ලෙස ඔක්තොම්බර් විප්ලවය හඳුන්වාදිය හැකියි. ඒ නිසාම මෙහි ශ්‍රේෂ්ඨත්වය ඓතිහාසික බව ඔප් නැංවෙනවා.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ඩබ්ලිව්. ලංකාලෝක මහතා අදහස් දක්වමින් ලෝකයේ සිදුවු තනි සිද්ධියක් මඟින් ලෝකයේ ඉතිහාසයට බලපෑමක් එල්ල කළ එකම අවස්ථාව ශ්‍රේෂ්ඨ ඔක්තෝම්බර් විප්ලවයයි.
ඒ අනුව විසි වෙනි සියවසේ සිදුවු සෑම දෙයකටම ඔක්තෝම්බර් විප්ලවය බලපා තිබෙනවා. ඒ නිසාම දිගින් දිගටම මේ විප්ලවය ගැන අපට කතා කිරීමට සිදුවෙනවා.
එමෙන්ම මේ විප්ලවයෙන් ලෝකයට ලැබුණු ප‍්‍රධාන පණිවුඩයක් නම් ධනේශ්වර නොවන සංවර්ධන මාවතක් තිබෙන බව පෙන්වීමයි.
1929 හා 1931 යන කාලයේදීත් මහ ලෝක අවපාතයක් ඇතිවී 40% කින් අමෙරිකාවේ ආර්ථිකය කඩා වැටිලා. ඒ රටේ හා ජර්මනියේ මිලියන ගණන් රැකියා නොමැතිව පිරිස් පාරට ඇදවැටුණා. මේ තත්ත්වයන් මත සෝවියට් දේශයට ඔක්තෝම්බර් විප්ලවය හරහා නව ආර්ථික රටාවක් ඔස්සේ නැඟී සිටින්න හැකියාව ලැබුණා.
අදත් එවන් ආර්ථික අවපාතයකට ධනවාදී රටවල් ගමන් කරමින් තිබෙනවා. මෙය මුදල් අර්බුදය නිසාම නොවේ. ඉන් සිදුවුණේ මේ අවපාතයට යන ගමන ප‍්‍රකාශයට පත්කිරීම පමණයි. පූජනීය හා වන්දනීය යන තත්ත්වයෙන් හිටපු මිනිසුන්ව මේ අර්බුද හමුවේ වැරැදිකරුවන් ලෙස ලැයිස්තුගත කරමින් සිටිනවා.
ඒ නිසා 1917 ඔක්තොම්බර් විප්ලවයේ පාඩම් ලබාගෙන නැවත සැබෑ සමාජවාදී ඔක්තෝම්බර් විප්ලවයක් නිර්මාණය කරමු යැයි ඒ මහතා සැමට ආරාධනා කළේය. ලංකා සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පර්සි වික‍්‍රමසේකර මහතාද කතා කළේය.
මෙහිදී ස්තුති කථාව ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක එල්. ආර්. ස්ටීවන් මහතා විසින් සිදුකළ අතර සමාජවාදී ජනතා පෙරමුණේ සාමාජික සාමාජිකාවෝ විශාල පිරිසක් රැස්ව සිටියහ.

No comments: