Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, November 19, 2008

නාවික හමුදාව සමඟ ගැටී මුහුදු කොටි 6ක් මරුට

චන්ද්‍රිකා පෙරේරා
නයාරු කළපුවට නැඟෙනහිර මුහුදේ දී නාවික හමුදාව සහ මුහුදු කොටි අතර ඊයේ (18) ඇතිවු ගැටුමකින් කොටි ත‍්‍රස්තවාදීන් හය දෙනකු මියගොස් කොටි යාත‍්‍රා දෙකක් මුහුදුබත් වී තිබේ.
ප‍්‍රහාරවලින් කොටින්ගේ තවත් විශාල යාත‍්‍රාවකට බරපතළ හානි සිදුවී තිබෙන අතර නාවික හමුදා ප‍්‍රහාර හමුවේ පලා යමින් තිබූ කොටි බෝට්ටුවලට ගුවන් හමුදා යානා ප‍්‍රහාර එල්ල කළ බව නාවික හමුදාව පවසයි.
ප‍්‍රහාරය සඳහා මරාගෙන මැරෙන බෝට්ටු සමඟ කොටින්ගේ යාත‍්‍රා හතක් පැමිණ ඇත.
නයාරු කළපුව ආසන්නයේ දී කොටි බෝට්ටු වලින් එම්. අයි. 24 යානාවලට ද වෙඩි ප‍්‍රහාර එල්ල වී තිබේ.
එහිදී ගුවන් හමුදාව එල්ලකළ ප‍්‍රහාර වලින් කොටි බෝට්ටුවලට හානි සිදුවී ඇති අතර, එම කොටි යාත‍්‍රාවලින් දෙකක් මරාගෙන මැරෙන කොටි බෝට්ටු බවට අනාවරණය වී තිබේ.
එදින උදෑසන 6.00 ට පමණ නාවික හමුදා විශේෂ යාත‍්‍රා බළගණය මුලින්ම කොටි ත‍්‍රස්තවාදීන්ට ප‍්‍රහාර එල්ල කැර තිබේ.
එදින පෙරවරු 8.55ට පමණ නයාරු වෙරළට මෝය දෙසින් ත‍්‍රස්තවාදීන් විසින් ඇදගෙන යමින් තිබූ විශාල ප‍්‍රමාණයේ යාත‍්‍රා දෙකකටද ගුවන් හමුදාව නැවතත් ප‍්‍රහාර එල්ල කැර ඇත.
මේ ප‍්‍රහාරවලින් කොටි ත‍්‍රස්තවාදීන්ට බරපතළ හානි සිදුවී ඇති බව ඔවුන්ගේ පණිවිඩ හුවමාරුවලින් තහවුරු වී ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවසීය.

No comments: