Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, November 5, 2008

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව විසර්ජන පනත් කෙටුම් පතේ වගන්ති සංශෝධනය කරනවා -ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

දයා පෙරේරා, දුමින්ද ගුරුගේ සහ ස්වර්ණා විජේකෝන්
විසර්ජන පනත් කෙටුම්පතේ 2 (1) සහ 6 (1) යන වගන්ති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවත් එම වගන්ති ඒ ආකාරයෙන්ම සම්මත කර ගත හැක්කේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රකාරව විශේෂ බහුතර ඡන්දයකින් පමණක් බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බව කතානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා පාර්ලිමේන්තුවට ඊයේ (04) දැනුම් දුන්නේය.
කතානායකවරයාගේ එම දැනුම්දීම ඇතුළත් නිවේදනයෙහි මෙසේද දැක්වේ. එකී 2 (1) සහ 6 (1) වගන්ති ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දක්වා ඇති පරිදි සංශෝධනය කළහොත් පමණක් එම වගන්ති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් තීරණය කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ නියමයට අනුව විසර්ජන පනත් කෙටුම්පතේ අදාළ සියලු වගන්ති සංශෝධනය කරන බව සභානායක, සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප‍්‍රකාශ කෙළේය.
ඇමැතිවරයා එසේ ප‍්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව විසර්ජන පනත් කෙටුම්පත සංශෝධනය කරන්නේ දැයි මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා ඇසූ පැනයකට පිළිතුරු වශයෙනි.

No comments: