Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, November 13, 2008

මංගල මැතිසබේ දී කළ ප‍්‍රකාශයට දසතින් විරෝධය

අනුර පෙ‍්‍ර්මලාල් - සුභාෂිනී සේනානායක
මේ යුද්ධය ඕනෑ කණ්ඩායම් දෙකකටයි. එක පැත්තකින් ප‍්‍රභාකරන් කියන ත‍්‍රස්තවාදී නායකයාට පවතින්න මේ යුද්ධය අවශ්‍යයි. අනෙක් පැත්තෙන් මේ යුද්ධය දකුණේ තවත් පිරිසකට ඕනෑ වෙලා තියෙනවා.
යුද්ධයේදී මිය යන්නේ අපේ රටේ මිනිස්සු. දෙමළ මිනිස්සු මැරෙන ගණන අඩු කරනවා. මේක පෙන්නලා දේශ හිතෛෂීන් කියන අය ජය ඝෝෂා නගනවා. යුද්ධය ඉස්සරහට දාගෙන මේ අය කරන්නේ පොලිස් රාජ්‍යයක් ඇතිකිරීමට කටයුතු කිරීමයි.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර මංගල සමරවීර මහතා අයවැය විවාදයේදී කළ කතාව දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබේ. ඒ සම්බන්ධයෙන් කීප දෙනෙකු දැක්වූ අදහස් පහත දැක්වේ.
ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා - රටට ආදරේ කරන දේශපාලනඥයන් තම මව්බිම පිළිබඳ අසත්‍ය ප‍්‍රචාර හා වැරදි අවබෝධ විදේශයට ලබා නොදිය යුතුයි.
මංගල සමරවීරගේ ප‍්‍රකාශය ගැන මා කනගාටු වෙනවා. මංගලගේ ප‍්‍රකාශයෙන් අවබෝධ වන්නේ ත‍්‍රස්තවාදය ශක්තිමත් කිරීමක්.
විපක්‍ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසන්නේත් යුද්ධය නතර කර සටන් විරාම ගිවිසුමකට යා යුතු බවයි.
ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා ඇමැති රාජිත සේනාරත්න මහතා - මංගලගේ ප‍්‍රකාශය බංකොලොත් භාවය මත සිදුකරන ලද්දක්. ඒ බංකොලොත් භාවය මත සියල්ල වෙන්නේ කනපිටට.
සමරවීර මහතා තුළ පවතින ද්වේෂය නිසා උතුරේ මෙහෙයුම්වල සත්‍යය තත්ත්වය පිළිගැනීමට අකමැතියි.
මෙහෙයුම් සාර්ථක නිසා මංගල සමරවීර මහතා මෙම ප‍්‍රකාශ කරන්නේ වේදනාවට, දේශපාලන අවලංගු කාසියක් වූ මංගල සමරවීරගේ කියුම් කෙරුම් එතරම් ගණන් ගත යුතු නැහැ.
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා - මංගල සමරවීර මහතා එදා සිටම කටයුතු කළේ බටහිරට ගැතිවයි. ඒ බව සුදු නෙළුම් ව්‍යාපාරය සහ තවලම ව්‍යාපාර පවත්වමින් රාජ්‍ය නොවන සංවිධාන සමඟ කටයුතු කළ ආකාරයෙන් ඔප්පු වෙනවා. ඔහු දේශීය වශයෙන් සිතා කටයුතු කළේ නැහැ. ඒ නිසා මෙම ප‍්‍රකාශය ගණන් ගත යුතු නැහැ.
මොන මත තිබුණත් ත‍්‍රස්තවාදය පරාජය කිරීමට නිසි පියවර ගත්තේ වත්මන් ජනාධිපති බවට විවාදයක් නැහැ. මංගලගේ කතාව ජාති ද්‍රෝහී කතාවක්.
ශී‍්‍ර. ල. මුස්ලිම් සාම සභාවේ නායක අල්හාජ් නියාස් මව්ලවිතුමා - මංගලගේ කතාව මිනිස්කමට තරම් එකක් නොවේ. එතුමා මේ ප‍්‍රශ්න විසඳන්න චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමඟ කටයුතු කළා. ඒත් ගැටලුවට නිසි විසඳුම ලැබෙන්නේ දැනුයි.
මෙය ජාතියක් විනාශ කරන්න හදන යුද්ධයක් නෙවෙයි. පාර්ලිමේන්තුව වැනි ආයතනයක මෙවැනි කතාවක් නොකළ යුතුයි.
ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් සේන ගමගේ මහතා - මිනීමරු ප‍්‍රභාකරන්ගේ මිනී පෙට්ටියට රණවිරුවන් අවසාන ඇණය ගැසීමට සැරසෙන මොහොතක මංගල සමරවීර මහතා සැරසෙන්නේ ජාතියේ අවමංගල්‍ය සිදුකිරීමටයි.
බලය අහිමිව සිටින දේශද්‍රෝහීන්ගේ හොරණෑවක් වී සිටින ඔහු සූදානම් වන්නේ එල්. ටී. ටී. ඊ. යේ අගමැති වීමට දැයි ප‍්‍රශ්නයක් පැන නගිනවා. මොහු සිය පියා මෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය පාවා දෙන බැව් එකල අප ප‍්‍රකාශ කළ බවත් චන්ද්‍රිකා මහත්මිය එය පිළිනොගෙන මංගල නමැති බැලුම් බෝලයට හුළං ගැසීමෙන් ජාතියට ජුදාස් කෙනෙකු පහළ කළේය.
වීරෝදාර රණවිරුවන්ගේ චිත්ත ධෛර්යයට හානි සිදුකරන මෙම දේශද්‍රෝහියාට මාතර දිස්ති‍්‍රක්කයේ ජනතාව මීළඟ මැතිවරණයේදී පිළිතුරු ලබා දෙනු ඇත.

No comments: