Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, February 17, 2009

කොටි අවි පුහුණුව ලැබූ සිංහලයන්ගෙන් දහ දෙනෙක් මුදා හරී

රන්ජිත් පද්මසිරි
එල්.ටී.ටී.ඊ සංවිධානයේ කඳවුරුවල ගිනි අවි පුහුණුව ලබා දකුණේ ප‍්‍රචණ්ඩකාරි කි‍්‍රයා සිදු කරමින් රාජ්‍ය විරෝධි කටයුතු වල යෙදුණු බව කියමින් අත් අඩංගුවට ගෙන සිටි සිංහල කොටින් ලෙස හැඳින්වූ සැකකරුවන් 24 දෙනා ගෙන් 10 දෙනෙක් මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් විරාජ් රණතුංග මහතා නියම කෙළේය.
යුද හමුදාව මගින් අත් අඩංගුවට ගැනීමෙන් පසු වසර දෙකකට අධික කාලයක් රඳවා ගැනීමේ නියෝග මත හා රිමාන්ඩ් භාරයේ රඳවා සිටි සරත් ප‍්‍රනාන්දු, ලසන්ත රන්ජන් සිල්වා, ජගත් උදය කුමාර, උදය ආර්. තෙන්නකෝන්, කි‍්‍රෂ්ණපියන්, රෝහන් රාජ්, මහේන්ද්‍රන්, අජිත් කුමාර, ආර්.එම්. සරත් , හා සුරේෂ් කුමාර ඩයස් යන සැකකරුවන් මෙසේ නිදහස් කෙළේ මොවුන්ට එරෙහිව නඩු නොපවරන බවට නීතිපතිවරයා ගොනු කැර තිබු වාර්තාව සැලකිල්ලට ගෙනය.
මේ සැකකරුවන්ට එරෙහිව නඩුවක් පැවරීම සඳහා ප‍්‍රමාණවත් සාක්කි නොමැති බවට නීතිපතිවරයා අධිකරණය වෙත කරුණු දන්වා තිබුණි.
මේ සිද්ධියට අදාළව අත් අඩංගුවට ගෙන සිටින අනෙක් සැකකරුවන්ට මහාධිකරණය හමුවේ නඩු පැවැරීමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා දැනුම් දී තිබේ. යුද හමුදා බුද්ධි අංශ මගින් 2007 පෙබරවාරි මස 5 වන දින අත් අඩංගුවට ගෙන තිබුණි.
මුදාහරින ලද මේ සැකකරුවන් අතරින් සරත් ප‍්‍රනාන්දු, ලසන්ත රන්ජන් සිල්වා හා ජගත් උදය කුමාර යන අය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සළකා බැලීමෙන් පසු මේ සැකකරුවන් මුදා හැරීමට නීතිපතිවරයා තීරණය කැර තිබුණි.

කොටි බෝට්ටු තුනකට ගුවන් ප‍්‍රහාර

මුලතිව් කලපුවේ ගමන්ගත් කොටි ත‍්‍රස්තවාදීන්ගේ බෝට්ටු තුනකට පෙරේදා (14) උදේ ගුවන් හමුදාවේ ප‍්‍රහාරක ජෙට්යානා මගින් ප‍්‍රබල ප‍්‍රහාරයක් එල්ලකර එම බෝට්ටු විනාශකැර තිබේ.
එම බෝට්ටුවල සිටි ත‍්‍රස්තවාදීන් සියලුම දෙනාම ප‍්‍රහාරයෙන් විනාශවී තිබේ.
උදේ 10.30 ට පමණ මේ ප‍්‍රහාරය එල්ලකර ඇත්තේ ප‍්‍රහාරක කෆීර් යානා මගින් බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේය.

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිලේ පසුබෑම හමුවේ බේලිස් විසිවෙයි ඊළඟට...?

ප‍්‍රින්ස් ගුණසේකර
ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පුහුණුකරු ටෙ‍්‍රවර් බේලිස් මහතාගේ සේවය අවසන් කිරීමට තීරණය වී ඇත. ශ‍්‍රී ලංකා කි‍්‍රකට් සමග ටෙ‍්‍රවර් බේලිස් මහතා අස්සන් කළ වසර දෙකක කොන්ත‍්‍රාත් ගිවිසුම මේ වසරේ ජුනි මාසයෙන් අවසන් වන අතර එයින් පසු වෙනත් පුහුණුකරුවෙකුගේ සේවය ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිලට ලබාගැනීමට බලාපොරොත්තු වේ.
පසුගිය සතියේදී ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන් හා ශ‍්‍රී ලංකා කි‍්‍රකට් බලධාරීන් අතර පැවැති සාකච්ඡාවකදී ටෙ‍්‍රවර් බේලිස් මහතා වෙනුවට වෙනත් පුහුණුකරුවකු ගේ සේවය ඉදිරියේදී ලබාගැනීමට අදහස් පළ වී ඇතැයි වාර්තා විය.
ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිලේ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් කිහිප දෙනෙකුම කරුණු දක්වමින් වෙනත් පුහුණුකරුවකුගේ සේවය ලබාගැනීම යෝග්‍ය බව මේ සාකච්ඡාවේදී පෙන්වා දී ඇත.
ලබන ජුනි මාසයෙන් පසුව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිලේ පුහුණුකරු තනතුර භාරගැනීමට දකුණු අපි‍්‍රකාවේ පුහුණුකරුවෙකු හා ඕස්ටේ‍්‍රලියාවේ පුහුණුකරුවන් දෙදෙනකු දැනටමත් කැමැත්ත පළකර ඇතැයි දැනගන්නට ඇත.
කෙසේ වුවද ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය මගින් පත්කරන හිටපු ටෙස්ට් කි‍්‍රකට් නායකයන් හා කී‍්‍රඩකයන් පිරිසකගෙන් සමන්විත පරීක්ෂණ මඩුල්ලකින් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පුහුණුකරු පිළිබඳ අවසන් නිගමනයකට එළැඹීමට නියමිතව ඇත.
මේ පිළිබඳ කළ විමසීමකදී ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නිසි බලධාරී හා කී‍්‍රඩා අමාත්‍යංශ ලේකම් එස්. ලියනගම මහතා සඳහන් කෙළේ නව පුහුණුකරුවෙකු කෙරෙහි අවධානය යොමුකර ඇතත් ඒ පිළිබඳ අවසන් නිගමනයකට එළඹ නොමැති බවයි.
“නව පුහුණුකරු තෝරා ගැනීමට ඒ සඳහා විශේෂඥ දැනුමැති අයට භාර කරනවා. ජුනි මාසය නිමාවනතුරු නව පුහුණුකරුවෙකු පත් කෙරෙන්නේ නෑ” ලියනගම මහතා පැවැසීය.
මේ අතර ඊයේ දිනට යෙදී තිබූ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නායකයා තේරීම් සඳහා කරුණු විමසීමේ සාකච්ඡාව කල්දැමීමට සිදුව ඇත. ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිලේ පාකිස්තාන සංචාරය නිමාවීමෙන් අනතුරුව එම සාකච්ඡාව පැවැත්වේ.
නිව් සවුත්වේල්ස්හි උපත ලද ටෙ‍්‍රවර් බේලිස් මහතා 2007 වසරේ අගොස්තු 1 දා සිට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පුහුණුකරු තනතුර භාරගත්තේය. එතෙක් ශ‍්‍රී ලංකා පිලේ කි‍්‍රකට් පුහුණුකරු වූයේ ඕස්ටේ‍්‍රලියානු ජාතික ටොම් මුඩි මහතාය.
ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පුහුණුකරු තනතුරු භාරගැනීමට පෙර ටෙ‍්‍රවර් බේලිස් මහතා නිව්සවුත්වේල්ස් කි‍්‍රකට් පිලේ පුහුණුකරු ලෙස වසර කිහිපයක්ම කටයුතු කෙළේය.

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමට වැඩිම අනුග‍්‍රාහක මුදල ටෙලිකොම් මොබිටෙල් වෙතින්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නව නිල අනුග‍්‍රාහකයා ලෙස ‘ශ‍්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය’ එක්ව සිටියි.
ඩයලොග් ටෙලිකොම් සමාගම ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ වත්මන් නිල අනුග‍්‍රාහකයා වන අතර එළැඹෙන මාර්තු මස 31 දායින් එම නිල කාලය අවසන් වේ.
අනතුරුව එළැඹෙන අපෙ‍්‍ර්ල් මස 1 දා සිට ශ‍්‍රී ලංකා ටෙලිකොම් – මොබිටෙල් ආයතනය නව නිල අනුග‍්‍රාහකයා ලෙස පත්වන්නේ මිලියන 4.85ක් වටිනා මුල්‍යමය ප‍්‍රතිපාදන ලබා දෙමිනි.
එම මුදල ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ඉතිහාසයේ ශ‍්‍රී ලංකා කණ්ඩායමට පිරිනමනු ලැබූ වැඩිම අනුග‍්‍රාහක මුදලය.

Friday, February 13, 2009

විශ්වමඩු කොටි බෝම්බ කම්හල 58 වැනි සේනාංකය අතේ

චන්ද්‍රිකා පෙරේරා
විශ්වමඩු සුන්දිරපුරම් හි පිහිටුවා ඇති කොටි මෝටාර් බෝම්බ සහ ක්ලේමෝ බෝම්බ නිෂ්පාදන කම්හල 58 වැනි සේනාංකය විසින් ඊයේ (12) පෙරවරුවේ අත්පත්කර ගනු ලැබීය.
බෝම්බ සෑදීමට ගන්නා යන්ත‍්‍ර සූත‍්‍ර, පුපුරන ද්‍රව්‍ය තහඩු ඇතුළු භාණ්ඩ තොගයක් එහි තිබී සොයාගෙන ඇතැයි යුද හමුදාව පවසයි.
වන්නි හා උතුරු ප‍්‍රදේශයේ මානුෂික මෙහෙයුමේ යෙදී සිටින පාබල හමුදා ඉලක්ක කර පහරදීමට අවශ්‍ය බෝම්බ හා උණ්ඩ නිපදවීම මෙහිදී සිදුකළ බවට සැකකෙරේ.
මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් අවිවලට යොදන බෝම්බ වැඩි වශයෙන් මේ ස්ථානයේ තනා ඇති බව අනාවරණය වී ඇත.
58 සේනාංකාධිපති බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වාගේ මෙහෙයවීමෙන් මේ ප‍්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමේ යෙදී සිටින භට පිරිස් බෝම්බ කම්හල අත්පත් කරගෙන තිබෙන අතර පාබල හමුදා තවදුරටත් එම ප‍්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කරමින් ඉදිරියට ගමන් කරන බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර පැවැසීය.

චලෙයි විජයග‍්‍රහණය සහ මුහුදු කොටි බළකායේ අවසානය

කො ටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන් විසින් තම සංවිධානය ඇති කිරීමෙන් පසු එහි කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම පිණිස කොටස් වලට බෙදා වෙන් කෙළේය.
සෘජුවම තමාට වග කියන ආකාරයට තමා විසින් මෙහෙයවනු ලබන ආකාරයට කොටි සන්නද්ධ බුද්ධි දේශපාලන මුහුදුකොටි කොටි පොලීසිය මරාගෙන මැරෙන අංශය කොටස් වලට බෙදා තිබිණි.

ජයග‍්‍රහණයෙන් පසු හමුදා සෙබළුන්
ඉන් ප‍්‍රධාන අංශයක් වුයේ එල්. ටී. ටී. ඊ. මුහුදු කොටි බළකායයි. එතෙර මෙතෙර මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන සියලුම කටයුතු හොර ජාවාරම් අවි ආයුධ ප‍්‍රවාහනය සාමාජිකයන් ගෙන යාම මරාගෙන මැරෙන මුහුදු කොටි පුහුණුව රජයේ හමුදාවලට ප‍්‍රහාර එල්ල කිරීම ඇතුළු කර්තව්‍යයන් රැසක් සිදු කෙරුණේ මුහුදු කොටි බළකාය ඔස්සේය.
1990 දී පමණ එල්. ටී. ටී. ඊ. යේ ව්‍යුහය ක‍්‍රමානුකූලව සකස් වීමට පෙර මුහුදු කොටි බළකාය එතරම් විදිමත්ව සකස් වී තිබුණේ නැත.
එහෙත් 1990 න් පසු මුහුදු කොටි බළකාය පිරිමි සහ කාන්තා අංශ යනුවෙන් කොටස් දෙකකට බෙදුණි. මරාගෙන මැරෙන කළු මුහුදු කොටි බලකායක් බිහිවුණේද ඉන් අනතුරුවය.
තුරු නැගෙනහිර මුහුදු තීරය ඔස්සේ කොටි ත‍්‍රස්තවාදීන්ගේ මුහුදු කොටි කඳවුරු ප‍්‍රධාන ඒවා දහයක් පමණ විය.
කුඩා කඳවුරු 15 ක් පමණද විය. බොහෝ විට ඒවා ජංගම කඳවුරු වශයෙන්ද තැනින් තැනට ගෙන ගිය ඒවා විය.
උස් වැලි කඳු
කොටි සංවිධානයේ මුහුදු කොටි බළකාය කැපී පෙනෙන තත්ත්වයට පත් වූයේ එහි නායකයා වශයෙන් සුසෙයි පත්වීමෙන් අනතුරුවය.
ප‍්‍රභාකරන් උපත ලැබූ වැල්වැටිතුරේ ප‍්‍රදේශයේදී 1963 ඔක්තෝබර් 10 වැනිදා උපත ලැබූ නිල්ලෙයාම් පාලම් සිවනේෂන් හෙවත් සෙල්වම් සේරා ඔස්තා හෙවත් මයිකල් නීලගම් හෙවත් සුසෙයි කොටි සංවිධානයට එකතු වූයේ වයස අවුරුදු 17 දී පමණය.
මෙරටට ඉන්දියන් හමුදාව පැමිණෙන විටත් සුසෙයි එම සංවිධානයේ කැපී පෙනෙන සාමාජිකයෙකි.
උතුරු නැගෙනහිර මුහුදු තීරය ඔස්සේ මුහුදු කොටි කඳවුරු විශාල ප‍්‍රමාණයක් ඇතිකර තිබුණද ඔවුන්ගේ ප‍්‍රධානම කඳවුර පිහිටියේ චලෙයි ප‍්‍රදේශයේය.
චලෙයි ප‍්‍රදේශය භූගෝලීය වශයෙන් ස්වභාවික කළපුවක් ආශ‍්‍රිතව පිහිටා තිබීම නිසා මෙම ප‍්‍රදේශය උස් වැලි, කඳු සහ ලඳු කැලෑ සහිත භූමි ප‍්‍රදේශයකි.
චලෙයි ප‍්‍රදේශය ත‍්‍රස්තවාදීන් පුරා දශක දෙකකට වඩා වැඩි ප‍්‍රමාණයක් මරාගෙන මැරෙන මුහුදු කොටි කි‍්‍රයාකාරකම් සඳහා යුදමය වශයෙන් ඉතා ප‍්‍රබල ස්ථානයක් ලෙස හැඳින්විය.
නැවකට ප‍්‍රහාර
මෙම මුහුදු කොටි කඳවුර ත‍්‍රස්තවාදීන්ගේ අන්තර්ජාතික මුහුදු කොටි ජාලය හරහා ලැබෙන අවි ආයුධ ගෙන්වා ගැනීම නාවික හමුදා යාත‍්‍රා ගමනාගමනය පිළිබඳ තොරතුරු රැස්කිරීම රේඩාර් මධ්‍යස්ථානය පිහිටා තිබීම සහ මුහුදු කොටි ප‍්‍රහාර එල්ල කිරීමේ ප‍්‍රධාන මධ්‍යස්ථානයක් වශයෙන් චලෙයි ප‍්‍රදේශය භාවිතා කර ඇත.

චලෙයි විජයග‍්‍රහණය ලබා
2007 වර්ෂයේ ජනවාරි මස 22 වැනිදා වඩමාරච්චි නැගෙනහිර මුහුදු තීරයේ යාපනයේ සිවිල් වැසියන්ට භාණ්ඩ ප‍්‍රවාහනය කරමින් තිබූ ‘සිටි ඔෆ් ලීඩර් පෝල්’ නෞකාවට ප‍්‍රහාරයක් එල්ල කළේ චලෙයි ප‍්‍රදේශයේ සිටය.
2008 ජනවාරි 22 වැනිදා මරාගෙන මැරෙන බෝට්ටු හතරක් පැමිණ මයිලවි මුහුදු තීරයේ නවතා තිබූ භාණ්ඩ ප‍්‍රවාහන නැව් වන රුහුණු හා නිල්වලා යන නැව් දෙකට ප‍්‍රහාරයන් එල්ල කළේ චලෙයි සිට ගිය මරාගෙන මැරෙන මුහුදු කොටින්ය.
සුසෙයිගේ පුතා මරුට
කොටි නායක සුසෙයි මෙම කඳවුර ඔහුගේ නිවෙස මෙන් රැකගෙන සිටියේය. ඔහු නිතරම ඔහුගේ බළකායේ මරාගෙන මැරෙන සාමාජිකයන් හමු වූයේ ඔවුන් සමග ගත කළේ විශේෂ මරාගෙන මැරෙන බෝට්ටු පරීක්ෂා කෙළේ රහසිගත සාකච්ඡා පවා ඔවුන් සමග පැවැත්වූයේ චලෙයි මුහුදු කොටි කඳවුරේ සිටය.
වරෙක ඔහු තම පස් හැවිරිදි පුතා සමග ගොස් අලුතින් නිෂ්පාදනය කළ බෝට්ටුවක් අත් හදා බැලීම පිණිස මුහුදට දමා යාත‍්‍රා කළ අවස්ථාවේ එම බෝට්ටුව තවත් ප‍්‍රහාරක බෝට්ටුවක ගැටී පිපිරී යාමෙන් ඔහුගේ පුතා මිය ගියේය.
ඒ මීට වසර පහකට පමණ පෙරය. එම ප‍්‍රහාරයේදී සුසෙයි බරපතළ තුවාලද ලබා සිටියත් ඔහුගේ එක් පාදයක් පණ නැති තත්වයකින් තිබිණි.
මුහුදු කොටි බළකායේ නායකයා වශයෙන් සුසෙයි එම බලකායට අවශ්‍ය අවි ආයුධ, පුපුරන ද්‍රව්‍ය, බෝට්ටු ඇතුළු බොහෝ දෑ රැස්කරගත්තේ පසුගිය සටන් විරාම කාලයේදීය.
එහි දී ඔහු ප‍්‍රභාකරන් සමඟ සාකච්ඡා කර මුහුදු කොටි බළකාය පෝෂණය කර ගැනීමට සටන් විරාම කාලය යොදාගත්තේ ය. තමාගේ අසනීපයකට ප‍්‍රතිකාර ලබාගැනීමට යන බව පවසා සුසෙයි අවස්ථා කීපයකදීම කටුනායක ගුවන් තොටුපළ හරහා විදේශගත විය.
ඔහු කොළඹට ගෙන ඒම සඳහා කිලිනොච්චියට විශේෂ ගුවන් යානා ද යැවිණි.
කටුනායක ගුවන් තොටුපළට සහ ගුවන් හමුදා කඳවුරට ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් එල්ල වූයේ 2001 ජූලි 24 වැනිදාය. එම ප‍්‍රහාරය සම්පූර්ණයෙන් ම මෙහෙයවූයේ සුසෙයිය.
මුහුදු මාර්ග ඔස්සේ පැමිණි පුත්තලමට බැස ඒ හරහා කටුනායකට කඩා වැදුණු කළු කොටි බළකායේ සාමාජිකයන් කටුනායක ගුවන් තොටුපළ විනාශ කෙළේ සුසෙයිගේ සැලැසුමට අනුවය.
එම අන්තර්ජාතික ගුවන් තොටුපළ විනාශ කළ සුසෙයිට එම ගුවන් තොටේ පස් පෑගීමට අවස්ථාව ලැබුණේ සටන් විරාම කාලයේදීය. විශේෂ ගුවන් යානයකින් කොළඹට පැමිණි ඔහු විදේශගත වූයේ 1990 ඉන්දියන් හමුදාව සමඟ පරන්තන් ප‍්‍රදේශයේ ඇති වූ ගැටුමක දී උරහිසේ ඇති වූ තුවාලයකට ප‍්‍රතිකාර ලබාගැනීමට යන බව පවසමින් ය.
එදා පැවැති රජයෙන් ඔහුට විදේශ ගතවීමට අවසර ලැබිණි. ගුවන් ගමන් බලපත් අංක 1365685 යටතේ 2004 ඔක්තෝබර් 18 වැනිදා ඔහුගේ විදේශ ගමන් බලපත‍්‍රය සකස් කර තිබිණි. හැඳුනුම්පත් අංක 6329004037ඍ යටතේ ඔහුගේ හැඳුනුම්පත ඉදිරිපත් කර එදා විදේශගත විය.
සබ්මැරීන් තාක්ෂණය

බි‍්‍රගේඩියර් ප‍්‍රසන්න සිල්වා
ප‍්‍රතිකාර ලබාගැනීමට යැයි පවසා සුසෙයි විදේශගත වූවත් ඔහුගේ ගමනේ අරමුණ වූයේ මුහුදු කොටි බළකාය ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය දේවල් එක් රැස් කර ගැනීමයි.
ඔහුගේ විදේශ ගමනේ දි ඔහු ඒ ආකාරයෙන් තම බළකායට අවශ්‍ය සම්පත් ලබා ගත්තා පමණක් නොව අද අපේ ආරක්ෂක හමුදා ඔවුන් සතුව තිබී සොයාගත් සබ්මැරීනය සකස් කිරීමට අවශ්‍ය තාක්ෂණය ඉංජිනේරුවන් ඇතුළු බොහෝ දෑ සොයාගත්තේ ද එම විදේශ ගමනේදී ය.
මේ ආකාරයෙන් පෝෂණය වූ මුහුදු කොටි බළකාය කවදා කෙසේවත් මෙරට හමුදාවලට විනාශ කළ නොහැකි බලගතු අංශයක් බවට ප‍්‍රභාකරන් ප‍්‍රමුඛ සමස්ත කොටි නායකත්වයම පුරසාරම් දෙඩූහ.
ඔවුන් එසේ ප‍්‍රකාශ කළේ මේ ලොව කිසිම ගරිල්ලා සංවිධානයකට නොමැති තරම් වූ ආයුධ ශක්තියක් ඔවුන් සතුව තිබූ නිසාය.
පසුගිය වසර කීපයතුළ ඔවුන්ගේ ශක්තිය ලෝකයටම පෙන්වමින් ගොඩබිම පමණක් නොව මුහුදේද ප‍්‍රහාර ගණනාවක් එල්ල කළහ. ඉන් අපේ ආරක්ෂක අංශවලට හානි සිදු වූ අවස්ථා ගණනාවක් විය.
මාවිල්ආරු සොරොව්ව වසා දැමීමේ සිට ආරම්භ වූ නැගෙනහිර මානුෂීය මෙහෙයුම උතුරට ගොස් අවසානයේ උතුරේ අවසන් වර්ග කිලෝමීටර් 200 දක්වා යනතෙක් ම මුහුදු කොටි බළකායේ චලෙයි මුහුදු කොටි කඳවුර ඔවුහු රැකගෙන සිටියහ.
ප‍්‍රභාකරන් ප‍්‍රමුඛ සමස්ත නායකයන්ට මුහුදු මාර්ග ඔස්සේ පළා යාහැකි ප‍්‍රබල කවුලුවක් වූයේ නම් ඒ චලෙයි මුහුදු කොටි කඳවුරු ප‍්‍රදේශයයි.
ඔවුන්ගේ මරාගෙන මැරෙන කොටි කණ්ඩායම් නිරතුරුව ම එම ප‍්‍රදේශයේ රැඳී සිටිමින් චලෙයි ප‍්‍රදේශයට ආරක්ෂක අංශවලට ඇතුළුවීමට හැකි නොවන පරිදි සියලු ආරක්ෂක වළලු යොදා තිබිණි.
කොටි නායක ප‍්‍රභාකරන් සුසෙයි සමඟ අභ්‍යන්තර හිත් නොහොඳකමකින් සිටිය ද ඔහුට මෙරටින් පලා යන තෙක් චලෙයි ප‍්‍රදේශය ආරක්ෂාකර ගැනීමට සුසෙයිට හැකි වන බව විශ්වාස කරගෙන සිටියේ ය.
ඒ සඳහා සුසෙයි සමඟ ඔහුගේ සෙසු මුහුදු කොටිනායකයන් වන විනයාගම්, යගලවන් සහ කාදර් යන නායකයන් ද ඇතුළු මරාගෙන මැරෙන මුහුදු කළු කොටි සාමාජිකයන් විශාල පිරිසක් යොදවා තිබිණි.
උතුරේ මානුෂීය මෙහෙයුමේ යෙදී සිටි බි‍්‍රගේඩියර් ප‍්‍රසන්න සිල්වාගේ නායකත්වයෙන් යුත් 55 වැනි සේනාංකය චලෙයි අත්පත්කර ගැනීමේ දැවැන්ත මෙහෙයුම ආරම්භ කෙළේ පසුගිය ජනවාරී 21 වැනි දිනය.
එම සේනාංකය නාගර්කෝවිල් ප‍්‍රදේශයේ සිට මාමුනෙයි, තලෙඅඩි, වෙත්තලයිකර්නි, වනිරායන්, කඩේකාඩු, යන ඊසාන දිග මුහුදු තීරයේ වූ සියලු ම ප‍්‍රධාන සහ පරිවාරක මුහුදු කොටිබලය බිඳ දමමින් යාපනය අර්ධද්වීපයේ අවසාන කොටස වූ චුන්නිකුලම් හි බලය තහවුරු කිරීමෙන් පසු මුලතිව් දිස්ති‍්‍රක්කය වෙත ඇතුළුවීමට නොහැකි වන පරිදි ඉදිකර තිබූ පස් බැම්ම හා ඒ අවට වූ ත‍්‍රස්තවාදී ආරක්ෂක වළල්ල බිඳ දමමින් එදා 21 වැනිදා එම කි‍්‍රයාන්විතය ආරම්භ කළහ.
55 බලසේනාංකාධිපති බි‍්‍රගේඩියර් ප‍්‍රසන්න සිල්වාගේ සැලැසුමක් මත 553 වැනි බළසේනාධිපති කර්නල් මහින්ද වීරසූරිය ගේ නායකත්වයෙන් එම කි‍්‍රයාන්විතය සිදු කෙරුණි.
ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රධානතම සහ ප‍්‍රබල මුහුදු කොටි මරාගෙන මැරෙන කඳවුරු සංකීර්ණය වන චලෙයි මුහුදු කොටි කඳවුර අත්පත් කර ගැනීම සඳහා මෙම සේනාංකය එම කි‍්‍රයාන්විතය දවසේ 24 පැය පුරා නොනවත්වා ම පහරදෙමින් ඉදිරියට ගියහ.
55 බළසේනාංකාධිපති බි‍්‍රගේඩියර් ප‍්‍රසන්න සිල්වාගේ නායකත්වයෙන් 553 බලසේනාධිපති කර්නල් මහින්ද වීරසූරිය 6 වැනි ශ‍්‍රී ලංකා පාබල හමුදාව අණදෙන නිලධාරී මේජර් මානද යහම්පත්, ඒ කණ්ඩායමේ අණ දෙන නිලධාරි කපිතාන් සුගත් රාජකරාණා බී කණ්ඩායමේ කපිතාන් ජානක හපුආරච්චි, සී කණ්ඩායමේ කපිතාන් සුජිත් රත්නායක, සී කණ්ඩායමේ කපිතාන් ප‍්‍රසන්න සේනානායක සහ 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් දීපාල් පුස්සැල්ල, කපිතාන් කාන්ත අරංගල්ල දෙවැනි ලුතිනන් අජිත් තිස්ස කුමාර, කපිතාන් ප‍්‍රසන්න සහ කපිතාන් අසංග ආබෘට සහ පළමුවැනි කොමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී කපිතාන් රුවන් පෙරේරාගෙන් සමන්විත භට පිරිස් චලෙයි අත්පත් කර ගැනීමේ දැවැන්ත මෙහෙයුමට සම්බන්ධ වූහ.
චලෙයි ප‍්‍රදේශය ආරක්ෂක හමුදා අතට පත්නොවීම සඳහා ත‍්‍රස්තවාදීහු 150 දෙනෙක් පමණ එම ප‍්‍රදේශයේ සටන් වැදුණා. විශාල පස් බැමි 6ක් ඉදිකර තිබිණි.
මර උගුල් පුද්ගලනාශක බෝම්බ විශාල ප‍්‍රමාණයක් වළ දමා තිබිණි. බර අවි යොදා ආරක්ෂක හමුදා ඉදිරියට ගමන් කිරීම වැළැක්වීම සඳහා 37 මිලි මීටර් පැට්ල් අවි 30 මිලි මීටර් කෑනන් අවි සහ 127 මිලි මීටර් අවිවලින් ප‍්‍රහාර එල්ල කෙරිණි.
කොටින්ගේ එම සියලු ප‍්‍රහාර මර උගුල් හමුවේ නොනැවතී ඉදිරියට ගිය ආරක්ෂක බළසේනාවෝ දින කීපයක දී කරගෙන ආ එම කි‍්‍රයාන්විතය පැය 24 පුරා ප‍්‍රහාර එල්ල කරමින් පෙබරවාරි මස 5 වැනිදා පස්වරු වන විට ජයග‍්‍රාහි ලෙස නිමාවූයේ කොටි ත‍්‍රස්තවාදීන්ගේ චලෙයි ප‍්‍රධාන මුහුදු කොටි කඳවුර පමණක් නොව මෙරට එල්. ටී. ටී. ඊ. ය සතුව තිබූ මහා බළකායක් වූ මුහුදු කොටි බළකාය නැත්තමට නැති කර දමමින් ය.
මෙම ප‍්‍රහාරයේ දී මුහුදු කොටි නායක සුසෙයි ඍජුවම චලෙයි බේරාගැනීමේ සටනට සම්බන්ධ විය. එහි දී ඔහුට බරපතළ තුවාල සිදු වූ අතර වසර 25කට ආසන්න කාලයක් කොටි සංවිධානයේ ප‍්‍රබලයන් ලෙස කටයුතු කළ විනයාගම්, කාදර් සහ සගලවන් ද මරුමුවට පත් වූහ.
කොටින්ට එහි දී බරපතළ හානි සිදු විය. මුහුදු කොටි නායකයන් සමඟ සාමාජිකයෝ 40ක් පමණ මිය ගියහ.
බෝම්බ දැරියක් එවයි
තවද චලෙයි ඉදිරි ආරක්ෂකවළල්ල අබියසට පැමිණි කොටි සංවිධානයේ අවුරුදු 12ක පමණ ලාබාල දැරියක් පෙබරවාරි 4 වැනිදා දහවල් 12.45ට පමණ ආරක්ෂක අංශ වෙත බාරවීමට එන බව අඟවමින් මරාගෙන මැරුණාය.

සුසෙයි
ඇය එවනු ලැබ තිබුණේ කොටි නායකයන් විසින් ය. අරමුණ වී තිබුණේ ආරක්ෂක හමුදාවල විශාල පිරිසක් ඝාතනය කිරීමයි.
එහෙත් හමුදා සෙබළුන් අවධානයෙන් සිටි නිසා අවම හානියකින් එම මරාගෙන මැරෙන ප‍්‍රහාරය මැඬ පැවැත්වීමට හමුදාව සමත් විය.
අඩු වයස් දරුවන් උපයෝගී කරගෙන කොටි සංවිධානය කරන එවැනි කි‍්‍රයාකාරකම් තවදුරටත් එම සංවිධානයේ ම්ලේච්ඡත්වය පිළිඹිබු කෙළේය.
චලෙයි අත්පත් කර ගැනීමේ ජයග‍්‍රාහී මෙහෙයුම සඳහා 4 වන සන්නාහ සන්නද්ධ බළකායේ යුද ටැංකි වෙඩිබලය ද, 4 වැනි කාලතුවක්කු රෙජිමේන්තුවේ කාලතුවක්කු වෙඩි බලය සහ යාන්ති‍්‍රක බළසේනාවේ සහ එම බළසේනාව වෙත ලබාදුන් අතර 6 වැනි කාණ්ඩ ඉංජිනේරු රෙජිමේන්තුව එම ප‍්‍රදේශයේ තිබූ මර උගුල් සහ පුද්ගල නාශක බෝම්බ නිශ්කී‍්‍රය කිරීම සඳහා අනගිසහායක් ලබා දුන්නේ ය.
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මේ සඳහා මිග් යානා උපයෝගී කරගෙන ත‍්‍රස්තවාදීන්ට දරුණු ප‍්‍රහාර එල්ල කෙරිණි. පාබල හමුදාවල තුවාල වූ වීර සෙබළුන් බෙල් 212 සහ 412 ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා මගින් ප‍්‍රවාහනය කර අගනා සේවාවක් ලබාදුනි.
තව ද චලෙයි මුහුදු කොටි බළකා කඳවුර අත්පත් කර ගැනීමේ දී කොටින් ට අයත් විශාල අවි ආයුධ ප‍්‍රමාණයක් සහ ඔවුන් සතු බඩු බාහිරාදිය විශාල ප‍්‍රමාණයක් සොයා ගැනීමට ද හැකිවිය.
ඉතාමත් දුෂ්කර ස්වභාවික බාධක මධ්‍යයේ සතුරාගේ දැඩි වෙඩි බලයක් හමුවේ වුව ද 55 වැනි සේනාංකය කොටි සංවිධානය සතුව තිබූ අවසාන මුහුදු කොටි බළකොටුව ජයගැනීමට සමත්වීම මේ රටේ සමස්ත ජනතාවගේ පමණක් නොව විදේශීය රටවල සිටින ශ‍්‍රී ලාංකික ජනතාවගේ ද ගෞරවයට පැසසුමට ලක්වූවකි.
රන් අකුරෙන් ලියැවීම
තුවාල ලබා ප‍්‍රතිකාර ලබමින් සැඟවී සිටි මුහුදු කොටි නායක සුසෙයි ගුවන් හමුදා ප‍්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය.
එල්. ටී. ටී. ඊ. යේ ප‍්‍රධානම බළකොටුවක් ලෙස පවත්වාගෙන ගිය කිසිම දවසක ආරක්ෂක අංශ අතට පත් නොවන පරිදි ආරක්ෂා කරගෙන සිටි චලෙයි මරාගෙන මැරෙන මුහුදු කොටි බළකායත් සුසෙයි සමඟම විනාශ වී යාම මෙරට ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවෙන ජයග‍්‍රහණයකි.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා අභීත රණවිරුවාණන්ගේ ඍජු අධීක්‍ෂණය යටතේ 55 වැනි බළ සේනාංකය සමඟ සෙසු හමුදා නිලධාරීන් ඇතුලු විරෝදාර භට පිරිස් ලබාගන්නා වූ මේ ජයග‍්‍රහණය යුද හමුදාවේ වීරත්වය තව තවත් ලොවට ම පෙන්වීමට හේතුවිය.
එම වීර කි‍්‍රයාවේ දී මේ රට වෙනුවෙන් කැප වූ ජීවිතය පූජාකළ වීර හමුදා සොයුරනි ඔබලා ද ඇතුළු අපේ රටට මේ ජයග‍්‍රහණ ලබාදෙන සමස්ථ ති‍්‍රවිධ හමුදාවට මේ රටේ ජනතාවගේ ආශිර්වාදය තුළින් ඉදිරි ජයග‍්‍රහණයන් ද ලබා ගැනීමට හැකි වනු නියතය.
සටහනවිජයානි එදිරිසිංහ

‘හරිම සිම්පල් ප්ලෑන් එකක්’ සංගා නායකත්වයට?

මහේල ජයවර්ධනගේ ඉල්ලා අස්වීමෙන් පසුව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නායකත්වයට කුමාර් සංගක්කාර පත්කිරීමේ සැලැස්මක් ඇත්නම් එය පුදුමවිය යුතු කරුණක් නොවේ. සංගක්කාරගෙන් තොරව වෙනත් කී‍්‍රඩකයෙකු ඒ සඳහා නම් කිරීමට සැලැස්මක් ඇත්නම් එය බොහෝ දෙනාගේ දැඩි කතාබහට ලක්වන මාතෘකාවක් වනු ඇත.
කුමාර් සංගක්කාර නායකත්වයට සුදුසු බවට ඉඟි පළවූයේ අද ඊයේ නොවේ. ඔහු ටෙස්ට් වරම් ලබා වසරක් දෙකක් ගතවෙද්දී පෙන්වූ පරිණතවීමේ ගති ලක්ෂණ ගැන කි‍්‍රකට් විචාරකයෝ බොහෝසෙයින් කතා කළහ.
වයස අවුරුදු 23 සම්පූර්ණ වීමෙන් පසු 2000 වසරේ ජූලි මාසයේ ප‍්‍රථම ටෙස්ට් තරගයට සහභාගී වූ සංගක්කාර මෙතෙක් ටෙස්ට් තරග 78කට සහභාගී වී ඇත.
ටෙස්ට් ද්විත්ව ශතක 6 ක් හා ශතක 11 ක් ලැබූ ඔහු ලකුණු 150ට වැඩියෙන් අවස්ථා 5 කදී දක්ෂතා දැක්වීය. සංගක්කාර ලබා ඇති ටෙස්ට් අර්ධශතක ගණන 28කි. එක් තරගයකදී ලබා ඇති ලකුණු සාමාන්‍ය 55.65කි.
නායකත්වයෙන් ඉල්ලා අස් වූ මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර ඉතාම සමීප මිතුරන් දෙදෙනෙකු ලෙස කටයුතු කළහ. මහේල ජයවර්ධන පසුගිය වසරේ මාධ්‍ය සාකච්ඡාවකදී පවසා සිටියේ කුමාර් සංගක්කාර ස්ථිර වශයෙන්ම නායකත්වයට සුදුසු කී‍්‍රඩකයෙකු බවයි.
“කි‍්‍රකට් කී‍්‍රඩාව හා දැනුමත් ඔහු ඊට ප‍්‍රවේශ වන ආකාරයත් අති විශිෂ්ටයි. සංගක්කාර උපනායකයෙකු ලෙසත් අතිශය සාර්ථක වුණා. කි‍්‍රකට් තරග සැලැසුම්වලදී හා කණ්ඩායම ශක්තිමත් කිරීම පිළිබඳ අප දෙදෙනා නිතරම කථා කරනවා.
අප දෙදෙනා හිතන ආකාරයත් බොහෝදුරට සමානයි. මා නායකත්වයෙන් ඉල්ලා අස්වන දවසක නායකත්වයට ඉතාම සුදුස්සා සංගක්කාරයි.
මහේල එම සාකච්ඡාවේදී පවසා සිටියේය. හදිසියේම ඉල්ලා අස්වුවද මහේල වැනි ශ‍්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට නායකයෙකුගෙන් සංගක්කාර පිළිබඳ ලැබුණු එම සහතිකය ශ‍්‍රී ලංකා කි‍්‍රකට් අනාගතයට බලපාන ප‍්‍රබලතම මතයක් විය හැකිය.
අනාගත ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නායකයා කවුරුන්ද යන පැනයට පිළිතුරු සොයන කි‍්‍රකට් කී‍්‍රඩාලෝලීන් සමස්තයකගේ මතයද එයම වන බව නිසැකය. සංගා මීළඟ ක‍්‍රිකට් නායකයා වීම “හරිම සිම්පල් ප්ලෑන් එකක්” වන්නේ එබැවිනි.

බොරු ප‍්‍රචාර යවන අයගේ මනස හදන්න මට බෑ



මහේල ජයවර්ධන
ප‍්‍රින්ස් ගුණසේකර
”මා නායකත්වයෙන් ඉවත්වීමත් සමග නොයෙක් බොරු ප‍්‍රචාර යනවා. ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් මා සමග අමනාප බවට, තේරුම් කමිටුවේ බලපෑම මත හා ඉන්දීය සංචාරයේ පරාජය ඉල්ලා අස්වීමට හේතුව බවට යන සියලු කතා මුළුමනින්ම අසත්‍යයි. මම ඇත්ත කියන්නම්” මහේල ජයවර්ධන ප‍්‍රකාශ කෙළේය.
නායකත්වයෙන් ඉල්ලා අස්වීමට හේතු පැහැදිලි කරමින් ඊයේ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු ඒ බව අවධාරණය කෙළේය.
ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට කල්පනා කෙළේ පසුගිය බංග්ලාදේශ සංචාරය අතරතුරදීයි. හදිසිියේම පාකිස්තාන හා ඉන්දීය තරගාවලි පැමිණි නිසා නව නායකයෙකුට ඉක්මනින් වගකීම් පැවැරීම අසාධාරණ නිසා ඒ තීරණය කල් දැමීමට සිදුවුණා” යැයි මහේල පැවැසීය.
ඉල්ලා අස්වීමට ගත්් තීරණය නිවැරැදි වෙලාවට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වෙනුවෙන් ගත් තීරණයක් බවත් ඉදිරියේ පත්වෙන ඕනෑම නායකයකු යටතේ සියයට එකසිය පනහක දායකත්වයක් රට වෙනුවෙන් ලබා දෙන බවත් මහේල සඳහන් කෙළේය. 2011 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සූදානම් වීමට දැන් සිටම අලුත් නායකයකු පත් කළ යුතුයි.
නව නායකයාට කණ්ඩායම සුදුසු පරිදි සකස් කර ගැනීමට හොඳ කාලයක් අවශ්‍යයි. ඒ ගැනත් මා කල්පනා කළා.”
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවේ බලපෑමක් මත ඉල්ලා අස්වූවේ යැයි මතයක් ගොඩනැගී ඇතැයි මාධ්‍යවේදියකු මතු කළ අදහසකට පිළිතුරු දුන් මහේල පැවැසුවේ එය පදනම් විරහිත ප‍්‍රකාශයක් බවයි.
“මෙය මා පෞද්ගලිකව හිතා ගත් තීරණයක්. කිසිදු බලපෑමක් නෑ. ඉල්ලා අස්වීම පිළිබඳ තේරීම් කමිටුවට දැනුම් දෙද්දී ඔවුන් පුදුමයට පත් වුණා.
එක්දින කණ්ඩායමෙන් ඉවත් වුණද ටෙස්ට් පිලේ නායකත්වය තවදුරටත් භාරගන්නා ලෙස තේරීම් කමිටුව මගෙන් ඉල්ලීමක් කළා. මා එයට එකඟ වූයේ නෑ.”
”එක් එක් අය ගෙන යන බොරු ප‍්‍රචාරවලට මා පිළිතුරු දෙන්නේ නෑ. බොරු ප‍්‍රචාර යවන අයගේ මනස හදන්නත් මට බෑ” මහේල හැඟීම් බරව සඳහන් කෙළේය.
කෙසේ වුවද ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිලේ ජ්‍යෙෂ්ඨ මෙන්ම කණිෂ්ඨ කී‍්‍රඩකයන් කණ්ඩායම මෙහෙයවීමේදී තමාට සුවිශාල සහයෝගයක් ලබා දීම අගය කරන බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

Thursday, February 12, 2009

කොටි ඝාතනය කළ සිවිල් වැසියෝ 13ක් හඳුනා ගැනෙති

වවුනියාව උතුර සමූහ බන්දුල සෙනෙවිරත්න
කොටි ත‍්‍රස්තවාදීන් මුලතිව් උදයාර්කට්ටුකුලම් ප‍්‍රදේශයේදී පෙරේදා (10) වෙඩිතබා ඝාතනය කරන ලද පුද්ගලයන් 19 දෙනාගෙන් 13 දෙනෙකුගේ අනන්‍යතාවය තහවුරුකරගත් බව වවුනියාව පොලිසිය පවසයි.
මේ මළ සිරුරු 19 ඊයේ (11) අලුයම වවුනියාව රෝහල වෙත ආරක්‍ෂක අංශ බාරදී තිබූ අතර මියගිය පිරිසේ බාල වයස්කාර දැරියන් දෙදෙනකු සහ කාන්තාවන් සිවුදෙනකුද සිටින බව පොලිසිය පවසයි.
වරදමුත්තු කන්දයියා (50), යෝගම්මා සාමි අම්මා (60), රාමලිංගම් ජේසුබාලන් (30), බාලමුත්තු සෝමාවතී (70), රාජේන්ද්‍රන් (40), විදුෂමිනි නඩරාසා (30), අරුල්රාජ් දිනේෂ් (18), විජය පාලනියන්(45), සෙල්වරාජ් පුෂ්පකුමාර් (30) වේලු රාමයියා (60), තංගවේලු සෙල්ලයියා (40) සහ සිවරාජා ඩික්සියා (12) යන අය හඳුනාගත් අයවෙති

කි‍්‍රකට් නායකත්වයෙන් මහේල සමුගනී

මහේල ජයවර්ධන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නායකත්වයෙන් ඉවත්වන බව ඊයේ නිවේදනය කෙළේය.
ජාතික කි‍්‍රකට් කී‍්‍රඩකයන් තෝරන නිලධාරීන් සමග ඊයේ උදේ සාකච්ඡාවක් කැඳ වූ මහේල ජයවර්ධන තමන්ගේ තැන ගන්නා නව නායකයාට 2011 ලෝක කුසලාන තරගාවලියට සුදුසු කණ්ඩායමක් ගොඩනැගීම ප‍්‍රමාණවත් කාලයක් ලබාදීම සඳහා තමාට නායකත්වයෙන් ඉවත්වීමට කාලය පැමිණ ඇතැයි ප‍්‍රකාශ කෙළේය.
පාකිස්තානයේ පැවැත්වෙන ද්විත්ව ටෙස්ට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා පිලේ නායකත්වය දැරීමට ජයවර්ධන මේ සාකච්ඡාවේදී එකඟ විය.
මහේල ජයවර්ධන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නායකත්වයට පිවිසියේ 2006 පෙබරවාරියේදීය. ඒ තෙවසරක කාලයේදී ඔහු ටෙස්ට් තරග 26 ක් හා අන්තර්ජාතික එක්දින තරග 97 කට නායකත්වය දුන්නේය.
ටෙස්ට් තරග ක්ෂේත‍්‍රයේ සියයට 62.50 ක ජයග‍්‍රාහී අනුපාතයක්ද එක්දින තරග බිමේ සියයට 57 ක අනුපාතයක්ද ජයවර්ධන සටහන් කර තිබේ. ටෙස්ට් අනුපාතය ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ඉතිහාසයේ නායකයකු වාර්තා කළ වැඩිම අනුපාතය වේ. නායකයා ලෙසින් ටෙස්ට් තරග බිමේ 64.70 ක සාමාන්‍යක්ද පසුගිය තෙවසරේදී ශතක 11 ක්ද ඔහු වාර්තා කොට තිබේ. අන්තර්ජාතික එක්දින තරග ක්ෂේත‍්‍රයේ නායකයෙකු වශයෙන් ඔහුගේ සාමාන්‍යය 34.22 කි.
මහේල ජයවර්ධන කි‍්‍රකට් නායකත්වයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය මෙසේය.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ යහපත වෙනුවෙන් නායකත්වයෙන් ඉවත්වීමට මා තීරණය කළා. ළඟ එන පාකිස්තාන සංචාරයෙන් පසුව මා ඉවත් වෙනවා. මෙය මා දිගු කලක් තිස්සේ සලකා බලාගෙන ආ කාරණයකි. හේතුව 2011 ලෝක කුසලානය සඳහා වන කණ්ඩායම සඳහා නව නායකයාගේ දර්ශනය කාවැද්දීමට ඔහුට අවම වශයෙන් මාස දහඅටක් තිබිය යුතුය යන්න මම දීර්ඝ කාලයක පටන් විශ්වාස කිරීමයි.
සෑහෙන සිතා බැලීමකින් පසුව මා එළැඹි තීරණය වී ඇත්තේ නව නායකත්වයක් විසින් කණ්ඩායම බාර ගැනීමේ කාලය උදා වී ඇති බවයි. මේ තීරණය ලෙහෙසි එකක් නොවන්නේ ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ නායකයාව සිටීම ඉමහත් ආඩම්බරයක් වූ බැවිනි. පසුගිය තෙවසරේ කණ්ඩායමේ නායකයාව සිටීමේ ගෞරවය මට ලබාදීම පිළිබඳ මම ඉතාමත් කෘතඥ වෙමි.
මගේ කාර්යය පහසු කිරීම පිළිබඳ කණ්ඩායමේ සගයන්ටත්, මා කෙරෙහි විශ්වාසය තැබූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලධාරීන් හා තේරීම් නිලධාරීන්ටත් මගේ පවුලේ අයටත් මට සහාය දුන් හිතමිතුරන් හා කී‍්‍රඩා ලෝලීන්ටත් විශේෂ ස්තූතිය පිරිනැමීමට මම මෙය අවස්ථාව කර ගනිමි. මගේ දැන් ඉදිරි දැක්ම වනුයේ මගෙන් පසුව එන නායකයාට මගේ උපරිම සහාය ලබාදීම හා ඉදිරියේ එන වසරවලදී පිතිකරුවකු ලෙසින් ප‍්‍රධාන කාර්යභාරයක් ඉටුකිරීමයි.

Friday, February 6, 2009

ලෝකෙටම 1යි මුරලි


මුත්තයියා මුරලිදරන් එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් තරග බිමේ වැඩිම කඩුලුලාභියාගේ ලෝක වාර්තාව ඊයේ බිඳහෙළීය. පාකිස්තානයේ වසීම් අක‍්‍රම් කඩුලු 502 ක් ලබාගෙන තබා තිබූ එම වාර්තාව මුරලිදරන් බිඳහෙලනු ලැබුවේ ඉන්දියාවේ ගෞතම් ගාම්බීර්ගේ කඩුල්ල දවාගනිමිනි. මුරලි ටෙස්ට් හා එක්දින කි‍්‍රකට් තරග දෙඅංශයෙන් ම වැඩිම කඩුලුලාභියා වීමද විශේෂත්වයකි.

සචින් තෙන්දුල්කාර්ට ජනධිපති සුබ පැතූ අයුරු...


ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායමේ සාමාජිකයන් අරලියගහ මන්දිරයේදී පෙරේදා (4) ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මුණගැසුණි. එම අවස්ථාවේදී ඉන්දියාවේ සුපිරි පිතිකරු සචින් තෙන්දුල්කාර්ට ජනධිපතිවරයා සුබ පැතූ අයුරු.

ඡායාරූපය - සුදත් සිල්වා

කොටින්ගෙන් අල්ලා ගත් සබ්මැරීනයක්...


කොටින්ගෙන් අල්ලා ගත් සබ්මැරීනයක් ‘දැයට කිරුළ’ ප‍්‍රදර්ශන භූමියේ ප‍්‍රදර්ශනයට තබා ඇති අයුරු

චලෙයි මුහුදු කොටි කඳවුර සුන්: කොටි කෙරුමෝ 5ක් මැරුම් කති

විජයානි එදිරිසිංහ, භක්ති ධර්මපි‍්‍රය මෙන්ඩිස් සහ වෙල්ලස්සේ බණ්ඩාර
කොටි ත‍්‍රස්තවාදීන්ගේ අවසන් වර්ග සැතපුම් 200 අත්පත් කැර ගැනීමේ මෙහෙයුමේ යෙදී සිටින ආරක්‍ෂක බළසේනාවෝ චලෙයි පිහිටි කොටින්ගේ ප‍්‍රධානම මුහුදු කොටි කඳවුර සමඟ සම්පූර්ණ චලෙයි සහ විශ්වමඩු ප‍්‍රදේශ අත්පත් කැර ගත්හ.
චලෙයි මුහුදු කොටි කඳවුර ඇතුළු එම ප‍්‍රදේශ ආරක්‍ෂක අංශ යටතට පත්වූයේ වසර 20 කටත් වඩා වැඩි කාලයකට පසුවය.
චලෙයි මුහුදු කොටි බලය සම්පූර්ණයෙන් ම අහිමිවීමත් සමඟ කොටි සංවිධානයේ සමස්ත මුහුදු කොටි බලයම විනාශ වී ගිය බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර මහතා පැවැසීය. එම ප‍්‍රදේශ අත්පත් කැර ගැනීමට ඊයේ (05) පෙරවරුවේ සිට එම ප‍්‍රදේශයේ පැවැති දරුණු සටන්වලදී ප‍්‍රබල කොටි නායකයන් පස්දෙනෙක් ද ජීවිතක්‍ෂයට පත් වූහ.
විනයාගම්, බගලවන්, නාදර්, සින්නත්තන්නන්, අන්නවෙලන් යන අය එම කොටි නායකයෝ වෙති. ඔවුන් කොටි සංවිධානය ආරම්භයේ සිටම කොටි නායක ප‍්‍රභාකරන් සමඟ කටයුතු කැර ඇත.
විනයාගම් වසර 25 ක් එම සංවිධානයේ කටයුතු කළ අතර ඔහු මුහුදු කොටි බළකායේ තෙවැනි අණ දෙන නායකයාය.
සෙසු පිරිස වසර 15, 20 පමණ කාලයක් සංවිධානයේ සිටි සන්නද්ධ නායකයෝ වෙති. ඓතිහාසික වඩමාරච්චි සටනේදී පවා ඔවුන් තුවාල ලබා ඇති බව බි‍්‍රගේඩියර් උදය නානායක්කාර පැවැසීය.
බි‍්‍රගේඩියර් ප‍්‍රසන්න සිල්වාගේ නායකත්වයෙන් යුත් 55 වැනි බළසේනාංකය, මේජර් ජනරාල් ජගත් ඩයස්ගේ නායකත්වයෙන් 57 වැනි බළසේනාංකය, බි‍්‍රගේඩියර් ෂවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් 58 වැනි සේනාංකය සහ කාර්ය සාධක 1, 2, 3 සේනාංක සමඟ එක්වූ ආරක්‍ෂක බළසේනා මේ සුවිශේෂී ජයග‍්‍රහණය අත්පත් කැර ගත්හ.
කොටි ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රධානම කළු මුහුදු කොටි හෙවත් මරාගෙන මැරෙන මුහුදු කොටි කඳවුර වූ චලෙයි මුහුදු කොටි කඳවුරේ රැඳී සිටි මුහුදු කොටි නායක සුසෙයි පිළිබඳව මෙතෙක් කිසිවක් වාර්තා වී නැත.
අධි ආරක්‍ෂක කලාපයක් ලෙස නම් කැර තිබූ එම මුහුදු කොටි කඳවුරට අමතරව වෙනත් කිසිදු මුහුදු කොටි කඳවුරක් ඔවුන්ට නැත. මෙය කොටි ත‍්‍රස්තවාදීන් ලැබූ අන්ත පරාජයකි.

මුලතිව් කුරුවිල්කුලම් කොටි පුහුණු කඳවුරත් අල්ලයි

චන්ද්‍රිකා පෙරේරා
මුලතිව් කුරුවිල්කුලම් හි තිබූ කොටි යුද පුහුණු මධ්‍යස්ථානයක් සහිත කඳවුරු පරිශ‍්‍රයක් දෙවැනි කාර්ය සේනාංකය විසින් පෙරේදා (4) අත්පත් කර ගන්නා ලදී.
ත‍්‍රස්තවාදීන් සමඟ පැය අටක් තිස්සේ හටගත් දරුණු ගැටුම්වලින් පසු අත්පත් කර ගත් කඳවුරු පරිශ‍්‍රයේ යකඩ ඇඳන් 40 ක් සහිත නවාතැන් ගන්නා ගොඩනැගිල්ලක්, අඩි 130ඔ 100 ප‍්‍රමාණයේ සියලු පහසුකම් සහිත දේශන ශාලාවක්, අඩි 140 ඔ 10 ප‍්‍රමාණයේ ගොඩනැගිල්ලක්, ආරක්ෂක කුටියක්, අඩි 120 ඔ 40 ප‍්‍රමාණයේ තහඩු යොදා තැනූ ගොඩනැගිල්ලක්, අඩි 50ඔ 20 ප‍්‍රමාණයේ සිමෙන්තියෙන් නිමකළ ගොඩනැගිල්ලක් හා අඩි 10 ඔ 20 ප‍්‍රමාණයේ කූඩාරම් තුනක් තිබුණු බව යුද හමුදාව පවසයි.
ඊට අමතරව අඩි හයක් උස ජල ටැංකියක් සහ ලොරියක් ද සොයාගෙන තිබිණි. එදින උදෑසන නවයේ සිට සවස 5.00 දක්වා කාලයේදී අවස්ථා පහකදී දෙපිරිස අතර මේ ප‍්‍රදේශයේ දී ගැටුම් හටගෙන තිබුණු බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවැසීය

මුලතිව් කැලයෙන් කොටි සොහොනක්

විජයානි එදිරිසිංහ
කොටි ත‍්‍රස්තවාදීන් කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය වාහන අංගණයක් සහ සොහොන් පිටියක් 57 වැනි බලසේනාංකය සොයාගෙන තිබේ.
මුලතිව් ප‍්‍රදේශයේ ඒ 35 මාර්ගයට ආසන්න ඝන කැලෑවේ අක්කර භාගයක පමණ එම සොහොන පිහිටා තිබෙන බව හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර පැවැසීය.
එම ඩිපෝවේ ටයර් කන්ටේනර් දෙකක්, අබලන් වූ වාහන, වාහන අමතර කොටස් ඉන්ධන ඇතුළු තවත් උපකරණ රැසක් තිබී ඇත.

කොටි පණිවිඩ මධ්‍යස්ථානය විනාශයි

විජයානි එදිරිසිංහ සහ චන්ද්‍රිකා පෙරේරා
පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයේ පිහිටි කොටින්ගේ පණිවිඩ හුවමාරු මධ්‍යස්ථානය සහ ප‍්‍රාදේශීය නායකයන් අණ දීමට රැස්වන මෙහෙයුම් මධ්‍යස්ථානයක් ගුවන් හමුදාවේ ජෙට් යානා එල්ල කළ ප‍්‍රහාරයකින් සම්පූර්ණයෙන් විනාශ විය.
ඊයේ (05) පෙරවරුවේ එම ගුවන් ප‍්‍රහාර එල්ල වූ බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.

කොටින්ගේ ගෑස් හමුදාව යටතට

චන්ද්‍රිකා පෙරේරා
මුලතිව් විශ්වමඩු සහ උදයාර්කට්ටු ප‍්‍රදේශයේ පසුගියදා ඇතිවූ ගැටුම්වලින් අනතුරුව කොටි ත‍්‍රස්තවාදීන් සතු ගෑස් සිලින්ඩර්, පෝර හා භූමිතෙල් බැරල් තොගයක් සමඟ කැන්ටර් රථ දෙකක් යුදහමුදා භටපිරිස් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙසේ අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර ගෑස් සිලින්ඩර් 36ක්, කිලෝ පනහ බැගින් වූ යූරියා පෝරමලු 1500 ක් භූමිතෙල් බැරල් 40 ක්, ජල බවුසරයක්, ජෙනරේටරයක් හා යතුරුපැදියක් ද ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවැසීය.
එහි දී එදින පෙරවරු 9.30 සිට 12.30 දක්වා කාලය තුළ ත‍්‍රස්තවාදීන් සමඟ ගැටුම් හටගෙන තිබිණි. පුදුකුඩිඉරුප්පු දකුණ ප‍්‍රදේශයේදීත් එදින පුරාම ගැටුම් හටගත් බව යුද හමුදාව පවසයි.

ඉන්දියා පිතිහරඹය හමුවේ ශී‍්‍ර ලංකාව යළිත් පසුබසී

වර්නන් ගුණසේකර
ඉන්දියා ආරම්භක පිතිකරු ගෞතමි ගාම්භීර් හා නායක මහේන්ද්‍ර සිං ද්‍රෝනී දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 188 ක අගනා සබඳතාවයක් වර්තා කරමින් ශී‍්‍ර ලංකාවට එරෙහිව පිට පිට සිවුවැනි ජයග‍්‍රහණය කරා ඉන්දියාව ඊයේ මෙහෙය වූහ.
ගාම්භීර් ලකුණු 150 ක් ලබා ගනිමින් ඔහුගේ කී‍්‍රඩා දිවියේ හොඳම එක්දින ඉනිමේ නියලුණු අතර ද්‍රෝනි ලකුණු 94 ක් රැස් කෙළේය.
ලකුණු 333 ක ජයග‍්‍රාහී ඉලක්කය හඹා ගිය ශී‍්‍ර ලංකා පිලට ඕවර 48 ක් ඇතුළත සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 265 ක් පමණි. ඒ අනුව ඉන්දියාව ලකුණු 67 කින් තරගය ජයග‍්‍රහණය කෙළේය.

තරගයේ වීරයා ගෞතම් ගාම්භීර්
ඉන්දියාව වෙනුවෙන් ඉර්ෆාන් පතන් ලකුණු 58 කට කඩුලු 3 ක් බිඳ හෙළීය.
නුවන් කුලසේකර තරගයේ අවසන් අවස්ථාවේ දර්ශනීය පිතිහරඹයක නියැලෙමින් පන්දු 22 කදී ලකුණු 39 ක් රැස් කෙළේය. ඔහුගේ නොදැවුණු ඉනිමට හතරේ පහර 4 ක් හා හයේ පහර 2 ක් ඇතුළත් විය.
ලකුණු 333 ක ජයග‍්‍රාහී ඉලක්කය හඹා යාමේදී ශ‍්‍රී ලංකාව සිය ඉනිමේ හරි අඩක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 136 ක් රැස්කර ගෙන සිටියේය.
ඉන්දියාව ඔවුන්ගේ පළමු ඕවර 25 නිමාවනවිට එක් කඩුල්ලක් දැවී ලකුණු 151 ක් ලබාගෙන සිටියේය.
කෙසේ වෙතත් පළමු ඕවර 20 අවසන් වනතෙක් ලකුණු ලබාගැනීමේ වේගය අතින් ශ‍්‍රී ලංකාව ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිිටියේය. ශ‍්‍රී ලංකා ඉනිමේ ආරම්භය වේගවත් එකක් විය.
ආක‍්‍රමණශීලී පිති හරඹයක නියැළුණු තිලකරත්න ඩිල්ෂාන් හා සනත් ජයසූරිය පළමු පන්දු 44 ඇතුළත ලකුණු 55 ක් රැස් කිරීමට සමත්වූහ. පළමු ඕවර 10 අවසන් වනවිට මේ පිතිකරුවන් දෙදෙනා ඕවරයකට ලකුණු 7 කට වැඩි වේගයක් වාර්තා කොට සිටියහ.
මුලින්ම දැවී ගියේ ජයසූරියයි. යුසුෆ් පතාන්ගේ පන්දුවකට ෂෝට් මිඩ් ඕෆ් හි රෝහිත් ෂර්මා අතට උඩ පන්දුවක් දෙමින් 8 වැනි ඕවරයේ දී දැවී ගියේය. ජයසූරිය ලකුණු 27 ක් ලබා ගත්තේ පන්දු 15 කට පමණක් මුහුණ දෙමිනි. හයේ පහර 2 ක් හා හතරේ පහරක් ඔහු එල්ල කෙළේය.
පන්දු 35 කදී හතරේ පහර හයක් සමඟ ලකුණු 38 ක් ලබා ගත් තිලකරත්න ඩිල්ෂාන් මුළු ලකුණු 79 දී දැවී ගියේය. අනතුරුව කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන (28) තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 61 ක් රැස් කරමින් සිටියදී විරේන්ද්‍ර ෂෙවාග් ජයවර්ධන දවාලමින් ඒ සබඳතාවය බිඳ දැමීය.
ශ‍්‍රී ලංකා පිල කඩුලු 2 කට ලකුණු 108 ක් ලබාගෙන සිටියදී (ඕවර 17.2) තරගය මද වේලාවකට ඇන හිටිණි. නරඹන්නෙක් විසින් යම් ද්‍රව්‍යයක් පිටියට විසි කළ බවට හතරේ සීමාව අසල පන්දු රකිමින් සිටි ඉන්දියා කී‍්‍රඩකයෙක් පැමිණිලි කිරීම හේතුවෙන් ඉන්දියා කී‍්‍රඩකයෝ පිටියෙන් ඉවතට ගියහ.
කෙසේ වෙතත් හතරේ සීමාව වටා මුරකාවල් තර කිරීමෙන් පසුව තරගය මිනිත්තු විස්සකට පමණ පසුව යළි ආරම්භ වූයේ එකම ඕවරයක් හෝ අඩු නොකරය.
තිළිණ කණ්ඩම්බි හට ඊයේ ලබාගත හැකිවූයේ ලකුණු 10 ක් පමණි. සංගක්කාර පන්දු 74 කට මුහුණ දෙමින් හතරේ පහර 4 ක් සමඟ ලකුණු 56 ක් වාර්තා කළේය.
ශී‍්‍ර ලංකාව ඊයේ තරගය සඳහා අජන්ත මෙන්ඩිස් වෙනුවට තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන කී‍්‍රඩක ඇන්ජලෝ මැතිව්ස් කැඳවා තිබිණි. ඉන්දියාව සචින් ටෙන්ඩුල්කාර් හා සහීර් ඛාන් වෙනුවට රෝහිත් ෂර්මා සහ ඉර්ෆාන් පතන් නම් කර තිබිණි.
මේ තරගාවලියේ පිට පිට සිවුවැනි වතාවටත් මහේන්ද්‍ර සිං දෝනි ඊයේ කාසියේ වාසිය දිනාගත්තේය. ප‍්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ ඉන්දියානුවෝ කඩුලු 5 ක් දැවී ලකුණු 332 ක් වාර්තා කළහ.
ගෞතම් ගාම්භීර් හා මහේන්ද්‍ර සිං දෝනි ගේ ලකුණු 188 ක දෙවැනි කඩුලු සබඳතාවය මෙන් ම ගාම්භීර්ගේ පෞද්ගලික ලකුණු 150 වටා ඉන්දියා ඉනිම ගොඩනැගිණි.
ඉන්දියා පිලේ පළමු කඩුල්ල බිඳ වැටුණේ මුළු ලකුණු 14 දීය. නුවන් කුලසේකර යැවූ තරගයේ තෙවැනි ඕවරයේදී විරේන්ද්‍ර ෂෙවාග් (5) “ෂෝට් මිඩ් විකට්” ස්ථානයට දුන් උඩ පන්දුවක් සනත් ජයසූරිය විසින් අති විශිෂ්ට අයුරින් රැකගැනිණි.
පිතිකරු පෙළේ ඉහළට පිවිසෙමින් නායක මහේන්ද්‍ර සිං දෝනි ඊළඟට පිටියට පැමිණියේය.
නිරායාසයෙන් පන්දුවට පහර දුන් දෝනි සහ ගෞතම් ගාම්භීර් හතරේ හයේ පහර එල්ල කරමින් ප‍්‍රදර්ශනීය පිතිහරඹයක නියැළුණහ. ඉන්දියා ඉනිමට ශක්තිමත් අත්තිවාරමක් දමමින් මේ දෙදෙන දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 188 ක් එක්කරමින් සිටියදී ඒ සබඳතාවය බිඳ දැමුවේ ජයසූරියයි.
ඔහුගේ දඟ පන්දුවකට දිල්හාර ප‍්‍රනාන්දු අතට උඩ පන්දුවක් ලබා දෙමින් දෝනි ලකුණු 94 දී දැවී ගියේය. 34 වැනි ඕවරයේදී දැවී යාමට පෙර දෝනි හතරේ පහර 4 ක් හා මුරලිට සහ ජයසූරියට එරෙහිව හයේ පහර 2 ක් ද එල්ල කළ අතර ඔහු ලකුණු 94 වාර්තා කළේ පන්දු 96 කදීය.
ඊළඟ ඕවරයේදී කි‍්‍රයාත්මක වූ වේග පන්දු යවන නුවන් කුලසේකර පිට පිට කඩුලු 2 ක් දවාලීමට සමත් විය. ඔහුගේ තෙවැනි හා සිව්වැනි පන්දු කෙළින්ම වැදීමෙන් පළමුව යුවරාජ් සිං (5) ද, දෙවැනුව යූසුෆ් පතාන් (0) ද දැවී ගියහ.
මුළු ලකුණු 207 දී එම කඩුලු ද්විත්වය බිඳ වැටීමෙන් පසුව ගාම්භීර් හා සුරේෂ් රයිනා එක්ව 5 වැනි කඩුල්ල සඳහා ලකුණු 103 ක් රැස්කරමින් සිටියදී ගාම්භීර් දැවී ගියේය.
පන්දු 147 කට මුහුණ දුන් ඔහු හතරේ පහර 13 ක් හා හයේ පහරක් සමඟ ලකුණු 150 ක් රැස් කළේය. එය ගාම්භීර්ගේ ;හාඳම එක්දින ඉනිම වූ අතර ආර්. පෙ‍්‍ර්මදාස කී‍්‍රඩාංගණයේ වැඩිම ලකුණු වාර්තා කළ පිතිකරුවා බවටද ඔහු පත් විය.
නුවන් කුලසේකර ලකුණු 63 කට කඩුලු 3 ක් ද, මුරලිදරන් ලකුණු 66 කට එක් කඩුල්ලක් ද, ජයසූරිය ලකුණු 46 කට එක් කඩුල්ලක් ද ලබා ගත්හ.ඉන්දියාව
වී.ෂෙවාග් ඇ. ජයසූරිය බෝ. කුලසේකර 05
ජී.ගාම්භීර් ඇ.ත සංගක්කාර බෝ. මුරලිදරන් 150
එම්. දෝනි ඇ. ප‍්‍රනාන්දු බෝ. ජයසූරිය 94
වයි.සිං බෝ. කුලසේකර 05
වයි. පතාන් බෝ.කුලසේකර 00
එස්. රයිනා නොදැවී 49
ආර්.ෂර්මා නොදැවී 04
අතිරේක 25
එකතුව (කඩුලු 5 ට) 332
කඩුලු බිඳ වැටීම 1 – 14, 2 – 202, 3 – 207, 4 – 207, 5 - 310
පන්දු යැවීම: කුලසේකර 10 – 0 – 63 – 3, මහරූෆ් 10 – 0 – 60 – 0, ප‍්‍රනාන්දු 9 – 0 – 64 – 0,
මැතිව්ස් 3 – 0 – 24 – 0, මුරලිදරන් 10 – 0 – 66 – 1, ජයසූරිය 8 – 0 46 - 1
ශී‍්‍ර ලංකාව
ටී.ඩිල්සාන් ඇ.සිං බෝ.කුමාර් 38
එස්. ජයසූරිය ඇ.ෂර්මා බෝ. පතාන් (ඉරිෆාන්) 27
කේ. සංගක්කාර ඇ.ගාම්භීර් බෝ.ෂෙවාග් 56
එම්. ජයවර්ධන ඇ. දෝනි බෝ. ෂෙවාග් 28
ටී. කණ්ඩම්බි කඩුල්ල මුවා කළා බෝ.පතන් (යුසුප්) 10
සී. කපුගෙදර බෝ.ඔජා 16
ඒ.මැතිව්ස් ඇ. දෝනි බෝ.යුවරාජ් 06
එෆ්.මහරූෆ් ඇ. ෂර්මා ප පතාන් 28
එන්. කුලසේකර නොදැවී 39
එම්. මුරලිදරන් ඇ. රේනා ප පතාන් (ඉර්ෆාන්) 00
ඩී. ප‍්‍රනාන්දු ප කුමාර් 09
අතිරේක 08
එකතුව (ඕවර් 48 කදී) 265
කඩුලු බිඳ වැටීම: 1-55, 2 – 79, 3 – 140, 4 – 163, 5 – 174, 6 – 183, 7 – 207,
8 – 220, 9 – 220, 10 - 265
පන්දු යැවීම: කුමාර් 9 – 0 – 38 – 2 ඉර්ෆාන් පතන් 7 – 0 – 58 – 3 ෂර්මා 5 – 0 - 39 –0
- ඔජා 10 – 0 - 34 – 1 ෂෙවාග් 9 – 0 43 – 2 යූසූෆ් පතාන් 3 – 0 – 13 – 1 යුවරාජ් 5 – 0 – 37 - 1

මුරලි නැවත ඉතිහාසගත වෙයි

වර්නන් ගුණසේකර
ශී‍්‍ර ලංකාවේ සුපිරි දඟ පන්දු යවන කී‍්‍රඩක මුත්තයියා මුරලිදරන් ඊයේ ඔහුගේ 503 වැනි එක්දින කඩුල්ල ලබා ගනිමින් අන්තර්ජාතික එක්දින තරග බිමේ වැඩිම කඩුලුලාභියා ලෙසින් ඉතිහාසගත විය.
මුරලි ඊයේ මකා දමනු ලැබුවේ පාකිස්තානයේ වසීම් අක‍්‍රම් එක්දින කඩුලු 502 ක් ලබා ගෙන තබා තිබූ ලෝක වාර්තාවයි.
ශී‍්‍ර ලංකාව හා ඉන්දියාව අතර ආර්.පෙ‍්‍ර්මදාස කී‍්‍රඩාංගණයේ ඊයේ පැවැති සිවුවැනි අන්තර්ජාතික එක්දින කි‍්‍රකට් තරගයේදී මුරලිදරන්ගේ ලෝක වාර්තාගත ගොදුර බවට පත්වුයේ ආරම්භක පිතිකරු ගෞතම් ගාම්භීර්ය.
මුරලි ඔහුගේ ඓතිහාසික කඩුල්ල ලබා ගත්තේ ඔහුට සීමිත අවසාන 10 වැනි ඕවරයේ පලමු පන්දුවෙනි. ඔහුගේ ඒ පන්දුවට කඩුලු රකින කුමාර් සංගක්කාර අතට උඩ පන්දුවක් දෙමින් ගාම්භීර් (150) දැවී ගියේය.
මේ අනුව මුරලිදරන් දැන් අන්තර්ජාතික කි‍්‍රකට් තරගබිමේ ලෝක වාර්තා දෙකක හිමිකරුවා වෙයි. ඔහු මීට කළින් කඩුලු 769 ක් ලබා ගෙන වැඩිම ටෙස්ට් කඩුලුලාභියා බවට පත් විය.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිසි බලධාරී හා කී‍්‍රඩා අමාත්‍යංශයේ ලේකම් එස්. ලියනගම, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ප‍්‍රධාන විධායක දුලිප් මෙන්ඩිස් හා කාර්ය මණ්ඩලය නව ලෝක වාර්තාවේ හිමිකරු මුරලිදරන්ට සුභ පැතූහ.

දිරිය දියණිය තරග බිමෙන් සමුගනී ජනපතිගෙන් මිලියන 5ක තිළිණයක් කී‍්‍රඩාවට සේවය කරන්නැයි ඇරැයුම්

පි‍්‍රන්ස් ගුණසේකර
ශී‍්‍ර ලංකාව රනින් බැබළ වූ “ දිරිය දියණිය “ ලෙස හැඳින්වූ සුපිරි කෙටිදුර ධාවන සූරී සුසන්තිකා ජයසිංහ තරග බිමෙන් සමුගන්නා බව ඊයේ නිලවශයෙන් නිවේදනය කළාය.
මලල කී‍්‍රඩාවෙන් ඔලිම්පික් පදක්කමක් ලෝක සූරතා පදක්කමක්, ආසියාතික පදක්කම් හා දකුණු ආසියානු පදක්කම් රැසක් දිනාදුන් ඇය ඊයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අරලියගහ මන්දිරයේදී බැහැදැක තරග බිමෙන් සමුගන්නා බව පවසා ඇත.
එහිදී ජනාධිපතිතුමා සුසන්තිකාගෙන් ඉල්ලා ඇත්තේ කී‍්‍රඩාව වෙනුවෙන් ඉදිරියේදී සේවයක් කිරීමට එක්වන ලෙසයි.
තරග බිමෙන් සමුගත් සුසන්තිකා වෙත සමරු සිහිවටනයක්ද සමග රුපියල් මිලියන 5ක් ජනාධිපතිතුමා ප‍්‍රදානය කර ඇත.
මේ අවස්ථාවට කී‍්‍රඩා අමාත්‍ය ගාමිණී ලොකුගේ හා කී‍්‍රඩා අමාත්‍යාංශයේ ලේකම් එස්. ලියනගම යන මහත්වරුද සහභාගී වී සිටියහ.

තරග බිමෙන් සමුගැනීම පිළිබඳ සුසන්තිකාගෙන් අප කළ විමසීමේදී ඇය සඳහන් කෙළේ මවක්වීමේ අපේක්‍ෂාවෙන් පසුවන හෙයින් මේ තීරණය ගත් බවයි.
“ ජනාධිපතිතුමා මගේ කී‍්‍රඩා දිවියට විශාල සහයෝගයක් දුන් අයෙක්.
ඒ නිසා එතුමා හමු වී මාගේ සමුගැනීම දැන්වූවා.” යනුවෙන් සුසන්තිකා පැවැසුවාය.
“ මා ලැබූ අත්දැකීම් හා දැනුම අනුව කී‍්‍රඩාවට සම්බන්ධ වී කුමන හෝ සේවයක් කරන ලෙස ජනාධිපතිතුමා මාගෙන් ඉල්ලා සිටියා.
තවත් වසර කිහිපයකින් ඒ ඉල්ලීම ඉටු කරනවා. මා දැන් ඉන්නේ මවක් වීමේ අපේක්‍ෂාවෙන්. රට වෙනුවෙන් දුවලා රටට කීර්තියක් අත්කර දුන්නා.
සමුගන්නේ සතුටෙන් යුතුවයි. විවිධ බාධක හැලහැප්පීම් මැද ඉදිරියට පැමිණීමේදී උපකාර කළ සැමට සිය ස්තූතිය පළ කරන බවද ඇය පැවැසුවාය.
“ මම රටට ණය නෑ “ සුසන්තිකා වැඩිදුරටත් කීවාය.
සුසන්තිකා 2000 වසරේ පැවැති සිඩ්නි ඔලිම්පික් උළෙලේ මීටර් 200 තරගයේදී ලෝකඩ පදක්කම දිනාගත් අතර, 1997 ඇතැන්ස් ලෝක සූරතා මලල කී‍්‍රඩා තරගාවලියේදී මීටර් 200 රිදී පදක්කම ඇතුළු පදක්කම් රැසක් දිනා ගත් කී‍්‍රඩිකාවකි.
ඇය තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනාවක් එල්ල වුවද පසුව කෙරුණු පරීක්‍ෂණවලදී නිදොස් වූවාය.

Tuesday, February 3, 2009

ප‍්‍රභාකරන්ගේ භූගත මාලිගය ඇතුළත...






















කොටි විශාල පිරිසක් හමුදාවට බාර වේවි

විජයානි එදිරිසිංහ
කොටි සංවිධානයේ සාමාජිකයන්ට එම සංවිධානය අතහැර පැමිණ හමුදාවට බාර වන ලෙසට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ ඉල්ලීමට යහපත් ප‍්‍රතිචාර ලැබෙමින් පවතින බව උතුරේ ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි.
කොටි සාමාජිකයන් මේ වන විට ඔවුන්ගේ නිල ඇඳුම් අතහැර දමා සාමාන්‍ය වැසියන් සේ ආරක්ෂක අංශ වෙත පැමිණෙමින් සිටින බව වාර්තා වේ.
කොටි සාමාජිකයන් ගලවා දැමු කොටි නිළ ඇඳුම් තොග වශයෙන් ඊයේ (02) හා ඊට පෙර දිනත් විශ්වමඩු, පුදුකුඩිඉරිප්පු, ධර්මපුරම් ප‍්‍රදේශවලින් සොයා ගැනීමට හැකි වී තිබේ.
පුදුකුඩිඉරිප්පු, චලෙයි හා කොටින්ට ඉතිරිව ඇති සීමිත බිම් ප‍්‍රමාණයේ රැඳී සිටින කොටි ත‍්‍රස්තවාදීන් විශාල පිරිසක් ඉදිරි සතියේදී යුද හමුදාවට බාරවෙනු ඇතැයි 57 වැනි සේනාංකාධිපති මේජර් ජනරාල් ජගත් ඩයස් පැවැසීය.
ඔවුන් බොහෝ දුරට සාමාන්‍ය වැසියන් සමඟ පැමිණ බාර වීමට ඉඩ ඇති බව මේජර් ජනරාල්වරයා දිනමිණට කීය.
කොටි ත‍්‍රස්තවාදීන්ට උතුරේ තිබූ වර්ග කිලෝමීටර් පහළොස්දහසකින් දැනට ඉතිරිව තිබෙන්නේ වර්ග කිලෝමීටර් 230ක් පමණය.
ඉන් චලෙයි ප‍්‍රදේශය ආසන්නයේ රැඳී සිටින හමුදාවට ඊයේ සහ පෙරේදා කොටි ත‍්‍රස්තවාදීන් බරපතළ ලෙස ප‍්‍රහාර එල්ල කැර තිබේ.
සාමාන්‍ය මිනිසුන් අතරේ සිට ප‍්‍රහාර එල්ල කරන කොටි ත‍්‍රස්තවාදීන් ආරක්ෂක අංශ ලවා සිවිල් වැසියන් සිටින ප‍්‍රදේශවලට ප‍්‍රහාර එල්ල කරවා ගැනීමේ දැඩි උත්සාහයක යෙදී සිටින බවද මේජර් ජෙනරාල් ජගත් ඩයස් පැවැසීය.
කොටි ත‍්‍රස්තවාදීන් සාමාන්‍ය මිනිසුන් අතරේ සිට මොනයම් ආකාරයක ප‍්‍රහාර එල්ල කළත් ආරක්ෂක අංශ කෙසේවත් එම අධි ආරක්ෂක ප‍්‍රදේශවලට ප‍්‍රහාර එල්ල නොකරයි.
තවත් කොටි දහසක් හෝ ඊට වඩා සුළු ප‍්‍රමාණයක් සිටිය හැකි බව ආරක්ෂක අංශවල විශ්වාසයයි. කොටි නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන්ද ඇතැම් විට එම ප‍්‍රදේශයේ සැඟවී සිටිය හැකි බව ආරක්ෂක අංශවල විශ්වාසයයි. කවුරුන් හෝ මැදිහත් වී තමා බේරාගනු ඇතැයි යන විශ්වාසය මත අවසන් මොහොත දක්වාම ඔහු සැඟවී සිටිය හැකි බව ආරක්ෂක අංශවල විශ්වාසයයි.
ආරක්ෂක අංශ පවසන ආකාරයට ප‍්‍රභාකරන් ඇතුළු කොටි නායකයන් විඳි පහසුකම් සාමාන්‍ය වැසියන්ට පමණක් නොව සෙසු සාමාජිකයන්ට ද ලැබී නොමැත.
කොටි ත‍්‍රස්තවාදීන්ගේ තවත් නිල ඇඳුම් තොගයක් ඊයේ සොයාගෙන ඇත.
කොටි දරුණු ප‍්‍රහාර එල්ල කළත් යුද හමුදා භට පිරිස් ඒවාට සාර්ථකව මුහුණ දෙමින් ඉදිරියට ගමන් කරන බව මේජර් ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවැසීය

මුදා නොගත් පෙදෙස්හි පූජකවරුනට ජනපතිගෙන් විශේෂ පණිවිඩයක්

ගැටුම් පවතින ප‍්‍රදේශවල සිට පැමිණෙන ආගමික පූජකවරුන්ගේ සහ ජනතාවගේ සුබසාධනය උදෙසා රජය පියවර ගෙන ඇති බැවින් රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණෙන්නැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉල්ලා සිටී.
ජනාධිපතිවරයා මේ ඉල්ලීම කෙළේ ශී‍්‍ර ලංකාවේ වතිකානු තානාපති මොන්සිග්නර් මාරියෝ සෙනාරි පූජක තුමා අරලියගහ මන්දිරයේදී ඊයේ (2) පෙරවරුවේ මුණගැසුණු අවස්ථාවේදීය.
ගැටුම් පවතින ප‍්‍රදේශ ආශි‍්‍රතව වෙසෙන පූජ්‍ය පක්‍ෂය වෙත මේ පණිවිඩය ලබාදීමට කටයුතු කරන්නැයි ජනාධිපතිතුමා වතිකානු තානාපතිවරයාගෙන් ඉල්ලා ඇත.
උතුරේ ජනතාව ත‍්‍රස්තවාදයෙන් මුදා ගැනීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක වීමට එය ඉවහල් වන බවත් ජනපතිවරයා මෙහිදී පැවැසීය.

තමාගේ මුහුණ යෙදූ මුද්දරයක්

සමන්මලී පි‍්‍රයශාන්ති
හෙටින් (4) ආරම්භ වන දැයට කිරුළ ප‍්‍රදර්ශනයේ දී නවතම ආකාරයේ මුද්දරයක් නිකුත් කිරීමට මුද්දර කාර්යාංශය කටයුතු යොදා තිබේ. පුද්ගලකාරක මුද්දර ක‍්‍රමය යටතේ හඳුන්වා දෙන මේ නවතම මුද්දර ක‍්‍රමය Stamp Tag ලෙස නම් කැර තිබේ.
ප‍්‍රදර්ශනය නැරැඹීමට පැමිණෙන ඕනෑම අයකුට තමන්ගේ මුහුණේ ඡායාරූපයක් මේ මුද්දරයට ඇතුළත් කැර ගත හැකිය.
මේ නව මුද්දර වර්ගයේ පළමු මුද්දරය ප‍්‍රදර්ශනය විවෘත කිරීමට පැමිණෙන ප‍්‍රධාන ආරාධිත අමුත්තාගේ මුහුණේ ඡායාරූපයක් සහිතව නිකුත් කිරීමට නියමිතය.
විනාඩි 3ක් වැනි කෙටි කලකින් නව මුද්දරය සකස් කර දීමට මුද්දර කාර්යාංශය එක් අයකුගෙන් රුපියල් 500ක මුදලක් අය කිරීමට තීරණය කැර තිබේ.
මුද්දර කාර්යාංශය මින් පෙර නිකුත් කර ඇති මුද්දර 9ක් නව මුද්දරය සඳහා භාවිතා කෙරෙන අතර එම මුද්දර වර්ග නවයෙන් තමන් කැමැති මුද්දර නිර්මාණයකට තමන්ගේ මුහුණ යොදා ගැනීමට නරඹන්නන්ට හැකියාව ලැබේ.
මේ පුද්ගලකාරක මුද්දර ක‍්‍රමය පිටරටවල් වල භාවිත කළත් ලංකාවේ මෙතෙක් භාවිත නොවූ බව මුද්දර කාර්යාංශය පවසයි. නව මුද්දර වර්ගය ලිපි යැවීමේ දී ද භාවිත කළ හැකි බවත් කාර්යාංශය කියයි.

මොන බලවතා බලපෑම් කළත් මෙහෙයුම් නවත්වන්නේ නැහැ

ස්වර්ණා විජේකෝන්
ලෝකයේ සිටින දැවැන්තම බලවතා පැමිණ හමුදා මෙහෙයුම් නතර කරන ලෙස රජයට බල පෑම් කළත් කිසිදු හේතුවකට හමුදා මෙහෙයුම් නතර කිරීමට රජයේ සූදානමක් නැතැයි ජාතික නිදහස් පෙරමුණේ සභාපති විමල් වීරවංශ මහතා පැවැසීය.
ඒකීය දේශයක් බිහිකැර සෑම ජනකොටසකටම සාමය, නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලබාදීම වෙනුවෙන් රජය ගෙනයන වැඩපිළිවෙළ සහ හමුදා මෙහෙයුම් නතර නොකරන බවට ජාතික නිදහස් පෙරමුණ දැඩිව විශ්වාස කරන හෙයින් වරින් වර මෙරටට පැමිණෙන විදේශ නියෝජිතයින් සම්බන්ධයෙන් සිය පක්ෂයට ගැටලුවක් නොමැති බවත් හෙතෙම පැවසීය.
වීරෝදාර රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් දිනා දෙන මව්බිම ඒකීය දේශයක් ලෙස ආරක්ෂා විය යුතු බවත්, කිසි ලෙසකින් හෝ රටේ ඒකීය භාවය අහිමි වීමට ජාතික නිදහස් පෙරමුණ ඉඩ නොතබන බවත් වීරවංශ මහතා කීවේය.
යම් හෙයකින් සන්ධීය ක‍්‍රමයක් දක්වා රට ගෙන යාමට කවර පාර්ශ්වයක් හෝ කටයුතු කළ හොත් ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශ්වකරුවකු ලෙස නොසිට වහාම ඉවත්වන බවද වීරවංශ මහතා පැවැසීය.
කෙසේ වුවද රට දෙකඩ කිරීමට හෝ සන්ධීය ක‍්‍රමයක් දක්වා රට ගෙනයාමට රජයේ කිසිදු සූදානමක් නොමැති සේම විදේශ නියෝජිතයකු මෙරටට පැමිණි වහාම උණ විකාරෙන් මෙන් නන් දොඩවන ඇතැම් දේශපාලන පක්ෂ නැති අවදානමක් නිර්මාණය කරන්නට උත්සාහ දරන බවද කීය.
රටක් ලෙස විදේශයන් සමඟ සබඳතා පැවැත්වීමට සිදුවන අතර විදේශීය නියෝජිතයන්ගේ පැමිණීම නතර කිරීමට කිසිවකුට නොහැකි බවත් කීය.
විදේශීය නියෝජිතයන්ගේ පැමිණීම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණට කිසිදු ගැටලුවක් නොමැති අතර විමසිලිමත් විය යුත්තේ පැමණීම සම්බන්ධයෙන් නොව කි‍්‍රයාත්මක වීම සම්බන්ධයෙන් බවද වීරවංශ මහතා කීය.
එක්සත් ජාතික පක්ෂ පාලන වකවානුවේදී මෙරටට පැමිණි නෝර්වේ නියෝජිතයන්ගේ මැදිහත් වීම මත සටන් විරාම ගිවිසුමක් අස්සන් කළ බවත් කොටින්ට අවශ්‍ය සන්නිවේදන උපකරණ ඇතුළු සියලු උපකරණ ලබාදුන් බව අමතක නොකළ යුතු බවද වීරවංශ මහතා කීවේය.
හමුදා මෙහෙයුම් සිදුකරන විට හමුවන එල්.ටී.ටී.ඊ.ය සතු උපකරණ තාක්ෂණය ආදිය දෙස බලන විට සටන් විරාම වකවානුවේදී මෙරටට පැමිණි රටවල් සහ සංවිධාන කොටි සංවිධානය පෝෂණය කර ඇති ආකාරය මනාව පැහැදිලි වන බවත් වීරවංශ මහතා වැඩිදුරටත් පැවැසීය.

අද අපි දිනන්නම ඕනෑ

ජගත් පේ‍්‍රමචන්ද්‍ර
සංචාරක ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම අතර තෙවැනි එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් තරගය අද (3) දිවා / රාති‍්‍රයේ කොළඹ ආර්. පේ‍්‍රමදාස අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

ලක්ෂ්මිපති බලාජි
තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය දැනටමත් 2 – 0ක් ලෙස ඉදිරියෙන් සිටින ඉන්දීය කී‍්‍රඩකයෝ අද තරගයට පිවිසෙන්නේ ජයග‍්‍රාහී මානසිකත්වයෙනි.
පසුගිය වසරේදී ද දෙරට අතර පැවැති එක්දින තරගාවලියේ සූරයන් වූ ඉන්දියානුවන් මේ තරගාවලියද වේලාසනින් ම ජය ගැනීමට තම උපරිම ශක්තිය අද තරගයේ දී ද යොදවනු ඇත.
සත්කාරක ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ට අද තරගය තීරණාත්මක වීම නිසා දැඩි පීඩනයකින් යුක්තව පිටියට පිවිසීමට සිදුවනු ඇත.
තරගාවලියේ ජයග‍්‍රහණය සඳහා බලාපොරොත්තු තබාගැනීමට නම් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ අද තරගය අනිවාර්යයෙන් ම ජය ගත යුතුව තිබේ.
ඒ සඳහා යම් තරමකට හෝ අස්වැසිල්ලක් ලැබෙනුයේ මේ වන විට පිතිකරු ලැයිස්තුව තරමක ප‍්‍රගතියක් දැක්වීම ය.
පිතිකරුවෙකු ලෙස දිගින් දිගටම අසාර්ථකව සිටි නායක මහේල ජයවර්ධන පසුගිය තරගයේදී ලකුණු අතරට පිවිසීම කණ්ඩායමේ ප‍්‍රගමනයට හේතුවී තිබේ.
එම තත්ත්වය දිගින් දිගටම පවතින්නේ නම් අද තරගය එතරම්ම අභියෝගයක් විය නොහැකිය. ලෝක වාර්තාවක් අභියස සිටින මුත්තයියා මුරලිදරන්ට අද නැවත වතාවක් වාර්තාව කරා යාමට අවස්ථාව උදාවී තිබේ.
ලොව වැඩිම ටෙස්ට් කඩුලු (769) ලාභියා වන මුරලිදරන්ට ලොව වැඩිම එක්දින ජාත්‍යන්තර කඩුලුලාභියා වීමට තවත් ඇත්තේ කඩුලු 2ක අඩුවකි.
පසුගිය තරගයේ දී මුරලිදරන්ට කිසිදු කඩුල්ලක් නොලැබුණු අතර අජන්ත මෙන්ඩිස්ට හිමිවූයේද අවසන් කඩුලු ද්විත්වයයි.
ඒ පිළිබඳව ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි මාධ්‍ය හමුවේ උදම් ඇනුවේ “ශී‍්‍ර ලංකා දඟ පන්දුයවන්නන්ට අපේ පිතිකරුවෝ හොඳින් මුහුණදුන්නා” කියාය.
ඒ සමඟම ඔහු “ඔවුන්ට අපි කඩුලු ලබා දුන්නෙ නෑ. ඒ වගේම ඔවුන් අපිට ලෙහෙසියෙන් ලකුණු ලබාගන්න දුන්නෙත් නෑ” යන ගෞරවය ද ශී‍්‍ර ලංකා දඟ පන්දු යවන්නන්ට ලබා දුන්නේය.
මේ පිළිබඳව ශී‍්‍ර ලංකා නායක මහේල ජයවර්ධන ප‍්‍රකාශ කෙළේ “මුරලි යමක් කරාවි. එය ඉතා ඉක්මනින් ම සිදුවේවි” කියාය.
එමෙන්ම ශී‍්‍ර ලංකා කණ්ඩායමේ අලුත්ම දඟ පන්දු තුරුම්පුව වන අජන්ත මෙන්ඩිස් පිළිබඳව මහේල ප‍්‍රකාශ කළේ “අඩු වයසෙ ඉන්න අජන්තගෙන් නිතරම කඩුලු ලබාදෙන්න කියල කියන්න බෑ.
නමුත් ඔහු ඉතා හොඳ මෙහෙයක් කරනවා. ඔහු නැවැත කඩුලුලාභී පන්දුයන්නෙක් වේවි” කියාය. මේ අතර පළමු තරගයට කී‍්‍රඩා කරද්දී ආබාධයකට ගොදුරුවී දෙවැනි තරගයට කී‍්‍රඩා නොකළ මුනාෆ් පටෙල් වෙනුවට 27 හැවිරිදි දකුණත් මදවේග පන්දුයවන ලක්ෂ්මිපති බලාජි ඉන්දීය කණ්ඩායමට කැඳවා ඇත.
ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 8කට සහ එක්දින ජාත්‍යන්තර තරග 29 කට මුහුණදී ඇති බලාජි අවසන් වරට එක්දින තරගයකට සහභාගී වී ඇත්තේ 2005 වසරේදී ය. ඒ ද ශී‍්‍ර ලංකාවට එරෙහිව ය.
අද තරගයේදී ඉන්දීය වේගපන්දු යවන සහීර් කාන් කඩුලු 2ක් ලබාගතහොත් ඔහු ශී‍්‍ර ලංකාවට එරෙහිව වැඩිම කඩුලු ලබාගත් කී‍්‍රඩක ලැයිස්තුවේ දෙවැනියා බවට පත්වේ. ඔහු මේ වන විට තරග 29කට සහභාගී වී කඩුලු 42ක් ලබා සිටී.
එම ලැයිස්තුවේ පළමු වැනියා ලෙස තරග 25කදී කඩුලු 49ක් ලබාගත් අජිත් අගාකාර් ද දෙවැනියා ලෙස තරග 36කදී කඩුලු 43ක් ලබාසිටින හර්බජන් සිංද ශ්‍රේණිගතව සිටී.
ශී‍්‍ර ලංකාව වෙනුවෙන් මුත්තයියා මුරලිදරන් සහ චමින්ද වාස් කඩුලු 70 බැගින් ලබා සම තත්ත්වයේ පසුවෙති.
මේ කී‍්‍රඩකයෝ අද තරගයේදී තම වාසනාව උරගා බලද්දී මහේල ද අද තරගයේදී වාසනාව තමා වෙත නතු කරන ගැනීමට ප‍්‍රබල උත්සාහයක නිරත වෙනු ඇත.
ඒ ඉතිරි තරගවල තරගකාරිත්වය රැකගැනීමට නම් අද තරගය ජය ගැනීම අනිවාර්ය වන නිසාය. මහේලට එතැනින් නොනැවතී සෙසු තරග දෙකේදී ද මේ සෑම අභියෝගයකටම මුහුණදීමට සිදුවනු ඇත.
ඒ ඉන්දු - ශී‍්‍ර ලංකා එක්දින තරගමාලාවක ජයග‍්‍රහණ පිපාසාවෙන් පෙළෙන කි‍්‍රකට් කී‍්‍රඩා ලෝලීන් නිසාය.
ශී‍්‍ර ලංකාව ඉන්දියාවට එරෙහිව අවසන්වරට එක්දින තරගාවලියක් ජයගෙන ඇත්තේ 1997 වසරේ තරම් ඈතකය. එය ‘මෑතක’ ලෙස ළඟා කර ගැනීමට නම් මහේලට මේ තරග තුනම ජයගැනීමට සිදුවනු ඇත.

චැම්පියන්ස් කුසලාන කි‍්‍රකට් ශ‍්‍රී ලංකාවේදී

පසුගිය වසරේ පකිස්තානයේදී පැවැත්වීමට නියමිතව තිබූ චැම්පියන්ස් කුසලාන කි‍්‍රකට් තරගාවලිය ශ‍්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය වී තිබේ.
ඒ අනුව එම තරගාවලිය මේ වසරේ සැප්තැම්බර් මස 25 සිට ඔක්තෝබර් මස 5 දක්වා පැවැත්වීමට නියමිතය.

Monday, January 26, 2009

යුද හමුදාව මුලතිව් අල්ලයි


යුද හමුදාව මුලතිව් අල්ලයි



චන්ද්‍රිකා පෙරේරා හා මහින්ද කුලතුංග
කොටි ත‍්‍රස්තවාදීන්ගේ අවසන් බළකොටුව වන මුලතිව් නගරයේ බලය යුද හමුදාවේ 59 වැනි සේනාංකයේ භට පිරිස් විසින් ඊයේ (25) දහවල් තහවුරු කරගන්නා ලදි.
ඊයේ උදෑසන සිටම මුලතිව් නගරය වෙත ගමන් කරමින් සිටි හමුදා භට පිරිස් හා කොටි ත‍්‍රස්තවාදීන් අතර දරුණු ගැටුම් හටගත් අතර පැය තුනකට අධික කාලයක් පැවැති සටන්වලින් අනතුරුව කොටි ත‍්‍රස්තවාදීන් පලාගොස් තිබේ.
මුල්ලියාවේලි හා තන්නිඋක්කු කොටි බළකොටු බිඳිමින් ඉදිරියට ඇදුණු පාබල හමුදා සති අටකට වැඩි කාලයක් කොටි ත‍්‍රස්තවාදීන්ට දරුණු ප‍්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව මුලතිව් නගරයට ඇතුළු වී තිබේ.
වසර 13 ක කාලයක් කොටි ග‍්‍රහණයේ තිබූ මුලතිව් නගරයට වැලිඔය දෙසින් (මුලතිව් වලට දකුණෙන්) ඇතුළු වූ බි‍්‍රගේඩියර් නන්දන උඩවත්ත යටතේ වූ 59 වැනි සේනාංකය මුලතිව් නගරයේ හා ඒ අවට බලය තහවුරු කරගෙන ඇත.
වසර 1996 දී මුලතිව් නගරයේ පැවැති යුද හමුදා කඳවුර කොටි ප‍්‍රහාරයකින් බිඳ වැටීමෙන් අනතුරුව මුලතිව් නගරය කොටින්ගේ ප‍්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස පැවතිණි.
මේ ප‍්‍රදේශයේ සාමාන්‍ය වැසියන් ලක්ෂ 2 ක් පමණ රැඳී සිටින බවට අන්තර්ජාතික ප‍්‍රජාවට ත‍්‍රස්තවාදීන් සඳහන් කැර තිබුණත් එවැනි පිරිසක් එහි සිටි බවට සලකුණු නැතැයි යුද හමුදාව කියයි.

කොටින්ගේ රසායනාගාරය අත් පත් කර ගනී

චන්ද්‍රිකා පෙරේරා
මුලතිව් – පුදුකුඩුඉරුප්පු හා උදයාර්කට්ටුකුලම් නැඟෙනහිර ප‍්‍රදේශයේ තිබූ කොටින්ගේ රසායනාගාරයක්, විශාල ප‍්‍රමාණයේ පුහුණු කඳවුරු සංකීර්ණයක් හා භූගත ඉන්ධන ටැංකියක් යුද හමුදා භට පිරිස් විසින් අල්ලා ගෙන තිබේ.
කොටින්ගේ රසායනාගාරයේ ඇසිඩ් බැරල් තොගයක්, කිලෝ 50 බැගින් බෑග් 75ක ඇසුරූ සෝඩියම් බයිකාබනේට් කිලෝ 375ක්, ග‍්‍රෑම් 500 බැගින් බෑග් 300ක දැමූ අධිබල පුපුරණ ද්‍රව්‍ය කිලෝ 150ක්, කෑන් 20ක පිරවූ ටී. එන්. ටී. ලීටර් 500ක් සමඟ විද්‍යුත් ඩෙටනේටර් 400ක් ඇතුළු තවත් යුද උපකරණ හා වයර් තිබූ බව යුද හමුදාව කියයි.
කොටි පුහුණු කඳවුරු සංකීර්ණයේ විශාල ප‍්‍රමාණයේ ගොඩනැඟිලි 12ක් සිහිවටන ඵළකයක්, මුළුතැන් ගෙයක්, ජල පොම්පාගාරයක් හා ජල ටැංකි තිබී ඇත.
එහි තිබුණ බැරල් දෙකක තිබී ඩීසල් ලීටර් 420ක හා පෙට‍්‍රල් ලීටර් 240ක බැරලයක්ද සොයාගෙන ඇතැ’යි ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවැසීය.

මුලතිව් ජයග‍්‍රහණය අබියස

මුලතිව් කොටි බළකොටුව අත්පත් කර ගැනීම සඳහා යුද හමුදාව මේ මොහොත වනවිට සියලුම ක‍්‍රමෝපාය කි‍්‍රයාත්මක කර අවසන්ය.
කොටි ත‍්‍රස්තවාදීන්ගේ සියලුම සැපයුම් ද නැවතී තිබේ. කොටින්ගේ අවිආයුධ කම්හල් රැසක් හමුදාවෝ අත්පත් කර ගත්හ. ආහාර තෙල් ඇතුළු තවත් ගබඩා රාශියක් ඉකුත් සතියේදී හමුදාව විසින් අත්පත් කර ගන්නා ලදී.
නොනවතින ගමන
කොටි ත‍්‍රස්තවාදීන්ගේ බලය වර්ග කිලෝමීටර් තුන්සිය දහයක් වැනි කුඩා ප‍්‍රදේශයකට සීමා වී තිබේ. හමුදා සේනාංක අටක් කොටින්ට දිනපතා ප‍්‍රබල ප‍්‍රහාර එල්ල කරති. අහිංසක සිවිල් වැසියන් යුද පලිහක් ලෙස යොදා ගනිමින් කොටි ත‍්‍රස්තවාදීහූ හමුදාවට ප‍්‍රහාර එල්ල කරති.
හමුදාවෝ සිවිල් වැසියන්ට කිසිදු හානියක් සිදුනොවීමට වගබලා ගනිමින් කොටින්ට දැඩිලෙස ප‍්‍රහාර එල්ල කරති.
හමුදාවේ ප‍්‍රධානතම ඉලක්කය වී ඇත්තේ කොටි ග‍්‍රහණයේ සිටින අහිංසක සිවිල් වැසියන් ඉන් මුදා ගැනීමයි. ඒ සඳහා වූ විශාලතම මෙහෙයුම මේ මොහොතේ කි‍්‍රයාත්මක වෙයි.
දිනකට සිවිල් වැසියන් සිය ගණනක් කොටි ග‍්‍රහණයෙන් මුදාගැනීමට හමුදාව කටයුතු කරයි. කෲර වධ හිංසාවලින් මිදී රජයේ පාලන ප‍්‍රදේශවලට පැමිණීම වෙනත් ලෝකයකට පැමිණියා සේ සලකන බවත් මෙහි ඇති නිදහස තමන් කිසිදු දිනක බලාපොරොත්තු නොවූ බවත් ඔවුහු ප‍්‍රකාශ කරති.
කොටි ත‍්‍රස්තවාදීන් වසර ගණනක් තිස්සේ තමන්ගේ දේපළ කොල්ලකන බවත් කොටි නායකයන් සුරසැප විඳි බවත් ඔවුහු ප‍්‍රකාශ කරති.
කුඩා ළමයින් පැහැරගෙන වධහිංසා කරමින් කොටි සංවිධානය ලෝකයා හමුවේ බේගල් ඇද දැමූ බවත් ඔවුහු පවසති.
කොටි ගොඩනැඟිල්ලක්
බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වා යටතේ වන 58 වැනි සේනාංකයේ භට පිරිස් ඊළාම් යුද ඉතිහාසයේ ජයග‍්‍රහණ රැසක් ලබාගත්හ. කොටි සතුව තිබූ ප‍්‍රධානම ආහාර ගබඩාව, ඉන්දන ගබඩාව, මෙහෙයුම් මධ්‍යස්ථානය සහ ප‍්‍රභාකරන් සිටි බව කියන භූගත නිවස්නය අත්කර ගැනීම ඉන් කිහිපයකි.
ධර්මපුරම් ප‍්‍රදේශයේ අක්කර 6 ක පමණ භූමි භාගයක කොටි ඉන්දන ගබඩාව පිිහිටා තිබුණා. ඉන්දන ලීටර් ලක්ෂයකට ආසන්න ප‍්‍රමාණයක් හමුදාවෝ මෙහිදී සොයා ගත්හ. බැරල්වලට පිරවූ ඉන්දන ඉතා සූක්ෂම අයුරින් පොළොව යට වළලා දැමීමට කොටි මෙහිදී කටයුතු කර තිබුණි. පොල්වත්තක මෙම ඉන්දන ගබඩාව සොයා ගැනීම පහසු කරුණක් නොවීය.
ඉන්දන වළ දමා තිබූ භූමිය සාමාන්‍ය භූමියක් ලෙස පෙන්වීමට කොටි ත‍්‍රස්තවාදීහූ උපක‍්‍රම රැසක් භාවිත කළහ. එහෙත් කොටින්ගේ මෙම උපක‍්‍රම සියල්ල බිඳ දමමින් කොටි ඉන්දන ගබඩාව සොයා ගැනීමට හමුදාව සමත්විය.
මෙතරම් ඉන්ධන ප‍්‍රමාණයක් කොටි ත‍්‍රස්තයන්ට ලැබුණේ කෙසේද යන්න ගැටලුවක් වී තිබේ. රාජ්‍යය නොවන සංවිධාන ඉන්දන ලබා දෙන්නට ඇතැයි කියන පැහැදිලි සැකය මෙහිදී ඉස්මතු වේ.
රාජ්‍ය නොවන සංවිධාන කොටි සමඟ දිගින්, දිගටම මිත‍්‍රශීලීව කටයුතු කළ බව ත‍්‍රස්ත විරෝධී මාධ්‍යයන් වසර ගණනක සිට හෙළි කිරීමට සමත්විය.
අවාසනාවකට මෙන් මෙම රාජ්‍ය නොවන සංවිධාන කොටි අඩවියේ කි‍්‍රයාකිරීම නතර කර ගැනීමට කිසිවෙකුට නොහැකි විය. එහෙත් මේ මොහොත වනවිට හමුදා ජයග‍්‍රහණ හමුවේ රාජ්‍ය නොවන සංවිධානවල නිරුවත ලොවට දිස්වෙයි.
කොටි අවි කම්හලෙන්...
වර්ග කිලෝමීටර් 5 ක තරම් භූමියක ධර්මපුරම් කොටි කඳවුර පිහිටා තිබේ. මෙය අත්පත් කර ගත් හමුදාවන්ට විශ්වමඩු ප‍්‍රදේශයට ගමන් කිරීමට කොටි සමඟ දැඩි සටනක නිරතවීමට සිදුවී ඇත.
ධර්මපුරම් සහ විශ්වමඩු වෙන්කෙරෙන ඇළ මාර්ගය පසුකර 58 වැනි සේනාංකයේ රණවිරුවෝ විශ්වමඩු ප‍්‍රදේශයට ඇතුළුවූහ. මේ ප‍්‍රදේශයේ ඇතිවූ ගැටුම්වලින් කොටි ත‍්‍රස්තවාදීන් සියයකට ආසන්න පිරිසක් මිය ගිය බව ආරක්ෂක අංශ තහවුරු කර හමාරයි. මෙහිදී කොටින්ගේ මළසිරුරු 32 ක් හමුදා භට පිරිස් විසින් සොයා ගන්නා ලදී.
විශ්වමඩු ප‍්‍රදේශයේ කොටස් හමුදාව අත්පත් කර ගැනීම ආරම්භ වූ විගසම කොටි ත‍්‍රස්තයන්ගෙන් මිදී සිවිල් ජනතාව රජයේ ප‍්‍රදේශයට පැමිණෙනු ඇතැයි භූමියේ සිටින උසස් නිලධාරියෙක් පැවැසීය.
විශ්වමඩු දෙසට 58 වැනි සේනාංකය ගමන් කරද්දී තවත් බළඇණි කිහිපයක් කොටින්ට ප‍්‍රහාර එල්ල කරමින් මුලතිව් දෙසට ගමන් කරති. මෙහිදී කොටින්ගේ බැකෝ යන්ත‍්‍ර, ඩෝසර් යන්ත‍්‍ර, ටිපර් යන්ත‍්‍ර, ට‍්‍රැක්ටර්, යතුරුපැදි ඇතුළු රථ වාහන රැසක් හමුදා භට පිරිස් විසින් සොයා ගන්නා ලදී.
පුලියම්පොක්කනයි නැමැති ගම්මානය 58 වැනි සේනාංකයේ රණවිරුවෝ සියතට ගත්හ. ඉකුත් 23 වැනිදා දහවල් වනවිට දරුණු සටනකින් අනතුරුව ඔවුහු මේ ජයග‍්‍රහණය අත්කර ගත්හ.
17 වැනි ගැමුණු, 9 වැනි ගැමුණු, 10 වැනි විජයබා, 6 වැනි ගැමුණු, 11 වැනි පාබල, 12 වැනි ගජබා, 7 වැනි සිංහ, 2 වැනි කොමාන්ඩෝ බළඇණි මේ සඳහා සිය උපරිම දායකත්වය ලබාදීමට කටයුතු කළහ.
58 වැනි සේනාංකය මෙලෙස ජයග‍්‍රහණ ලබද්දී 57 වැනි සේනාංකයද කොටින්ට දැඩි ප‍්‍රහාර එල්ල කරමින් දිනෙන් දින මුලතිව් කරා ඇදෙති.
මේජර් ජනරාල් ජගත් ඩයස් යටතේ 57 වැනි සේනාංකයට අයත් 572,574, 571 යන බළ සේනාවෝ රාමනාදන්පුරම් දෙසින් මුලතිව් දෙසට සිය මෙහෙයුම් කි‍්‍රයාත්මක කෙරිණි.
කොටින්ට වෙඩි වරුසා
571 වැනි බල සේනාවට අයත් 9 වැනි ගජබා, 4 වැනි සිංහ, 9 වැනි විජයබා යන රෙජිමේන්තුවල රණවිරුවෝ කල්මඩුකුලම් අත්පත් කර ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ හ. රාමනාදන්පුරම් සිට කල්මඩුකුලම් දෙසට සටන් ආරම්භ කළ මේ රණවිරුවෝ කොටින්ට වෙඩි වරුසා එල්ල කළහ. එහිදී හමුදාවෝ කොටින් සමඟ මුහුණට මුහුණලා සටන් කළහ.
මෙහි පැවැති ඇතැම් ගැටුම් පැය හතර පහ පැවතිණි. හමුදා භට පිරිස්වලට කොටින්ගේ ප‍්‍රබල මෝටාර් සහ කාලතුවක්කු ප‍්‍රහාරවලට මුහුණදීමට සිදුවිය. එහෙත් හමුදා ඉදිරි ගමනට කොටින්ගේ මෙම ප‍්‍රහාර බාධාවක් නොවිණි.
සටන අතරතුර ‘රාගු’ නැමැති කොටි නායකයා ඇතුළු කණ්ඩායමක් හමුදා ප‍්‍රහාරවලට මැදිවිය. මේ පිරිස හමුදා ග‍්‍රහණයෙන් මුදා ගැනීමට කොටි ප‍්‍රබල උත්සාහයක් දැරූහ. එහෙත් ‘රාගු’ සහ සගයන් කොටුකර පහරදෙන ලෙස මේජර් ජෙනරාල් ජගත් ඩයස් ප‍්‍රබල බළඇණි වෙත උපදෙස් ලබා දුන්නේය.
ගැටුම තියුණු විණි. කොටින්ගෙන් එල්ල වන ප‍්‍රහාරවලට හමුදාවෝ ප‍්‍රතිප‍්‍රහාර එල්ල කළහ.
මේ සටන අතරතුර ‘රාගු’ ඇතුළු කණ්ඩායම පලා යාමට උත්සාහ ගන්නා බව සන්නිවේදනය විණි. ඒ සමඟම කි‍්‍රයාත්මක වූ යුද හමුදා බර අවි බළඇණියේ මල්ටි බැරල් ප‍්‍රහාර එම ප‍්‍රදේශයට එල්ල කිරීමට 58 වැනි සේනාංකය කටයුතු කෙරිණි.
මෙම ප‍්‍රහාර එල්ල වීමත් සමඟම කොටි එම ප‍්‍රදේශයෙන් පලා ගියහ. පසුදින සිදුකළ සෝදිසි මෙහෙයුමේ දී ටී 81 අවියක්, ටී 56 අවි 8ක්, මැෂින් තුවක්කු 3ක්, පණිවිඩ හුවමාරු යන්ත‍්‍රයක් භට පිරිස් විසින් සොයා ගන්නා ලදී. මෙම සටනේ දී කොටි ත‍්‍රස්තයෝ 15 දෙනෙකු මිය ගිය බව පසුව අනාවරණය විය.
කොටින්ට ප‍්‍රබල තර්ජන
574 වැනි බළ සේනාව සහ 572 වැනි බළසේනාව කෙලමඩුකුලම් සිට ඒ 35 ප‍්‍රධාන මාර්ගය හරහා විශ්වමඩු දෙසට ගමන් ආරම්භ කළහ. ඔවුහු කොටින්ට ප‍්‍රබල තර්ජන එල්ල කරමින් මේ ප‍්‍රදේශය හරහා විශ්වමඩු ප‍්‍රදේශයට ඇතුළු වීමට කටයුතු කළහ.
බි‍්‍රගේඩියර් රෝහණ බණ්ඩාර අණදෙන 2 වැනි කාර්ය සාධක බළකායට අයත් 622, 621 බළසේනා මඟින් පුදුකුඩිඉරිප්පු බටහිර ප‍්‍රදේශයේ පිහිටි කොටි කඳවුරු සංකීර්ණයක් සහ රෝහලක් අත්පත් කර ගැනිණි.
සුඛෝපභෝගි ගොඩනැගිල්ලක් මෙහි තිබූ අතර කොටි නායකයකු එහි රැඳී සිටි බවට ප‍්‍රබල සාක්කියක් විය.
ධර්මපුරම් කොටි තිප්පොළ
මෙම බළ සේනාවෝ කැබ් රථයක්, කොටි මළ සිරුරු 7 ක් මේ ප‍්‍රදේශයෙන් සොයා ගත්හ. 7 වැනි සංඥා, 6 වැනි විජයබා, 8 වැනි සිංහ, 8 වැනි ගජබා යන රෙජිමේන්තුවල භට පිරිස් මෙම ජයග‍්‍රහණයට දායක වූහ.
මේ අතර මුත්තියන්කට්ටුකුලම් දෙසින් ඉහළට නැඟ ගත් පාබල භටයෝ පිරිස් උඩයාර්කට්ටුකුලම් ප‍්‍රදේශය දක්වා මෙහෙයුම් කි‍්‍රයාත්මක කරමින් කොටින්ට ප‍්‍රබල තර්ජනයක් එල්ල කළහ.
55 වැනි සේනාංකය ද බි‍්‍රගේඩියර් ප‍්‍රසන්න ද සිල්වා යටතේ කි‍්‍රයාත්මක වෙමින් කොටි බළ මුළු රැසක් ඉකුත් සතියේ මුදා ගැනීමට සමත් විය.
චුණ්ඩිකුලම් කළපුවේ සිට මුලතිව් දක්වා වූ මුහුදු තීරය ජය ගැනීම මෙම සේනාංකයේ භට පිරිස්වලට එල්ලවූ අභියෝගයයි.
චණ්ඩිකුලම් කලපුවේ පිහිටි අඩි 23ක් ගැඹුරු ජල කඳක් තරණය කර මුලතිව් දෙසට ගමන් කිරීමට 55 සේනාංකයේ සෙබළුන්ට ප‍්‍රබල අභියෝගයක් විය.
අඩි 100 කට ආසන්න පළලකින් යුත් මෙම මෝය තරණය කිරීම පහසු කටයුත්තක් නොවීය. එහෙත් හමුදා භට පිරිස් කෙසේ හෝ මේ ජලකඳ තරණය කළ යුතු විය.
හමුදාව සිටි ස්ථානයේ සිට මෝයට එහායින් පිහිටි ඉවුර දක්වා වූ දුර ප‍්‍රමාණය මීටර 400 කි. කොටි ත‍්‍රස්තයෝ ස්ථානගත වී සිටියේ ද එම ප‍්‍රදේශයේ ය.
ඉවුරට මෙහායින් බංකර් 04 ක් ඉදිකිරීමට හමුදා සෙබළුන් කි‍්‍රයා කළ අතර මේ සඳහා උපයෝගී කර ගත්තේ රාති‍්‍ර කාලයයි.
මෝය තරණය කරන අවස්ථාවේ කොටි එල්ල කරන බර අවි ප‍්‍රහාරවලින් වැළකීම සඳහා මෙම බංකර් රහසිගත ව ඉදිකිරීමට හමුදාවෝ පියවර ගත් හ.
ප‍්‍රබල අභියෝගයක්
ඉංජිනේරු බළකාය මෙහිදී ප‍්‍රබල අභියෝගයක් එල්ල කර ගනිමින් තෙප්පම් විශාල සංඛ්‍යාවක් එකිනෙකට සම්බන්ධ කරමින් තාවකාලික පාලමක් ඉදිකිරීමට සමත් වූයේ යුද හමුදා සෙබළුන්ට ඕනෑම අභියෝගයක් ජයගත හැකි බව ලොවටම පෙන්වමිනි.
තාවකාලික පාලම එසේ සකස් කෙරුණු අවස්ථාවේ රහසිගතව කි‍්‍රයාත්මක වූ 1 වන විශේෂ බළකායේ කිමිදුම්කරුවෝ කොටි සිටි ඉවුරට කිට්ටු වී කොටින්ගේ බංකර්වලට පහරදීම සැලැසුම් කළහ.
පාබල හමුදාවට බර අවිවල සහයෝගය රැගෙන එක්වර කි‍්‍රයාත්මක වූ හමුදා බළඇණි කිහිපයක් කොටින්ට ප‍්‍රබල ප‍්‍රහාර රැසක් එල්ල කළහ. මුලතිව් දෙසට වූ කොටින්ගේ ප‍්‍රබලම ආරක්‍ෂක වළල්ල අත්පත් කර ගැනීමට මෙහිදී 55 වැනි සේනාංකයේ භටයෝ සමත් වූහ.
බි‍්‍රගේඩියර් නන්දන උඩවත්ත අණ දෙන 59 වැනි සේනාංකය මේ මොහොත වන විට මුලතිව් ආසන්නයට ම ගොස් සිටින සේනාංකයයි. කොටින්ගේ මුලතිව් ආරක්‍ෂක බැමි දෙකක් මේ වන විට බිඳ දැමීමට සමත් විය.
උස අඩි 15 ක් තරම් වූ මෙම බැම්ම වටේට භූගත බංකර් රාශියක් ද ඉතා උපක‍්‍රමශීලීව සකස් කිරීමට කොටි පියවර ගෙන තිබුණි. කොටි ත‍්‍රස්තයන්ගේ මුලතිව් බලකොටුව වටකර ඇති මෙම ආරක්‍ෂක බැම්ම අත්පත් කර ගැනීම කොටින්ට එල්ල වූ ප‍්‍රබල තර්ජනයකි.
මුහුණට මුහුණලා දරුණු සටන් වලින් පසු මෙය අත්පත් කර ගැනීම විශේෂ සිද්ධියකි. 59 වැනි සේනාංකය මෙහිදී කොටි ත‍්‍රස්තයන් 50 දෙනකු පමණ ඝාතනය කළහ. ටී 56 ගිනි අවි, ආර්. පී. ජී. අවි, අත්බෝම්බ, ජීව උණ්ඩ ඇතුළු අවි ආයුධ රැසක් ද 59 වැනි සේනාංකයේ භටයෝ විසින් මෙහිදී සොයා ගත්හ.
මේ අතර සටන්වල නිරතව සිටින සේනාංක සියල්ලට ම පාහේ ඉදිරි ගමන පහසුකරලීම සඳහා ගුවන් හමුදාව කෆීර්, මිග් 7, මිග් 27 සහ එම්. අයි. 24 යන ප‍්‍රහාරක යානා යොදා ගනිමින් කොටි ඉලක්ක වෙත දිගින් දිගට ම පහර දෙයි.
භක්ති ධර්මපි‍්‍රය මෙන්ඩිස්

කල්මඩුකුලම් වැව් බැම්ම කොටි පුපුරවා හරිති

චන්ද්‍රිකා පෙරේරා
සිවිල් ජනතාව අනාරක්ෂිත ප‍්‍රදේශයේ සිට මුදා ගත් ප‍්‍රදේශවලට පැමිණීම වැළැක්වීමට එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් මුලතිව් කල්මඩුකුලම් වැව් බැම්ම පුපුරුවා හැර මාර්ගවල බිම් බෝම්බ වල දමා ඇතැයි යුද හමුදාව කියයි. වැව් බැම්ම පුපුරුවා හැරීමෙන් ඒ - 35 මාර්ගයේ ධර්මපුරම් හා විශ්වමඩු ප‍්‍රදේශ ජලයෙන් යටවී ඇතැයි යුද හමුදාව කියයි.
මුලතිව් කොටි බළකොටුව රැක ගැනීමට එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙස යොදාගෙන සිටින අතර ඔවුන්ගේ අණ නොතකා පැමිණෙන ජනතාවට වෙඩි තැබීමටද පියවර ගෙන තිබිණි.

ඩිල්ෂාන්ගේ සුපිරි පිතිහරඹයෙන් ශ‍්‍රී ලංකාවට දැවැන්ත ජයක් මුරලි එක්දින කඩුලු 500යි







තිලකරත්න ඩිල්ෂාන්ගේ විශිෂ්ට පිති හරඹයත් පාකිස්තාන පිතිකරුවන් සහමුලින්ම වනසා දැමීමට සමත් වූ පන්දු බල ඇණියත් හේතුවෙන් පාකිස්තානය පරදා ලකුණු 234 ක දැවැන්ත ජයක් ලබාගැනීමට ශ‍්‍රී ලංකාවට හැකිවිය.
ලාහෝර්හී ගඩාෆි කී‍්‍රඩාංගණයේ පැවැති මේ තුන් වැනි අන්තර්ජාතික එක්දින තරගයේ ජයත් සමඟ ශ‍්‍රී ලංකාව තරගාවලිය 2 – 1 කින් ජය ලැබීය.
තිලකරත්න ඩිල්ෂාන් තම එක් දින තරග දිවියෙහි හොඳම දක්ෂතාව සටහන් කරමින් නොදැවී ලකුණු 137 ක් වාර්තා කෙළේය. පන්දු 139 කදී හතරේ පහර 10 ක් එල්ල කිරීමට හෙතෙම සමත්විය. ශ‍්‍රීී ලංකා පිල ඕවර් 50 දී ලකුණු 309 ක් ලබාගත් අතර පාකිස්තානය ලකුණු 75 කට දැවී ගියේය.
පාකිස්තාන කි‍්‍රකට් පිල එරටදී ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව මෙය වූ අතර දරුණුතම පරාජය ලෙසද වාර්තාවිය. ශ‍්‍රී ලංකා පිලේ ආරම්භක පන්දු යවන්නන් දෙදෙනා වූ නුවන් කුලසේකර ලකුණු 17 කට කඩුලු 3 ක්ද තිලාන් තුෂාර ලකුණු 33 කට කඩුලු 3 ක්ද බිඳහලා මුල් පෙළේ පිතිකරුවන්ට තර්ජන එල්ල කළහ.
මුත්තයියා මුරලිදරන් ලකුණු 2 කට කඩුලු 2 ක් බිඳහෙළා එක්දින අන්තර්ජාතික තරගබිමේ කඩුලු 500 ක් වාර්තා කළ දෙවැනි කී‍්‍රඩකයා බවට පත්වීමද විශේෂත්වයකි. පාකිස්තානයේ වසීම් අක‍්‍රම්ගේ ලෝක වාර්තාව සම කිරීමට මුරලිදරන්ට තවත් අවශ්‍යව ඇත්තේ කඩුලු 2 ක් පමණි.
ශ‍්‍රී ලංකා ඉනිම සනත් හා ඩිල්ෂාන් ආරම්භ කළ අතර ප‍්‍රථම කඩුල්ලට ලකුණු 76 ක සම්බන්ධතාවක් ඇතිවිය. සනත් ලකුණු 45 කට දැවී ගියේය. කුමාර් සංගක්කාර එක්වී ශ‍්‍රී ලංකා ඉනිම තවත් ශක්තිමත් කෙළේය. සංගක්කාර ලකුණු 50 ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියේය.
ඩිල්ෂාන් ට එක්වූ කණ්ඩම්බි පන්දු 34 කදී ලකුණු 32 ක් ලබාගත් අතර නායක ජයවර්ධන ලකුණු 18 ක් ලබා සිිටියදී උමාර් ගුල්ගේ පන්දුවකට කම්රන් අක්මාල් අතට උඩ පන්දුවක් ලබාදී දැවී ගියේය.
නිමා වූ තරග තුනේදීම මහේල ජයවර්ධන දැවී ගියේ විකට් රකින කී‍්‍රඩකයාට උඩපන්දු ලබාදෙමින් එකම ආකාරයකටය. පාකිස්තාන පිතිකරුවන් අතරින් ලකුණු 10 ට වඩා රැස් කෙළේ දෙදෙනෙකු පමණි. නායක මලික් ලකුණු 19 ක්ද උමාර්ගුල් ලකුණු 27 ක්ද ලබා ගත්තේය.
පාකිස්තාන ඉනිමේ මුල්පිතිකරුවන් හයදෙනෙකු ලකුණු 22 කට දවා ගැනීමට කුලසේකර හා තුෂාර සමත්වූහ.
ප‍්‍රවේගකාරී පිතිකරුවෙකු වූ සහිඩ් අෆ්රිඩිට කුලසේකර එවු පන්දුවක් නිදැල්ලේ යෑමට ඉඩ හරිද්දී පන්දුව විකට්ටුවට දෝලනය වී ආ අයුරු පිතිකරුට අදහාගත නොහැකි විය.
තරගයෙන් අනතුරුව අදහස් දැක් වූ සනත් ජයසූරිය ප‍්‍රකාශ කෙළේ කලකට පසුව හොඳ ආරම්භක පිතිකරුවෙකු හමුවූ බවයි. මීළඟ ලෝක කුසලාන තරගාවලියෙන් පසුව තමා කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇතැයි මුරලිදරන් පැවැසීය.
ශ‍්‍රී ලංකා පාකිස්තාන එක් දින තරගාවලියේ මෙන්ම අවසන් තරගයේ වීරයා සම්මානය ඩිල්ෂාන්ට හිමිවිය. ජයග‍්‍රාහී පිල ඊයේ පෙරවරුවේ ශ‍්‍රී ලංකාවට පැමිණියේය.



කුලසේකර දෙවැනි තැනට

එක්දින අන්තර්ජාතික පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ නවතම ලැයිස්තුව අනුව වේගපන්දු යවන කී‍්‍රඩක නුවන් කුලසේකර දෙවැනි ස්ථානයට පත්විය.
ශ්‍රේණිගත කිරීම අනුව තවදුරටත් පෙරමුණ ගැනීමට නවසීලන්තයේ ඩැනියෙල් විටෝරි සමත්ව ඇති අතර තක්සේරු ලකුණු ප‍්‍රමාණය 754කි. නුවන් කුලසේකර ලකුණු 749ක් ලබා ඇත.
මේ ශ්‍රේණිගත කිරීම අනුව මුත්තයියා මුරලිදරන් සිවුවැනි ස්ථානයට පත්ව තිබේ. ඔහු ලබා ඇති ලකුණු ප‍්‍රමාණය 714කි. ඔස්ටේ‍්‍රලියාවේ නෙදන් බ්‍රේකන් ලකුණු 745ක් ලබා තෙවැනි ස්ථානයේ සිටී.
නුවන් කුලසේකර සහභාගීවූ අවසන් එක්දින තරග 10යේ දී කඩුලු 18ක් බිඳහෙලා ගැනීමට සමත්ව ඇත. පාකිස්තානය සමඟ නිමාවූ තරග තුනේදී කඩුලු පහක් බිඳහෙළා ගැනීමට සමත්විය

Wednesday, January 21, 2009

මුලතිව් දරුණු සටනකින් මුහුදු කොටි 15ක් මරුට

චන්ද්‍රිකා පෙරේරා සහ භක්ති ධර්මපි‍්‍රය මෙන්ඩිස්
මුලතිව් ඊසාන දිග මුහුදේ දී පෙරේදා (19) රාතී‍්‍ර මුහුදු කොටි හා නාවික හමුදාව අතර ඇතිවූ ගැටුමකදී කොටි බෝට්ටු හතරක් සම්පූර්ණයෙන්ම මුහුදු බත් වී තිබේ.
එහිදී මුහුදු කොටි පහළොවකට වැඩි පිරිසක් මියගොස් ඇති බවට හෙළිවී ඇතැ’යි නාවික හමුදාව පවසයි.
ත‍්‍රස්තවාදීන් හා නාවික හමුදාව අතර එදින රාතී‍්‍ර 11.30 ට පමණ ගැටුම හටගෙන තිබෙන අතර පැය භාගයක් පමණ එය පැවැති බවත් එම අවස්ථාවේ දී මරාගෙන මැරෙන කොටි බෝට්ටුවක් පුපුරවා ගැනීමෙන් ප‍්‍රහාරක ඩෝරා යාත‍්‍රාවකට ද හානි සිදුව තිබෙන බවත් නාවික හමුදාව කීය.
අලම්පිල් සිට කන්කසන්තුරේ දක්වා යොදවා ඇති නාවික මුර වළලුවලට පහරදීම සඳහා එදින මරාගෙන මැරෙන කළු කොටි සහිත බෝට්ටු 15 ක් පමණ මුලතිව් දෙසින් පැමිණ ඇති අතර ඒ පිළිබඳ නිරීක්ෂණය කළ ඩෝරා යාත‍්‍රා මෙසේ කොටි යාත‍්‍රා සමඟ ගැටී තිබේ.
නාවික ප‍්‍රහාර හමුවේ ත‍්‍රස්තවාදීන් හානියට පත් යාත‍්‍රා ද රැගෙන පලාගොස් ඇත. ප‍්‍රහාරයෙන් පසුව එම මුහුදු ප‍්‍රදේශය පුරා සෝදිසි මෙහෙයුමක් දියත් කැර තිබුණු අතර ඊයේ (20) උදෑසන වනවිට කොටි මල සිරුරු දෙකක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබිණි.
මේ ප‍්‍රදේශයේ ආරක්ෂාව සඳහා ඩෝරා යාත‍්‍රා, ගැඹුරු මුහුදේ මුර සංචාරක යාත‍්‍රා, අවි සවිකළ කුඩා යාත‍්‍රා (මෙරට නිෂ්පාදිත යාත‍්‍රා) සහිත ක්ෂණික විහිදුම් යාත‍්‍රා බලගණය හා විශේෂ යාත‍්‍රා බලගණය සහිත මුර වළලු හතරක් යොදවා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් ඩී. කේ. පී. දසනායක මහතා සඳහන් කෙළේ ය.
මේ වළලු සහිත නාවික මුර සංචාරක හේතුවෙන් මුහුදු කොටින්ගේ සැපයුම් හා ප‍්‍රවාහන කටයුතුවලට බාධා ඇතිවී තිබෙන බැවින් නාවික මුර වළලු බිඳ දැමීමට මුහුදු කොටි මෙසේ ප‍්‍රහාර එල්ලකිරීමට උත්සාහ කර ඇතැ’යි ආරක්ෂක අංශ පවසයි.

කළු කොටි ප‍්‍රහාරක යාත‍්‍රාවක් සොයා ගැනේ

චන්ද්‍රිකා පෙරේරා
යාපනය වෙත්තලයිකර්නි ප‍්‍රදේශයේ සඟවා තිබුණු අධිබල පුපුරණ ද්‍රව්‍ය සවිකළ කොටි බෝට්ටුවක් හා තවත් මුහුදු කොටි බෝට්ටුවක් පෙරේදා (19) යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මරාගෙන මැරෙන කළුකොටි ප‍්‍රහාරයකට සකස්කළ මේ යාත‍්‍රාව නාවික හමුදාවට පහරදීම සඳහා සූදානම් කැර සඟවා තැබූ එකක් බවට විශ්වාස කරයි.
මේ බෝට්ටු දෙක සොයාගැනීමෙන් පසු තවදුරටත් වෙත්තලයිකර්නි ප‍්‍රදේශයේ ආරක්‍ෂාව තහවුරු කිරීමේ සෝදිසි මෙහෙයුම් කි‍්‍රයාත්මක කර ඇත.

පාණදුරේ මී උණ, ඩෙංගු වැළදීමේ අවදානමක්

වාද්දුව සමූහ
පසුගිය 2008 වසරේ පාණදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප‍්‍රදේශයේ මී උණ රෝගයෙන් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් ඇතැයි රෝග පිළිබඳ දත්ත සටහනක පෙන්වා දී ඇත.
ගිය වසරේ වෛද්‍ය නිලධාරී බල ප‍්‍රදේශයෙන් මී උණ රෝගීන් අසූ දෙකක් හමුවී ඇත.
පාණදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප‍්‍රදේශයෙන් චිනක් ගුන්යා උණ වැළදුන රෝගීන් කිසිවෙක් හමුවී නැති අතර ඩෙංගු උණ වැලදුන රෝගීන් 135 දෙනෙක් හමුවී ඇතත් ඩෙංගු මරණ කිසිවක් වාර්තා වී නැත.
බල ප‍්‍රදේශයේ මී උණ පැතිර යතැයි සැක කෙරෙන ප‍්‍රදේශවල ජනතාවට අවශ්‍ය උපදෙස් සහ කුඹුරු වැඩ කරන අයට අවශ්‍ය බෙහෙත් නිකුත් කරන බවත්, ඩෙංගු පැතිරෙන ප‍්‍රදේශවල ගෙන් ගෙට ගොස් මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කිරීමේ වැඩ සටහනක් පාණදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එන්.සිවකුමාර් මහතාගේ උපදෙස් පරිදි කි‍්‍රයාත්මක කර ඇත.

ලාබත් නැති බාලත් නැති සිල්ලර පේ‍්‍රමය

සිනාවය කියන්නේ මල්ලියෙ කුමටපොටෝ එකක තියෙනා සුදු ඉරිවලට.
ඒ රත්න ශී‍්‍ර ගේ කවියකින් පද දෙකකි. කවියේ ඉතිරිය මතකයේ නැතත්, එකී කවි දෙපද හදිසියේ සිහිපත් වූයේ ළඟදී කියැවූ කෙටිකතා පොතක් නිසාවෙනි. කෘතියේ නම “සිල්ලර පෙ‍්‍ර්මය” කර්තෘ සමන් වික‍්‍රමාරච්චි .
මේ වනාහී සිල්ලර පේ‍්‍රමය විසින් ඉහත කී කවි දෙපද සිහියට නගන්නට හේතු සෙවීමේ වෑයමකි. රත්න ශී‍්‍ර කියන ආකාරයට සිනාව යනු හිනාවය කියා අප හිතා ඉන්නා දෙයම නොවේ, එය නොවන්නේත් නොවේ. හිනාව නැතිනම් පොටෝ එකට සුදු ඉරි කොයින්ද?
කතා නවයකින් සමන්විත සිල්ලර පේ‍්‍රමය කෘතිය පුරාම මිථ්‍යාව සහ යථාව, පෙනුම සහ හරය අතර පවතින ගැටුම පාඨකයා හමුවේ තබන්නට දැරූ වෙහෙස අපට හමුවෙතත්, එකී තැත වඩාත් ඉස්මතුව නැඟෙන්නේ ‘අඟලෙ මහත්තයා’, ‘සිල්ලර පේ‍්‍රමය’ යන කතා දෙකෙහිදී ය කියා හැඟේ.
අඟලෙ මහත්තයා කානිවල් එකකදී තරුණියකට හමුවන අයෙකි. තරුණිය කියන විස්තර අනුව අඟලේ මහත්තයා ගේ හැටි සුබා මෙසේය.
“හරිම කඩවසම් මුහුණක් ඔහුට තිබුණෙ මුහුණ පුරා වැටී තිබුණ රැවුල කම්මුලට වෙන්න හීනිවට කපල. අකීකරු කෙස් රැලි මැදින් බෙදල තියෙන විදිය මට සිහිපත් කළේ කවුදෝ හින්දි නළුවෙක්, හුරුබුහුටි පුංචි දිග කලිසමක් (දිග අඟල් අටක් ඇති) අත්දිග කමිසයකුයි, ටයි පටියකිනුයි ජේත්තුවෙලා, දෙපයට ඔප දැමූ සපත්තු එහෙම පැළදගෙන සිට ඔහු (නිවේදකයා කියූ පරිදිම), අඟලෙ මහත්තයෙක්ම තමයි.”
තරම (පෙනුම) අඟලක් වුව අඟලේ මහත්තයාගේ කියුම් කෙරුම් ඉතා උස මහතය. ඔහු කියන්නේ දර්ශනික කතාය.
“නෝනාවරුනි, මහත්වරුනි, මං එක දෙයක් විශ්වාස කරනවා. මේ ලෝකය කවුරු හෝ බලසම්පන්න උත්තමයකු ගේ නිර්මාණයක්. ඒ උත්තමයා මාව අඟල් 22 ප‍්‍රමාණයෙන් නිර්මාණය කළ නිසා ඔබ උසවෙලා. මට පෙනෙනවා අර කෙලවරේ ඉන්න නංගී. ඇය උසයි තමයි.
ඒත් ඊට එහා පැත්තෙන් ඉන්න සහෝදරිය එයාට වඩා උසයි නේද? එතකොට නංගී ඔයාට උසයි කියලා ආඩරම්බර වෙන්න දෙයක් නැතුව යනව. මොකද ඔබගේ සහෝදරියට සාපේක්‍ෂව ඔයා මිටියි. “මම මේ විදිහට මිටි විරූප රූපයක් නොවුණනම් ඔබ උස ලස්සන ස්තී‍්‍ර ශරීරයක් වෙන්නේ නැහැ.”
තරුණිය අඟලේ මහත්තයාට ආකර්ශනය වන හේතුව ඔහුගේ දාර්ශනික (දාර්ශනික සේ පෙනෙන) කතා බහ බව පෙනේ. බුදුගුණ අලංකාරයෙන් පවා කරුණු ගෙනෙමින් කෙරෙන අඟලේ මහත්තයා ගේ කතා නිසාවෙන් තරුණිය අභියස ඔහු දැවැන්ත රූපකායක් පරිද්දෙන් නැගී සිටින්නට පටන්ගනී. තරුණිය දිනපතා සැණකෙළියට ගොඩවදින්නේ අඟලේ මහත්තයා ගේ කතා අසන්නටයි. ඔහුගේ රූපකාය නරඹන්නටයි.
“පින්වතුනි, පාපි අපට උන්වහන්සේගේ ධර්මය හැර අන් සරණක් නැහැ. මම ඔබෙන් ඉතසිතින් ඉල්ලා සිටින්නේ පවු කිරීමෙන් වලකින ලෙස. අනේ දෙවියනේ පවු කරල මං වගේ නරුම කාලකණ්ණියෙක් වෙන්න නම් එපා...”
ඒ කතා අසා තරුණියගේ ඇස කඳුළින් පිරේ. ඇය ඔහුට පෙම් බඳින්නට පටන්ගනී. ඇය පමණක් නොව, කානිවල් බිමේ සිටි සියල්ලන්ම ඔහුට වශීවේ. කානිවල් බිමේ ජනපි‍්‍රය ම චරිතය අඟලේ මහත්තයායි. එහෙත් අවසාන දිනයේ අඟලේ මහත්තයා හමුවන්නට තරුණියන් පිරිස යනවිට ඔහු එතැන නැත. ඔවුනට ආසන්නට ලැබෙන්නේ මෙවැනි ආරංචියකි.
“උන් අලි හොරුනෙ. එතන කොටෙක් නැහැ. කොටාව හැදුණෙ තුන්දෙනෙකුගෙන්. ඔළුව කෙනකුගෙ, අත් තව එකෙකුගෙ. වෙන එකෙකුගෙ අත් දෙකෙන් තමයි කකුල් හැදුණෙ. ඔළුව අයිති එකා වරෙන්තු පිට වරෙන්තු තිබිච්ච මිනීහිට මරපු අලි හොරෙක්. හැබැයි ඌ මොළකාරයලු. උදේ පොලීසිය පැනල උන්ටික ඔක්කොම අරං ගියා. නංගිල නොදන්නවට අපිනං ඕක දැනං හිටියා.”
රචකයා කියන මේ සැණකෙළිය කුමක්ද? පාරතොටෙහි යන විටත්, දේශපාලන පිටියේත්, පමණක් නොව, කලා ලොවේ, කාර්යාලවල, පාසලේ, කඩ පොළේ, උසාවියේ, බස්රියේ, දුම්රියේ මෙකී නොකී සියලු තැන්හිදී අපට මේ ආකාරයේ අඟලේ මහත්වරුන්, දැවැන්ත මහත්වරු ආදී නොයෙක් ඇස්බැන්දුම්කාරයන් හමුවේ.
එහෙත් ඔවුන්ගේ පෙනුමෙන් වැසුණු හරය විනිවිද දකින්නට තරමට අපේ ඇස් ශක්ති සම්පන්න නැත. මෙකී මිනිසුන්ගේ යථාවත් පෙනුමත් අතර වෙනස දකින්නට යමක් යම් අයෙක් වෙත්ද, ඔවුන්ද ඒ ගැන ප‍්‍රසිද්ධියේ කියන්නට ඉදිරිපත් නොවෙති. හරියටම ඉහත කතාවේ එන කඩල වෙළෙන්දා මෙනි.
හේතුව යථාව හෙළිදරව් වීමෙන් තමන්ට අවාසියක් වෙතැයි බියකින් මේ දැනුවත් සමාජය පෙළෙන බැවිනි. අඟලේ මහත්තයා පමණක් නොවෙ, සමස්ත සැණකෙළියම ඇස්බැන්දුම් ජාලයකි. කඩල වෙළෙන්දා යනු එකී ඇස්බැන්දුම විකුණා ජීවත්වන අය අතුරින් එකෙකි. ඇස්බැන්දුමක් බව දැන දැනත් එහිම හිරවීම හැර අන් විකල්පයක් ඔහු නොදකී.
තවත් අතකින් ගත්කළ මිනිසාට හෙළිදරව් වුවද රැවටිල්ල කෙළවර වන්නේද නැත. “නිලූ අපි යං අතෙන්ට. එතන තමයි කුරුමිට්ටන්ගේ ලෝකය” අපි කෙල්ලො ටික අත්වැල් බැඳගෙන මෙරිගෝ රවුම දිහාවට පිම්මේ යන්න පටන් ගත්තා.” අඟලේ මහත්වරු දැවැන්ත වූ සමාජයක අන් සියල්ලන් ස්වේච්ඡාවෙන් කුරුමිට්ටන් මීට සාධාරණද? නැද්ද? යන ගැටලුව අප හමුවේ තිබේ.
සිල්ලර පේ‍්‍රමය ද මේ ආකාරයෙන්ම පියවි ස්වරූපය හා පෙනුම අතර දෙබිඩි වත ගැන කතා කරන කතාවකි. බස්රියේ දී හමුවන කාමාශක්ත පේ‍්‍රමවන්තයා තරුණයෙකුත් නොවන, මැදිවයසේත් නොවන, මහතත් නැති, කෙට්ටුත් නැති, රැවුලත් නැති, ඇත්තෙත් නැති, කොණ්ඩයත් නැති, නැත්තෙත් නැති අයෙක් බව මුලින් පෙණුනද, රැයක් එළිවන පමණින් ඔහු බොරු කොණ්ඩයක් ලාගත් මදාවියකු බවට පත්වේ. ඔහුගේ බොරු කොණ්ඩය යට අඟල් අටක් පමණ දිග පිහියකි. රාතී‍්‍ර අන්ධකාරයේ පෙම්බස් දෙඩූ, විවිධ පොරොන්දු පිරිනැමූ පෙම්වතා, උදේ අවදිවන්නේ.
“මේ අඟල් අටම බස්සනවා උඹේ පපු කැනැත්ත ඇතුළට ම,” කියමිනි.
ජීවිතයේත්, සමාජයේත් සියල්ලේත් පවතින දෙබිඩි වත විදාරණය කරන්නට මෙතරම් සමත් කතා ගොන්නක් මෑතකදී පළවූ බවක් අප මතකයේ නැත. යථාර්ථවාදී කතා අගයන්නකුට යම් ආගන්තුක බවක් දැනෙන්නට පුළුවන්කමක් ඇතිද සමන් වික‍්‍රමාරච්චි තම කතා ගොන්න පුරාම කතා කීමේ කලාවේත්, කතා ගෙතීමේ කලාවේත් අලුත් ඉසව්වක් ස්පර්ශ කරන්නට දැරූ වෙහෙස කැපී පෙනේ.
කෙසේ වෙතත් කෙටි කතා බොහොමයකදී රැක ගැනෙන විශ්වාසනීයත්වය නිරුත්සාහී ගුණය ආදී ලක්‍ෂණ, ‘පතිවත’, ‘මං’ වැනි කතාවන්හිදී බිඳ වැටෙන්නට සලස්වා ඇති බව පෙනේ.
බිරියගේ පතිවත පිරික්සන්නට කාර්යාලයෙන් එළිබසින සැමියා, වෙනත් ගැහැනියකගේ පහස සොයා යාම, ඇය එහිදී ඔහුට සලකන ආකාරය (ඒ කෙසේද යන්න මෙහිලා සඳහන් කළ නොහැක.) එකී ලිය තම සැමියා උදෙසා පතිවත සුරකින විකාර රූපී ස්වභාව ආදිය කෙටි කතා කරණයේ තාක්‍ෂණික සාර බවට මෙන්ම විවාහය පතිවත බඹසර රැකීම ආදී සමාජ ගත සංකල්පයන්ගේ විහිළුව හෙළිදරව් කරන්නට රචකයා දක්වන සූර බවට සාක්‍ෂ්‍ය වුව, ඊට වඩා තර්කානුකූල රටාවකින් ඒ කතාව ගොඩනඟන්නට ඉඩ නොතිබුණේ මන්දයි සැකයකි.
අනුර කේ. එදිරිසූරිය

විශ්වාස භංගය එනවාද නැද්ද? තීරණය අද

දයා පෙරේරා, ස්වර්ණා විජේකෝන්
ආණ්ඩුවට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව අහෝසි වී ද නැද්ද යන්න පිළිබඳ තීරණය සභාවට අද (21 දා) දැනුම් දෙන බව කථානායක වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවට ඊයේ (20) දැනුම් දුන්නේ ය.
කථානායකවරයා සභාවට එසේ දැනුම් දුන්නේ එ.ජා.ප. ය ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයේ සඳහන් නොවීම සම්බන්ධයෙන් එම මන්තී‍්‍රවරුන් ඊයේ පෙරවරුවේ විමසූ අවස්ථාවේදී ය.

සල්මාන් බට් ගේ ශතකයෙන් පාකිස්තානයට ජය

කරච්චි (ඒ.එෆ්.පී)
ආරම්භක පිතිකරු සල්මාන් බට් අගනා ශතකයක්ද වේග පන්දු යවන රාඕ ඉෆ්ටිකාර් සිය කී‍්‍රඩා දිවියේ හොඳම පන්දු යැවීමද වාර්තා කරමින් පාකිස්තානය ඊයේ ශී‍්‍ර ලංකාවට එරෙහිව පළමු එක්දින තරගයේ කඩුලු 8 ක ජයග‍්‍රහණයක් කරා මෙහෙයවූහ.
වමතින් පිත්ත හසුරුවා බට් පන්දු 117 කදී හතරේ පහර 13 ක් සමග නොදැවී ලකුණු 100 ක් රැස් කළ අතර එය ඔහුගේ 8 වැනි අන්තර්ජාතික එක්දින ශතකය විය.
ඔහු කුරාම් මන්සූර් (83) සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 168 ක ශක්තිමත් සබඳතාවක් ගොඩනැගු අතර පාකිස්තානය තරගයේ තවත් ඕවර 4.0 ක් ඉතිරිව තිබියදි ලකුණු 220 ක ජයග‍්‍රාහී ඉලක්කය සම්පූර්ණ කෙළේය.
ඕවර 45.2 කදි ලකුණු 219 කට දැවී ගිය ශී‍්‍ර ලංකා පිල ප‍්‍රතිවාදීන්ට අභියෝගයක් එල්ල කිරීමට අසමත් වූ අතර ඔවුන්ගේ කීර්තිමත් පන්දු යවන්නන් යුගලය වන මුත්තයියා මුරලිදරන් හා අජන්ත මෙන්ඩිස් පාකිස්තාන ආක‍්‍රමණශීලී පිතිහරඹය හමුවේ නිරර්ථක තත්ත්වයකට පත්වූහ.

තරගයේ වීරයාසල්මාන් බට්
මන්සූර්, මුරලිදරන්ගේ පන්දුවකට ඔහු අතටම උඩ පන්දුවක් දෙමින් දැවී යාමට පෙර හතරේ පහර 9 ක් එල්ල කළ අතර ඔහු පන්දු 128 කට මුහුණ දුන්නේය.
යූනුස් ඛාන් ලකුණු 20 කට දැවී ගියද ෂොයිබ් මලික් (11) ජයග‍්‍රාහී ඉලක්කය පසු කිරිමට බට් හට සහාය විය.
ඉෆ්තිකාර් ලකුණු 42 කට කඩුලු 4 ක්ද උමාර් ගුල් ලකුණු 30 කට කඩුලු 3 ක්ද බිඳ හෙලූහ.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සංචාරක ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 219ක් පමණි.
ලකුණු හඹා යෑමේ දී අනවශ්‍ය පීඩනයක පැටලුණ ශී‍්‍ර ලංකා පිතිකරුවන්ට තම ඉනිම නිමා කර ගැනීමට සිදු වූයේ තවත් පන්දු 28ක් ඉතිරිව තිබිය දී ය.
කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කෙළේ ය.
ඒ අනුව පිටියට පිවිසි සනත් ජයසූරිය සහ තිලකරත්න ඩිල්ෂාන් පාකිස්තාන පන්දු යවන්නන්ට රිසි සේ බැට දෙමින් ඉනිමේ පළමු ලකුණු 50 පන්දු 40ක දී රැස් කිරීමට සමත් වූහ.
ඩිල්ෂාන් ඉනිම ආරම්භ කිරීමට තරමක කෝඩුකාරයෙක් වුව ද ජයසූරියට වඩා වැඩි අවස්ථාවක් ලබා ගනිමින් අලංකාර ඉනිමක නිරත වූවේ ය.
පළමු කඩුල්ල ලෙස ඩිල්ෂාන් ලකුණු 42ක් ලබා තිබිය දී දැවී ගියේ ශී‍්‍ර ලංකා ලකුණු පුවරුව 71 නතර ව තිබිය දී ය. ඩිල්ෂාන්ගේ ඉනිම පන්දු 33කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 7ක් එල්ල කිරීමට ද ඔහු සමත් විය.
ශී‍්‍ර ලංකා ඉනිමේ පළමු කඩුල්ලේ සබඳතාව බිඳ දැමූ උමාර් ගුල් දෙවැනි කඩුල්ලේ සබඳතාව තැබීමට හිස ඔසවමින් සිටිය දී ජයසූරිය ද දවාලූවේ ය. ඒ ඔහු පන්දු 35ක දී හතරේ පහර 6ක් සමඟ ලකුණු 38ක් ලබා තිබිය දී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමෙනි.
ශී‍්‍ර ලංකා ඉනිමේ කඩුලු 2ක් ලකුණු 86කට දැවී තිබිය දී උප නායක කුමාර් සංගක්කාර හා නායක මහේල ජයවර්ධන එක් වූහ. එහෙත් ලකුණු පුවරුවට තවත් ලකුණු 3ක් පමණක් එකතු වෙද්දී මහේලගේ ඉනිම නිමා කිරීමට ඉෆ්ටිකාර් අන්ජුම් සමත් විය.
බංග්ලාදේශ සංචාරයේ දීද පිතිකරුවෙකු ලෙස අසාර්ථක වූ මහේල ඊයේ තරගයේ දී ද ලබා ගත්තේ එක් ලකුණක් පමණි. පිතිකරු ඉදිරි පෙළ කඩා වැටීමෙන් වළකාගත් කුමාර් සංගක්කාර චාමර කපුගෙදර සමඟ එක්වෙමින් ශී‍්‍ර ලංකා ලකුණු පුවරුව ගෞරවනීය තත්ත්වයකට රැගෙන ආවේ ය.
ඔවුන් දෙදෙනා එක්ව 4 වැනි කඩුල්ලට ලකුණු 54ක් එක්කර තිබිය දී කපුගෙදර ලකුණු 27කට දැවී ගියේ ය.දක්ෂ ලෙස පන්දුවට පහර දුන් කුමාර් සංගක්කාර ඊයේ දැවී යන විට අහිමිකර ගත්තේ තමාගේ 45 වැනි එක්දින අන්තර්ජාතික අර්ධ ශතකයයි.
ඔහු පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟ ලකුණු 49ක් රැස් කෙළේ ය. සංගක්කාරගෙන් අනතුරුව අංක 9 පිතිකරු ලෙස පිටියට පිවිසි නුවන් කුලසේකර පන්දු 33ක දී ලකුණු 24ක් ලබා ගත්තේ ය.
පාකිස්තානය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඉෆ්ටිකාර් අන්ජුම් ලකුණු 42ට කඩුලු 4ක් ද උමාර් ගුල් ලකුණු 30ට කඩුලු 3ක් ද දවාලූහ.
දෙපිල අතර දෙවැනි තරගය අද පැවැත්වේ.ශ‍්‍රී ලංකාවටී. එම්. ඩිල්ෂාන් ඇ. බට් ප. ගුල් 42
එස්. ටී. ජයසූරිය ක.මු.කළා ප. ගුල් 38
කේ. සී. සංගක්කාර ඇ. බට් ප. අන්ජුම් 49
ඩී. පී. එම්. ඩී. ජයවර්ධන ඇ. අක්මාල් ප. අන්ජුම් 01
සී. කේ. කපුගෙදර ප. අෆ්රිඩි 27
ජේ. මුබාරක් දුවද්දී දැවී ගියා (අක්මාල්) 08
එම්. එෆ්. මහරූෆ් ඇ. මිෂ්බා අල්හක් ප. මලික් 11
ටී. තුෂාර ඇ. අක්මාල් ප. අන්ජුම් 00
කේ. එම්. ඩී. එන්. කුලසේකර ඇ. අක්මාල් ප. ගුල් 24
එම්. මුරලිදරන් නොදැවී 07
බී. ඒ. ඩබ්ලිව්. මෙන්ඩිස් ප. මලික් 01
අතිරේක 11
එකතුව (ඕවර් 45.2 කදී) 219
කඩුලු බිඳ වැටීම - 1 – 71, 2 – 86, 3 – 89, 4 –
143, 5 – 170, 6 – 176, 7 – 176,8 – 209, 9 – 211,
10 - 219
පන්දු යැවීම - ෂොහිබ් අක්තාර් 7 – 0 – 43 – 0, ෂොහෙල් ටන්වීර් 5 – 0 – 35 – 0,
ඉෆ්තිකා අන්ජුම් 8 – 1 - 36 – 3, උමාර් ගුල් 9 – 0 – 30 – 3, ෂහිඩ් අෆ්රිඩි 10 – 1 – 47 – 1,
ෂොහිබ් මලික් 6.2 – 0 – 25 - 2
පාකිස්තානයකුරාම් මන්සූර් ඇ.හා බෝ.මුරලිදරන් 83
සල්මන් බට් නොදැවී 100
යූනුස් ඛාන් ඇ.මෙන්ඩිස් බෝ.මහරූෆ් 20
සොයිබ් මලික් නොදැවී 11
අතිරේක 6
එකතුව (කඩුලු 2 ට, ඕවර 45.5) 220
කඩුලු බිඳ වැටීම 1 – 168, 2 - 205
පන්දු යැවීම – කුලසේකර 8 – 1 – 35 – 0 තුෂාර 8 – 0 – 31 – 0
මහරූෆ් 7.5 - 0 – 44 – 1, මුරලිදරන් 10 – 1 – 42 – 1,
මෙන්ඩිස් 7 – 0 – 41 – 0, ජයසූරිය 3 – 0 – 16 – 0, ඩිල්ෂාන් 2 – 0 – 7 - 0

Monday, January 19, 2009

පුදුකුඩුඉරුප්පු කොටි බෝට්ටු කම්හල යුද හමුදාව යටතට

චන්ද්‍රිකා පෙරේරා, මහින්ද කුලතුංග සහ භක්ති මෙන්ඩිස්
මුලතිව් පුදුකුඩුඉරුප්පු නැඟෙනහිර තිබූ කොටි කඳවුරු පරිශ‍්‍රයක් සහ බෝට්ටු නිෂ්පාදනාගාරයක් යුද හමුදා භට පිරිස් විසින් පෙරේදා (17) උදෑසන වනවිට අත්පත් කර ගනු ලැබූහ.
කඳවුරු පරිශ‍්‍රයේ අඩි 40ය20 ප‍්‍රමාණයේ ගොඩනැගිලි දෙකක්, අඩි 20ය30 ප‍්‍රමාණයේ ගොඩනැගිලි හයක් හා ඉහළ ආවරණ සහිත බංකර් හයක් ඇතැයි යුද හමුදාව පවසයි.
බෝට්ටු නිෂ්පාදනාගාරයේ විශාල හා කුඩා ප‍්‍රමාණවල බෝට්ටු නවයක් හා වෝටර් ජෙට් දෙකක් තිබී ඇත.
මේ අතර දෙපිරිස අතර එදින ඇතිවූ ගැටුම්වලින් පසු යුද හමුදාව කළ සෝදිසියේදී පුද්ගලනාශක බෝම්බ 208 ක්, ටී 56 ගිනි අවි අටක් සමඟ ජීව උණ්ඩ 1000 ක්, ආර්.පී.ජී. අවියක් සමඟ එම බෝම්බ උණ්ඩ 19 ක්, මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් බෝම්බ 5 ක් ක්ලේමෝ බෝම්බයක්, බෝම්බ පිපිරවීමට ගන්නා වයර් ඇතුළු යුද උපකරණ තොගයක් හා කොටි මළසිරුරු 11 ක් සොයාගෙන ඇති බව යුද හමුදාව පැවැසීය.
මුලතිව් උදයාර්කට්ටුකුලම්, චුණ්ඩිකුලම් දකුණේ, පුලියන්පොක්කරායි හා පුදුකුඩුඉරුප්පු නැගෙනහිර ප‍්‍රදේශවල ත‍්‍රස්තවාදීන් හා යුද හමුදා භට පිරිස් අතර ගැටුම් හට ගැනිණි.
මේ අතර පුදුකුඩුඉරුප්පු හා මඩු ප‍්‍රදේශවල ත‍්‍රස්තවාදීන් අටවා තිබූ බෝම්බ උගුල්වලට හසුවීමෙන් යුද හමුදාවට සුළු හානි සිදුව ඇත.

ඉරණමඩු ප‍්‍රදේශයෙන් ගුවන් යානයක් සොයා ගනී

මහින්ද කුලතුංග
කොටි ත‍්‍රස්තවාදීන් සතු කැඩී බිඳීගිය කුඩා ගුවන්යානයක් ඊයේ (18) ඉරණමඩු උතුරු ප‍්‍රදේශයේදී යුදහමුදාවේ 59 වැනි සේනාංකයේ රණවිරුවන් සොයාගෙන තිබේ.
ඉකුත් 15 වැනිදා හමුදාවට හමුවූ කොටින්ගේ හයවැනි ගුවන්පථයට නුදුරු කැළෑබද ප‍්‍රදේශයක තිබී මේ කැඩී බිඳීගිය ගුවන් යානය හමුවී තිබේ. ත‍්‍රස්තවාදීන් මෙම යානය සිය පුහුණුවීම් කටයුතු සඳහා හෝ ප‍්‍රදර්ශනය සඳහා පාවිච්චි කළ එකක් බවට විශ්වාස කරයි.
මෙය කිලිනොච්චියේ මෙහෙයුමේ නිරත ආරක්ෂක හමුදාවට කොටි ගුවන් යානයක් හමුවූ ප‍්‍රථම අවස්ථාවයි.

ප‍්‍රභාකරන් බියගුලු නායකයෙක් පැන ආ කොටි සාමාජිකයෝ කියති

මුලතිව් වට කර ඇති හමුදා සේනාංක අට වේගයෙන් එම ඉලක්කය වෙත ළඟා වෙමින් සිටිති. මුලතිව්, පුදුකුඩිඉරිප්පු ඇතුළු වර්ග කිලෝමීටර් හාරසිය පනහක භූමියකට කොටි ත‍්‍රස්තවාදීහු කොටු වී සිටිති.
ලෝකයේ සිටින ප‍්‍රබලම හමුදාවක් ලෙස ශ‍්‍රී ලංකා හමුදාව නම් කළ හැකිය. කොටි ත‍්‍රස්තවාදීන් යුද පලිහක් ලෙස යොදා ගන්නා අහිංසක සිවිල් වැසියන් කිසිවෙකුටත් හානියක් නොකර ඔවුන් කොටි ග‍්‍රහණයෙන් මුදා ගැනීමට ද හමුදාව සමත් වී තිබේ.
ශ‍්‍රී ලංකා යුද ඉතිහාසයේ වැදගත් ම සහ ජයග‍්‍රාහිම වසර 2009 වශයෙන් හැඳින්විය හැකිය. ජනවාරි පළමුවැනිදා වන විට කොටි ත‍්‍රස්තවාදීන් කිලිනොච්චිය පරන්තන් වැනි ප‍්‍රධානතම කොටි බළකොටු අත්පත් කර ගත් යුද හමුදාව ගත වූ සති දෙකේ දී තවත් ජයග‍්‍රහණ රැසක් ලබා ගත්තේය.
දෙමළ ජනතාවගේ හිමිකම් වෙනුවෙන් පෙනී සිටින දෙමළ විමුක්තිය උදාකරන එකම සංවිධානය කොටි සංවිධානය යැයි පැවැසූ ප‍්‍රභාකරන් දෙමළ ජනතාව වෙනුවෙන් කිසිදු වැඩක් නොකළ බව මේ වන විට ඔප්පු වී හමාරය.
අහිංසක දෙමළ වැසියා පොල් අතු පැලක රඳවා ඔහුගෙන් ලේ උරා බොමින් තලා පෙළා දැමූ කොටි නායක ප‍්‍රභාකරන් සුර සැප විදි බව අද ලෝකයාම දැන ගෙන හමාරය.
ධර්මපුරම් ප‍්‍රදේශයෙන් ප‍්‍රභාකරන්ගේ භූගත මාලිගාවෙන් හමුවීමෙන් පෙනී යන්නේ ඔහු බියගුළු නායකයෙකු බවයි. මෙවැනි මාලිගා කිහිපයක් ඉදිරි මෙයෙයුම්වල දී යුද හමුදාව සොයා ගනු ඇතැයි අනුමාන කළ හැකිය.
ප‍්‍රභාකරන්ගේ කොටි සංවිධානයට කප්පම් මුදල් ගෙවමින්, කොටින්ගේ නොයෙක් වධහිංසාවලට ලක්වෙමින් සිටි උතුරේ ජනතාවට තමන්ගේ පාඩුවේ, නිදහසේ සිටිය හැකි කාලය උදාවෙමින් තිබේ.
මවුබිම බේරාගැනීම වෙනුවෙන් තම ජීවිතය කැප කර සටන්වල නිරතව සිටින වීර හමුදා සෙබලුන් ඒ අවස්ථාව තව නොබෝ දිනකින් උදා කරනු ඇත.
ජයග‍්‍රාහී ලෙස ඉදිරියට ඇදෙන හමුදාවෝ ඉකුත් සතියේ ද කොටි බළකණු රැසක් සියතට ගත්හ. දශක තුනකට දිවෙන කොටි ඊළාම් යුද්ධයේ මෙතෙක් ළඟා වීමට නොහැකි වූ ප‍්‍රදේශ රැසක් අත්පත් කර ගැනීම හමුදාව ලැබූ විජයග‍්‍රහණයක් ලෙස ද හැඳින්විය හැකිය.
මේජර් ජෙනරාල් ජගත් ඩයස් මෙහෙයවන 57 වැනි සේනාංකය කිලිනොච්චිය අත්පත් කර ගැනීමෙන් පසු රාමනාදන්පුරම් බලය ඉකුත් සිකුරාදා (18) තහවුරු කර ගත්තේය.
දරුණු සටන් මැද පැති කිහිපයකින් ඇතුළු වූ 3 වැනි ගජබා, 9 වැනි ගජබා කොටින්ට පන්න, පන්නා පහර දුන් හ. කිලිනොච්චියට නැඟෙනහිරින් වූ රාමනාදන්පුරම් කිලෝමීටර් 08ක් විහිදුණු ප‍්‍රදේශයකි.
3 වැනි ගජබා රෙජිමේන්තුව මේ ප‍්‍රදේශයට උතුරෙන් ද, 9 වැනි ගජබා රෙජිමේන්තුව දකුණු ප‍්‍රදේශයෙන් ද මෙයට ඇතුළු විණි. නගරය අත්පත් කර ගන්නා මොහොත වන විටත් එහි රැඳී සිටි කොටි ත‍්‍රස්තවාදීහු හමුදා ප‍්‍රහාරවලින් දැඩි ලෙස බැට කෑහ. කොටින් ට සිදු වූයේ බංකර් අත හැර දමා තුවාලකරුවන් සහ මියගිය කොටින්ගේ මළ සිරුරු රැගෙන පලා යාමට ය.
‘ඉලක්ෂියා’
රාමනාදන්පුරම්හි පිහිටි බංකරයක සැඟව සිටි කොටි නායිකාවක් අත්අඩංගුවට ගැනීමට හමුදාවෝ සමත් වූහ. ‘ඉලක්ෂියා’ නමැති කොටි නායිකාවක් වන මැයට කොටි සංවිධානය ලුතිනන් කර්නල් තනතුරක් ද ලබා දී තිබුණි. ඕනෑම මොහොතක බෝම්බයක් සෑදීමට, බෝම්බයක් නිෂ්කී‍්‍රය කිරීමට හැකි ඉලක්ෂියා කොටින්ගේ බෝම්බ අංශයේ ප‍්‍රධානියෙකු බව අනාවරණය වේ.
හමුදාවේ ගමන අඩපණ කිරීම සඳහා බෝම්බ වැළලීම තම කාර්යභාරය වූ බව ඇය අවධාරණය කළා ය. මේ ප‍්‍රදේශවල ඇති වූ ගැටුම්වල දී කොටි ත‍්‍රස්තවාදීන් 30 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව භූමියේ භටයෝ තහවුරු කළ හ.
මියගිය කොටි ත‍්‍රස්තවාදීන් 5දෙනකුගේ සිරුරු ටී 56 තුවක්කු, බිම්බෝම්බ, අත්බෝම්බ, ජීව පතරොම් ඇතුළු අවි ආයුධ රැසක් හමුදා සෙබලුන් සෝදිසි මෙහෙයුම්වල දී සොයා ගැනිණි.
මුර අඩවිය සටහන් තබන මොහොත වන විට 57 වන සේනාංකයේ රණවිරුවෝ කිලිනොච්චියට නැගෙනහිරින් වන්නට මෙහෙයුම් දියත් කරමින් මුලතිව් දෙසට ඇදෙමින් සිටිති.
බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වා යටතේ ඉදිරියට ගමන් කරන 58 වැනි සේනාංකය පරන්තන් සිට මුලතිව් දෙසට මෙහෙයුම් කි‍්‍රයාත්මක කරයි. මේ වන විට එම සේනාංකය මුරුසමුඩෙයි අත්පත් කර ගැනීමෙන් පසු විශ්වමඩු දෙසට සිය මෙහෙයුම් කි‍්‍රයාත්මක කරයි.
ඉකුත් 15 දා පෙරවරු වන විට මේ සේනාංකයේ රණවිරුවෝ ධර්මපුරම් ගම්මානය කොටි ග‍්‍රහණයෙන් මුදාගත් හ. මුලතිව් සීමාවේ නිජබිමක් ලෙස සැලකෙන ධර්මපුරම් කොටින්ගේ පරිපාලන කටයුතු සඳහා යොදා ගෙන තිබිණි.
මේ වන විට පරන්තන් සිට නැඟෙනහිර දිශාවට කිලෝමීටර් 15ක දුරක් ගමන් කර ඇති 58 වැනි සේනාංකයේ සෙබලුන් වර්ග කිලෝමීටර් 180ක් කොටි ග‍්‍රහණයෙන් මුදාගෙන ඇත.
කිලිනොච්චි සිට මුලතිව් දෙසට 57 වැනි සේනාංකයෙන් එල්ල වන ප‍්‍රහාර ද පරන්තන් සිට මුලතිව් දක්වා ගමන් කරන 58 වැනි සේනාංකයෙන් ද එල්ලවන ප‍්‍රහාර හමුවේ කොටි ත‍්‍රස්තවාදීන් දැඩි අර්බුදයකට පත් වී තිබේ.
වඩිඩකච්චි ප‍්‍රදේශය සිය ග‍්‍රහණයට ගත් 583 වැනි බළ සේනාව 7 වැනි සිංහ, 11 වැනි පාබල, 10 වැනි ගජබා සිය ජයග‍්‍රහණයට දායක කර ගැනිණි. මෙහි දී 5 වැනි සන්නාහ සන්නද්ධ බළකායේ යුද ටැංකි මඟින් 583 වැනි බළසේනාවට සිය උපරිම දායකත්වය ලබාදීමට කටයුතු කෙරිණි.
11 වැනි පාබල රෙජිමේන්තුව ඒ 35 මාර්ගයේ දකුණින් ධර්මපුරම් වෙත ගමන් කළ අතර 7 වැනි සිංහ රෙජිමේන්තුව ධර්මපුරම්වලට උතුරින් ඉදිරියට ඇදුනෝය.
උපායශීලිව ධර්මපුරම් ගම වටකර ගත් බළඇණි කොටි නොසිතූ මොහොතක දිගට හරහට කොටින්ට ප‍්‍රහාර එල්ල කළහ. ගම්මානයේ සිටි සිවිල් ජනතාව මුලතිව් දෙසට පලවා හරිමින් කොටි ත‍්‍රස්තවාදීහු ධර්මපුරම් ප‍්‍රදේශය අතහැර පසුබැස ගියහ.
මේ සටන අතරතුර හමුදාවෝ සිය මානුෂිකත්වය ලොවට පෙන්වීමට සමත් වූහ. කිසිදු ගැටලුවකින් තොරව යුද පිටියේ දී ඝාතනය කිරීමට හැකියාව තිබූ කොටි ත‍්‍රස්තවාදීන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
11 වැනි පාබල රෙජිමේන්තුවේ භට පිරිස් කොටි තිදෙනා මෙලෙස අත්අඩංගුවට ගත් බව සටනේ නිරත උසස් හමුදා නිලධාරියෙක් මුර අඩවියට පැවසීය.
‘මම ප‍්‍රභාකරන්ගේ ළඟින් ම සිටිමින් ඔහුට ආරක්ෂාව ලබාදුන් කෙනෙක්. කොටි සංවිධානය මට කපිතාන් නිලයක් ලබා දී තිබුණා. මේ මොහොත වන විට ප‍්‍රභාකරන් සිවිල් වැසියන් දස, දහස් ගණනක් ඔහුගේ ග‍්‍රහණයේ තියාගෙන සිටිනවා.
ප‍්‍රභාකරන් ඉන්න තැන වටකරලා මේ සිවිල් වැසියන් ප‍්‍රභාකරන්ගේ ආරක්ෂාවට යොදවලයි තිබෙන්නේ. හමුදා ප‍්‍රහාරවලින් අපේ සාමාජිකයන් ගොඩාක් මැරුණා. තව ගොඩාක් තුවාල වුණා. මේ මොහොත වන විට කොටි සාමාජිකයන්ට කෑමවත් නැහැ.
ඒත් සංවිධානයේ අය වෙඩි තියයි කියන බය නිසා කොටි සෙබලුන් සටන් කරනවා. මම වසර 10කට වැඩි කාලයක් කොටි සාමාජිකයෙක් වෙලා හිටියා. මට ලැබුණු දෙයක් නැහැ. දුක, වේදනාව ඕන තරම් අත්වින්දා’ යැයි අත්අඩංගුවට පත් කොටි සාමාජිකයන් තිදෙනාගෙන් එක් අයෙක් හමුදා නිලධාරීන් හමුවේ පැවැසීය.
මෙලෙස අත්අඩංගුවට පත් වූ කොටි තිදෙනා කොටි සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් බව අනාවරණය විය. හැම විට ම මිනිස්කම අගයන, මිනිස්කම වෙනුවෙන් කැපවෙන අප වීරෝදාර සෙබලුන් මෙම කොටි සාමාජිකයන් තිදෙනාට ආහාරපාන, වෛද්‍ය පහසුකම් වහා ලබාදීමට පියවර ගැනිණි.
ධර්මපුරම් ගමේ නැෙඟනහිර කොටසේ තිබී කොටි පුහුණු කඳවුරක් 58වැනි සේනාංකයේ භට පිරිස් විසින් සොයා ගන්නා ලදී. භූමියේ දක්නට ලැබුණු බොහෝ දේවල්වලින් පෙනී යන්නේ කොටි ත‍්‍රස්තවාදීන් තම සාමාජිකයන්ට නොයෙක් වදහිංසා පමුණුවමින් යුද පුහුණුව ලබාදුන් බව යැයි භූමියේ සිටින උසස් හමුදා නිලධාරියෙක් මේ තීරයට පැවැසීය.
ධර්මපුරම් ගමේ තිබුණු භූගත බංකරයක් ද භටපිරිස් විසින් සොයා ගන්නා ලදී. මෙම බංකරයට පිවිසීම සඳහා අඩි 40ක පමණ උසකින් යුක්ත වූ පඩිපෙළක් තනා තිබිණි. බංකරයේ 75 දෙනෙකුට පමණ සිටිය හැකි අතර කොටි නායකයකු මෙහි රැඳී සිටින්නට ඇතැයි හමුදාව සැක කරයි.
ඉහළින් බැලූවිට පොල් අතු මඩුවක් සේ පෙනෙන මෙය වටා සිවිල් වැසියන් පදිංචිකරවූ පැල්පත් රාශියක් ද දැක ගත හැකිය.
ධර්මපුරම් ගම්මානයේ බලය සම්පූර්ණයෙන් තහවුරු කළ 58 වැනි සේනාංකයේ සෙබලු 17 දා වන විට විශ්වමඩු දෙසට ගමන් කළහ. ඊයේ වන විට 58 වැනි සේනාංකය විශ්වමඩු දෙසට ළගාවෙමින් කොටින්ට ප‍්‍රබල ප‍්‍රහාර රැසක් එල්ල කිරීමට සමත්විය.
බි‍්‍රගේඩියර් නන්දන උඩවත්ත යටතේ 59 වන සේනාංකය ඉකුත් 10දා කොටින්ගේ තවත් ගුවන් පථයක් අත්පත් කර ගත්තේය. මුලතිව් පුදිකුඩිඉරිප්පු කේපාපිලව් ප‍්‍රදේශයේ තිබූ මෙම ගුවන් පථය ඉතා රහසිගත ලෙස සකස් කර තිබුණි. ගුවනට පවා නොපෙනෙන අයුරින් ඉදිකළ ගුවන්යානා අංගන දෙකක් මෙහි තිබී සොයාගැනිණි.
592 වැනි බළසේනාවත්, 593 වන බළසේනාවත් ගුවන් අංගනයට දෙපැත්තෙන් වට කරමින් කොටින්ට පහරදුන් අතර 9 වැනි සිංහ රෙජිමේන්තුවේ රණවිරුවෝ ගුවන් පථය අල්ලා ගත්හ.
මේ අතර ඉරණමඩු වැවට නැඟෙනහිරින් වූ කොටින්ගේ ප‍්‍රධාන ගුවන් පථය ලෙසින් සැලකෙන ඉරණමඩු කොටි ගුවන් පථය කාර්යසාධක බළකාය – 3 විසින් අත්පත් කර ගන්නා ලදී. බි‍්‍රගේඩියර් සත්‍යපි‍්‍රය ලියනගේ අණදෙන කාර්යසාධක බළකාය – 3 යටතේ වූ 632 වැනි බලසේනාව මේ ප‍්‍රදේශයේ කොටි බලය සුණු විසුණු කෙළේය.
කොටි ගුවන් පථ
කොටින්ගේ ඊළාම් රාජ්‍යයේ කිලිනොච්චි අගනගරයේ ප‍්‍රධාන ගුවන් තොටුපොළ ලෙස කොටි ත‍්‍රස්තවාදීන් මෙය නම් කර තිබූ අතර දිගින් කිලෝමීටර් 02 කට වැඩි මෙම ගුªවන් පථය පළලින් මීටර් 200 කි.
632 බළසේනාව මඟින් මීට ඉහතදී අම්පකාමම් ප‍්‍රදේශයේ තිබී තවත් කොටි ගුවන් පථයක් මුදා ගත්හ. ඉරණමඩු ගුවන් පථය කරා ළංවන අවස්ථාවේ කොටි අතිරේක කණ්ඩායම් කැඳවා හමුදා ගමන වැළැක්වීමට කිහිප විටකදී උත්සාහ දැරුවද එය අසාර්ථක විය.
මේ අතර මේ ප‍්‍රදේශයේ හාරසියයකට ආසන්න කොටි සාමාජිකයන් පිරිසක් සිටින බව ඉදිරි මෙහෙයුම්වල නිරතව සිටින කුඩා කණ්ඩායම් දන්වා තිබුණි. එම තොරතුරු ඔස්සේ කාර්ය සාධක – 3 සේනාංකය සිය මෙහෙයුම් උපක‍්‍රමශීලීව ආරම්භ කෙළෙය.
එහිදී කොටි ත‍්‍රස්තවාදීහු 35 දෙනෙක් මරුමුවට පත්වූහ. කොටින්ගේ මෘතදේහ 64ක් ද සොයා ගත්හ.කොටින්ගේ 5 වැනි ගුවන් පථය කාර්යසාධක සේනාංක – 3 මගින් අත්පත් කරගෙන පැය 24ක් යෑමට පෙර 57 වැනි සේනාකයේ භට පිරිස් විසින් කොටින්ගේ තවත් ගුවන් පථයක් සොයාගන්නා ලදී.
ඉරණමඩු වැවට නැඟෙනහිරට වන්නට මෙය සකස් කර තිබූ අතර කිලෝමීටරයක් පමණ දිගින් යුත් මෙම ගුවන් පථය මීටර් 50ක පළලකින් සමන්විත වෙයි.
මීට පෙර පරන්තන් සහ කොකාවිල් ප‍්‍රදේශවලදීද කොටින්ගේ ගුවන් පථ දෙකක් අල්ලාගැනීමට යුද හමුදාවෝ සමත්විය.
කොටි ත‍්‍රස්තවාදීහු මේ ආකාරයට ගුවන් පථ කිහිපයක් සකස් කර ඇත්තේද හමුදාව නොමඟ යැවීම සඳහා විය හැකි බව ආරක්‍ෂක අංශ ප‍්‍රධානියෙක් අවධාරණය කෙළේය.
කොළඹ, වව්නියාව, අනුරාධපුරට කොටි ගුවන් ප‍්‍රහාර එල්ල කළ අවස්ථාවල කොටි ගුවන් යානා එක් ගුවන් පථයකින් ඉහළට ඔසවා තවත් ගුවන් පථයකින් ගොඩබස්සවන්නට ඇතැයි සැක කළ හැකිය.
කොටි සතු ගුවන්යානා මේ මොහොත වන විට මුලතිව්වලට ගෙනගොස් ඇති අතර කොටි මේවා යොදාගෙන ඉදිරියට එන හමුදාවන්ට මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කිරීමේද ඉඩකඩක් තිබෙන බවත් ඒ සඳහා ආරක්‍ෂක අංශ සීරුවෙන් තබා ඇති බවත් උසස් හමුදා නිලධාරියෙක් මුරඅඩවියට පැවැසීය.
කර්නල් නිශාන්ත වන්නිආරච්චි අණදෙන කාර්ය සාධක බළකාය – 4 යටතේ වූ 641 වැනි බළසේනාව මුත්තියන්කඩ්ඩිකුලම් වැවට නැඟෙනහිරින් වූ කොටින්ගේ පුහුණු කඳවුරක් ඇතුළු කඳවුරු සංකීර්ණයක් අත්පත් කර ගත්හ.
14 වැනි සිංහ, 20 වන පාබල, 21 වන සිංහ යන රෙජිමේන්තු මේ සඳහා දායක වූහ. කඳවුරු සංකීර්ණයේ භූගත බංකරයක ඉතා සුව පහසු ආකාරයට සකස් කළ කාමර දෙකක් විය.
මින් එක් කාමරයක් සම්පූර්ණයෙන් පිඟන් ගඩොල් අල්ලා තිබූ අතර එහි වූ නවීන නාන කාමරයක්ද තිබිණි. ප‍්‍රභාකරන් හෝ වෙනත් ප‍්‍රබල කොටි නායකයකු මෙහි රැඳී සිටින්නට ඇතැයි රණවිරුවෝ සැක පහළ කරති.
මෙම කඳවුරු සංකීර්ණය අත්පත් කර ගැනීමේදී කොටි සාමාජිකයන් සහ හමුදාව අතර මුහුණට මුහුණලා දරුණු සටන් පැවති අතර එහිදී කොටින්ට බරපතළ හානි සිදු විය.
කොටි ග‍්‍රහණයෙන් පලා එන සිවිල් වැසියන් ආරක්‍ෂා කිරීමට යුධ හමුදාව පියවර රැසක් කි‍්‍රයාත්මක කර ඇත. ඉකුත් සති දෙකේ තුන් දහසකට ආසන්න සිවිල් වැසියන් ප‍්‍රමාණයක් කොටි ග‍්‍රහණයේ සිට හමුදාව වෙත පැමිණ තිබේ.
කොටි ත‍්‍රස්තයන් අනාරක්ෂිත ප‍්‍රදේශවල සිටින සිවිල් වැසියන් ප‍්‍රමාණය විශාල කරමින් ලෝකයාට පෙන්වා තිබේ. අනාරක්‍ෂිත ප‍්‍රදේශවල ලක්‍ෂ දෙකහමාරකට ආසන්න පිරිසක් සිිටින බව කොටි ප‍්‍රකාශ කර ඇතත්, ඊට බෙහෙවින් අඩු ප‍්‍රමාණයක් එහි සිටි.
භක්ති ධර්මපි‍්‍රය මෙන්ඩිස්

කොටින්ගෙන් මිදී 181ක් පැමිණෙති

මහින්ද කුලතුංග
මුලතිව් මුදා නොගත් ප‍්‍රදේශවල සිට කිලිනොච්චියේ මුදාගත් ප‍්‍රදේශයට ගත වූ දින දෙකේදී සාමාන්‍ය වැසියන් 181 දෙනකු පැමිණි බව යුද හමුදාව කියයි.
මේ අනුව පුලියන්පොක්කාරේ ප‍්‍රදේශයට සාමාන්‍ය වැසියන් 164, ධර්මපුරම් ප‍්‍රදේශයට 7 සහ වවුනියාව ඕමන්තේ ප‍්‍රදේශයට 10 ක් පැමිණ තිබෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවැසීය.

මෝටාර් අංගනයකට ප‍්‍රබල ගුවන් ප‍්‍රහාරයක්

මහින්ද කුලතුංග
කොටි ත‍්‍රස්තවාදීන්ගේ මුලතිව් ඉදිරි ආරක්ෂක වළල්ලට සහ ඉරණමඩු වැවට කිලෝ මීටර් 8 ක් නැගෙනහිරින් පිහිටි කොටි මෝටාර් මධ්‍යස්ථානයකට ඊයේ (18) උදේ ගුවන් හමුදාව ගුවන් ප‍්‍රහාර එල්ල කර තිබේ.
එම්.අයි.24 හෙළිකොප්ටර් මගින් මෙම ප‍්‍රහාර එල්ල කර තිබේ.
මුලතිව් නගරයට කිලෝ මීටර් 4ක් නුදුරින් පිහිටි කොටි ඉදිරි ආරක්ෂක වළල්ලට ගුවන් හමුදාව ප‍්‍රහාර එල්ල කර ඇත්තේ යුද හමුදාවේ 59 වැනි සේනාංකයට සහාය සඳහා බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේය.

‘රාමනාථපුරම්’ හි බලය හමුදාව අතට

මහින්ද කුලතුංග, චන්ද්‍රිකා පෙරේරා
යුදහමුදාවෙන් කිලිනොච්චිය දිස්ති‍්‍රක්කයේ රාමනාථපුරම්, ප‍්‍රදේශය පෙරේදා (17) සම්පූර්ණයෙන්ම අත්පත් කරගෙන තිබේ.
රාමනාථපුරම් නගරය ඇතුළු ප‍්‍රදේශය ඒ - 9 මාර්ගයට නැගෙනහිරින් පිහිටා ඇති අතර දින කීපයක් තිස්සේ පැවති දැඩිසටහනකින් පසු පෙරේදා එම ප‍්‍රදේශය අත්පත් කරගත් බවත් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
යුදහමුදාවේ 57 වන සේනාංකයේ රණවිරුවන් විසින් මෙම ප‍්‍රදේශය ත‍්‍රස්තවාදීන්ගෙන් මුදාගෙන ඇත.

කොටි ඉලක්ක දෙකකට දැඩි ගුවන් ප‍්‍රහාර

මහින්ද කුලතුංග, චන්ද්‍රිකා පෙරේරා
ගුවන් හමුදාවේ ප‍්‍රහාරක ජෙට්යානා මගින් මුලතිව් දකුණේ කොටි ඉදිරි ආරක්ෂක වළල්ලට සහ චුණ්ඩිකුලම් දකුණේ කොටි තිප්පොලකට පෙරේදා (17) දැඩි ගුවන් ප‍්‍රහාර එල්ලකර තිබේ.
උදේ 11.00 ට පමණ දකුණු මුලතිව් කොටි ඉදිරි ආරක්ෂක වළල්ලට ප‍්‍රහාර එල්ල කැර තිබේ. චුන්ඩිකුලම් දකුණේ කොටි ඉලක්කයට එදින දවල් 12.00 ට ප‍්‍රහාරය එල්ලකර තිබෙන අතර මේ ප‍්‍රහාර නිවැරදි ඉලක්කයට සාර්ථකව එල්ලකළ බවත් ප‍්‍රහාරවලින් ත‍්‍රස්තවාදීන්ට බරපතල හානි සිදුවූ බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේය.

අපේ ආර්ථිකයේ කඩාවැටීමක් කොහෙත්ම සිද්ධ වෙන්නේ නෑ මෛතී‍්‍රපාල සිරිසේන - කෘෂිකර්ම සංවර්ධන සහ ගොවිජන සේවා අමාත්‍ය

ඉදිරියේදී කි‍්‍රයාත්මක විමට නියමිත “උතුරේ වසන්තය” සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳත්, සර්වපාර්ෂික කමිටුවේ යෝජනාවලිය පිළිබඳත් ඉන්දීය ලේකම් ශිව සංකර් මෙනන් මහතාගේ ශී‍්‍ර ලංකා ගමන පිළිබඳත් කෘෂිකර්ම සංවර්ධන සහ ගොවිජන සේවා අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙසේ අදහස් දක්වයි.
මේ වසරේදී ත‍්‍රස්තවාදය අවසන් කරන බවට රජය ප‍්‍රකාශ කරලා තියෙනවා. එහෙත් ත‍්‍රස්තවාදය අවසන් කළ පමණින් උතුරු - නැඟෙනහිර අර්බුදය අවසන් කළ නොහැකි බවට විද්වතුන් මත පළ කරනවා. මෙහෙයුම් වල ජයග‍්‍රහණයෙන් දශක ගණනාවක් පීඩාවට පත්වු ඒ ප‍්‍රදේශවල ජනතාවට මොනවගේ වැඩපිළිවෙළක්ද කි‍්‍රයාත්මක කරන්නේ?
නැඟෙනහිර ප‍්‍රදේශ මුදාගන්න යන ගමනේදීත් ඒ ප‍්‍රදේශවල සංවර්ධනය සඳහා රජය විශාල වැඩ කොටසක් කරගෙන ගියා. නැඟෙනහිර නිදහස් කරගත්තට පස්සේ ඒ ප‍්‍රදේශවල ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කළා.
පළාත් පාලන ආයතන පිහිටුවලා පළාත් සභා පිහිටවලා ඒ ප‍්‍රදේශවල සංවර්ධන කාර්යන් කඩිනම් කළා. අද වෙන විට නැඟෙනහිර නවෝදයක් ඇතිවෙලා තියෙනවා.
ඒක කවුරුත් පිළිගන්නවා. ඒවගේම තමයි උතුරු නිදහස් කරගැනීමෙන් පසුවත් අපට මුලින්ම තියෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් ස්ථාපනය කිරීමයි. එය අපේ රජයේ මූලික වගකීමක් සහ යුතුකමක්.
ඊළඟට අපි විශ්වාස කරනවා විදේශීය වශයෙන් අපිට විශාල ලෙස මුදල් ලැබෙයි කියලා. උදාහරණයක් වශයෙන් ගත්තාම නැඟෙනහිරට රජය වියදම් කරනවාට වඩා විශාල වශයෙන් ජාත්‍යන්තර සංවිධානවලින් ආධාර ලැබිලා තියෙනවා.
ඒ වාගේම උතුරේ සංවර්ධනයටත් දේශීය වශයෙන් කරන ආයෝජන මෙන්ම විදේශීය ආධාර විශාල ප‍්‍රමාණයක් ලැබේ. ඒවායින් සම්පූර්ණයෙන්ම ජනතාවගේ ජන ජීවිතයේ ආර්ථිකයේ විශාල පරිවර්තනයක් කරන්න පුළුවන් වේවි.
උතුරු නැඟෙනහිර සම්පූර්ණයෙන්ම වගේ කෘෂි කාර්මික ප‍්‍රදේශ තිබෙන්නේ. ඒ ප‍්‍රදේශවල ජීවත්වන ජනයාට අවශ්‍ය කෘෂි කාර්මික පහසුකම් ලබාදීලා සංවර්ධනය පිළිබඳ යන්ත‍්‍රණයක් කි‍්‍රයාත්මක කරන්න ඕනේ.
උදාහරණ වශයෙන් කෘෂි කර්මය සම්බන්ධ මධ්‍යස්ථාන ගත්තම පසුගිය කාලයේ සිද්ධවුණ ත‍්‍රස්තවාදී කි‍්‍රයා නිසා නිලධාරීන් නැහැ සේවකයෝ නැහැ සම්පත් නැහැ.
ත‍්‍රස්තවාදී පාලන කාලයේදීත් අපි ඒ ස්ථාන වලට අවශ්‍ය ආධාර දුන්නා. ඒත් ඒ ආධාර එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදීන් අතට ගියා මිසක් ජනතාවට ලැබුණේ නැහැ.ඒත් ඒ ප‍්‍රදේශ මුදාගත්තට පස්සේ අපිට අපේ වගකීම හරියට ඉෂ්ට කරන්න පුළුවන්.
එතෙන්දී අපි නැඟෙනහිර නවෝදය කි‍්‍රයාත්මක කළා වගේ උතුරට “උතුරේ වසන්තය” කියන වැඩසටහන කි‍්‍රයාත්මක කරනවා. මම මුලදී කිව්ව විදිහට නැගෙනහිර ජනතාවගේ ජන ජීවිතය නංවන්න යටිතල පහසුකම් නංවන්න ආර්ථිකය නංවන්න රජය කටයුතු කළා වගේම උතුරේත් ඒ කි‍්‍රයාවලිය වඩාත් ශක්තිමත් ව සිදු කරන්න අවශ්‍ය සැලසුම් අපට තියෙනවා.
අමාත්‍ය තිස්ස විතාරණ මහතා ප‍්‍රකාශ කර තිබෙන පරිදි සර්ව පාර්ශික කමිටුවේ යෝජනාවලියට තවමත් එකඟවෙලා තියෙන්නේ 90%ක් පමණයි. ඒ අනුව දේශපාලන විසඳුම ගැන සැකයක් මතුවෙනවා නේද?
සියයට සියයක එකඟතාවකට එන්න කිසිම දෙයකදී බැහැනේ. 10% අයින් කරලා එකඟවුණු 90 පිළිබඳවයි අවසානයේ කටයුතු කරන්න වෙන්නේ. විශේෂයෙන්ම ඔය වගේ කාරණයකදී සියලු දෙනාගේම සිත්දිනාගෙන කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ.
වඩා හොඳ ගැළපෙන බහුතර පිරිසක් පිළිගන්නා දේ ඉටු කිරීම තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ක‍්‍රමයකදී සිද්ධ වෙන්න ඕනේ. ඒනිසා සර්ව පාර්ශික කමිටුවට එන සියලු දේශපාලන පක්ෂවල එකඟතාව ගන්න අසීරුවෙයි.
ඒක ශී‍්‍ර ලංකාවේ විතරක් නොවේ ලෝකයේම තියෙන පොදු තත්ත්වයක් එහෙත් අපි එතෙන්දි බහුතරයක් පිළිගන්න තීරණය තමයි කි‍්‍රයාත්මක කළ යුත්තේ
අනික උතුරුටත්, නැඟෙනහිරට වගේම පළමුවෙන්ම 13 වෙනි සංශෝධනය කි‍්‍රයාත්මක කරන්න ඕනේ. ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනය කවදාවත් උතුරේ කි‍්‍රයාත්මක වෙලා නැහැ.
ඒක හදුන්වා දුන් පිරිසටත් කි‍්‍රයාත්මක කරගන්න බැරිව ගියා. ඒ නිසා 13 වෙනි සංශෝධනය පළමුවෙන්ම කි‍්‍රයාත්මක කරලයි . අනික් ඒවාට යොමු වෙන්න සිදුවෙන්නේ.
සර්වපාර්ශික කමිටුවට විපක්ෂයේ ප‍්‍රධාන පක්ෂ දෙක නැහැ. එවැනි තත්ත්වයක රටටම වැදගත් තීරණයක් ගන්නේ ප‍්‍රධාන විපක්‍ෂය නොසලකා හැරලද?
සර්ව පාර්ශික කමිටුවට මුලදී එජාපයයි ජවිපෙයි සහභාගිවුණා. ඒ අය ඔවුන්ගේ අදහස් දීලා ගියා. එක්සත් ජාතික පක්ෂයේ අද ඉන්න නායකයාගේ හැටියට ඔහු මේ රටේ පොදු යහපතට තීරණ ගන්න කෙනෙක් කියලා හිතන්න බැහැ.
එජාපයේ නායකයා හැම වෙලාවේම ප‍්‍රකාශ කරන්නේ ඔලුවෙන් හිටගෙන වගෙයි. ඇත්තෙන්ම අද එක්සත් ජාතික පක්ෂයට අකුණු ගහලා තියෙන්නෙත් ඒනිසයි.
එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන නායකත්වය මේ රටේ දේශපාලනයේ ප‍්‍රධාන සාධකයක් හැටියට ගන්න බැහැ. එජාපයේ රට ගැන ආදරයක් තියෙන නායකත්වයක් තිබුණු කාලවල ඔවුන්ගේ මතය ඉතා වැදගත් ලෙස ප‍්‍රබල වුණා.
ඒත් අද එහෙම තත්ත්වයක් ඔවුන් පෙන්නුම් කරලා නැහැ. අද එක්සත් ජාතික පක්ෂයේ නායකයාගේ ඔලුවේ වැඩකරන්නේ වෙනත් දේවල් දැන් බලන්න කිලිනොච්චිය ජයග‍්‍රහණය කරපුවාම රනිල් වික‍්‍රමසිංහ මහත්තයා කියනවා දැන් කිලිනොච්චිය අල්ලා ගත්තා ඒ නිසා යුද්ධයට යන වියදම නැහැ, තෙල් මිල අඩ කළහැකියි කියලා.
ඒ වගේම හරිම බොළඳ පටු අදහස් තියෙන නායකයෙක් මෙතෙන්දී සහය දෙයිද කියන ගැටලුවක් තියෙනවා.
එහෙත් එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ සිටින පක්ෂ අතරත් සර්ව පාර්ශික කමිටුවේ යෝජනා සම්බන්ධයෙන් එකඟත්වයක් නැහැ නේද?
ආණ්ඩුව ඇතුළේ ඉන්න හැම කෙනෙක්ම එක්සත් ජනතා නිදහස් සන්ධානය වශයෙන් සහ මහින්ද චින්තන මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට අනුවයි එකතුවෙලා ඉන්නේ. ඒවාගේම ජනාධිපතිතුමාත් රජයත් අපි කවුරුත් පැහැදිලිව මහින්ද චින්තන මැතිවරණ ප‍්‍රකාශනයේ තිබෙන වැඩපිළිවෙළ අනුව තමයි කටයුතු කරන්නේ. රටේ ජනතාව අපිට බලය දීලා තියන්නේ ඒ මැතිවරණ ප‍්‍රකාශනයටයි. ඒ නිසා මැතිවරණ ප‍්‍රකාශනයට අනුවයි අපි කටයුතු කරන්නේ.
ත ඉන්දියාව මෙහෙයුම්වල අවසාන බාගයේ ශ‍්‍රී ලංකාවට බලපෑම් කරයිද කියන මතය නිතරම දේශපාලන වේදිකාවල ඇසුණා. ඒ අනුව ඉන්දීය විදේශ කටයුතු ලේකම් වරයාගේ ශ‍්‍රී ලංකා ගමන පිළිබඳව යම් සැකයක් මතු වෙනවා නේද ?
නැහැ. එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉන්දියාව මේ අවස්ථාවේ අපේ මෙහෙයුම් ගැන කතා කරන්නේ නැහැ. ඔවුන්ට ඔවුන්ගේ රටේ තිබෙන අභ්‍යන්තර ප‍්‍රශ්න බලාගන්න වෙලා තියෙන්නේ ඒවා සැඳ්‍රගන්න කටයුතු කරනවා හැරෙන්න අපේ රටේ අභ්‍යන්තර කටයුතුවලට ඉන්දියාව ඇගිලි ගහන්නේ නැහැ.
ඉදිරියේදී ආර්ථික අර්බුදයක් ඇතිවෙන ලකුණු පහළවෙලා තිබෙන බවට මතයක් තියෙනවා. මේ සම්බන්ධයෙන් රජය කටයුතු කරන්නේ කොහොමද ?
ඉදිරියේදී කිසිදු ආර්ථික ප‍්‍රශ්නයක් අපිට ඇතිවෙන්නේ නැහැ. මේවා එක එක අය පේන බලලා කියන කතායි. අමෙරිකාවේ ආර්ථිකය කඩා වැටුණට අපි කලබල වෙන්න ඕනේ නැහැ.
අපි අපේ දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න අවශ්‍ය දේ කරලා තියෙනවා. ඔය ප‍්‍රකාශ සියල්ලම අසුබවාදී ලෙස දකින හිතන අයගේ ප‍්‍රකාශයි. ඒ නිසා ඉදිරිය සුබවාදී මිසක් අසුබවාදී නැහැ. අපේ ආර්ථිකයේ කඩාවැටීමක් නොහෙත්ම සිද්ධවෙන්නේ නැහැ.
එස්.බී.දිසානායක මහතා මෑතකාලීනව ප‍්‍රකාශ කර තිබුණු ආණ්ඩුව ගමන් කරමින් ඉරන්නේ 1970 සමගි පෙරමුණු සිදුකළ වැනි හාල් පොසු යුගයකට බව ?
එයාගේ මොළය හොඳ නැහැ. එයා කියන දේවල්වලට අපි උත්තර දෙන්නේ නැහැ. ආඥාදායක නායකත්වයක් රටට අවශ්‍යයි කියන එස්.බී.දිසානායක මහත්තයා තමන් ඉන්නේ කොහෙද කියලවත් දන්නේ නැතිවයි ඔයවගේ ප‍්‍රකාශ කරන්නේ.
සිරස මාධ්‍ය ආයතනයට ගිනි තැබීම සහ ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනය සම්බන්ධයෙන් ආණ්ඩුව වගකියන්න ඕනේ කියලා විපක්ෂය ප‍්‍රකාශ කරනවා ?
ආණ්ඩුවට චෝදනාකිරීම විපක්ෂයේ ප‍්‍රතිපත්තිය සහ සම්ප‍්‍රදාය බවට පත්වෙලා තියෙනවා. මේ රටේ ප‍්‍රධාන පක්ෂය කියන්නේ අද බරපතළ ලෙස දේශපාලන වශයෙන් බංකොලොත් වෙච්ච නැගිටින්න බැරි තරමට කඩා වැටුණු පක්ෂයක්.
තමන්ගේ පක්ෂය යම් පොදු එකගතාවට තමන්ගේම මතයකට ගේන්න බැරි විපක්ෂයෙක් අද තියෙන්නේ. ඉතින් මොකක් හරි සිදුවීමක් වෙද්දී ඒක ආණ්ඩුව පැත්තට දානවා.
දැන්ඔය කියන සිද්ධි ආණ්ඩුව අතින් සිද්ධවුණා කියලා අපි පිළළිගන්නේ නැහැ. මොකද අපට කිසිම අවශ්‍යතාවක් නැහැ. මේවගේ සිදුවීම් ඇතිකරන්න. අද අපේ රජය ත‍්‍රස්තවාදයට එරෙහිව කරගෙන යන මෙහෙයුම් නිසා ජාතික වශයෙන් මෙන්ම අන්තර්ජාතිකවත් විශාල කීර්තියකට පත්වෙලා ඉන්නේ.
ඉන්දීය හමුදාවට වත් කරන්න බැරිවුණු දේ අපේ ආරක්ෂක හමුදා කරලා තියෙනවා. එහෙම රජය ජනප‍්‍රියත්වයේ ඉහළම මට්ටමකට පත්වෙලා තියෙන අවස්ථාවක මාධ්‍ය මර්දනයක් කරන්න අපිට වුවමනාවක් නැහැ.
මේ සියල්ල රජයේ ජනප‍්‍රියත්වය විනාශ කිරීම සඳහා කරන දේශපාලන කුමන්ත‍්‍රණයි. ඒ නිසා සිද්ධියක් සිදුවුණු ගමන් බොහොම පහසුවෙන් එක්පැත්තකට අත දික් කරලා ආණ්ඩුව තමයි කළේ කියන එක වැරැදියි.
අපි හොයලා බලන්න ඕනේ කොහෙන්ද මේවා සිද්ධවුණේ කියලා. දැන් මේ සිදුවීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වනවා.
ජනාධිපති තුමා පොලිස්පතිතුමාට උපදෙස් දීලා තියෙනවා. පරීක්ෂණණ විධිමත් කරන්න කියලා.ඒ පරීක්ෂණ වල ප‍්‍රතිඵළ ආවම කවුද මේ සිද්ධිය පිටුපස්සේ ඉන්නේ කියලා සොයාගන්න පුළුවන් වේවි. එහෙම නැතුව ළඟබලලා චෝදනා එල්ල කරන එක ඉතාමත් අසාධාරණයි.
ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර ප‍්‍රශ්න පිළිබඳ ප‍්‍රකාශ නිකුත් කරන අමෙරිකානු තානාපතිවරයා පිළිබඳ රාජ්‍යතාන්ති‍්‍රක කි‍්‍රයාමාර්ගයක් ගන්නා ලෙස විමල් වීරවංශ මහතා ප‍්‍රකාශ කරනවා. මේ සම්බන්ධයෙන් ඔබගේ ස්ථාවරය කුමක්ද ?
රජයේ ඇමැතිවරයෙක් වශයෙන් මම ඔයවගේ ප‍්‍රකාශ ගැන කතාකරන්න යන්නේ නැහැ. මම වැඩ කරන්න ඕනේ රාජ්‍ය ප‍්‍රතිපත්තිත් සමඟයි. එතෙන්දි රාජ්‍ය තාන්ති‍්‍රක නියෝජිතයෙක් සම්බන්ධයෙන් අපි වගකීමෙන් කටයුතු කරන්න ඕනේ.
තානාපතිවරු සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට තිබෙන බලතල සහ වගකීම අනුව තීන්දු ගනීවි. එහිදී ජනාධිපතිතුමාගේ තීරණවලට අපේ එකඟතාව තියෙනවා.
සාකච්ඡා කෙළේ මලික් චමින්ද ධර්මවර්ධන