Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, May 30, 2008

රණවිරුවනට නිවාස 50000ක්:


'අපි වෙනුවෙන් අපි' අරමුදලට අන්තර්ජාලය හරහා පිවිසුමක්

" අපි වෙනුවෙන් අපි" අරමුදල සඳහා දායකවීමට කැමති අයට
www.Defence.lk නමින් අන්තර් ජාලය හරහා මුදල් ගෙවීමට හැකි පිවිසුමක් රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශය මගින් විවෘත කැර තිබේ.
රණවිරුවන් සඳහා නිවාස 50,000ක් ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ “ අපි වෙනුවෙන් අපි” අරමුදල අරඹා තිබෙන අතර විදේශගතව සිටින ශී‍්‍ර ලාංකිකයින්ගේ ඉල්ලීම මත සම්පත් බැංකුවේ සහාය ඇතිව මෙම ආරක්ෂක ගෙවුම් පද්ධතිය අරඹා ඇත.
මෙම නිවාස ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ අනුරාධපුර ‘ ඉපලෝගම ‘ කි‍්‍රයාත්මක කළ නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය තුළ දැනට නිවාස 1620 ක් ඉදිකර තිබේ.
මෙලෙස ඉදිකරනු ලබන එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 24ක මුදලක් වැයවන අතර ඉන් රුපියල් ලක්‍ෂ දහයක ( මිලියනයක) මුදලක් රජය මගින් දරනු ලබයි.
එක් නිවසක් සඳහා නිවසකට හිමිකම් ලබන රණවිරුවාගෙන් රුපියල් ලක්‍ෂ අටක මුදලක් අයකර ගැනීමට පියවර ගනී.

ඇමැතිවරුන්ට ඉන්ධන සීමාවක් අදාළ යෝජනා ඇමැති මණ්ඩලයට


ඉන්ධන පරිභෝජනය අවම කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමැතිවරයා වශයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට ඇමැතිවරුන්ගේ ප‍්‍රතිචාර ලබන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉදිරිපත් කිරීමට නියමිත බව කැබිනට් ප‍්‍රකාශක ජනමාධ්‍ය හා තොරතුරු ඇමැති අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා ප‍්‍රකාශ කෙළේය.
ඉහළ යන ඉන්ධන මිල හමුවේ සියලුදෙනාගේ කැපවීම අවශ්‍ය බව ද, ඇමැතිවරුන්ගේ ඉන්ධන වියදම් සීමා කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ යෝජනාව ඉදිරිපත් කළ බවද ඇමැතිවරයා කීවේය.
මේ අනුව ඇමැතිවරුන්ගේ ඉන්ධන පරිභෝජනය සීමාකිරීම පිළිබඳව යෝජනා ලබන කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඉදිරිපත් කිරීමට නියමිත බව ද ඇමැතිවරයා කීවේය.
ලෝක වෙළෙඳපොළේ ශීඝ‍්‍රයෙන් ඉහළ යන ඉන්ධන මිල හමුවේ ජනතාවට යම් සහනයක් ලබාදීම සඳහා රජය උපරිම කැපවීමෙන් කටයුතු කරන බවද, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ පහළ යනවිට ඊට සාපේක්ෂව මේ රටේ ඉන්ධන මිල සැකසීමේ සූත‍්‍රයක් හඳුන්වා දුන් එ.ජා.ප.ය ඉන්ධන මිල ඉහළ යෑම පිළිබඳව රජයට චෝදනා කිරීම ගැන කනගාටු වන බව ද ඇමැති අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පැවැසුවේය.
මේක ජාත්‍යන්තර තත්ත්වයක්. යම් තරමක් ඉන්ධන නිෂ්පාදනය කරන ඉන්දියාව පවා මේ තෙල් අර්බුදයට මුහුණ පා සිටිනවා.
මෙවැනි ජාත්‍යන්තර තත්ත්වයක් තිබිය දී ප‍්‍රධාන විපක්ෂය වන එ.ජා.ප.ය ඉන්ධන මිල ඉහළ යෑමට එරෙහිව ගොන් කරත්ත දැක්කීම ගැන කනගාටුව පළ කරනවා යැයිද ඇමැතිවරයා කීවේය.
දැනටත් ආණ්ඩුව ඩීසල් සහ භූමිතෙල් සඳහා විශාල පාඩුවක් ද, පෙට‍්‍රල් සඳහා සුළු පාඩුවක් ද දරන බවද වසර පහක් වැනි කෙටි කලක් තුළ තෙල් බැරලයක මිල ඩොලර් සියයකින් පමණ ඉහළ යෑම මේ අර්බුදයට ප‍්‍රධාන හේතුව බව ද ඇමැති අනුර යාපා මහතා අවධාරණය කළේය.
වෙළෙඳ, අලෙවි සංවර්ධන, සමූපකාර හා පාරිභෝගික සේවා ඇමැති බන්දුල ගුණවර්ධන මහතා -
මේ ඉන්ධන මිල ප‍්‍රශ්නයට රජය උපරිමයෙන් මැදිහත් වෙනවා.
ලෝක ;වළෙඳපොළේ ශීඝ‍්‍රයෙන් ඉහළ යන තෙල් මිල හමුවේ රජයට කළ හැකි දේ සීමාසහිතයි.
2003 දී තෙල් බැරලය අමෙරිකන් ඩොලර් 29 යි. 2008 දී ඩොලර් 136 යි. වසර 5 ක් වැනි කෙටි කාලයක් තුළ තෙල් බැරලය ඩොලර් 100 කටත් වැඩි මුදලකින් ඉහළ ගියා.
2003 දී තෙල් ආනයනයට වැය වුණේ අමෙරිකන් ඩොලර් මිලියන 838 යි.
2007 දී ඩොලර් මිලියන 2497 යි. එය තුන් ගුණයකින් ඉහළ ගිහින්.
2003 මිල තිබුණා නම් වසරකට ඩොලර් බිලියන 1.6 ක ඉතිරියක් කරගන්නට තිබුණා. 2008 වසරේදී අමෙරිකන් ඩොලර් මිලියන 3500 ක් (රුපියල්) කෝටි 35,000 ක්) තෙල් සඳහා වැය වනු ඇතැයි රජය බලාපොරොත්තු වෙනවා.
කවර ආණ්ඩුවක් තිබුණත් මේ ඉන්ධන මිල ඉහළ යෑමට මුහුණ දෙන්නට ඕනෑ. එදා 2003 දී මෙවැනි තත්ත්වයක් තිබුණේ නැහැ.

Thursday, May 29, 2008

අත පත ගෑවොත් ඩෝං


රුදුරු කොටි ත‍්‍රස්තවාදීන් මිනිස් ඝාතන සිදුකිරීම සඳහා කාර්යාල බෑග්, ගමන් මලු, බෝනික්කන් සහ විවිධ සෙල්ලම් බඩු, පොත්, තෑගි පාර්සල්වල බෝම්බ පුපුරණ ද්‍රව්‍ය සඟවාගෙන රැගෙන එන බවට තොරතුරු හෙළි වී තිබේ. තිසර පටවලද පිරිමි බඳ පටිවලද පුපුරන ද්‍රව්‍ය රැගෙන එන බවට අනාවරණය වූ අතර එවැනි දේවල් ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත. මෙවැනි සැකසහිත උපකරණ, හිමිකරුවකු නොමැති පාර්සල් හා සැකසහිත පුද්ගලයකු දුටුවහොත් ඒ පිළිබඳව ආරක්ෂක අංශවලට හැකි ඉක්මනින් දැනුම් දෙන ලෙස හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

පාලම්පිඩ්ඩි ආරක්ෂක වළල්ලේ සිට කිලෝමීටර් 45ක් කොටි පල්ලම් බසිති


හමුදාව හැර ගිය 4000ක් යළි එක් වෙති
වන්නි මෙහෙයුමේ නිරතවී සිටින ආරක්ෂක හමුදාවල ප‍්‍රහාර හමුවේ පසු බසිමින් සිටින කොටි ත‍්‍රස්තවාදීන් මේ වන විට පාලම්පිඩ්ඩි ආරක්ෂක වළල්ලේ සිට කිලෝ මීටර් 45ක් පසු බැස තිබේ.
කොටි ත‍්‍රස්තවාදීන් මෙසේ පසු බසිමින් ගොස් ඔවුන්ගේ බංකර් දැනට මල්ලාවි තුනුක්කායි ප‍්‍රදේශයේ පිහිටුවා ඇතැයි බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර පැවසීය. වන්නි මෙහෙයුම සාර්ථකව සිදුවෙයි.
ආරක්ෂක හමුදාවෝ කොටි ඉලක්කවලට ප‍්‍රහාර එල්ල කරමින් ඉදිරියටම ඇදෙති. වන්නි මෙහෙයුම් සඳහා වර්ෂ 2007 මාර්තුවේ එම ප‍්‍රදේශයේ පිහිටැවූ සේනාංකය පමණක් මේ වනවිට පාලම්පිඩ්ඩි මඩු ප‍්‍රදේශවල බලය තහවුරු කර ගනිමින් වර්ග කිලෝමීටර් හයසීයක භූමි ප‍්‍රමාණයක් අත්පත් කරගෙන තිබේ.
ගුවන් හමුදාව මිග්, කෆීර් හා අයි 26 සහ 24 යානා වලින් කොටි ඉලක්ක වලට එල්ල කළ ප‍්‍රහාරවලින් කොටින්ට බරපතළ හානි සිදුවී තිබේ. එහිදී ආන්දන්කුලම් උතුර ප‍්‍රදේශයට ඉකුත්26 වැනිදා එල්ල වූ ප‍්‍රහාරයකින් කොටි සංවිධානයේ බෝම්බ අංශයේ ප‍්‍රධාන නායිකාවක වූ ‘ඩෝරා’ මැරුම් කෑවාය.
ඒ බව කොටි පණිවිඩ හුවමාරු වලින් තහවුරු වී තිබේ. ඊට අමතරව කොටින්ගේ සාකච්ඡා පවත්වන ස්ථානයක් ද සාමාජිකයන් රැස්වන ස්ථානයක්ද මෙම ප‍්‍රහාරවලින් විනාශ වූ බවත් බි‍්‍රගේඩියර් උදය නානායක්කාර පැවසීය.
මේ අතර යුද්ධ හමුදාව අතහැර ගිය සෙබළුන් හාර දහසක් පමණ යළි හමුදාවට එක් වී ඇත.
එය විශේෂ සිද්ධියක් බව පවසන බි‍්‍රගේඩියර් උදය නානායක්කාර මහතා හමුදාවේ මෙහෙයුම්වල සාර්ථකත්වය කෙරෙහි ඇතිවූ පැහැදීම මත මෙසේ හැරගිය පිරිස් යළි හමුදාවට එක්වන බවද කීය.

Wednesday, May 28, 2008

කොටි පාලන ප‍්‍රදේශවලින් පැමිණි තරුණයින් 05 දෙනෙක් ආරක්‍ෂක අංශ වෙත භාර වෙයි

එල්.ටී.ටී.ඊ. පාලනය යටතේ පවතින මුද නොගත් මල්ලාවි ප‍්‍රදේශයේ සිට පලා ආ තරුණයින් 05 දෙනෙක් අද (28* උදෑසන 6.00 පමණ රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණ තිබේ. මෙසේ පැමිණි පිරිස මන්නාරම පල්ලිමුනේ පිහිටි නාවික හමුදා අණුකණඩය වෙත භාර වී ඇත. තරුණියන් සිව්දෙනෙක් සහ එක් තරුණයකුගෙන් සමන්විත මෙම කණ්ඩායම වයස අවුරුදු 16-27 අතර පසුවන්නන්ය. තරුණියන් සිව්දෙනා පිළිවෙලින වයස අවුරුදු 16,19,21 සහ 26 වයස් කාණ්ඩවල පසුවන අතර, තරුණයා අවු. 27 වියේ පසුවෙයි. ඔවුන් පවසන්නේ කොටි සංවිධානය විසින් සිදුකරන බලහත්කාර බඳවා ගැනීම් වලින් බේරීමට මෙසේ පලා ආ බවයි.
රජයේ ආරක්‍ෂක අංශ වෙත පැමිණ මෙසේ භාරවූවන් , නාවික භටපිරිස් වෙත ඔවුන්ගේ ක‍්‍රියාකලාපය වෙනුවෙන් ස්වකීය ප‍්‍රසාදය පළකර සිටියි. මෙකී පිරිස අවශ්‍ය ඉදිරි කටයුතු සඳහා මේ වන විට රජයේ නියෝජිතයින් හරහා මන්නාරම සිවිල් සම්බන්ධීකරණ නිලධාරී වෙත යොමුකර තිබේ.
පසුගිය කාලය තුළ වරින් වර සාමාන්‍ය වැසියන් විශාල වශයෙන් කොටි ග‍්‍රහණයෙන් මිදී රජයේ පාලන ප‍්‍රදේශ වෙත පළා ආවේය. ඔවුන් බහුතරයක් පැවසූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය සිදුකරන බලහත්කාර බඳවා ගැනීම, වද බන්ධන ආදිය තවදුරටත් දරාගත නොහැකිව ඉතා දුෂ්කර මාවත් ඔස්සේ දිවි පරදුවට තබා පැමිණි බවයි. මීට ඉහත දී කොටි සංවිධානය අ.පො.ස. (සා/පෙළ* අසමත් තරුණ පිරිස යුද්ධය බලහත්කාරයෙන් බඳවාගෙන ඇති බවට වර්තා හෙළිවිය. එසේම යුදමය වශයෙන් පරාජයන් ලබමින් සිටින එල්.ටී.ටී.ඊ. යේ අවම වන පිරිස් බලය වැඩිකර ගැනීමට ද ඔවුන් තරුණ කොටස් බලහත්කාරයෙන් සංවිධානයට බඳවා ගන්නා බවට තොරතුරු පළවිය. මේ තත්ත්වය උග‍්‍ර ලෙස පවතින කොටි පාලන ප‍්‍රදේශවලින් පළා එන මෙවන් තරුණ පිරිස් පසක් කර දෙන්නේ මෙකී වාර්තාවල සත්‍යතාවය නොවේ ද?

උසස් පෙළ සියලූම විෂයයන් ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම ආරම්භ වේ

අ.පො.ස.(උ/පෙළ* විද්‍යා විෂය ධාරාවට අමතරව වාණිජ, කලා විෂය ධාරාව ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම සඳහා දිවයිනේ පාසල් 53ක් තෝරා ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ප‍්‍රකාශ කරයි. ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් මෙම විෂය ධාරාවන් ඉගැන්වීමට අවශ්‍ය පහසුකම් එම පාසල් සඳහා ලබා දෙන මෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා උපදෙස් ලබා දී තිබේ.
බස්නාහිර පළාතේ පාසල් 12ක් ද මධ්‍යම පළාතේ පාසල් 8ක් ද මෙසේ තෝරා ගත් පාසල් අතර වේ.
දකුණ සහ වයඹ පළාත්වලින් පාසල් 07 බැගින් තෝරා ගෙන ඇති අතර සබරගමුව පළාතේ පාසල් 08ක්, ඌව පළාතේ 04ක් හා උතුරු පළාතේ පාසල් 03ක් තෝරා ගෙන තිබේ.
නැෙÛනහිර සහ උතුරුමැද පළාත්වලින් පාසල් 02 බැගින් තෝරා ගෙන තිබෙන අතර අ.පො.ස. (උසස් පෙළ* සියලූ ම විෂයන් ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වේ.

නාඳුනන තුවක්කුකරුවන් විසින් පුද්ගලයෙකු ඝාතනය කෙරේ

කොළඹ : ඊයේ(27* රාත‍්‍රී 08.45 ට පමණ අදුරුප්පු වීදිය පොලිස් වසමට අයත් අංක 120 කදිරේෂන් වීදියේ පිහිටි බලාජි ලොජ්හි කළමනාකරු වෙඩි තබා ඝාතනය කර ඇත. මොහු නමින් මුත්තයියා පිල්ලේ ශිව බාලසුබ‍්‍රමනියම් වේ. නාඳුනන තුවක්කුකරුවන් විසින් මොහුගේ පපුවට වෙඩි තබා ඇති අතර එම වෙඩි තැබීමෙන් ඔහු මිය ගොස් ඇත.

Tuesday, May 27, 2008

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති පදවිය නිමල්ට

ශ‍්‍රී ලංකාවට අති විශාල කීර්තියක් ලබා දෙමින් රටවල් එකසිය අනූ තුනක ඒකමතික ඡන්දයෙන් සෞඛ්‍ය ආරක්‍ෂණ හා පෝෂණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති තනතුරට පත් වී සිටියි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙතෙක් එම උසස් පදවියකින් පිදුම් ලත් එකම හා පළමු වන ශ‍්‍රී ලාංකිකයා වීමේ ගෞරවය ද මෙයින් ඒ මහතාට හිමිවේ. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ඊයේ (26) පෙරවරුවේ පැවැති ලෝක සෞඛ්‍ය සංවිධාන විධායක කමිටු රැස්වීමේ දී එම සංවිධානයේ සභාපති තනතුරට ඒ මහතා පත්කරනු ලැබුවේ ඔහුගේ දක්‍ෂතාවයත් කැපවීමත් නිසා බව එම සංවිධානය පවසයි. සාමාජිකයන් තිස්හතර දෙනෙකුගෙන් සමන්විත විධායක සභාව ඒකමතිකව ගනු ලැබූ මෙම තීරණය ශ‍්‍රී ලංකාවට විශාල ගෞරවයක් බව ඇමැතිවරයා පවසයි.
ඒ මහතා 1998 වසරේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවේ සාමාජිකයකු වශයෙන් හා එහි උප සභාපතිවරයකු වශයෙන් තෝරාපත් කරගන්නා ලද අතර 2000 වර්ෂය දක්වාම එම තනතුර දැරීමට සමත් විය.
නැවත 2005 වර්ෂයේ දී දකුණු ආසියානු කලාපය නියෝජනය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභා සාමාජිකයකු බවට පත් වූ ඒ මහතා, රැස්වීම්වල දී මෙන් ම සහා රැස්විම්වල දී සෞඛ්‍ය විෂයට අදාළ කරුණු ඉදිරිපත් කිරීමේ දී ලද ප‍්‍රවනතාවය නිසාම ඉතාමත් ජනප‍්‍රිය විධායක සභිකයකු බවට පත්වූයේ ය.
සාමාජික රටවල් අතර ඇති කරගන්නා ලද සුහදතාවයට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික අයවැය මඟින් කලාපීය වශයෙන් මුදල් වෙන්කිරීම පිළිබඳව පැන නැගී තිබූ ගැටලුව විසඳීමේ කාර්යභාරය, ඒ මහතා වෙත පවරනු ලැබීමෙන් අනතුරුව, එම කාර්යභාරය ඉතාමත් සාර්ථකව ඉටු කිරීම නිසා ඔහුගේ හැකියාව හා දක්‍ෂතාවය විධායක සභාව විසින් අගැයීමකට ලක් කරනු ලැබීය.
ඔහු ලැබූ මෙම ජයග‍්‍රහණ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් එහි ජාත්‍යන්තර සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධූරයට නිමල් සිරිපාල මහතා පත් කරන ලදි.
නෝර්වේ රාජ්‍යයේ හිටපු අග‍්‍රාමාත්‍ය නෝ කාර්ලන් රූට්ලන්ඩ් මහත්මිය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජනගහන අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය වූ හෆීක් සදීක් මහත්මිය යුනිසෙෆ් සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා කැරොල් වෙලම් මහත්මිය මෙන් ම ලෝක බැංකුවේ විධායක අධ්‍යක්‍ෂවරයා ද එහි අනෙකුත් සාමාජිකයින් ලෙස පත් වී සිටියහ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ අවධානයකට ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය ඇමැතිවරයා පත්වූයේ දුම්වැටි හා මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳව ඇති වූ ගැටලු පිළිබඳව විශාල හඬක් නගා ඒ වෙනුවෙන් මහඟු දායකත්වයක් ලබාදීම වෙනුවෙනි.
එසේම සෞඛ්‍ය වෘත්තිකයින් තුන්වන ලෝකයේ රටවල් අතහැර දමා දියුණු රටවල්වලට සංක‍්‍රමණය වීම තුළින් ඇතිවන ගැටලු පිළිබඳව මහත් හඬක් නැගූ ඒ මහතා ප‍්‍රබල මතවාදයක් ගොඩනැගීමට මූලිකව කටයුතු කිරීම ප‍්‍රතිඵලදායක වීම ද සංවිධානයේ අගැයීමට ලක් වී ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ඉදිරිපත් කරන ලද Social Determinants and Health පිළිබඳ වූ කොමිෂන් සභාව ස්ථාපිත කිරීම පිළිබඳව මූලික අදහස් ඉදිරිපත් කළේ ද ඒ මහතා විසින් වන අතර ආසියානු කලාපය තුළ සෞඛ්‍ය ප‍්‍රවර්ධන කටයුතු වල දී විශිෂ්ට නායකත්වයක් ප‍්‍රදර්ශනය කරන ලද අතර අග්නිදිග ආසියාවේ සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සම්මේලනයේ සභාපතිවරයා ද වූයේ ය.
ගැඹුරු ලෙස කරුණු ඉදිරිපත් කරන චතුර කථිකයකු ලෙස නමක් දිනා ඇති නිමල් සිරිපාල මහතා ලබාගත් මෙම කීර්තිය ඔහුගේ පුද්ගලික කීර්තියක් හෝ ජයග‍්‍රහණයක් නොවන අතර තමන් ජන්ම ලාභය ලද රටට ලබා දුන් කීර්තියක් බව ඒ මහතා ප‍්‍රකාශ කර සිටියි.

අටක් මරුට: 72කට තුවාල

සුනෙත් රොද්‍රිගෝ, දයා පෙරේරා, අනුර ප්‍රේමලාල්, වෙල්ලස්සේ බණ්ඩාර, එම්. ඩී. ධර්මසිරි, මහින්ද කුලතුංග, භක්ති ධර්මපි‍්‍රය මෙන්ඩිස් සහ දෙහිවල ගල්කිස්ස සමූහ සුරන්ජිත් පෙරේරා, ඡායාරූප – රංජිත් ජයවීර සහ තුෂාර ප‍්‍රනාන්දු
දෙහිවල දුම්රිය ස්ථානයේදී ඊයේ (26) සවස කාර්යාල දුම්රියක් තුළ බෝම්බයක් පුපුරා යාමෙන් එහි ගමන් ගත් මගීහු අට දෙනෙක් මිය ගොස් තවත් 72ක් තුවාල ලැබූහ.
කොළඹ කොටුවෙන් ඊයේ සවස පානදුර බලා ගමන්ගත් කාර්යාල දුම්රියේ මෙම බෝම්බය පුපුරා ගිය අතර මියගිය සහ තුවාල ලැබුවන්ගෙන් වැඩිදෙනා රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයෝ වෙති.
මිය ගිය අටදෙනා අතර කාන්තාවෝ හයදෙනෙක් සහ පිරිමි දෙදෙනෙක් වෙති. තුවාලකරුවන් කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරුණු අතර රෝගීන් පස් දෙනකු හදිසි ශල්‍යකර්මවලට ලක්කළ බව රෝහල් අධ්‍යක්‍ෂක වෛද්‍ය විල්ෆඩ් කුමාරසිරි මහතා කීය. බරපතළ තුවාල ලත් රෝගීන් දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.
කොළඹ කොටුවෙන් ඊයේ සවස 4.25 පිටත් වූ අංක 763 දරන කාර්යාල දුම්රියේ පස්වැනි මැදිරියේ මෙම බෝම්බය පිපිරී තිබේ. දුම්රිය මැදිරියේ වම්පස උඩ පිහිටි ගමන්මලු රාක්කයේ බෝම්බය තිබී ඇති ආකාරයක් පෙනීයයි. දුම්රියේ වහළය කොටසට දැඩි හානි සිදුවී තිබේ.
බෝම්බය පිපිරීමත් සමඟම මගීන්ගේ මරලතෝනි හඬ පැතිරී ගිය අතර මැදිරිය එකම ලේ විලක් බඳු විය.
විශාල පිපිරුම් හඬකින් මුළු දෙහිවල ප‍්‍රදේශයම ගිඟුම් දුන් අතර බෝම්බ පිපිරීමත් සමඟම එම ස්ථානයට පැමිණි අවට පදිංචිකරුවෝ තී‍්‍රරෝද රියදුරෝ හා ආරක්ෂක අංශ සාමාජිකයෝ සහ යාබද මැදිරිවල සිටි මගීන්ද යුහුසුළුව ඉදිරිපත් වී තුවාලකරුවන් කළුබෝවිල රෝහල කරා ගෙනයාමට කටයුතු කළහ.
සිද්ධියට අදාළ දුම්රියේ මැදිරි 12 ක් තිබී ඇති අතර මෙම බෝම්බය පිපිරුණු අවස්ථාවේදී එම දුම්රිය මැදිරියේ මගීන් 200 ක් පමණ සිට ඇති බවත් වාර්තා විය.
එම පිරිස වෙනත් මැදිරිවල සිටි පිරිසට වඩා අඩු පිරිසකි.
බෝම්බය පිපිරීගිය පස්වැනි මැදිරියේ භාණ්ඩ පාර්සල් වැඩි සංඛ්‍යාවක් තිබූ බවත් අනාවරණය විය.
මෙම බෝම්බය පිපිරීමත් සමඟම මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනා ගමනය තාවකාලිකව නවතා දැමූ අතර සවස 6.00 සිට දුම්රිය යථා තත්ත්වයට පත්විණි.
තුවාලකරුවන් කළුබෝවිල රෝහලට ගෙන ඒමත් සමඟම තම ඥාතීන් හිතවතුන් පිළිබඳ සොයා බැලීම සඳහා විශාල පිරිස් රෝහල් කරා පැමිණියහ.
මෙම බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියත් දුම්රිය දෙපාර්තමේන්තුවත් විශේෂ පරීක්ෂණ පවත්වති.
දුම්රියේ පුපුරා ගිය මෙම බෝම්බයට පුපුරණ ද්‍රව්‍ය කිලෝ එකහමාරක් පමණ යොදා ඇති බවට විශ්වාස කරන්නේ යැයි යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර මහතා “දිනමිණ” ට කීය.

තෙල් මිල ඉහළ දැමීමෙන් සියලුම රටවලට දුෂ්කරතා

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක මිල අමෙරිකා ඩොලර් 135 දක්වා ශීඝ‍්‍ර ලෙස ඉහළ යෑමෙන් තෙල් පරිභෝජනය කරන සෑම රටක්ම පාහේ දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී ඇත.
ආසියානු කලාපීය රටවලද මේ තත්ත්වයෙන් මිදීමට නොහැකිවීම මත ඒ සෑම රටක්ම පාහේ තෙල් මිල ඉහළ දැමීමේ කි‍්‍රයාදාමයට යොමු වී තිබේ.
ඊට අනුගත වෙමින් අපේ අසල්වැසි රටවල් වන ඉන්දියාව හා බංග්ලාදේශය ඉදිරි දිනවලදී ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.
ඉන්දියාව තෙල් සහනාධාරය ලබාදීමෙන් දිනකට ඩොලර් මිලියන 100 ක පාඩුවක් අත්විඳින බව පවසන එරට ඛනිජ තෙල් අමාත්‍යාංශය පවතින තත්ත්වය යටතේ තෙල් මිල ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නැති බව පවසා තිබේ.
ඒ අනුව පෙට්රල් ලීටරක මිල සියයට 22 කින් හා ඩීසල් ලීටරයක මිල සියයට 16 කින් වැඩි කිරීමට එම අමාත්‍යාංශය රජයට උපදෙස් දී ඇත.
බංග්ලාදේශය ද වත්මන් මූල්‍ය වර්ෂයේ තෙල් සහනාධාරය සැපැයීමෙන් ඩොලර් බිලියන 1.2 ක පාඩුවක් අත්විඳි ඇති බවත්, හැකි ඉක්මනින් තෙල් මිල ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නැති බවත් පවසා තිබේ.
මේ හැර ඉන්දුනීසියාව, තායිවානය හා මැලේසියාව වැනි ආසියාතික රටවල්ද දැනටම සියයට 33 කින් තෙල් මිල ඉහළ නංවා තිබේ.

ගර්ඝණී මවක් ඇතුළු කාර්යාල දුම්රියේ 7 ක් කොටි බෝම්බයෙන් මරුට - 62 ක් තුවාලයි

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් සිය මිලේච්ඡත්වය තවත් වරක් ලොවට විදහා පාමින් අද (මැයි 26) දින සවස් කාලයේදී දෙහිවල දුම්රිය ස්ථා‍නයේදී කාර්යාල දුම්රියක් තුල බෝම්බයක් පුපුරුවා හැර ඇත. සවස 4.15 ‍ට පමණ මරදාන දුම්රිය ස්ථානයේ සිට පානදුර බලා ගමන් කරමින් සිටි මෙම දුම්රියේ ගමන් කරන ලද වැඩිමනක් දෙන‍ා වාර ප්‍රවේශපත්‍ර මගින් දෛනිකව මෙම දුම්රියේ ගමන් ගන්නා සාමාන්‍ය කාර්යාල සේවකයන් විය. සවස 4.55 ට පමණ දෙහිවල දුම්රිය ස්ථානය තුලදී මිලේච්ඡ ත්‍රස්තවාදීන් විසින් බෝම්බය පුපුරුවා හැරීමත් සමග එහි ගමන් ගත් 7 දෙනෙකුට සුපුරුදු පරිදි ගමනාන්තයෙන් බැස සිය අඹු දරුවන් නෑසියන් බලා යාමේ භාග්‍යය අහිමි විය. මේ අතර වූ තවත් තැනැත්තියක් තවත් නොබෝ කලකදී මවක් වන්නට පෙරුම් පිරූ ගර්භණී මාතාවක් වූවාය. මෙම බෝම්බ ප්‍රහාරයෙන් එහි ගමන් ගත් තවත් 62 ක් ද තුවාල ලැබීය. පුපුරවා හරින ලද බෝම්බය එම දුම්රියේ ගමන් මළු අසුරා තබන රාක්කයක් තුළ සඟවා තබන්නට ඇති බව පොලීසිය විසින් සැක පල කරයි. තුවාල කරුවන් කළුබෝවිල ශික්ෂණ රෝහල හා ‍ජාතික රෝහල වෙත වහා ඇතුලත් කරනු ලැබ ඇත. සිවිල් වැසියන් ඉලක්ක කර ගෙන සහසික අපරාධ නිරතුරු සිදු කරනු ලබන එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් දමිළ ජනතාව උදෙසා සිය මනෝරාජික රාජ්‍යය ඉදි කිරීමේ අරමුණින් දශක දෙකහමාරකට ආසන්න කාලසීමාවක් මුළුල්ලේ සිංහල, දෙමළ හා මුස්ලිම් ජාතීන් ට අයත් ශ්‍රී ලාංකීය බාල, තරුණ, මහළු අනේක විධ පුද්ගලයන් හ‍ා දේශපාලන නායකයන් රැසක් කිසිදු වග විභාගයකින් තොරව සිදු කරනු ලබන බෝම්බ පුපුරුවා හැරී‍ම් තුලින් මරණයට හා අකර්මණ්‍යත්වයට පත් කරමින් සිටී. අමෙරිකානු මධ්‍යම බුද්ධි කාරයංශය පවා මෑතකදී ප්‍රකාශයට පත් කර ඇත්තේ ලොව මහත් භයානක ත්‍රස්ත කල්ලි අතර එල්.ටී.ටී.ඊ. සංවිධානය පෙරමුණ ගන්නා ත්‍රස්තවාදී සංවිධානයක් බවයි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් කොල්ල කන ලද මාවිල්-ආරූ අවිහිංසක ගොවි ජනතාවගේ ජල අයිතිය ජීවිතය පරිත්‍යා‍ගයෙන් රැක දුන් අපගේ විරෝධාර රණවිරුවන්ගේ නාමයෙන් සොරොව් දොර විවර වීමේ උද්ධාමයත් සමග ඇරඹි මානූෂවාදී මෙහෙයුම් ත්‍රස්තවාදීන් මෙරටින් අතුගා දැමීම දක්වා දිගු කිරීමට ආරක්ෂක අංශ විසින් තීරණය කරනු ලැබිණි. මෙම දිගු ගමනේදි විඩා නොලද අපගේ විරෝධාර රණවිරුවන් මේ අතර කාල සීමාව තුල ලද ජයග්‍රහණයන් ප්‍රමාණය විශ්මය ජණකය. පිට පිට ලද අ‍නපේක්ෂිත පරාජයන් හමුවේ වියරු වැටී සිටින කුරිරු ත්‍රස්තවාදීන් විසින් අවිහිංසක සිවිල් වැසියන් ඉලක්ක කරගෙන මෙවන් බියසුළු ප්‍රහාරයන් එල්ල කිරීම මේ අතරතුර සිය ක්‍රමවේදය බවට පත් කර ගන්නා ලද බවක් පෙනෙන්නට ඇත. පසුගිය ජූනි 25 දින මහානුවර - මඩවල හංදියේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල සවි කර තිබූ ක්ලේමෝ බෝම්බයක් වත්තේගම පොලීසිය විසින් සොයා ගනු ලැබුවේ සුපරික්ෂාකාරී මහජනතාවගේ සහයෙනි. පසුගිය 24 දින කොළඹ සිට මොරටුව බලා ගමන් කරමින් තිබූ බස්රථයක වූ කිලෝ 3 ක් පමණ බෝම්බය සොයා ගෙන ජීවිත හානි රැසක් වලක්වාලනු ලැබුවේද සුපරික්ෂාකාරී මහජනයා විසිනි. එදිනම සවස් කාලයේදී පරකන්දෙනිය සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ බස්රියක වූ කිලෝ 1.25 ක් පමණ වූ කාල බෝම්බය සොයා ගත හැකි වූයේ බසයේ කොන්දොස්තර මහතාගේ සුපරික්ෂාකාරී බව නිසාවෙනි. කුරිරු ත්‍රස්තවාදයේ අවසානය අපගේ විරෝධාර රණවිරුවන් විසින් උදාකරදෙමින් සිටී. මවුබිමේ නාමයෙන් වෙනදාට වඩා අවධියෙන් සිටීමට ඔබටත් මටත් හැකිනම් එයද ත්‍රස්තවාදයට ‍එරෙහි බැඳි කොටු පවුරක් වන බව නම් ඒකාන්තය.

Monday, May 26, 2008

දෙහිවලදී දුම්රියක් තුල බෝම්බයක් පුපුරයි

හතක් මරුට 50 කට තුවාල මරදානේ සිට පානදුර දක්වා ධාවනය වූ කාර්යාල දුම්රියේ මැදිරියක බෝම්බයක් පුපුරා යාමෙන් 07 දෙනෙකු ජීවිතක‍ෂයට පත්ව 50 අධික පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ෙජ්ෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් ගුණසේකර මහතා පැවසීය. මේ අතර නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම බෝම්බ ප්‍රහාරයෙන් 13 දෙනෙකු මියගොස් ඇති බවයි.
මෙම බෝම්බය පුපුරා ගොස් තිඛෙන්නේ දුම්රිය දෙහිවල දුම්රිය ස්ථානයේ නතර කිරීමෙන් පසු නැවත ගමන ආරම්භ කිරීමේදීය. ඔහු පවසන අන්දමට බෝම්බ පිපිරී ගොස් තිඛෙන්නේ දුම්රියේ 5 වන මැදිරියේය. එම දුම්රිය තුලම තවත් බෝම්බයක් ඇති බවට ලැබුණු ආරංචියක් මත එම දුම්රියේ මැදිරි සෝදිසි කිරීමක යෙදී සිටින බවද ඔහු පැවැසීය. මෙම අවාසනාවන්ත ඉරණමට ලක්වූ දුම්රිය මරදාන දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹා ඇත්තේ පස්වරු 4.45 ට පමණය.
තුවාල කරුවන් කළුබෝවිල හා කොළඹ ජාතික රෝහලට ගෙන ඒමට සියලූ කටයුතු යොදා ඇතැයිද ඔහු සඳහන් කළේය.

වෙඩි තැබීමකින් එක් අයෙකුට තුවාල

මැයි 26 - අක්කරෙයිපත්තුව නගරයේදී සිදුවූ වෙඩි තැබිමකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලැබීය.
පොලිස් ප්‍රකාශක මාධ්‍ය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රංජිත් ගුණසේකර මහතා පැවසුවේ නාඳුනන තුවක්කුකරුවෙකු විසින් ඊයේ රාත්‍රීයේ එම වෙඩි ප්‍රහාරය එල්ල කරනු ලැබ ඇති බවය.
වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබු 40 හැවිරිදි අදාළ පුද්ගලයා අම්පාර රෝහලට ඇතුලත් කෙරිණි.

පෞද්ගලික අංශයේ වැටුප් සියයට 25කින් ඉහළට

ඉහළ යන ජීවන වියදම හමුවේ ජනතාව මුහුණ දෙන ගැටලු අවම කිරීම සඳහා පෞද්ගලික අංශයේ වැටුප් වහාම කි‍්‍රයාත්මක වන පරිදි සියයට 15 සිට 25 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කැර ඇත.
මේ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ලබන සතියේ නිකුත් කිරීමට නියමිත බව කම්කරු සබඳතා හා මිනිස් බල ඇමැති අතාවුද සෙනෙවිරත්න මහතා ඊයේ (25) දිනමිණට පැවසීය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පඩිපාලක සභාව සමඟ සාකච්ඡා කිරීමෙන් පසු පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමේ තීරණයට එළඹි බව පවසන අමාත්‍යවරයා ජුනි මාසයේ අවසානය වන විට එය කි‍්‍රයාත්මක කිරීමට හැකිවනු ඇතැයි පැවසීය.
රජයේ වගකීමක් හා යුතුකමක් ලෙස පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධව අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට සියලුම පාර්ශ්වවලට ආරාධනා කරන බව හෙතෙම කීය.
ආයතනයේ ස්භාවය අනුව වැටුප් සියයට 15 සිට - 25 දක්වා ඉහළ දැමීම තීරණය කළ හැකි බවත්, එය ආයතනයේ සියලු පාර්ශ්වයන්ගේ අදහස් අනුව කි‍්‍රයාත්මක කිරීමට පියවර ගන්නා බවත් පැවසීය.
දිනෙන් දින ඉහළ යන ජීවන වියදම හේතුවෙන් පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකරන ලෙස ඉල්ලීම් ලැබුණු බවත් මහජනතාවගෙන් පත්වූ රජයක් ලෙස එය ඉටුකිරීමට රජය බැදී සිටින බවත් ඇමැතිවරයා අවධාරණය කෙළේය.
ලක්ෂ 35ක් පමණ වන පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා අවම හා මූලික වැටුපක් ලබාදීමට රජය මීට පෙර පියවර ගනු ලැබූ අතර 2006 වසරේදී පෞද්ගලික අංශයේ සියලු දෙනාට රුපියල් දහසකින් වැටුප් වැඩි කිරීමට පියවර ගත් බවද රජය දුන් පොරොන්දු ඉටු කර ඇති බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

ලෝකයේ තෙල් මිල ඉහළ යාම කිසිම රජයකට වළක්වන්න බැහැ

ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල ශීඝ‍්‍රයෙන් ඉහළ යාම නිසා මෙරට ඉන්ධන මිලද ඉහළ දැමීමට රජයට සිදුව ඇතැයි රජයේ ඇමැතිවරු පෙන්වා දෙති.
ඉන්ධන මිල ඉහළ නොදමා ජනතාවට සහනාධාරයක් ලබාදීමට රජය කටයුතු කළද, එමගින් රජය මසකට රුපියල් කෝටි දහසක පාඩුවක් ලබන බව පෙන්වා දෙන ඔවුහු පවතින ආර්ථික වාතාවරණය තුළ එම සහනාධාරය තවදුරටත් පවත්වාගෙන යාමට හැකියාවක් නැතැයි පවසයි.
තවදුරටත් එසේ සහනාධාරය ලබා දුන්නොත් මෙරට ආර්ථිකය කඩා වැටීම නොවැළැක්විය හැකි බව පවසන තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා, ජාත්‍යන්තර වෙළෙඳපොළේ මිලත් සමඟ මෙරට ඉන්ධන මිල තීරණය කළ යුතු බවත් ඊට එරෙහිව යාමට කිසිදු රටකට නොහැකි බවත් පෙන්වා දෙයි.
අප රටේ තෙල් නිෂ්පාදනය නොකෙරෙන බැවින් රජයට ඉන්ධන මිල ජාත්‍යන්තරයට අනුව ඉහළ දැමීමට සිදුවී ඇති බව පැවැසු ඇමැතිවරයා රජය ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කළේ වෘත්තීය සමිති, ගොවි සමිති ආදී පොදුජන සංවිධාන සමඟ කළ සාකච්ඡාවලින් පසුව බවත් ප‍්‍රකාශ කෙළේය.
2004 වසරේදී අමෙරිකානු ඩොලර් 28 ට තිබූ තෙල් බැරලයක මිල අද වනවිට ඩොලර් 132 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් අන්තර්ජාතික වෙළෙඳපොළේ තෙල් මිල ශීඝ‍්‍රයෙන් ඉහළ යද්දී රජය ජනතාව වෙනුවෙන් විශාල බරක් දරන බව සමහර දේශපාලන පක්ෂවලට අමතකව ඇතැයිද රාජ්‍ය ආදායම් ඇමැති සහ මුදල් නියෝජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ජාත්‍යන්තර වෙළෙඳ පොළේ මිල දිනෙන් දිනම ඉහළ යමින් පවතින බව පෙන්වා දෙන ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප‍්‍රවර්ධන ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා ඊට පිළියම් වශයෙන් අප කළ යුතුව ඇත්තේ කෙසේ හෝ රට තුළ තිබෙන තෙල් සම්පත සොයාගෙන පරිභෝජනයට ගැනීම බව පවසයි.

ජනතාවගේ විමසිලිමත්කමින් කාල බෝම්බ 3ක් සොයා ගනී

වත්තේගම මඩවල හන්දියේ සඟවා තිබූ කාල බෝම්බයක් ඊයේ (25) උදේත්, මොරටුව රාවතාවත්තේදී සහ ගනේමුල්ලේදී බස්රථ දෙකක් තුළ තබා තිබූ කාල බෝම්බ දෙකක් පෙරේදා (24) උදේත් ආරක්‍ෂක අංශ මගින් සොයාගෙන තිබේ.
ඊයේ උදේ 9.20 ට පමණ වත්තේගම, මඩවල හන්දියේ විදුලි ට‍්‍රාන්ස්ෆෝමරයක සවිකර තිබූ කිලෝ ග‍්‍රෑම් 1ක් බර කාල බෝම්බයක් ප‍්‍රදේශවාසියකුගෙන් ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මගින් සොයා ගෙන තිබේ.
පෙරේදා උදේ මොරටුව රාවතාවත්තේදී සොයාගත් කාලබෝම්බය පිටකොටුව සිට මොරටුව බලා ගමන්ගත් බස්රථයක සඟවා තිබියදී බස් රථයේ කොන්දොස්තරවරයා දැක බස් රථය වහා නවත්වා මගීන් ඉවත් කැර මොරටුව පොලීසියට දැනුම් දී ඇත.
පොලීසිය වහා කි‍්‍රයාත්මක වී යුද හමුදා බෝම්බ නිෂ්කී‍්‍රය අංශය කැඳවා බෝම්බය නිෂ්කී‍්‍රය කර තිබේ. මෙම බෝම්බය කිලෝ 4ක් බරැති සී - 4 පුපුරණද්‍රව්‍ය අඩංගු කර කම්බි කණු සඳහා යොදාගන්නා කොකු ඇණ යොදා සකස්කල අමුතුම ආකාරයේ කාල බෝම්බයක් බව පොලීසිය පවසයි.
ගනේමුල්ලේ බස් බෝම්බය හමුවී ඇත්තේ කොටුව සිට පරකන්දෙණිය බලා ගමන් කළ මාර්ග අංක 218 බස් රථයක වන අතර බස් රථයේ මගීන් සියල්ල බැසයාමෙන් පසු කොන්දොස්තරවරයා බස් රථය පරීක්‍ෂා කිරීමේදී ඉංගී‍්‍රසි පත්තරයකින් ඔතන ලද බෝම්බ පාර්සලය හමුවී තිබේ.
පසුව එම පාර්සලය අසල පිහිටි කොස්සින්න විහාරස්ථානය අසල මාර්ගයට විසිකර තිබෙන අතර 119 හදිසි දුරකථනයට දැනුම්දීමෙන් පසු ගනේමුල්ල පොලීසිය වහා පැමිණ යුද හමුදා බෝම්බ නිෂ්කී‍්‍රය අංශය කැඳවා නිෂ්කී‍්‍රය කර තිබේ.
පොලිසිය මහජනතාව, කොන්දොස්තරවරු සහ රියැදුරන් දැනුවත්කර තිබූ නිසා මෙම බෝම්බ සොයාගැනීමට හැකිවූ බව ගනේමුල්ල පොලිස් ස්ථානාධිපති කේ. ආර්. පි‍්‍රයන්ත මහතා පැවසීය .මේ පිළිබඳ පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

Sunday, May 25, 2008

තවත් බොම්බයක් සොයාගැනේ.

මහනුවර මඩවල ප්‍රදේශයේදී තවත් 1 kg බරුති කාලබොම්බයක් සිවිල් වැසියෙකුලෙන් ලත් තොරතුරක් මත බොම්බ නිශ්ක්‍රීය අංශය විසින් නිශ්ක්‍රීය කර ඇත

ඉන්ධන සහනයෙන් රජයට පාඩුව මසකට කෝටි 1000යි

පෙට‍්‍රල්, ඩීසල් සහ භූමිතෙල් සහන මිලට ජනතාවට සැපයීම නිසා රජයට මසකට රුපියල් කෝටි දහසක පාඩුවක් ලැබීමට සිදුව ඇතැයි රාජ්‍ය ආදායම් ඇමැති සහ නියෝජ්‍ය මුදල් ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා කියයි.
ජනතාවට ලබාදෙන ඉන්ධන සහනාධාරය නිසා අවම වශයෙන් ඩීසල් හා භූමිතෙල් ලීටරයකින් රුපියල් 100ක පමණ පාඩුවක්ද, පෙට‍්‍රල් ලීටරයකින් රුපියල් දහයක පමණ පාඩුවක්ද ලබන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
අන්තර්ජාතික වෙළෙඳපොළේ තෙල්මිල ශීඝ‍්‍රයෙන් ඉහළ යද්දී රජය ජනතාව වෙනුවෙන් විශාල බරක් දරණ බව සමහර දේශපාලන පක්ෂවලට අමතක බවද ඇමැතිවරයා කීය. 2004 වසරේදී රජය රට බාර ගන්නා විට ඇමෙරිකානු ඩොලර් 28ට තිබූ තෙල් බැරලය මේ වනවිට ඩොලර් 132 දක්වා වැඩිවී ඇති බවත් මේ නිසා මෙරට තෙල්මිල ඉහළ යාම සියයට 350ක් බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
තෙල්මිල ඉහළ යද්දී රටේ භාණ්ඩ හා සේවා මිල ඉහළ යන බව දැන දැනත් රජය අප‍්‍රසාදයට පත් කිරීමේ අරමුණින් ඇතැම් දේශපාලන පක්ෂ රජයට එරෙහිව පදනම් විරහිත චෝදනා නඟන බවද ඇමැති වරයා කීය.

මොරටුවේදී සිවිල් වැසියන් ඉලක්ක කර තැබූ බස් බෝම්බයක් සොයාගනී

මොරටුවේදී සහ ගනේමුල්ල ප්‍රදේශයන් හි සිවිල් වැසියන් ඉලක්ක කරමින් ඊයේ (මැයි 24) පිපිරවීමට සූදානම් කර තිබූ බස් බෝම්බ 02ක් සොයා ගැනීමට හැකි වූ බව ආරක්ෂක වාර්තා සඳහන් කරයි.
ආරක්ෂක වාර්තා සඳහන් කරන අන්දමට ඊයේ දිනය තුල හමුවූ දෙවෙනි බස් බෝම්බය වන මෙය කි.ග්‍රෑ. 03 ක් පමණ බරින් යුක්ත වන අතර, එය කොළඹ සිට මොරටුව දක්වා මගීන් ප්‍රවාහනය කරන බස් රථයක තිබී රාත්‍රී 8 ට පමණ සොයා ගෙන ඇත. හිමිකරුවකු නොමැති පාර්සලයක් බස් රථයේ තිබෙනු දුටු මඟීන් ඒ සබැඳිව බස් රථයේ කොන්දොස්තර වරයා දැනුවත් කර ඇත. වහා ක්‍රියාත්මක වූ බ‍ස් රථයේ කේන්දොස්තර වරයා බසය රාවතාවත්ත ප්‍රදේශයේ නවත්වා මගීන් බස් රථයෙන් ඉවත් කර අංක 119 හදිසි සේවා අංශයට දුරකතන ඇමතුමක් දී මේ බව දන්වා ඇති බව ව‍ාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.
යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය වහාම එම ස්ථානයට පැමිණ කාල බෝම්බය සහිත පාර්සලය නිෂ්ක්‍රීය කර ඇත.

බාල්රාජ් ගේ මරණයෙන් කොටි සංවිධානය දෙදරයිද?

ඒපසුගිය 16 වැනි සිකුරාදා මධ්‍යාහ්නයයි. හිරු කොළඹ අහසට මුදුන් වී ඩාදියෙන් සිරුරු තෙමන වේලාවයි. එහෙත් පොලිස් කැරලි මර්දන ඒකකයට කාර්ය බහුල වේලාවකි. එක්සත් ජාතික පාක්ෂිකයෝ නැඟෙනහිර මැතිවරණ පරාජයෙන් හෙම්බත්ව විරෝධතා රැළියක් පැවැත්වීමට එකතු වෙති. ඔවුන් පෙළපාළියෙන් අරලිය ගහ මන්දිරය දෙසට යාම වැළැක්වීම සඳහා පොලිස් කැරලි මර්ධන ඒකකයේ නිලධාරීන් නිලධාරිනියන් බස් රථ දෙකක නැඟී ලේක්හවුස් වටරවුමෙන් ගලධාරි හෝටලය දෙසට දිවෙන ලෝටස් පාරේ සම්බුද්ධාලෝක විහාරය ඉදිරිපිට සිටිනු පෙනේ. බොහෝදෙනකු බස් රථවලින් බැස මඳ විවේකයකින් සිටිනුයේ විරෝධතා රැලියට තවත් කාලවේලා ඇති බැවිනි. මාර්ගය අඩක් වසා තිබේ. කැරලි මර්ධන ඒකකයේ බල ප‍්‍රහාරක රථය එහි පොලිස් කැරලි මර්ධන අංශයේ උප පොලිස් පරීක්ෂක උපාලි රංජිත් මහතාගේ අණ යටතේ ලෝටස් පාරේ පිවිසුම අසල රැඳී සිටී. උපාලි රංජිත් මහතා රියෙන් බැස සිටිද්දී රථයේ රියැදුරු ඩයස් හා සහායක නිලධාරි කොස්තාපල් දිසානායක රිය ඇතුළත සිටිතිි.

මේ අතර බොහෝ දෙනෙකුට රහසක් වූ තවත් දෙයක් ඉන් එහා ඇති හිල්ටන් හෝටලයේ සිදුවෙමින් පවතී. ඒ නැඟෙනහිර පළාත් සභා මැතිවරණය ජයග‍්‍රහණය කළ ටී.ඇම්.වී.පී. පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) මහතා එහි ලැගුම් ගෙන සිටීමයි.

ප‍්‍රචණ්ඩකාරී ත‍්‍රස්ත ප‍්‍රවාහයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අවතීර්ණව සිය වැරැදි නිවැරැදි කරගත් චන්ද්‍රකාන්තන් මහතා දේශපාලනයට බැස නැඟෙනහිර ජනතාවට සිය සේවය ලබාදීමට සූදානමින් සිටී.

හිටි හැටියේ මහහඩින් ඇතිවූ පිපිරීමෙන් මුළු කොටුව ප‍්‍රදේශයම දෙදරා ගියේ සියලු දෙනා බියෙන් තැති ගන්වමිනි.

ගස්වල කොළ අතු උඩින් විත් සරසර ගා වැටෙන්නට විය. ලෝටස් පාර මැද මහා ගිනි ජාලාවකි. කැරලි බස් රථය හා රථවාහන කීපයක් ගින්නෙන් දැවෙයි. පුපුරා ගිය අධිබලැති බෝම්බය ඒ වනවිටත් කීපදෙනෙකුගේ ජීවිත ඔවුන්ට අහිමි කොට තිබිණි.

පිපිරුමෙන් තිගැස්සී ගිය පොලිස් උප පරීක්ෂක උපාලි රංජිත් මහතා වහා සිහි එලවාගෙන සිය ජල ප‍්‍රහාරක රථය හරවා ගිනි ජාලාවන් වෙතට සිය නිලධාරීන් සමඟ ගියේය. ඒ වනවිට සිරුරු දැවෙන වේදනාවෙන් බෙරිහන් දෙන පොලිස් නිලධාරිනියන් හා ජනතාවගේ හඬ හදවත් කම්පාකරවන සුලුය.

වෙනදා ප‍්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන පුද්ගලයන් දෙසට එල්ලවන ජල ප‍්‍රහාරක රථයේ ජල පොම්පය ගිනිගෙන දැවෙන බස්රථයට මුලින්ම එල්ල විය. බස් රථයේ ඩීසල් ටැංකියට තවමත් ගිනි ඇවිලී නැත. එය පුපුරා ගියා නම් විනාශය තවත් වැඩිවෙයි උපාලි රංජිත් මහතා තැනට සුදුසු නුවණින් කි‍්‍රයා කෙළේය.

වෙනදා ප‍්‍රචණ්ඩකාරීන්ට කරදරයක් වන ඒ ජල දහර අද ගිනිගෙන දැවෙන පුද්ගලයන්ට මඳ අස්වැසිල්ලක් විය. ගිනි නිවන රථ එනවිට පොලිස් ජල ප‍්‍රවාහයෙන් ගින්න බොහෝ දුරට නිවී අවසානය.

තුවාල කරුවන් සියයකට වැඩිය මරණාසන්න රෝගීහු හා මියගිය අයද ඒ අතර සිටිති. ඒ කොළඹ කොටුවේ පිපිරවූ මරාගෙන මැරෙන කොටි ත‍්‍රස්තවාදියාගේ මෝටර් සයිකල් බෝම්බයේ කතාවයි.

උප පොලිස් පරීක්ෂක උපාලි රංජිත් මහතා ඇතුළු පොලිස් නිලධාරීන්ගේ හා අවට සිටි ති‍්‍රරෝද රථ රියැදුරන් හා එක්රැස්වුණූ තරුණයන්ගේ උත්සාහය නිසා තවත් ජීවිත ගණනාවක්ම මරුවාගෙන් ගැලවුණු බව කිව යුතුය. බෝම්බයෙන් ඉලක්කය වී තිබූ චන්ද්‍රකාන්තන් පිල්ලෙයාන් මහතා ඒ වනවිට බෝම්බකරුගේ ඉලක්කයෙන් ඈත්වී ඔහුට ළඟාවිය නොහැකි තැනක සිටිනා බව බෝම්බකරුට වැටහෙන්නට ඇත.

තමන් මුලදී නොගත් ඉලක්කයක් වූ පොලිස් කැරලි මර්දන ඒකකයේ බස්රථය ඝාතකයා ඉලක්ක කොටගන්නට ඇත්තේ එමනිසා විය හැකිය.

කොටි ත‍්‍රස්තවාදීන් අතර සිටි චන්ද්‍රකාන්තන් වැනි මහත්වරුන්ට යුද්ධයේ හා ත‍්‍රස්තවාදයේ යථාර්ථය අවබෝධ වී සිය ජනතාවට සේවය කිරීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ශිෂ්ට සමාජයට එක්වෙද්දී ඔවුන් මරා දමන්නට කොටි බෝම්බකරුවන් මෙසේ උත්සාහ කරන්නේ ඇයි? ඔවුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිකුල් කරන නිසාදැයි ඇසිය යුතුව තිබේ.

ම්ලේච්ඡ කොටි සංවිධානය ත‍්‍රස්තවාදයටම ඇදී යාමට වඩා අප කතා කළයුතු වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනුගමනය කරන ඇතැම් දේශපාලන නායකයින් චන්ද්‍රකාන්තන් මහතා ත‍්‍රස්තවාදය අත්හැර දේශපාලනයට පිවිසීම පිළිකුල් කිරීම පිළිබඳවයි.

ඔවුන් කළ යුතුව ඇත්තේ චන්ද්‍රකාන්තන් මහතා දේශපාලනයට පිවිසීම පිළිබඳව මැසිවිලි නැඟීම නොවේ. කොටි නායක ප‍්‍රභාකරන් ඇතුළු පිරිසද ත‍්‍රස්තවාදයෙන් මුදවා ගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත යොමු කරවීම සඳහා පිඹුරුපත් සැකැසීමට උදව් දීමයි.

ජනාධිපති තුමාගේ උපදෙස් පරිදි නැඟෙනහිර ත‍්‍රස්තවාදයෙන් මුදාගත් වීරෝදාර හමුදා දැන් උතුරත් මුදාගැනීමට සැරසී සිටිති. යුද්ධය අවශ්‍ය තැනට යුද්ධයෙනුත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවශ්‍ය තැනට ඒ අයුරිනුත් පිළිතුරුදීමේ ජනාධිපතිතුමාගේ ක‍්‍රමයට ති‍්‍රවිධ හමුදාවත් පොලීසියත් කැපවී සිටිති.

බාල්රාජ්

කොටි සංවිධානය මන්නාරම වැලිඔය වව්නියා මුහමාලෙයි යන සටන් පෙරමුණු හතරෙන්ම පරාජය වෙමින් සිටී. ඔවුන්ට ඉදිරියට ඒමට ආරක්ෂක හමුදා කිසිදු අවසරයක් දෙන්නේම නැත. දැන් ඒ පෙරමුණු හතරේම කිලෝමීටර් ගණනාවක් පසුබැස සිටින කොටි සාමාජිකයන්ට ඔවුන්ගේ “සිහින නිජබිම” ටිකෙන් ටික අහිමිවී ගෙන යයි.

එසේ ඉතා සෙමින් කල් මරමින් ඉදිරියට යාමේ දී සතුරාගේ මරණ සංඛ්‍යාව ඉහළ යයි. එකවර පහරදී ප‍්‍රදේශය අල්ලා ගැනීම ආරක්ෂක හමුදාවන්ට ඔවුන් ගේ ශක්තිය අනුව අපහසු දෙයක් නොවේ. එහෙත් හමුදාපති තුමාගේ උපදෙස් පරිදි ආරක්ෂක සේනාංක ඉබි ගමනින් ඉදිරියට ඇදෙන්නේ උපක‍්‍රමික වශයෙන් සතුරාගේ මරණ සංඛ්‍යාව වැඩි කිරීමටය.

එම උපක‍්‍රමය පාලම්පිඩ්ඩි හා පෙරියමඩු ප‍්‍රදේශවලදි ඉතා සාර්ථක විය. මුහමලේ හා වැලිඔය ද එය සාර්ථකය.

එමෙන්ම සතුරාගේ ප‍්‍රයෝග උපක‍්‍රම හා සටකපටකම් ද දැන් ආරක්ෂක හමුදා හොඳින් දනී.

හමුදා මරණ හැකි තරම් අවම කරගෙන සතුරාගේ මරණ වැඩි කරගෙන ඉදිරියට යන්නේ ඒ නිසාය.

බාල්රාජ්ගේ මරණය

පාලම්පිඩ්ඩි පාලම පසුකොට නගරයට පිවිසෙද්දී ඊට දෙපැත්තකින් එකවර පැන ආරක්ෂක හමුදා පහර දුන්නේ කොටින්ට සෙලවීමටවත් නොහැකිවන පරිදිය. එයද හමුදා උපක‍්‍රමයකි. මෙහිදී කොටි සාමාජිකයන්ට සිය මිය ගිය සාමාජිකයන් ගේ සිරුරු පවා ගෙන යන්නට කාලය මදි විය. ඔවුහු සිය මිය ගිය කොටි සාමාජිකයන්ගේ මළ සිරුර පවා අත්හැර පලා ගියහ. දැන් දැන් දිනකට සටන්වලදී මිය යන සාමාන්‍ය කොටි සංඛ්‍යාව 20ත් 30 ත් අතර වෙයි.

ලැබී ඇති තොරතුරු අනුව පසුගිය 15 දා සිට 21 දා දක්වා පෙරමුණු හතරේම සටන්වලදී කොටි සාමාජිකයන් 187 දෙනෙක් මිය ගොස් තවත් 187 දෙනෙක් තුවාල ලබා ඇත. ආරක්ෂක හමුදා සෙබළු ද දිවි පිදූහ. දිවි පිදූ ආරක්ෂක හමුදා සෙබළුන් ගේ ගණන 23 කි. පොලිසියේ දෙදෙනකු ද සිවිල් ආරක්ෂක හමුදාවේ එක් අයකු ද දිවි පුදා ඇත. මේ අතර තුවාල ලත් ආරක්ෂක හමුදා සාමාජිකයන් ගණන 69 කි. පොලිසියේ 4 කි.21 වැනිදා වැලිඔය 59 සේනාංකය සමඟ කළ සටන්වලදී පමණක් කොටි 17 ක් මිය ගිය අතර 27 ක් තුවාල ලැබූහ. 58 වන සේනාංකය මන්නාරමේද 57 සේනාංකය වව්නියාවේද මෙහෙයුම්වල නිරත වෙති.

මෙසේ කොටින්ට සිය බිම අහිමි වෙමින් තිබෙන අතර ඔවුන්ගේ හමුදා ශක්තිය ද හීන වෙමින් පවතී. දිනෙන් දින සටන් වලදී මියයන කොටි සංඛ්‍යාව වැඩි වෙද්දී ඔවුන්ට නායකත්වය දුන් කොටි නායකයන් ද බොහෝ දෙනෙක් විවිධ හේතු නිසා පසුගිය කාලයේ දී ඔවුන්ට අහිමි වූහ. ඔවුන්ට මෑතකදී අහිමි වූ නායකයා වන්නේ කොටි සන්නද්ධ අංශයේ දෙවැනියා වූ බාල්රාජ් ය. බාල්රාජ් මිය ගියේ සටන් බිමේ දී නොවීම විශේෂයකි.

ඔහු හදවත් රෝගියෙකි. කොටි සාමාජිකයන්ට සටන් පුහුණුව ලබා දෙද්දී රෝගාතුරවූ ඔහු රෝහලට ඇතුළු කිරීමෙන් පසු ප‍්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියේ යැයි පැවසේ. ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට බ‍්‍රහස්පතින්දා ප‍්‍රභාකරන් පැමිණ ඇතැයි වන්නි ආරංචි මාර්ග පවසයි. ඔහුගේ දේහය කිලිනොච්චියේ මහාවීර සුසාන භූමියේ සිකුරාදා සවස සිදු කිරීමට නියමිතව තිබිණ. ඔහු 2003 දී සාම කතාවලට මුවාවී සිංගප්පූරුවට ගොස් හදවත් සැත්කමක් කර ගත්තේය.

වැලිඔය කෝකිලායිහිදී 1965 දී උපන් බාල්රාජ් කොටි සංවිධානයට බැඳුණේ 1983 දී ය. ඉන්දියන් සාම සාධක හමුදාව ශී‍්‍ර ලංකාවට ආ අවධියේදී වන්නියේ දී ප‍්‍රභාකරන්ගේ ආරක්ෂාව බාර ව සිටි බාල්රාජ් චාල්ස් ඇන්තනි බලකායේ පළමුවන අණ දෙන්නා විය. 1991 අලිමංකඩ සටනේදී ශී‍්‍ර ලංකා හමුදාවට එරෙහිව සටන මෙහෙය වූයේ ද ඔහුය. ‘අකුණු පහර’, ‘ඉදිරිපිම්ම‘ වැනි සටන් වලදීද කොටි සටන් අංශයේ නායකයා වූ බාල්රාජ් 2004 දී වාකරේදී සුනාමියට හසුවී ජීවිතය ගලවා ගත්තේ අනූනවයෙනි. හදවත් සැත්කමෙන් පසුව ප‍්‍රධාන සටන්වලට සහභාගී නොවූ ඔහු වන්නියේ කොටි සාමාජිකයන්ට සටන් පුහුණුව දුන්නේය.

බාල්රාජ්ගේ බිරිඳ වන වර්ධා ද කොටි කාන්තාවකි. ඇය 2006 දී සර්පයකු දෂ්ඨ කිරීමෙන් මිය ගියාය. ප‍්‍රභාකරන් ගේ ‘සිහින ඊලම’ ලබා ගැනීමට බොහෝ වෙහෙස වූ බාල්රාජ් සැබෑ නොවන ඊලාම් සිහිනය නොබලාම නොඑන ගමන් ගියේය.

මේවා දෛවයේ හාස්කම් සේය. කොටි සංවිධානය ක‍්‍රමයෙන් භූමියෙන්, සාමාජිකයන් ගෙන් මෙන්ම සටන් පුහුණු නායකයන්ගෙන් ද හීන වෙමින් සිටී.

බාල්රාජ්ගේ මරණය නිසා කොටි සංවිධානයට තවත් දක්ෂ සටන් මෙහෙයවන්නකු පුහුණු කරුවකු හා නායකයකු නැතිවුණා පමණක් නොවේ. ඔහු මිය ගියේ ඔහු ගේ ස්ථානයට හිස් තැනක් තබමිනි. ඒ හිඩැස පුරවද්දී කොටි සංවිධානයේ බල අරගලයක් ඇතිවීම පුදුමයක් නොවේ. ඔහුගේ ස්ථානයට ඊළඟට පත්වන තැනැත්තා කවුදැයි ප‍්‍රශ්නයක් මතු වෙයි.

කොටි සංවිධානය ඇතුලේ දැන් එකිනෙකා කුලල් කාගෙන බලය අල්ලා ගන්නට තැත් කරන බව රහසක් නොවේ. හිටිහැටියේ කොටි පාලන ප‍්‍රදේශවලදීම සමහර කොටි නායකයන් ක්ලේමෝ බෝම්බවලට හසුවී මියයන පුවත් අසන්නට ලැබේ.

පසුගිය 20 වැනිදා කොටි පාලන ප‍්‍රදේශයක් වූ මුලතිව් මාන්තෙයි නැගෙනහිර මල්ලාවි කොම්බුවායිකුලම්හිදී කොටි නායකයකු වූ පාක්‍යනාදන් රමනන් හා ඔහුගේ සගයකු යතුරු පැදියකින් යද්දී ක්ලේමෝ බෝම්බයකට හසුව මිය ගියහ.

මෙවැනි සිද්ධීන් ගෙන් හෙළි වන්නේ - ඉස්මතු වී පෙනෙන්නේ කොටි සංවිධානයේ පවතින අර්බුදකාරී තත්ත්වයයි. මේ බල අරගලයෙන් උතුරෙනුත් ‘පිල්ලෙයාන්’ කෙනකු බිහිවීම අරුමයක් නොවේ. බාල්රාජ්ට හෝ මිය ගිය කිසිම කොටි නායකයකුට කොටි සංවිධානයෙන් ‘ඊලමක්’ ලැබුණේ නැත.

දැන් දැන් පිල්ලෙයාන් මහ ඇමැති වීමෙන් රිදී දඟලන ඇතැම් නායකයන්ට හොඳ පිළිතුරක් අස්ගිරියේ මහනායක හිමියන් විසින් දී තිබේ. ඒ ආරක්ෂක හමුදා මගින් නැගෙනහිර මුදා නොගන්නට කිසිම දිනයක එක්සත් ජාතික පක්ෂයේ උදවියට ද නැගෙනහිර ඡන්දය ඉල්ලන්නට තබා එයට පය ගසන්නටවත් හැකි නොවන්නේ ය යන්නය.

පිල්ලෙයාන් පමණක් නොව ප‍්‍රභාකරන් වුවද ආයුධ බිම දමා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එළඹේ නම් උතුරේ මහ ඇමැති වීමේ ඉඩකඩ ඔහුට නැත්තේ නොවේ. ජනාධිපතිතුමා ගේ සංකල්පය ද එයයි. ත‍්‍රස්තවාදය පරාජය කරන තුරු යුද්ධ කරන ශී‍්‍ර ලංකා ආරක්ෂක හමුදා ඉන්පසු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට එක් වන මිනීමැරුම් නවත්වන ඕනෑම අයකුට සිය සහය දක්වනු ඇත.

ප‍්‍රභාකරන්ද තමන් ගේ සංවිධානය අතරින් ම තවත් පිල්ලෙයාන් කෙනකු බිහිවීමට පෙර ඒ ගැන සුබවාදීව සිතන්නේ නම් ත‍්‍රස්තවාදය මෙරටින් තුරන් වීමේ දිනය වැඩි ඈතක නොවේ.

ඒ කෙසේ වෙතත් උතුරෙන් මෙන්ම දකුණෙනුත් ත‍්‍රස්තවාදය මුලිනුපුටා දමන තුරා ආරක්ෂක හමුදා සටන් කරනු ඇත.

බෝම්බ සොයාගත හැකි උපකරණයක් හදයි

මේ අතර මාතර වැලිගම කැලුම් වාදසිංහ නම් තරුණයෙක් ආරක්ෂක අංශවලට අවශ්‍යම උපකරණයක් නිපදවා එය ජනාධිපතිතුමා ඉදිරියේ එළිදැක්වූයේ මේ නොබෝදාය. ඔහු නිපදවා ඇත්තේ ඕනෑම වාහනයක ඇතුළත හා පිටත ඕනෑම තැනක සඟවා ඇති බෝම්බ සොයාගත හැකි වීඩියෝ කැමරාවක් සහිත උපකරණයකි.

මෙවැනි නව නිපැයුම් අප රටට, අපේ ආරක්ෂක අංශවලට බෙහෙවින් අවශ්‍යව තිබේ. ඔහු පුවත්පත්වලට කියා ඇති අන්දමට එම උපකරණය නිෂ්පාදනය කිරීමට වැයවන්නේ රුපියල් හතළිස් දහසකි.

කාලයේ හැටියට එය එතරම් මුදලක් නොවේ. මෙම උපකරණය තවදුරටත් වැඩි දියුණු කොට රටේ ආරක්ෂාව සඳහා ආරක්ෂක හමුදාවන්ට ලබාදෙන්නේ නම් දකුණේ් බෝම්බ පිපිරවීම් හා පුපුරන ද්‍රව්‍ය ප‍්‍රවාහනය බොහෝදුරට අඩුකරගත හැකිය. ආරක්ෂක බලධාරීන්ගේ ඇස මේ සඳහා යොමුවන්නේ නම් යෙහෙකි.

කොටි හොරබඩු ජාවාරමට ඉන්දිය පොලිසිය හරස්වෙයි

පසුගිය ඉරිදා තමිල්නාඩු පොලිසිය මගින් එල්ටීටීඊයට ඉන්දියාවේ සිට හොරෙන් ගෙනයන්නට සකස් කළ අධිබලැති සන්නිවේදන උපකරණ හා බෝට්ටු අලුත්වැඩියා සඳහා අවශ්‍ය උපකරණ රැසක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි. ඔවුහු එල්ටීටීඊ හොරබඩු ජාලයේ සාමාජිකයෝය.

තමිල්නාඩු පොලිසියේ ‘කිව්’ අංශයේ රහස් පරීක්ෂකයන් විසින් ඉන්දියාවේ සරණාගත කඳවුරකදී අත්අඩංගුවට ගන්නා ලද මේ ශී‍්‍ර ලාංකික දෙමළ තරුණයින් දෙදෙනා සමඟ මදුරෙයිහි තවත් ඉන්දියානු තරුණයෙක් ද මීට කොටුවිය. ඉන්දියානු තරුණයා අත්අඩංගුවට ගන්නා ලද්දේ යාපනයට වෝර්කි-ටෝකි යන්ත‍්‍ර හා දුම්මල හොරෙන් ගෙන යාමට තැත් කිරීමේදීය.

මෙහිදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ පේසාලේ අයකු වූ පී. විජි නොහොත් ජයරාජ හා යාපනයේ උපන් අයකු වන ටී. චින්නවන් හෙවත් පද්මරාසා යන දෙදෙනාය. ඔවුන් සමඟ වෝකිටෝකි යන්ත‍්‍ර 44 ක් අත්අඩංගුවට ගන්නා ලදී.

1990 දී සරණාගතයකු ලෙස මදුරෙයි නගරයේ පෙරියනගර් කඳවුරට ආ විජි පසුව දෙදල්නාගර් කඳවුරට මාරු කරන ලදී. එහිදී මිනීමැරුමකට හසුවූ ඔහු කඳවුරෙන් අතුරුදන් විය.

චින්නවන් ඉන්දියාවට ආයේ 2006 දීය. ඒ ද සරණාගතයකු ලෙසය. ඔහු සිටියේ රාමනාථපුරම් දිස්ති‍්‍රක්කයේ මණ්ඩපම් කඳවුෙර්ය. ඔහු ද ඒ කඳවුරෙන් අතුරුදන් විය. යාපනයේ එල්ටීටීඊ සාමාජිකයන් වූ මොවුන් දෙදෙනා පමණක් නොව තවත් 200 ක් පමණ සරණාගතයන් මණ්ඩපම් කඳවුරෙන් අතුරුදන් වී ඇති බව 2007 සැප්තැම්බර් මාසයේදී ඉන්දියානු රහස් පොලිසිය විසින් කරන ලද පරීක්ෂණවලදී හෙළි විය.

මෙසේ සරණාගතයන් ලෙස ඉන්දියාවට යන කොටි කි‍්‍රයාකාරකයන් ඉන් පසුව එම කඳවුරුවලින් පැනගොස් විවිධ නීති විරෝධි කටයුතුවලට සම්බන්ධ වන බව ඉන්දියානු පොලිසිය සොයාගෙන ඇත.

ඔවුන් බොහෝ දුරට කරන්නේ කොටි සංවිධානයට බෝම්බ සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය හා බෝට්ටු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආදිය යාපනයට හොරෙන් ප‍්‍රවාහනය කිරීමය.

පසුගිය ජනවාරියේදී එසේ හසුවූ කොටි කි‍්‍රයාකාරීන් පස්දෙනකු අත්අඩංගුවට ගන්නා ලද්දේ බෝම්බ සඳහා අවශ්‍ය යකඩ බෝල හොරෙන් ප‍්‍රවාහනය කිරීමේදීය. අධිවේගී බෝට්ටු සඳහා අවශ්‍ය අමතර කොටස් ද බෝට්ටු ඇන්ජින් ද කොටි සංවිධානය සිය සගයන් ලවා හොරෙන් මෙරටට ගෙන්වන අයුරු දකුණු ඉන්දියානු රහස් පොලිසියේ උකුසු ඇසට හසුවී තිබේ.

තමිල්නාඩු පොලීසියේ කිව් අංශය හෙවත් රහස් පරීක්ෂක අංශය හා ත‍්‍රස්තවාදී මර්දන අංශ එකතුවී දැන් කොටි සංවිධානයේ මේ හොරබඩු ජාවාරමට වැට බැඳීමෙන් කොටි සංවිධානය දැඩි අසීරුතාවයට පත්වී සිටී. සරණාගතයන් ලෙස ඉන්දියාවට ගොස් සරණාගත කඳවුරුවලින් පැන ගොස් හොරබඩු ජාවාරමට සම්බන්ධ වී සිටින බොහෝ දෙනා කොටි සාමාජිකයන් බව දැන් ඉන්දියානු පොලීසිය සොයාගෙන තිබේ.

Saturday, May 24, 2008

කොටුවේ බෝම්බය ගෙනා කළු කොටියාට ‘සිම් කාඩ්’ විකුණූ මුස්ලිම් ජාතිකයා රිමාන්ඩ්

කොළඹ කොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානය අසල බෝම්බයක් පුපුරවාගෙන මරාගෙන මැරුණු කොටි සාමාජිකයා පරිහරණය කළ ජංගම දුරකථනයේ “සිම්” කාඩ්පත ඔහුට ලබා දී ඇති බව කියන මුස්ලිම් ජාතිකයා මෙම මස 30 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් නාමල් බණ්ඩාර බලල්ලේ මහතා ඊයේ (23) නියෝග කෙළේ ය.
සිද්ධිය සම්බන්ධව සිදුකරන වැඩිදුර පරීක්‍ෂණවලදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මොහොමඩ් රිස්වි නමැති සැකකරු එසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
මස්කෙලියේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු මරදාන ප‍්‍රදේශයේ තාවකාලිකව නැවතී සිටින බව සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාසය මහේස්ත‍්‍රාත්වරයාට පැවසීය.
සැකකරු මරාගෙන මැරුණු කොටි සාමාජිකයා වෙත දුරකථන ‘සිම්’ කාඩ්පත් දෙකක් අලෙවි කැර ඇති බව සිදුකළ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

ත‍්‍රස්තවාදය මෙන් ම ජාතිවාදයත් පරදවමු


රජය ඒ සඳහා උඩුගං බලා පිහිනන බව ජනපති කියයි

ත‍්‍රස්තවාදය මෙන්ම ජාතිවාදයද පරාජය කළ යුතු බවත් ජාතිවාදය පරාජය කිරීමට රජය උඩුගම් බලා පිහිනමින් සිටින බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
ශ‍්‍රී ලාංකිකයන්ගේ හදවත් තුළ ජාතිවාදය නොමැති බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා ජාතිවාදය පරාජය කිරීමට රටත් ජාතියත් එකාවන්ව පෙළ ගැසී සිටින බවත් පැවසීය.
රට කරවන ආණ්ඩුව කුමක්දැයි ත‍්‍රස්තවාදීන් විසින් තීන්දු කරනු ලැබූ යුගය අවසන් කිරීමට තමන්ට හැකි වූ බව පැවසූ ජනාධිපතිවරයා ත‍්‍රස්තවාදීන් විසින් සීමා කර තිබූ ජනතාවගේ නිදහසද යළිත් ලබා දී ඇතැයි ද පැවසීය.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ජාතික ප‍්‍රසංග කලා රඟහලට මුල් ගල් තැබීමේ උළෙලට ඊයේ (23) සහභාගි වෙමිනි. රුපියල් මිලියන 2430 ක වියදමකින් ඉදිකෙරෙන මෙම රඟහලට චීන රජයේ ආධාර සහ ණය මුදල් ලැබී ඇත.
කොළඹ නොමෑඩ්ස් පිටියේ ඉදිකෙරෙන මෙම රඟහල ආසන 1288 කින් සමන්විත ප‍්‍රධාන රඟහලකින්ද නේපත්‍යාගාර, චිත‍්‍රපට ප‍්‍රදර්ශනාගාර, සංවාද මණ්ඩප, පුහුණු මධ්‍යස්ථාන, පර්යේෂණ මධ්‍යස්ථාන, පුස්තකාල ආදී සියලු පහසුකම් වලින් සමන්විතය.
සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශ‍්‍රී ලංකාවේ චීන තානාපති යේ දාවෝ මහතාගේ අතින් ජාතික ප‍්‍රසංග කලා රඟහලට ඊයේ (23) උදෑසන මුල්ගල් තැබිණි.
ශ‍්‍රී ලාංකිකයන් කලාවෙන් පෝෂණය වූ ජාතියක් බව මෙහිදී සඳහන් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කලාව රසවිඳීමට අවශ්‍ය පරිසරයක් ජනතාවට සකස් කර දීම රජයේ යුතුකම බවත් ප‍්‍රකාශ කළේය.
අපේ සම්පත් විකුණාගෙන කන දූ දරු පිරිසක් බිහි කිරීමට රජය සූදානම් නැති බව අවධාරණය කළ ජනාධිපතිවරයා සංවර්ධනයේ උපරිම ඵල නෙළිය හැකි රටක් ගොඩ නැඟෙමින් පවතින බවත් ප‍්‍රකාශ කළේය.
ස්වභාවික විපතකින් දහස් ගණනක් අවතැන්ව සිටියදී පවා පොරොන්දු වූ පරිදිම ශ‍්‍රී ලංකාවට ආධාර කරන චීන රජයටත් ජනතාවටත් ස්තුතිය පළ කළ ජනාධිපතිවරයා සුනාමියෙන් දැඩි ප‍්‍රහාරයකට ලක් වූ ශ‍්‍රී ලංකාව නැඟී සිටියාක් මෙන්ම චීනයටත් යළි නැගී සිටීමට ශක්තිය ධෛර්ය ප‍්‍රාර්ථනා කළේය.
විපතේදී පවා අප අත් නොහරින චීනය අපගේ කල්‍යාණ මිත‍්‍රයකු බව සිහිපත් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චීනයේ භූමි කම්පාවෙන් විපතට පත් ජනතාවට ශ‍්‍රී ලංකාවේ ශෝකය පළ කළේය.
සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ ඇමැති මහින්ද යාපා අබේවර්ධන, චීන තානාපති යේ දාවෝ යන මහත්වරු ද මෙහිදී කථා කළ අතර මෛතී‍්‍රපාල සිරිසේන, රෝහිත බෝගොල්ලාගම, ඒ. එච්. එම්. ෆවුසි යන මහත්වරු ද තානාපති නිලධාරීහු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වූහ.

Friday, May 23, 2008

කොටුව බෝම්බ ප‍්‍රහාරයේ සුල මුල හෙළිවේ

කොළඹ ලෝටස් පාරේ හිල්ටන් හෝටලය ඉදිරිපිට මරාගෙන මැරෙන ප‍්‍රහාරයට යොදා ගත් යතුරු පැදිය මිලදී ගැනීමට මුදල් දුන්නේ කොටි සංවිධානය බව යතුරු පැදියේ හිමිකරු ප‍්‍රකාශ කර තිබේ.
දැනට අත්අඩංගුවේ සිටින ති‍්‍රකුණාමලයේදී අසු වූ ජෙයබාල් නමැත්තා ප‍්‍රකාශ කර ඇති පරිදි යතුරු පැදිය මිලදී ගැනීමට කොටි සංවිධානය එහි වටිනාකම මෙන් දෙගුණයක් මුදල් ලබා දී ඇත.
ජෙයබාල් නැමැත්තාගේ නමට මිලදී ගත් යතුරු පැදියේ සියලු තොරතුරු අයිතිකරුගේ ඡායාරූපය ද සහිත ලිය කියවිලි ඇතුළත් ලිපි ගොනුව මෝටර් රථ කොමසාරිස් කාර්යාලය කොළඹ අපරාධ කොට්ඨාසයට ඊයේ බාර දුන්නේය.
මෙම මරාගෙන මැරෙන ප‍්‍රහාරයට පිල්ලෙයාන්ගේ ටී. එම්. වී. පී. සාමාජිකයෙක් සම්බන්ධ බවත් යතුරු පැදියට අදාළ ලිපි ගොනුව මෝටර් රථ කොමසාරිස් කාර්යාලයෙන් ඉවත් කළ බවත් කොටි සංවිධානයට හිතවත් දේශපාලන පක්ෂ ප‍්‍රචාරය කර තිබුණි.
එම්. ඉසෙඩ් 3785 දරන අංකය සහිත යතුරු පැදියේ සියලු තොරතුරු සහිත ලිපි ගොනුව ඉදිරිපත් කිරීමෙන් එම ප‍්‍රචාරය අමූලික බොරුවක් බව හෙළිවිය. දැනට අත්අඩංගුවේ පසුවන කොටි ත‍්‍රස්තවාදියා වූ ති‍්‍රකුණාමලයේ පදිංචි ජෙයබාල් ගේ සියලු තොරතුරු මෙම ලිපි ගොනුවට ඇතුළත් වේ.
ඒ අනුව ප‍්‍රශ්න කිරීමේදී ජෙයබාල් ප‍්‍රකාශ කර තිබෙන්නේ යතුරු පැදිය මිලදී ගැනීමට කොටි සංවිධානය එහි වටිනාකම මෙන් දෙගුණයක් මුදල් දුන් බවයි මෙම යතුරු පැදිය පාවිච්චියට නොගත් (බ‍්‍රෑන්ඩ් නිව්) හීරෝ හොන්ඩා වර්ගයේ යතුරු පැදියකි.
මරාගෙන මැරෙන ප‍්‍රහාරයකට යෙදවීම පිණිසම ජෙයබාල් යොදා කොටි සංවිධානය එය මිලදී ගෙන තිබේ.
එය මිලදී ගෙන ති‍්‍රකුණාමලයට ගෙන ගොස් ඉන් අනතුරුව මරාගෙන මැරෙන ප‍්‍රහාරයට යෙදවීම පිණිස ඇටවීමට යොදා තිබේ.
එම යතුරු පැදියේ ඉන්ධන ටැංකිය තුළ ඉන්ධන පිරවීමට වෙනම කොටසක් සකස් කර ඉතිරි කොටස තුළ පුපුරණ ද්‍රව්‍ය යොදා සකස් කර තිබෙන්නේ ති‍්‍රකුණාමලයේදී ජෙයබාල්ගේ සම්පූර්ණ අනු දැනුම ඇතිවය.
මරාගෙන මැරෙන ප‍්‍රහාරයට පැමිණි කොටි ත‍්‍රස්තවාදියාට සම්බන්ධ තොරතුරු ද මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසය මගින් හෙළි කර ගෙන තිබේ. කොටි ත‍්‍රස්තවාදීන්ගේ ඉලක්කය වී තිබෙන්නේ පොලිස් බස් රථය නොව ප‍්‍රභූවරයකු බව පරීක්ෂණ අංශවල විශ්වාසයයි.
මෙම තොරතුරු හෙළි කර ගැනීම පිණිස කොළඹ අපරාධ කොට්ඨාසය ජෙයබාල් ඇතුලු සැකකරුවන් හය දෙනාගෙන් දිගින් දිගටම ප‍්‍රශ්න කරගෙන යයි.

මානව හිමිකම් කමිටුවෙන් ශ‍්‍රී ලංකාව ඉවත් කරන

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කමිටුවෙන් ශ‍්‍රී ලංකාව ඉවත් කිරීමට සහජීවන පදනමේ කුමාර් රූපසිංහ මහතාගේ පූර්ණ අනුග‍්‍රහය යටතේ රනිල් වික‍්‍රමසිංහ මහතා ගෙන ගිය කුමන්ත‍්‍රණකාරී වැඩ පිළිවෙළ සාර්ථක වී තිබේ.
මානව හිමිකම් කමිටුව පත්කර ගැනීමට පැවති ඡන්ද විමසීමේදී ශ‍්‍රී ලංකාව ඡන්ද 101 ක් ලබා ගත්තත් එහි සාමාජිකත්වය අහිමි විය.
ශ‍්‍රී ලංකාව මානව හිමිකම් කමිටුවෙන් ඉවත් කිරීමට සම්පූර්ණයෙන්ම බලපෑවේ ඩොලර් මත යැපෙන කුමාර් රූපසිංහගේ වාර්තාව බව විදෙස් ආරංචි මාර්ග හෙළි කරයි.
ශ‍්‍රී ලංකාවට මානව හිමිකම් සාමාජිකත්වය දෙනවාට ජීමි කාටර් සහ ඩෙස්මනඩ් මුටූ දුරකථනයෙන් සම්බන්ධ විය හැකි ආසියාවේ සිටින එකම පුද්ගලයා කුමාර් රූපසිංහය. ඒ නිසා ඔහු යැවූ වාර්තාව ශ‍්‍රී ලංකාවට සාමාජිකත්වය අහිමි වීමට බොහෝ විට බලපා තිබේ.
මේ අතර නැගෙනහිර පළාත් සභා මැතිවරණයේ ප‍්‍රචාරක රැස්වීම් වලදී ප‍්‍රකාශ කළ පරිදි ශ‍්‍රී ලංකාවට මානව හිමිකම් කමිටුවේ සාමාජිකත්වය අහිමි කිරීමට යුරෝපා සංචාරයද ජයග‍්‍රහණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට ප‍්‍රකාශයක් කළ මහනුවර පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියන්නේ ශ‍්‍රී ලංකාවට මානව හිමිකම් කමිටු සාමාජිකත්වය නොලැබීම ආණ්ුවේ පරාජයක් සහ ජනතාවගේ ජයග‍්‍රහණයක් බවයි.
කෙසේ හෝ කුමාර් රූපසිංහ සහජීවන ලොව හරහා සකස් කොට යැවූ ශ‍්‍රී ලංකා විරෝධී වාර්තාව
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ ආසියානු කලාපය නියෝජනය කිරීමට ලබන වසරේ සාමාජිකත්වය දීර්ඝ කිරීමේ ඡන්ද විමසීමේ ඡන්දයෙන් රටවල් 192ක් ඡන්ද 101ක් ලබා ගෙන ආසනයක් තරග කිරීමේ සුදුසුකම ශී‍්‍ර ලංකාව දිනා ගත්තා.
ජපානය, දකුණු කොරියාව, බහරේන් හා පාකිස්ථානය යන රටවල්වලට ශී‍්‍ර ලංකාවට වඩා ඡන්ද ලැබුණු නිසා එම රටවල් තේරී පත් වුණා. මෙහිදී තරග වැදුණු නැගෙනහිර ටිමෝරය ලබා ගත්තේ ඡන්ද 92ක් පමණි.
ශී‍්‍ර ලංකාව පාකිස්තානයට වඩා ඡන්ද 13ක් පිටු පසින් සිටියා.
ඒ ඒ රටවල් අතරේ තියුණු තරගයක් තිබුණා. ශී‍්‍ර ලංකාව කෙරෙහි ජගත් ප‍්‍රජාව තබා තිබෙන විශ්වාසය ඉදිරියටත් තහවුරු කිරීම සඳහා මානව හිමිකම් සුරැකිය යුතුයි.
ඒ හැම පියවරක්ම ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ රජය සූදානම්.
මෙම ඡන්ද විමසීමෙන් බටහිර යුරෝපීය රටවල් දෙකක් වන ප‍්‍රංශය ඡන්ද 123 ක් ද මහා බි‍්‍රතාන්‍යය ඡන්ද 120ක්ද ලබා තේරී පත් වුණා.
නැගෙනහිර යුරෝපීය රටවල් අතරින් ස්ලෝවේනියාව ඡන්ද 135ක්ද, යුුක්රේනය ඡන්ද 125ක්ද ලබා ගත් අතර අපි‍්‍රකානු කලාපය වෙනුවෙන් තරග කළ සැම්බියාව, ඝානාව, බර්කිනා ෆැෂෝ හා ගැබොන් යන රටවල් නිතරගයෙන් තේරී පත් වුණා.
ලතින් ඇමෙරිකානු හා කැරිබියන් කලාපය වෙනුවෙන් තරග කළ චිලී, බ‍්‍රසීල හා ආර්ජන්ටිනා යන රාජ්‍යයන්ද නිතරගයෙන් තේරී පතු වුණා යැයිද විදේශ ඇමැතිවරයා පවසයි.

යතුරු පැදියේ තොරතුරු ඇතුළත් ලිපි ගොනුව

කොළඹ ලෝටස් පාරේ හිල්ටන් හෝටලය අසලදී පසුගියදා පිපිරී ගිය කොටි මරාගෙන මැරෙන ප‍්‍රහාරයට කොටි ත‍්‍රස්තවාදීන් යොදාගත් යතුරු පැදියේ තොරතුරු ඇතුළත් ලිපි ගොනුව කිසිම ආකාරයකින් අස්ථාන ගතවී නොතිබුණු බව මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් අනුරාධ විජේකෝන් මහතා පැවසීය.
ර්ඛ 3875 අංක දරන එම යතුරු පැදියේ ලියාපදිංචි විස්තර අදාළ පරීක්‍ෂණ අංශ වෙත ඉදිරිපත් කිරීමට මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවට නොහැකිව ඇතැයි යන ප‍්‍රචාරය සම්බන්ධව කරුණු පැහැදිලි කරමින් නියෝජ්‍ය කොමසාරිස්වරයා එසේ පැවසීය.
මෙම බෝම්බ පිපිරීම සිදුවූයේ පසුගිය 16 වැනිදා ය. ඒ සම්බන්ධව පරීක්‍ෂණ පවත්වන පරීක්‍ෂණ අංශ මගින් අදාල යතුරු පැදියට අදාල තොරතුරු ඇතුළත් ලිපි ගොනුව ඉල්ලා තිබුණි.
මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ පරිගණක ගත කර ඇති තොරතුරුවලින් එම අවස්ථාවේ ම අදාළ ලියාපදිංචියට අදාළ පුද්ගලයාගේ තොරතුරු ලබා දුන් අතර සැකකරු පැය භාගයක් යාමටත් පෙර ති‍්‍රකුණාමලයේ දී අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ අංශවලට හැකිවිය.
අනතුරුව අවශ්‍ය වූයේ එම සැකකාර කොටි ත‍්‍රස්තවාදියාගේ ඡායාරූප ඇතුළත් ලිපි ලේඛන සහිත ලිපි ගොනුවයි.
දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් එන යතුරු පැදිද ඇතුළු දිනකට මෝටර් රථ කොමසාරිස් කාර්යාලයෙන් යතුරුපැදි පන්සියයකට වැඩි ප‍්‍රමාණයක් ලියා පදිංචි කරයි.
මේ සෑම යතුරු පැදියකටම අදාළ ලිපි ගොනු මෝටර් රථ කොමසාරිස් කාර්යාලයේ නාරාහේන්පිට සහ වේරහැර ශාඛාවල ගබඩා කර තබයි. ඒ අනුව ලක්‍ෂ ගණනක් ලිපි ගොනු මෙහි ගබඩා කර තිබේ.
වාහනයක තොරතුරු පරිගණක ගත කිරීමේ දී සියලු ලේඛන තොරතුරු ඊට ඇතුළත් කළත් අදාළ හිමිකරුගේ ඡායාරූපය පරිගණකයට යෙදීමේ තාක්‍ෂණික පහසුකම් මෝටර් රථ කොමසාරිස් කාර්යාලයට නැති බව අනුරාධ විජේකෝන් මහතා පවසයි.
ඒ අනුව අදාළ ඡායාරූප ඇතුළත් ලිපි ගොනුව සොයා ගත යුත්තේ ලක්‍ෂ සංඛ්‍යාත ලිපි ගොනු අතරින් ය.
මෙම මරාගෙන මැරෙන ප‍්‍රහාරයට යොදාගත් යතුරු පැදියේ ලිපිගොනුව සෙවීම ආරම්භ කළේ බෝම්බ පිපිරීම සිදුවූ දිනයේ දීම ය.
එදින පැය කීපයක් තුළ එය සොයා ගැනීමට අපහසු විය.
පසුදින නිවාඩු දිනයක් වුවද එම දෙපාර්තමේන්තු කොමසාරිස් බී. විජේරත්න මහතා ඇතුළු කණ්ඩායමක් එම ලිපිගොනුව සෙවූහ. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරිහු ද ඊට සහාය වූහ.
පළමුව වේරහැර ශාඛාවේ ලිපිගොනු අතර සොයා බලා අනතුරුව නාරාහේන්පිට ශාඛාවේ ලිපිගොනු අතර සොයා බැලීමේදී එය හමුවී තිබෙන්නේ වේරහැරට ගෙන යාමට වෙන්කර තිබූ දහසක පමණ ලිපි ගොනු අතර තිබී බවද නියෝජ්‍ය කොමසාරිස් අනුරාධ විජේකෝන් මහතා පැවසී ය.

එජාප - කොටි හිතවාදී එන් ජී ඕ ප‍්‍රචාරවලට බියේ පසු බසින්නේ නෑ

එ.ජා.ප.ය හා කොටි හිතවාදී රාජ්‍ය නොවන සංවිධාන (එන්.ජී.ඕ) රටට එරෙහිව ජාත්‍යන්තර තලයේ සිදුකරන කටයුතුවලින් පසු නොබැස ත‍්‍රස්තවාදයට එරෙහි සටන දිගටම ගෙන යන බව රජයේ මාධ්‍ය ප‍්‍රකාශක තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති අනුර යාපා මහතා පවසයි.
එ. ජා. මානව හිමිකම් කවුන්සලයට ශී‍්‍ර ලංකාව ඇතුලු වීම වැළැක්වීම සඳහා එ.ජා.ප.ය හා කොටි හිතවාදි සංවිධාන දැවැන්ත මෙහෙයුමක් ගෙනගිය බව පැවසු ඇමතිවරයා ඒ එසේ වුවද මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට පනහකට වඩා වැඩි ඡන්ද ප‍්‍රමාණයක් ලබාගැනීමට ශී‍්‍ර ලංකාව සමත් වූ බව ද පැවසීය.
ශී‍්‍ර ලංකාව ඡන්ද 101ක් ලබාගත් අතර මානව හිමිකම් කවුන්සලයට තේරී පත් වූ රටවල් අතරින් අඩුම ඡන්ද ප‍්‍රමාණය ලබාගත් පකිස්ථානය ශී‍්‍ර ලංකාවට වඩා ලබාගත්තේ ඡන්ද 13ක් පමණක් බවද ඇමතිවරයා කීවේය.
අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා මෙසේ පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේදී ඊයේ (22) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප‍්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමිණි.
ජිනීවා හි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල්යේ ඡන්ද විමසීමේදී මෙ තරම් දැවැන්ත ප‍්‍රහාරයකට ලක් වූ එකම රට ශී‍්‍ර ලංකාව පමණක් වූ බවත් එල්.ටී.ටී.ඊ. යේ වුවමනාව පිට මේ සියල්ල සිදු වු බවත් ඇමතිවරයා සඳහන් කළේය.
ත‍්‍රස්තවාදයට එරෙහිව කි‍්‍රයාකරන හැම රටකටම මෙවැනි බාධාවන් එල්ල වන බව කී ඇමැතිවරයා විශේෂයෙන්ම විදේශ මුදලට වැඩකරන ඇතැම් ජාත්‍යන්තර සංවිධාන වල පැවැත්ම මෙවැනි කි‍්‍රයා මාර්ග මත පවතින බවත් පැහැදිලි කළේය.
මේ සම්බන්ධයෙන් සිය අදහස් දැක්වූ ජනමාධ්‍ය ඇමති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පසුගියදා පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී එ.ජා.ප පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්‍ෂමන් කිරිඇල්ල මහතා මානව හිමිකම් කොමිසමෙන් ශී‍්‍ර ලංකාව ඉවත් කිරීමට කටයුතු කරන බවට ප‍්‍රකාශයක් කොට ඇතැයි පැවසීය.
තම රට මෙසේ අප කීර්තියට පත්කරන්නකු රට වෙනුවෙන් කරන සේවය කුමක්දැයි ප‍්‍රශ්ණ කළ ඇමතිවරයා තම රට නියෝජනය කරමින් එය අපකීර්තියට ලක්කිරීමට උත්සහ දැරීම ඉතා කණගාටුදායක කරුණක් බව ද පැවසීය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය සඳහා වු ඡන්ද විමසීමේදී ඡන්ද 101ක් ගැනීමට ශී‍්‍ර ලංකාවට හැකි වූයේ මෙවැනි විවිධ බාධා කිරීම් මධ්‍යයේ බව සඳහන් කළ ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ රටක සිදුවන රජයකට පාලනය කිරීමට නොහැකි කරුණු සම්බන්ධයෙන් ජාත්‍යන්තර තලයේ දී රට අපකීර්තියට පත් කිරීම විරුද්ධ පක්‍ෂයේ කාර්යභාරයක් නොවන බවයි.

Thursday, May 22, 2008

පිල්ලෙයාන් තුවක්කුව අත හැරීම සුබ ලකුණක්

එජාපය නැ’හිරට පය ගැහුවේ ආණ්ඩුව කොටි පැන්නූ නිසයි

අස්ගිරි මහ නාහිමියෝ කියති

නැඟෙනහිර මැතිවරණය සම්බන්ධයෙන් අද එජාපය කුමන චෝදනා එල්ල කළත් ඔවුන්ට එම පළාතට අඩියක් හෝ තබන්නට හැකි වූයේ රජය එල්. ටී. ටී. ඊ. ග‍්‍රහණයෙන් නැ‍ෙඟනහිර මුළුමනින්ම මුදාගෙන මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය වාතාවරණය එහි ඇති කිරීම නිසා බව අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම
ශ‍්‍රී බුද්ධරක්ඛිත මාහිමියෝ පැවසූහ.

‘අපි වෙනුවෙන් අපි’ වැඩ සටහනට

අමෙරිකාවේ ශ‍්‍රී ලාංකිකයන්ගෙන් රුපියල් මිලියන 12ක්

රණවිරුවන් සඳහා නිවාස පනස්දහසක් ඉදිකිරීමට රජය කි‍්‍රයාත්මක කරන ‘අපි වෙනුවෙන් අපි’ වැඩසටහන සඳහා ඇමරිකාවේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයෝ රුපියල් මිලියන දොළහක් පරිත්‍යාග කරති. මෙම මුදල් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ඊයේ (21) අරලියගහ මන්දිරයේ දී භාර දෙනු ලැබිණ.

චීන භූමිකම්පාවෙන් විපතට පත් වූවනට ජනපති ශෝකය පළ කරය

චීනයේ මහා භූමි කම්පාවෙන් සිදු වූ විනාශය සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලයේ තබා ඇති ශෝකය සටහන් කිරීමේ පොතේ ඊයේ (21) අස්සන් තැබූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චීන ජනතාව වෙත ශෝකය පළ කෙළේය.
චීන ජනාධිපති හියු ජින්තාවෝ වෙත ශෝක පණිවිඩයක් යොමු කරමින් ද ජනාධිපතිතුමා චීන මහා භූමිකම්පාවෙන් ඇති වූ විශාල ජීවිත හා දේපල හානිය පිළිබඳව ශ‍්‍රී ලංකා රජයේ හා ජනතාවගේ සංවේගය පළ කළේය.

Wednesday, May 21, 2008

අද මධ්‍යම රාත්‍රියේ සිට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ දැමීමට ලංකා අයි.ඕ.සී. සමාගම තීරණය කර තිබේ.

මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද විමසීම අද

Image ශ්‍රී ලංකාව මානව හිමිකම්වලට එරෙහි ව ක්‍රියා නො කරන රාජ්ය්යකි - මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ

ශ්‍රී ලංකා රජය මානව හිමිකම්වලට එරෙහි ව අංශු මාත්‍රයකින්වත් ක්‍රියා නො කරන රාජ්ය්යක් වන අතර රජයක් වසයෙන් ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් මෙරට මානව හිමිකම් පිළිබඳ ව සොයා බැලීමේ ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවත් ඩොලර් මත යැපෙන රාජ්‍ය නො වන සංවිධානවල ප්‍රකාශයන් පිළිගැනීම අද වන විට දුෂ්කර කාර්යයක් වී ඇති බවත් ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

මුහමාලෙයි කොටි මෝටාර් මධ්‍යස්ථානයකට ගුවන් ප්‍රහාර

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් එම්.අයි. 24 වර්ගයේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා උපයෝගී කර ගනිමින් මුහමාලෙයි යුද හමුදා ඉදිරි ආරක්ෂක වළල්ලෙන් ඔබ්බෙහි වූ එල්.ටී.ටී.ඊ. මෝටාර් මධ්‍යස්ථානයකට ගුවන් ප්‍රහාර එල්ල කළ බව ගුවන් හමුදාව පවසයි.

මෙම ස්ථානය කොටි ත්‍රස්තවාදීන් එක්රැස් වන ස්ථානයක් බවටද තොරතුරු ලැබී තිබුණු බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ විජේසූරිය මහතා පවසයි. අද (මැයි 21) උදෑසන 6.00 ට පමණ ප්‍රහාරය එල්ල කර ඇත. භූමි භට පිරිස් වෙත සහාය ලබා දීමේ අරමුණින් ප්‍රහාරය දියත් කළ බව විජේසූරිය මහතා වැඩි දුරටත් පැවසීය. යුද හමුදා ඉදිරි ආරක්ෂක වළල්ලට කි.මී. 2.5 – 3 ක් පමණ ඉදිරියෙන් වූ ස්ථානයකට ප්‍රහාරය එල්ල විණි.

ප්‍රහාරයෙන් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට සිදු වූ හානි පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.

මහරූෆ්ගෙන් කැපී පෙනෙන දස්කම

මහරූෆ්ගෙන් කැපී පෙනෙන දස්කම්

ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ දිල්ලි ඩරේඩිවිල්ස් පිලට කී‍්‍රඩා කරන ෆර්විස් මහරූෆ්ගේ දක්‍ෂතා කැපී පෙනුණි.

බැංගලෝර් රෝයල් පිලට එරෙහිව පැවැති තරගයකදී මහරූෆ් ලකුණු 13 කට කඩුලු 2 ක් දවා ගත් අතර නොදැවී ලකුණු 13 ක් ලබා සිටියේය.

බැංගලෝර් රෝයල් පිලේ ලකුණු අතර සිටි ජැක් කාලිස් හා එස්’ පී. ගොස්වාමී දවාගැනීමට මහරූෆ් සමත් වීම තරගයේ වාසිය තම පිලට හරවා ගැනීමට ප‍්‍රධාන සාධකයක් විය.

මහරූෆ් විසින් දැවැන්ත හයේ පහරක් හා හතරේ පහරක් සමග පන්දු 8 කදී ලකුණු 13 ලැබීය.

බැංගලෝර් රෝයල් පිල කඩුලු 7 කට ලකුණු 154 (ඕවර් 20) - ජැක් කලිස් 25, ගොස්වාමී 52, මිෂා උල් හක් නොදැවී 47, මැග‍්‍රා 15/2, මහරූෆ් 13/2.

දිල්ලි ඩරේඩ්විල්ස් පිල කඩුලු 5 කට ලකුණු 158 (ඕවර් 18.2) - ගාම්බීර් 39, ෂෙවාග් 47, මහරූෆ් නොදැවී 13, කුම්බ්ලේ 18/2.

භුම් කම්පාවෙන

චීනයේ භුම් කම්පාවෙන් විපතට පත්වූවන් සඳහා වෛද්‍ය ආධාර ලබා දීමට ශ්‍රී ලංකාව ද ඉදිරිපත්ව සිටී.

කටුගස්තොට, ප්‍රදේශයේ දුම්රිය පාලමක ඊයේ රාත්‍රී පිපිරීමක් විය

කටුගස්තොට, ප්‍රදේශයේ දුම්රිය පාලමක ඊයේ රාත්‍රී පිපිරීමක් විය.එහෙත් ඉන් දුම්රිය මාර්ගයට කිසිදු හානියක් සිදුව නොමැති බව මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පති කිංස්ලි ඒකනායක මහතා පැවසීය.

බාල්රාජ්ට හෘදයාබාධයක්ද ?

People gathered in Kilinochchi.


L T T E යුධ නායකයෙක් යැයි සැලකෙන බාල්රාජ් නැමැත්තා හෘදයාබාධයකින් මියගිය බව L T T E පක්ෂපාතී මාධ්ය වලින් අපට දැගන්නට ලැබිනි.නමුත් සත්ය මෙයද ?

කොටින්ගේ නායකත්වය පිළිබඳව අර්බුද අපිට මාධ්ය තුලින අසන්නට ලැබේ.මෙයත් එවැි අර්බුදයක අනු ප්රතිපලයක්ද ? කාලයට ඉඩදී සත්ය සොයා යමු
LTTE Balraj sea landing
Commander Balraj landing his troops in Iththaavil in year 2000

කොළඹ බෝම්බ කොටියාගේ හැඳුනුම්පත හැදූ හැටි සොයයි

කොළඹ කොටුවේ සම්බුද්ධාලෝක විහාරස්ථානය අසලදී සිකුරාදා පුපුරා ගිය මරාගෙන මැරුණු කොටි ත‍්‍රස්තවාදියාගේ ව්‍යාජ හැඳුනුම්පත සකස් කළේ කෙසේද යන්න පිළිබඳව පුළුල් පොලිස් පරීක්‍ෂණ පැවැත්වේ.
වැල්ලවත්ත ප‍්‍රදේශයේ ලිපිනයක පදිංචි මුස්ලිම් ජාතිකයකුගේ නමට මෙම ව්‍යාජ හැඳුනුම්පත සකස් කර ඇති අතර එහි සඳහන් ලිපිනය හෝ සඳහන් නම ව්‍යාජ එකක් බව පරීක්‍ෂණ කණ්ඩායම්වලට තහවුරු වී තිබේ.
මෙම හැඳුනුම්පත සකස් කර ගැනීම සඳහා ආධාර උපකාර කළ ග‍්‍රාම සේවා නිලධාරීවරයා කවරෙක්ද යන්න පිළිබඳවද පරීක්‍ෂණ පැවැත්වෙන අතර මේ සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් රැසකගෙන් ප‍්‍රශ්න කර තිබේ.
මරාගෙන මැරුණු ත‍්‍රස්තවාදියාගේ රියදුරු බලපත‍්‍රය ද, හැඳුනුම්පතේ සඳහන් නමටම සකස් කර තිබී ඇති අතර ඒ සම්බන්ධයෙන් ද පරීක්‍ෂණ පැවැත්වේ.
විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් මෙම බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන අතර මේ වන විට ති‍්‍රකුණාමලයේදී පොලිසිය බාරයට ගෙන ඇති “ජනා” නමැත්තාගෙන් පොලිසිය පුළුල් ලෙස ප‍්‍රශ්න කරයි.
බෝම්බ ප‍්‍රහාරයට යොදා ගත් යතුරුපැදිය ඔහුගේ නමට ලියාපදිංචි කර ඇති අතර ඔහු හා මරාගෙන මැරුණු බෝම්බකරු අතර ඇති සම්බන්ධය කෙසේද යන්න පොලිසියේ අවධානය යොමු වී තිබේ.
මෙම යතුරුපැදිය බෝම්බ ප‍්‍රහාරයට මාසයකට පමණ පෙර කොළඹට ගෙනවිත් ඇතැයි පොලිසිය විශ්වාස කරන අතර එය මාසයක් පුරා කොළඹ කුමන ස්ථානයක තබා තිබුණේ ද යන්න පිළිබඳව ද පරීක්‍ෂණ කණ්ඩායම් විමර්ශනයට ලක්කර තිබේ.
මේ අතර ති‍්‍රකුණාමලයේදී පොලිසිය බාරයට ගැනුණු කොටුව බෝම්බ ප‍්‍රහාරයට යොදා ගත් යතුරුපැදියේ හිමිකරු බවට හඳුනාගෙන ඇති “ජනා” නමැත්තා ටී. ඇම්. වී. පී. පක්‍ෂයේ (පිල්ලෙයාන්) කි‍්‍රයාකාරිකයකු බවට එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පවසා සිටියත් එම ජනා නමැත්තා තම පක්‍ෂයේ කි‍්‍රයාකාරිකයකු නොවන බවත්, කොළඹ දී තමා මරා දැමීම සඳහා බෝම්බකරු උත්සාහ කරන්නට ඇතැයි විශ්වාස කරන බව පිල්ලෙයාන් විසින් පුවත්පතකට ප‍්‍රකාශ කර තිබිණි.

කොළඹ වාහන තදබදය මඩින්න ගුවන් පාලම් 16ක් කඩිනමින්

නගරාන්තර මාර්ග තදබදය අවම කිරීම සඳහා කොළඹ නගරය අවට ගුවන් පාලම් දහසයක් කඩිනමින් ඉදිකිරීමට රජය තීරණය කරයි.
ඒ සඳහා බි‍්‍රතාන්‍ය රජයෙන් රුපියල් කෝටි 10750 ක ණය ආධාර ශ‍්‍රී ලංකා රජයට ලබා දී ඇතැයි, වැඩබලන මහාමාර්ග හා මාර්ග සංවර්ධන ඇමැති ටී. බී. ඒකනායක මහතා ප‍්‍රකාශ කෙළේය.
නව ගුවන් පාලම් දහසය කැලණිය, නුගේගොඩ, පානදුර, දෙහිවල, මීගමුව, මහව, කොහුවල, බොරලැස්ගමුව, ආමර් වීදිය, හිල්ටන් වටරවුම, ලිප්ටන් වටරවුම, කිරුලපන, ජාඇල, වේයන්ගොඩ, කොම්පඤ්ඤවීදිය ආදී නගරයන්හි ඉදිකිරීමට නියමිත බව ඇමැතිවරයා කීය.
මීටර් 300 ක දිගින් යුත් නුගේගොඩ ගුවන් පාලමේ වැඩකටයුතු ලබන මස අරඹන බව කී ඇමැතිවරයා, මං තීරු හතරක් යටතේ ඉදිකෙරෙන නුගේගොඩ ගුවන් පාලම සම්පූර්ණ වැඩකටයුතු ලබන වසරේ අවසන් කිරීමට යෝජිත බව කීවේය.
මෙම ගුවන් පාලම් පෙර සවි පාලම් ලෙස ඉදිකෙරෙන බව කී හෙතෙම කොන්කී‍්‍රට්වලින් මෙවැනි ගුවන් පාලම් ඉදිකිරීම සඳහා වසර තුනක පමණ කාලයක් ගත වනු ඇති බවත් එහෙත් පෙර සවි පාලම් මගින් දින 70 - 80 කින් පමණ ගුවන් පාලමක් ස්ථාපිත කළ හැකි බවත්, පැවැසීය.

අග්නිදිග ආසියාවේ විශාලතම ප‍්‍රසාංග කලා රඟහල ලංකාවේ

සිනමාව, නාට්‍යය, ඇතුළු කලා ක්ෂේත‍්‍රයේ විවිධ අංග ගණනාවකට පහසුකම් සැලසෙන අග්නිදිග ආසියාවේ විශාලතම ජාතික ප‍්‍රසාංග කලා රඟහල ශී‍්‍ර ලංකාවේ ඉදි කෙරෙයි.
රුපියල් මිලියන 2430 ක චීන ආධාර යටතේ ඉදිකිරීමට සැළසුම් කොට ඇති මෙම ජාතික ප‍්‍රසාංග කලා රඟහල සඳහා මෙම 23 දින කොළඹ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් මුල්ගල තැබේ.
ජනාධිපතිතුමන් පසුගියදා චීනයේ කළ සංචාරයේදී ලද ප‍්‍රතිඵලයක් ලෙස මෙම ආධාර මුදල ලැබී තිබේ. ආසන 1288 කින් සමන්විත මෙම රඟහල මාස 20 කින් ඉදිකොට ලංකාණ්ඩුවට බාරදීමට නියමිත වේ.
ඉදිකිරීම් බාරව කටයුතු කරන්නේ චීනයේ යැංජිං සමාගමයි. චීන ඉංජිනේරුවන්, තාක්ෂණික ශිල්පීන් සහ කම්කරුවන් විසින් ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙනු ඇත.
සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මෙහෙයවීමෙන් සිදු කෙරෙන මෙහි නාට්‍ය, සිනමාව, කලාව, ප‍්‍රසාංග ක්ෂේත‍්‍රවලට අවශ්‍ය විවිධ අංගවලින් සමන්විතව භෝජනාගාර, චිත‍්‍ර ප‍්‍රදර්ශන පැවැත්වීම සඳහා චිත‍්‍රාගාර, විවේකාගාර, ලේඛකයින්ට වාද විවාද සංවාද මණ්ඩප සඳහා පහසුකම් භෝජනාගාර ඇතුළත් වේ.
රඟහල නිමවීමෙන් ශී‍්‍ර ලාංකික තරුණ තරුණයින් 400 කට පමණ රැකියා අවස්ථා සැළසෙනු ඇත.
2007 වසරේ දෙසැම්බර් 26 දින සංස්කෘතික ඇමති මහින්ද යාපා අබේවර්ධන සහ චීන තානාපති වයි. ඊ. යේ. චාවෝ මහත්වරු මෙම රඟහල ඉදිකිරීම සඳහා වූ ගිවිසුමට අස්සන් තැබූහ.
නෝමෑඩ්ස් පිටියේ මුල්ගල තැබෙන අවස්ථාවට අගමැති රත්නසිරි වික‍්‍රමනායක, සංස්කෘතික කටයුතු ඇමති මහින්ද යාපා අබේවර්ධන, විදේශ කටයුතු ඇමති රෝහිත බෝගොල්ලාගම මහත්වරු සහභාගි වෙති.

රනිල් වික‍්‍රමසිංහගෙන් කිසි දිනෙක මුස්ලිම් ජාතියට සේවාවක් වී නෑ

විපක්‍ෂ නායක හා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මෙරට මුස්ලිම් ජාතියට කිසිම සේවාවක් ඉටු නොකළ මුස්ලිම් විරෝධියකු බවට මුස්ලිම් ජන නායකයෝ චෝදනා කරති.
ඒ මහතා අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ කාලයේ මුස්ලිම් ජාතීන්ගේ ඉල්ලීම් කිසිවක් ඉටුකැර නැතැයි ද ඔව්හු පවසති.
ඉස්ලාම් ආගම මුස්ලිම් දරුවන්ට ඉගැන්වීම සඳහා මවිලවි ගුරුවරුන් පත්කරන ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා ගෙන් දිගින් දිගටම ඉල්ලා සිටි බවත්, අධ්‍යාපන ඇමැතිවරයා ලෙස කටයුතු කළ කාලයේ ඔහු එම ඉල්ලීම ඉටුකැර දී නොමැති බවත් ඔවුහු පවසති.
පලස්තීනුවන් ගේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ද රනිල් වික‍්‍රමසිංහ මහතා නියෝජනය කැර ඇත්තේ පලස්තීන විරෝධී ප‍්‍රතිපත්තියක් බවද මුස්ලිම් නායකයෝ පෙන්වා දෙති.
වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පලස්තීන සහයෝගිතා කමිටුවේ සභාපතිවරයා වශයෙන් ද, විපක්ෂ නායක වරයා වශයෙන් ද පලස්තීනයට සහාය පළකිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී එවකට අගමැතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටි රනිල් වික‍්‍රමසිංහ මහතා එම යෝජනාවට සහාය පළකැර නැත.
එපමණක් නොව, එම යෝජනාවට පක්ෂව එවකට පාර්ලිමේන්තු කටයුතු ඇමතිවරයා වශයෙන් කටයුතු කළ ඒ. එච්. එම්. අස්වර් මහතාටත්, ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටි ඉමිටියාස් බාකීර් මාකර් මහතාටත් පලස්තීනයට සහාය පළ කරන යෝජනාවට පක්ෂව පාර්ලිමේන්තුවේ කතා කිරීමට පවා අවසර දී නොමැත.
එවකට පාර්ලිමේන්තුවේ සභානායක වරයා වශයෙන් කටයුතු කළ වි. ජ. මු. ලොකු බණ්ඩාර මහතා ද ඉහතින් සඳහන් කළ ඇමතිවරුන්ට එම යෝජනාවට පක්ෂව අදහස් පළ කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා ගෙන් ඉල්ලා ඇත.
ඇමති තනතුරුවලින් ඉල්ලා අස්වී පලස්තීනයට සහාය පළ කරන යෝජනාවට පක්ෂව කතා කරන ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී දැනුම් දී තිබේ.
ඇමෙරිකාව විසින් ඉරාකය ආක‍්‍රමණය කරනු ලැබූ අවස්ථාවේ ලෝක වාසී සමස්ත මුස්ලිම් ජනතාවට ද්‍රෝහි වෙමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී ඇමෙරිකාව ඉරාකය ආක‍්‍රමණය කිරීම අනුමත කරමින් රනිල් වික‍්‍රමසිංහ මහතා ඇමෙරිකාවට සහාය දක්වා ඇත.
රනිල් වික‍්‍රමසිංහ මහතා විවිධ තනතුරු දැරූ අවස්ථාවල සහිරා විද්‍යාලයේ අත්‍යවශ්‍ය උත්සව කටයුතුවලට ආරාධනා කැර ඇතත් කිසි දවසක ඔහු සහිරා විද්‍යාලයට පැමිණ නැත.
මුස්ලිම් ජාතියේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය වන සහිරා විද්‍යාලයට මෙරට ආණ්ඩුකාර වරුන් සහ ප‍්‍රථම අගමැති ඩී. එස්. සේනානායක මහතා වැනි නායකයන් පවා සහිරා විද්‍යාලයට පැමිණ සහාය පළකැර ඇත.
එහෙත් රනිල් වික‍්‍රමසිංහ මහතා මෙයට පෙර කිසිම දවසක සහිරා විද්‍යාලයට පැමිණ නැතැයි ද මුස්ලිම් ජනනායකයෝ පවසති.
මෙයට පෙර මෙරට දේශපාලනයේ නියැළුණු සෑම ජන නායකයකුම මුස්ලිම් ජාතීන් සමඟ සහයෝගයෙන් කි‍්‍රයා කැර ඇතත් රනිල් වික‍්‍රමසිංහ මහතා මුස්ලිම් ජාතියේ උන්නතියට කිසිදු සහයෝගයක් නොදුන් අයෙකු ලෙසත් ඔව්හු සඳහන් කරති.

කොටි යතුරු පැදිකරුගේ ඤාතීන් 6ක් තී‍්‍ර’ මලේදී දැලේ

කොළඹ හිල්ටන් හෝටලය අසලදී පසුගියදා සිදුවූ මරාගෙන මැරෙන කොටි බෝම්බ ප‍්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ප‍්‍රශ්න කිරීම සඳහා තවත් පුද්ගලයන් හය දෙනකු ති‍්‍රකුණාමලයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් මරාගෙන මැරෙන කොටි ත‍්‍රස්තවාදියා පැදවූ යතුරු පැදියේ හිමිකරුගේ ඥාතීන් බව සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පවත්වන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් “දිනමිණ” ට පැවසීය.
ර්ඛ - 3875 දරන යතුරු පැදියේ හිමිකරු මෙම සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වශයෙන් සැලකෙන අතර බෝම්බ පිපිරීමේ සිද්ධිය වූ දිනයේම ති‍්‍රකුණාමලයේ දී අත්අඩංගුවට පත් විය.
ප‍්‍රසිද්ධ මෝටර්රථ අලෙවි සමාගමකින් මෙම යතුරු පැදිය මිලදී ගෙන ඇති බව හෙළිදරව් වී ඇත. එය මීට මාස කීපයකට පෙර ති‍්‍රකුණාමලයට ගෙන ගොස් තිබෙන බවත් හෙළි විය.
එසේ ගෙන යන අවස්ථාවේ දී ති‍්‍රකුණාමලයට ආසන්නම පොලිස් මුරපොළේ දී මෙම යතුරු පැදියේ තොරතුරු සටහන් කිරීමේ දී එහි අයිතිකරු වශයෙන් සටහන් කර ඇත්තේ මුස්ලිම් පුද්ගලයෙකුගේ නමකි.
මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ එහි අයිතිකරු වශයෙන් ලියාපදිංචි වී තිබෙන්නේ දැනට ප‍්‍රධාන සැකකරු වශයෙන් අත්අඩංගුවට පත්ව සිටින ද්‍රවිඩ ජාතික පුද්ගලයා ය.
අත්අඩංගුවට පත් සෙසු සැකකරුවන් හය දෙනා සහ ප‍්‍රධාන සැකකරු එල්. ටී. ටී. ඊ සංවිධානයට සම්බන්ධව මෙම යතුරු පැදිය මිලදී ගෙන මරාගෙන මැරෙන ප‍්‍රහාරයකට යෙදවීම පිණිස සහාය දී ඇති බව පරීක්ෂණ අංශවල විශ්වාසයයි.
එම යතුරු පැදිය ති‍්‍රකුණාමලයේ සිට නැවත කොළඹට ගෙන ආ බවට කිසිදු පොලිස් මුර පොළක සටහන් වී නැති අතර මෙය ති‍්‍රකුණාමලයෙන් පිට කළේ කෙබඳු ක‍්‍රමයකට දැයි සොයා බැලීමට පුළුල් පරීක්ෂණ සිදු කෙරේ.
කොළඹ දී මෙම මරාගෙන මැරෙන කොටි ත‍්‍රස්තවාදියාට රැකවරණය ලබා දුන් පුද්ගලයන් සම්බන්ධව ද පරීක්ෂණ අංශවලට තොරතුරු රැසක් ලැබී ඇත.
සිද්ධිය වූ ස්ථානය අවට සිටි අය ඇතුළුව මේ වන විට 50 කගෙන් පමණ ප‍්‍රශ්න කර ඇත. සිද්ධියේ ප‍්‍රධාන සැකකරු කොළඹට ගෙනවිත් ඇති අතර සෙසු සැකකරුවන් ද ගෙන ඒමට නියමිතව ඇත.

Tuesday, May 20, 2008

තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඉපදීම


තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම හා පරිනිර්වාණය සිහි කෙරෙන වෙසක් පොහොය නිමිත්තෙන් රටපුරා සෑම වෙහෙර විහාරස්ථානයකම විවිධ ආගමික වැඩ සටහන් සංවිධානය කොට තිබිණි. එවැනි වැඩසටහනක් ඊයේ (19) කොළඹ 07 ශ‍්‍රී සම්බෝධි විහාරස්ථානයේදී පැවැත්විණි. එහිදී අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා රූපවාහිනී වැඩසටහනකට අදහස් දැක්වූ අයුරු. මෙම අවස්ථාවට සහභාගි වූ සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම, කැනඩාවේ මොන්ටි‍්‍රයල් බෞද්ධ මධ්‍යස්ථානාධිපති දික්වැල්ලේ උපතිස්ස යන හිමිවරු ද, ප‍්‍රවීණ මාධ්‍යවේදී කලාකීර්ති එඩ්වින් ආරියදාස, නවලෝක සමූහයේ අධිපති දේශමාන්‍ය එච්. කේ. ධර්මදාස යන මහත්වරු ද මෙහි වෙති.
ඡායාරූපය - සමන් ශ‍්‍රී වෙදගේ

නිරිතදිග මෝසම

නිරිතදිග මෝසම සක්‍රීයවීමත් සමග ඉදිරියේදී තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වසරේ මැයි මස තෙවන සතියේ සිට නිරිත දිග සක්‍රීය වන බවට කාලගුණ විද්‍යාඥයෝ අනාවැකි පළ කරති.

Ha Ha Ha

අධි බල සන්නිවේදන උපකරණ සමඟ කොටි දෙදෙනෙක් ඉන්දියාවේදී දැලේ

පී.කේ.බණ්ඩාර

එල්.ටී.ටී.ඊ. සංවිධානය සඳහා පුපුරන ද්‍රව්‍ය සහ ඉලෙක්ට්‍රොනික් උපකරණ සපයමින් සිටි දෙමළ ජාතිකයෝ දෙදෙනෙක් ඉන්දීය බුද්ධි අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

ඉන්දීය බුද්ධි අංශ ‘කිව්’ ශාඛාවේ නිලධාරීන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරමේ පදිංචිව සිටි පී. ජෙයරාජා හෙවත් විජි හෙවත් විජයන් (28) සහ ටී.චින්නවන් හෙවත් පද්මරාජා (27) යන දෙදෙනායි.

රාමේෂ්වරම් වෙරළේ දී එල්.ටී.ටී.ඊ. ඒජන්තයන් හරහා එම සංවිධානයට යැවීමට සූදානම් කොට තිබූ පුපුරන ද්‍රව්‍ය විශාල තොගයක් සහ රුපියල් හාර ලක්ෂ පනස් නව දහසක් දමෙම ද්‍රව්‍ය ප‍්‍රවාහනය කිරීම සඳහා ගොඩබිම් සහ මුහුදු ප‍්‍රවාහන සේවා සැපයූ කේ. සෙන්තිල් නමැති ඉන්දීය ජාතිකයකු ද මොවුන් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇති තොරතුරු අනුව ජෙයරාජා සහ චින්නවන් අනාථයන් ලෙස 1990 දී ඉන්දියාවට ඇතුළුවී ඇති අතර අනාථයින් ලෙස ලැබුණු ලියාපදිංචිය අලුත් කරගැනීමකින් තොරව ඉන්දියාවේ විවිධ ප‍්‍රදේශවල ජීවත්වී ඇත.

ශ‍්‍රී ලංකාවේ කොටි පාලන ප‍්‍රදේශවලට නිතරම පැමිණ ඇති මොවුන් දෙදෙනා කොටි ත‍්‍රස්තවාදීනට පුපුරන ද්‍රව්‍ය මෙන්ම ඩෙටනේටර් 20,000ක් ද මුහුදු කොඅලුත් කරගැනීමකින් තොරව ඉන්දියාවේ විවිධ ප‍්‍රදේශවල ජීවත්වී ඇත.

ශ‍්‍රී ලංකාවේ කොටි පාලන ප‍්‍රදේශවලට නිතරම පැමිණ ඇති මොවුන් දෙදෙනා කොටි ත‍්‍රස්තවාදීනට පුපුරන ද්‍රව්‍ය මෙන්ම ඩෙටනේටර් 20,000ක් ද මුහුදු කොටි සඳහා චන්ද්‍රිකා තාක්ෂණ උපකරණ ද Global Positioning System - GPS සපයා තිබේ.

තමිල්නාඩුවේ මදුරෙයි හි අරපායම් නගරයේ සිට සිය මෙහෙයුම් වල නිරත වූ මොවුන්ගේ මූලික කාර්ය භාරය වී ඇත්තේ පුපුරන ද්‍රව්‍ය සහ පිපිරීමට අවශ්‍ය උපකරණ සැපයීමයි. මොවුන් මෙම ද්‍රව්‍ය වෑන් රථ මගින් උචුපුලි හි කොටි ඒජන්තයන්ට ලබා දී තිබේ.

එම ස්ථානයේ සිට බෝට්ටු මගින් ලංකාවේ කොටි කඳවුරු වෙත එම ද්‍රව්‍ය ප‍්‍රවාහනය කර ඇත. මීට අමතරව අත්අඩංගුවට ගත් සෙන්තිල්ගේ නිවසේ තිබී තවත් සැක කටයුතු ද්‍රව්‍ය රැසක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ද්‍රව්‍යවලට අමතරව මොවුන් සතුව තිබී ප‍්‍රවාහනය සඳහා සූදානම් කර තිබූ දුම්කොළ සහ බීඩි තොගයක් ද අත්අඩංගුවට ගෙන ඇත. ඉන්දීය කිව් පොලිසිය මගින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප‍්‍රවාහනය කරමින් සිටියදී නීතියේ රැහැනට හසුවූ අනෙක් සිද්ධීන් හා මොවුන්ගේ සබඳතා පවතීදැයි යන්න පිළිබඳ තොරතුරු හෙළිකර ගැනීම සඳහා පරීක්ෂණ පැවැත්වේ.

ටි සඳහා චන්ද්‍රිකා තාක්ෂණ උපකරණ ද Global Positioning System - GPS සපයා තිබේ.

තමිල්නාඩුවේ මදුරෙයි හි අරපායම් නගරයේ සිට සිය මෙහෙයුම් වල නිරත වූ මොවුන්ගේ මූලික කාර්ය භාරය වී ඇත්තේ පුපුරන ද්‍රව්‍ය සහ පිපිරීමට අවශ්‍ය උපකරණ සැපයීමයි.

මොවුන් මෙම ද්‍රව්‍ය වෑන් රථ මගින් උචුපුලි හි කොටි ඒජන්තයන්ට ලබා දී තිබේ. එම ස්ථානයේ සිට බෝට්ටු මගින් ලංකාවේ කොටි කඳවුරු වෙත එම ද්‍රව්‍ය ප‍්‍රවාහනය කර ඇත. මීට අමතරව අත්අඩංගුවට ගත් සෙන්තිල්ගේ නිවසේ තිබී තවත් සැක කටයුතු ද්‍රව්‍ය රැසක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ද්‍රව්‍යවලට අමතරව මොවුන් සතුව තිබී ප‍්‍රවාහනය සඳහා සූදානම් කර තිබූ දුම්කොළ සහ බීඩි තොගයක් ද අත්අඩංගුවට ගෙන ඇත. ඉන්දීය කිව් පොලිසිය මගින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප‍්‍රවාහනය කරමින් සිටියදී නීතියේ රැහැනට හසුවූ අනෙක් සිද්ධීන් හා මොවුන්ගේ සබඳතා පවතීදැයි යන්න පිළිබඳ තොරතුරු හෙළිකර ගැනීම සඳහා පරීක්ෂණ පැවැත්වේ.


අතුරු කමිටු 4ක නිලවරණ ජූනි අගදී නාමයෝජනා ලබන සතියේ කැඳවය

දැනට කි‍්‍රයාත්මක පිහිනුම්, හොකී, ටයිකොන්ඩෝ හා වූෂු අතුරු කමිටු අහෝසි කොට ජූනි මාසයේ අවසන් සතියේදී නිලවරණය පැවැත්වීමට කී‍්‍රඩා අමාත්‍යංශය තීරණය කර ඇත. එම අතුරු කමිටු හතරේ නිලවරණය සඳහා නාමයෝජනා ලබන සඳුදා සිට කැඳවීමට බලාපොරොත්තුවන බව කී‍්‍රඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඩී. දහනායක මහතා ‘දිනමිණ’ ට පැවසීය.

පිහිනුම්, හොකී සහ ටයිකොන්ඩෝ අතුරුකමිටු මගින් එම කී‍්‍රඩා සංගම්වල තිබූ අවිධිමත් කි‍්‍රයා මගහරවාගෙන සාමාජික සංගම් නීත්‍යානුකූල තත්ත්වයකට පත් කරගෙන ඇති නිසා තවදුරටත් අතුරුකමිටු කි‍්‍රයාත්මක කිරීමේ අවශ්‍යතාවක් නැතැයි කී‍්‍රඩා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා පැවසීය.

එහෙත් වුෂූ කී‍්‍රඩා සම්මේලනයට අදාළ සාමාජික සංගම්වල නීත්‍යානුකූල තත්ත්වයත් සොයා බැලීමට තවත් දින කිහිපයක් ගතවනු ඇතැයි ඒ මහතා පැවැසීය.

කෙසේ වුවද වසර 8කට පෙර පිහිටුවා ඇති වුෂූ අතුරු කමිටුව වෙනුවට වුෂූ සම්මේලනයේ නිලවරණයද ජූනි මස අගදී පැවැත්වෙනු ඇතැයි දහනායක මහතා ප‍්‍රකාශ කළේ ය.

පිහිනුම්, හොකී, ටයිකොන්ඩෝ හා වුෂූ අතුරු කමිටු අහෝසි කොට නාමයෝජනා කැඳවීම සියලුම අනුබද්ධිත සාමාජික සංගම්වෙත ලිඛිතව දැනුම් දීමට කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තුව බලාපොරොත්තුවෙයි. ජාතික කී‍්‍රඩා පනත අනුව නිලවරණය පැවැත්වීමේ දිනට මසකට කලින් නාමයෝජනා කැඳවිය යුතුවේ.

මෙම අතුරු කමිටු හතරේ නිලවරණ කී‍්‍රඩා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයාගේ අධීක්‍ෂණය යටතේ කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේදී පැවැත්වේ.

පිහිනුම් අතුරු කමිටුවේ සභාපති ලෙස නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් මහතා ද ලේකම් ලෙස සමන්ත වික‍්‍රමසිංහ මහතාද කටයුතු කරති.

සමන්ත වික‍්‍රමසිංහ මහතා පෞද්ගලික හේතු මත පිහිනුම් පරිපාලන කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති නිසා දැනට පිහිනුම් අතුරු කමිටුවේ මාධ්‍ය ප‍්‍රකාශක නේතෘ නානායක්කාර මහතා නිලවරණයේදී ලේකම් තනතුරට නාමයෝජනා ලබාදීමේ සූදානමක් ඇතැයි වාර්තාවේ.

දැනගන්නට ඇති පරිදි හොකී අතුරු කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුමිත් එදිරිසිංහ මහතා හා ලේකම් ගාමිණී ජයසිංහ මහතා ඬලවරණයේදී එම තනතුරුවලට නාමයෝජනා ලබාදීමේ සූදානමක් පවතී.

වුෂූ අතුරු කමිටු සභාපති අමාත්‍ය ටී. බී. ඒකනායක හා ලේකම් මානෙල් ධර්මකීර්ති යන මහත්වරුද වුෂූ නිලවරණයට ඉදිරිපත්වීමේ සූදානමක් පවතින බව වාර්තාවේ.

ජයසූරියගෙන් වේගවත් ලකුණු 36ක

ඉන්දීය පී‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ සනත් ජයසූරිය විසින් ඩෙකාන් චාර්ජර්ස් පිලට එරෙහිව වේගවත් ලකුණු 36 ක් ලබා ගත්තේය. සනත් නියෝජනය කරන මුම්බායි ඉන්ඩියන්ස් පිලට ලකුණු 25 ක ජයක් අත්වූ අතර ඔහුගේ ලකුණු 36 පන්දු 15 කදී හයේ පහර 2 ක් හා හතරේ පහර 6 කින් වර්ණවත් විය.

මුම්බායි ඉන්ඩියන්ස් පිල ඕවර් 20 කදී ලකුණු 178 ක් ලැබීය. ඩෙකාන් චාර්ජර්ස් පිල ඕවර් 20 තුළදී ලබා ගත්තේ ලකුණු 153 ක් පමණි.

මුම්බායි ඉන්ඩියන්ස් පිලේ ඩෙවන් බ‍්‍රාවෝ ලකුණු 30 ක් හා කඩුලු 3 ක් බිඳහෙළීම හේතුවෙන් තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.

මුම්බායි ඉන්ඩියන්ස් කඩුලු 7 කට ලකුණු 178 (ඕවර් 20) - ජයසූරිය 36, බ‍්‍රාවෝ 30, තෙන්ඩුල්කාර් 23, නේයර් 38, සිං 35/3.

ඩෙකාන් චාර්ජර්ස් කඩුලු 7 කට ලකුනු 153 (ඕවර් 20) - වෙනුගෝපල් රාවෝ 57, රවී තේජා 37, බ‍්‍රාවෝ 24/3, දිල්හාර ප‍්‍රනාන්දු 38/2.

සංචාරය සංවිධානය කරන්නේ කොටින්ට හිතවත් ව්‍යාපාරිකයෙක්

එල්.ටී.ටී.ඊ. හිතවාදියකු හා ප‍්‍රකට ව්‍යාපාරිකයකු වන නොයෙල් සෙල්වනායගම් සංවිධානය කළ විදේශ සංචාරයක රනිල් වික‍්‍රමසිංහ මහතා නිරත වෙයි. ඒ අනුව හෙට දින සිට ජර්මනියේ සංචාරයක යෙදෙන රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී ශී‍්‍ර ලංකාව පිළිබඳ තොරතුරු රැසක් එරට නියෝජිතයින් වෙත ලබාදීමට නියමිත බවද වාර්තා වෙයි.

නැ’හිර පළාත් සභා මැතිවරණයෙන් පසු මුස්ලිම් කොංග‍්‍රසය තුළ අර්බුද රැසක

නැගෙනහිර පළාත් සභා මැතිවරණයෙන් පසු ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයට දේශපාලන අර්බුද රැසකට මුහුණ දීමට සිදුවී තිබේ. පළාත් සභා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරීමට ගත් තීරණය නිසා ආරම්භයේ සිට මුස්ලිම් කොංග‍්‍රසයේ සාමාජිකත්වය දැරූ විශාල පිරිසක් එයට විරෝධය පළකර තිබුණි

Monday, May 19, 2008

රනිල් ප‍්‍රභාකරන්ට සුදු හුණු ගානවා

කොටුව පොලිස් මුරපොළේ බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් ප‍්‍රභාකරන් නිර්දෝෂි කිරීමට විපක්‍ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත්වීම ගැන තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා දැඩි පිළිකුල සහ අප‍්‍රසාදය පළකරයි.
එකොළොස් දෙනකුට මරු කැඳවමින් සහ 95 දෙනකුට තුවාල සිදුකරමින් පසුගිය සිකුරාදා සිදුවූ එම මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයට නැගෙනහිර මහ ඇමැති පිල්ලෙයාන් මහතා සම්බන්ධ කිරීමේ කොන්ත‍්‍රාත්තුවක් විපක්‍ෂනායකයා භාරගෙන තිබෙන බව ද ඇමැතිවරයා ප‍්‍රකාශ කරයි.
මෙම ප‍්‍රහාරයට සම්බන්ධ මෝටර් සයිකලයේ අයිතිකරු පිල්ලෙයාන්ගේ ආධාරකරුවෙකු නොවන බව පොලිසිය ප‍්‍රකාශ කරද්දී රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රභාකරන් මෙම බෝම්බ ප‍්‍රහාරයට සම්බන්ධ නැතැයි ඇඟවීමට අසාර්ථක උත්සාහයක යෙදී සිටින බව ද යාපා මහතා ප‍්‍රකාශ කරයි.
මේ අවස්ථාවේදී ආණ්ඩුවට සහයෝගය දිය යුතු විපක්‍ෂනායකයා ප‍්‍රභාකරන්ට සුදු හුණු ගෑමට උත්සාහ කිරීම ඔහුගේ අවස්ථාවාදී දේශපාලනය ප‍්‍රදර්ශනය කිරීමක් බව ද ඇමැතිවරයා කීය.
මරාගෙන මැරෙන බෝම්බකරු ගමන් ගත් යතුරුපැදිය පිල්ලෙයාන්ගේ ටී. එම්. වී. පී. පක්‍ෂ සාමාජිකයකුගේ බව රනිල් වික‍්‍රමසිංහ මහතා මහනුවර පැවති රැස්වීමකදී ප‍්‍රකාශ කළ බවත්. බෝම්බ ප‍්‍රහාරයේ පරීක්‍ෂණ යටපත් කිරීමට ආණ්ඩුව කි‍්‍රයා කරන බවත් ඊයේ සිරස ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයෙන් කියා සිටියේය.
එහෙත් මහනුවර රැස්වීමක දර්ශන විකාශය කරනු වෙනුවට වික‍්‍රමසිංහ මහතා දුරකථනයෙන් සම්බන්ධ කරගෙන ඉහත ප‍්‍රකාශය විකාශනය කෙළේය.

Sunday, May 18, 2008

වව්නියාවේදී එල්.ටී.ටී.ඊ. අත්බෝම්බ ප්‍රහාරයෙන් අහිංසක සාමාන්‍ය වැසියන් 17 දෙනෙකුට තුවාල

වව්නියාව නගරයේ අද (මැයි 17) දහවල් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද අත් බෝම්බ ප්‍රහාරයකින් කුඩා දරුවෙකු ඇතුළු අහිංසක සාමාන්‍ය වැසියන් 17 දෙනෙකු තුවාල ලබා ඇත.
විශේෂ කාර්ය බළකායට අයත් බෆල් රථයක් ඉලක්ක කර ගනිමින් දහවල් 12.10 ට පමණ මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, එහි ඉලක්කය වැරදී සාමාන්‍ය ජනතාව ඇති ස්ථානයක බෝම්බය පතිත වීමෙන් පසු එය පුපුරාගොස් ඇති බව වවිනියාව පොලීසිය ප්‍රකාශ කරයි.
පිරිමින් 09 දෙනෙකු, කාන්තාවන් 06 දෙනෙකු සහ එක් කුඩා දරුවෙකු මෙම ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති අතර, ඔවුන් වව්නියාව රෝහල වෙත ඇතුලත් කර ඇත. බරපතල තත්වයේ පසුවන 04 දෙනෙකු මේ වන විටත් අනුරාධපුර රෝහලට මාරුකර යවා ඇතැයි රෝහල් ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

කොටින් ගේ ම්ලේච්ඡත්වය යළිත් ලොවට පෙන්නුම් කළ අවස්ථාවක්

ශී‍්‍ර ලංකාවේ වෙනම රාජ්‍යයක් බිහිකිරීමට කොටි සංවිධානය ප‍්‍රචන්ඩත්වය හා ත‍්‍රස්තවාදය ඉවහල් කැර ගන්නා ආකාරය යළිත් වරක් ලොව හමුවේ ප‍්‍රදර්ශනය කළ අවස්ථාවක් ලෙස ඊයේ (16) දින සෙනඟ පිරුණු කොළඹ මාර්ගයක බෝම්බයක් පුපුරුවා හැරීමේ සිද්ධිය හඳුන්වාදිය හැකියැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. එමෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හා මානව හිමිකම් සුරැකීමට කොටි සංවිධානයේ ඇති අකමැත්තද මෙම සිද්ධියෙන් පෙන්නුම් කැර ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කරයි.
පොලිස් නිලධාරීන් හා සාමාන්‍ය වැසියන් මරණයට පත් කරමින් හා තුවාල සිදු කරමින් කොටි සංවිධානය සිදු කළ කෲර හා බියගුළු ප‍්‍රහාරය හෙළා දකින ජනාධිපතිවරයා ඝාතනය වූ අයගේ පවුලේ අයටද ශෝකය ප‍්‍රකාශ කර සිටියි.
තුවාල ලැබූ අයට ඉක්මන් සුවයද ජනාධිපතිවරයා ප‍්‍රාර්ථනා කරයි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව අයිතීන් සහ ශිෂ්ඨ සමාජයේ අගය වටහාගත් සියලු දෙනා ත‍්‍රස්තවාදය නැමැති ව්‍යවසනය නැති කිරීමේ අවශ්‍යතාව මේ ප‍්‍රහාරයෙන් අවබෝධ කර ගත යුතු බවද ජනාධිපතිවරයා පවසයි.
මෙම කෲර බෝම්බ ප‍්‍රහාරය හේතුවෙන් සාමකාමීව හා පෙළඹීම්වලින් තොරව කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙය ශ‍්‍රී ලංකා සමාජයට අලුත් ආරම්භයක්!

මෙය ශ‍්‍රී ලංකා සමාජයට අලුත් ආරම්භයක් බවත් යුද්ධය ඕනෑ තැනට යුද්ධයත් දේශපාලන විසඳුමක් ඕනෑ තැනට දේශපාලන විසඳුමත් ලබාදෙන බවත් නැඟෙනහිර පළාත් සභාව මේ රටට පාර කියන පහන් තාරකාව බවට පත් කිරීමේ දී මහ ඇමැතිවරයාටත් ඇමැති මණ්ඩලයටත් සියලු ම මන්තී‍්‍රවරුන්ටත් පැවැරෙන වගකීම අති විශාල බවත් නැඟෙනහිර පළාත් සභාවට නව මහ ඇමැතිවරයකු පත් කිරීම නිමිත්තෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පැවැසී ය.
නැඟෙනහිර පළාතෙන් ලද ජයග‍්‍රහණය රැක ගැනීම ජාතිවාදයෙන් තොරව සිතිය යුතු බවත් නායකයා වනුයේ සිංහල ද දෙමළ ද මුස්ලිම් ද කියා නොසෙවිය යුතු බවත් නායකයා විය යුත්තේ මහජන නියෝජිතයා බවත් පැවැසූ ජනාධිපතිතුමා අපේ අනාගතය විනාශ වී ඇත්තේ ජාතිවාදී හා ආගම්වාදී බෙදීම්වලින් බව පෙන්වා දුන්නේ ය.
මේ විනාශකාරී දැක්මෙන් මිදී ශ‍්‍රී ලාංකිකයන් ලෙස බැලිය යුතු බව සඳහන් කළ ජනාධිපතිතුමා එසේ අධිෂ්ඨාන කැර ගන්නට හොඳ ම දවස මෙය බව කීය.
දේශපාලන විසඳුම් තිබිය යුත්තේ මේස රාක්කවල නොවන බව කී ජනාධිපතිතුමා මේ ප‍්‍රශ්නවලට දෙන විසඳුම් ජනතාව අතරට ගොස් කි‍්‍රයාවට නැඟිය යුතු බවත් කීය.
උතුරේ ප‍්‍රදේශ දෙකක තවමත් තුවක්කුවට යට වී සිටින ජනතාවකට යහපත් අනාගතයක් උදා වන දවස ලෙසත් ඒ හැරුණු විට ප‍්‍රජාතන්ත‍්‍රවාදයට නව කලඑළියක් ලැබී දශක ගණනාවක් තුවක්කුවට යට වී සිටි ජනතාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය බාර ගන්නා, තුවක්කු ගැන විශ්වාසය තැබූ ජනතාව සැබෑ මහජන නියෝජිතයන් බවට පත්වන දවස ලෙසත් ජනාධිපතිතුමා හැඳින්වීය.

Saturday, May 17, 2008

මහ ඇමැති පිල්ලෙයාන්


රටේ යහපත් උදාවක සංඥාවක් බව ජනපති කියයි

දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ පැවැති යුද්ධය නිසා ද්‍රවිඩ ජනතාවට අහිමි වු අභිලාශයන් මුදුන් පත් කර ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ පියවර තැබීමට සූදානම් බව නැඟෙනහිර පළාත් ප‍්‍රථම මහ ඇමැතිවරයා ලෙස දිවුරුම් දුන් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) මහතා ඊයේ (16) පැවසීය.
තේරුමක් නොමැති යුද්ධයක් නිසා සී සීකඩ වී විසිරී සිටින ද්‍රවිඩ ජනතාව ඒකරාශි කිරීමට මෙවන් මහඟු අවස්ථාවක් ලබා දුන් ජනාධිපතිවරයාට සමස්ත දෙමළ ජනතාවගේම ප‍්‍රණාමය හිමි වන බවත් ඒ මහතා පැවසීය.
ජනපතිවරයා ඉදිරියේ නැඟෙනහිර මහ ඇමැති ලෙස ඊයේ (16) දිව්රුම් දුන් චන්ද්‍රකාන්තන් මහතා එසේ ප‍්‍රකාශ කළේය.
නැඟෙනහිර පළාතේ අභිනව මහ ඇමැතිවරයා ප‍්‍රමුඛ මහජන නියෝජිතයන් දිව්රුම් දෙන අද දවස ශී‍්‍ර ලාංකික ජනතාවට අලුත් ආරම්භයක් සනිටුහන් කෙරෙන දවසක් මෙන්ම දැනටත් ත‍්‍රස්තවාදී පාලනයට නතුව තිබෙන උතුරු පළාතේ ප‍්‍රදේශ දෙකද තුළත් යහපත් අනාගතයක උදාවට සංඥාවක් දෙන දවසක් බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.
යුද්ධය ඕනෑ විටෙක යුද්ධයත් දේශපාලන විසඳුමක් අවශ්‍ය විටෙක දේශපාලන විසැඳුමකුත් දිය හැකි රජයක් බවට මුළු ලොවටම කියා පෑමට තමන් සමත් වූ බවත් ජනාධිපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කළේය.
නැඟෙනහිර පළාත් සභාවේ ප‍්‍රථම මහ ඇමතිවරයා සහ ඇමැතිවරුන්ද, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්තී‍්‍ර කණ්ඩායමද සිය පදවිවල දිව්රුම් දීමේ උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (16) සවස අභිමානවත් අයුරෙන් පැවැත්විණ.
මඩකළපුව දිස්ති‍්‍රක්කයේ වාලච්චේන මැතිවරණ කොට්ඨාසයේ පේත්තාලේ නම් කුඩා ග‍්‍රාමයේ ඉපිද කලක් තුවක්කුව කෙරෙහි විශ්වාසය තබා කටයුතු කර පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ ඉකුත් 10 වැනිදා නැඟෙනහිර පළාත් ප‍්‍රථම මැතිවරණයෙන් ජය ගත් සිවනේශතුරේ චන්ද්‍රකාන්තන් මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිව්රුම් ජන්නේ ඊයේ (16) සවස 6.03 ට පමණය.
ත‍්‍රස්තවාදී ග‍්‍රහණයෙන් දශක ගණනාවක් පීඩා විඳි ස්වකීය ජාතියේ ගැළවුම්කරු වශයෙන් ඔවුන්ගේම වැඩි මනාපයෙන් තේරී පත් වූ සිවනේශතුරේ චන්ද්‍රකාන්තන් මහතා දිව්රුම් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සිය උණුසුම් සුබ පැතුම් ඔහුට එක් කළේය.
නැඟෙනහිර පළාත් සභාවේ මහ ඇමැති සිවනේශතුරේ චන්ද්‍රකාන්තන් මහතා එම ධුරයට අමතරව මුදල්, නීතිය හා සාමය, පළාත් පාලන, මිනිස් සම්පත් ඇතුළු අමාත්‍ය තනතුරුවලද ඊයේ (16) දිව්රුම් දුන්නේය.
තුරේ අප්පා නවරත්න රාජා මහතා කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන සංවර්ධන, ග‍්‍රාමීය කර්මාන්ත සංවර්ධන හා ධීවර කටයුතු ඇමැතිවරයා ලෙසත් මීරා සහිබු උදුලෙ ලෙබ්බෙ මහතා මාර්ග සංවර්ධන වාරිමාර්ග, නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන ඇමැතිවරයා ලෙසත් විමලවීර දිසානායක මහතා අධ්‍යාපන, සංස්කෘතික, ඉඩම් හා ප‍්‍රවාහන ඇමැතිවරයා ලෙසත් ඊයේ (16) දිව්රුම් දුන්නේය.
මීට අමතරව තව ඇමැති ධුරයක පුරප්පාඩුවක් පවතින අතර එම ඇමැති ධුරය සහ පළාත් සභාවේ සභාපති, නියෝජ්‍ය සභාපති, ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක යන තනතුරු පළාත් සභා ප‍්‍රථම රැස්වීමේදී පිරවීමට නියමිතය.
නැඟෙනහිර පළාත් සභා ඡන්දයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරගකර තේරී පත් වූ මන්තී‍්‍රවරු 16 දෙනෙක්ද මෙහිදී ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම් දුන්හ.
මහ ඇමැතිවරයා සිංහලද, දෙමළද මුස්ලිම්ද යන්න කල්පනා නොකොට මේ අභිනව මහ ඇමැතිවරයා නැඟෙනහිර සියලු ජාතීන්ගේ මහ ඇමැති ලෙස සැළකිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා නැඟෙනහිරින් ලද ජයග‍්‍රහණය රැක ගැනීමට නම් අපි සියලු දෙනාම ජාතිවාදයෙන් තොරව සිතීමට පුරුදු විය යුතු බවත් පැවසීය.
නැඟෙනහිර නිදහස රැකගෙන සිංහල, මුස්ලිම්, දෙමළ සමානාත්මතාව, දූ පුතුන්ගේ අනාගතය මෙන්ම උතුරේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය තහවුරු කිරීමට බුලත් කොළයට ඡන්දය දෙන ලෙස තමන් කළ ඉල්ලීමට කන් දී සන්ධානය ජයග‍්‍රහණය කරවීමට උරදුන් නැඟෙනහිර ජනතාවගේ ඡන්දය අර්ථවත් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී අභිනව මහ ඇමැතිවරයා ප‍්‍රමුඛ මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය ප‍්‍රමුඛ පූජ්‍ය පක්ෂයද අගමැති රත්නසිරි වික‍්‍රමනායක, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ඇමැති මෛතී‍්‍රපාල සිරිසේන, එක්සත් ජනතා සන්ධානයේ මහ ලේකම් ඇමැති සුසිල් පෙ‍්‍ර්මජයන්ත යන මහත්වරු ප‍්‍රමුඛ ඇමැති මණ්ඩලය, පළාත් මහ ඇමැතිවරු, පළාත් සභා මන්තී‍්‍රවරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ජාතිවාදය අතහැර සමඟියෙන් කටයුතු කිරීමට සිහියට ගන්න

නැ’හිර ජය ගත් මහජන නියෝජිතයන්ට ජනපති කියයි
නැඟෙනහිර පළාත් සභාව ජයගත් සියලුදෙනා එහි සැබෑ ජයග‍්‍රහණය ජනතාවට ලබාදීමට නම්, ජාතිවාදයෙන් තොරව, සාමයෙන්, සමඟියෙන් සහ අවබෝධයෙන් කටයුතු කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
නිමාවට පත්වූ නැෙඟනහිර පළාත් සභා මැතිවරණය ජයගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහජන නියෝජිතයින් හා ජනාධිපතිවරයා අතර ඊයේ (16) උදේ අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ සාකච්ඡාව අමතා ජනාධිපතිවරයා එසේ කීය. මෙම හමුවට පැමිණි සියලු නියෝජිතයෝ මහත් හරසරින් හා උණුසුම් අයුරින් ජනාධිපතිවරයා විසින් පිළිගන්නා ලදී.
යළිත් වරක් එල්.ටී.ටී.ඊ.යට කිසිසේත් නැඟෙනහිර පළාත තුළ බලපෑමක් එල්ල කිරීමට ඉඩ දෙන්නේ නෑ. කොටින්ගේ කි‍්‍රයා කලාප අපි හෙළා දකිනවා.
කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් මේ පළාත මුදා ගැනීමෙන් අනතුරුව මේ මැතිවරණය සාධාරණව පැවැත්වීමට හැකිවුණා. ඒ ගැන අපිට සතුටුයි. ජනාධිපතිවරයා කීය. ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවට ටී.එම්.වී.පී. පක්ෂ නායක ශිවනේෂන් චන්ද්‍රකාන්ත (පිල්ලෙයාන්) එම්. ඒ. එල්. එම්. හිස්බුල්ලා, එම්. කේ. ඩී. එස්. ගුණවර්ධන, ආරියවතී ගලප්පත්ති, විමලවීර දිසානායක, තිස්ස තෙවරප්පෙරුම යන මහත්ම මහත්මීහු සහභාගි වී සිටියහ.

Friday, May 16, 2008

ලේක් හවුස් වටරවුම අසල බෝම්බ පිපිරුමක් (5/16/2008 12:17:22 PM )

කොටුව සම්බොධි විහාරය අසල අද දහවල් 12 පමන සිදුවූ මරාගෙන මැරෙන බොම්භ ප්‍රහාරයෙන් පොලිස් විළධාරින් 6 දෙනෙකු ඇතුළු 8 දෙනෙකු මියගොස් 90 වැඩි පිරිසක් තුවාල ලබා ඇත
දැනට ලැබී ඇති තොරතුරු වලට අනුව මරාගෙන මැරෙන එල් ටී ටී ඊ බොම්භකරුවකු පැදවූ යතුරු පැදියක් සම්බොධි විහාරය අසල සෙරමික් සන්දියේදී පොලිස් නිළධාරීන් පිරිසක් ගමන්ගත් බස්රථයක හප්පවා පුපුරවා හැර ඇත





Ha Ha Haaa....


සී. ආර්-යුද හමුදාව අද තියුණු තරගයක

2008 කැල්ටෙක්ස් අන්තර් සමාජ ලීග් රගර් තරගාවලියේ තියුණු සටනක් බලාපොරොත්තු විය හැකි තරගයක් සී. ආර්. ඇන්ඩ් එෆ්. සී. හා යුද හමුදාව අතර අද (16) ලොන්ග්ඩන් පෙදෙසේදී පැවැත්වේ.

මෙවර තරගාවලිය තෙවැනි සති අන්තයට පිවිසෙද්දී සී. ආර්. කණ්ඩායම තවමත් අපරාජිතව සිටී.

මෙතෙක් මුහුණු දුන් තරගවලදී ඔවුන් ගුවන් හමුදාව හා පොලීසිය කණ්ඩායම් පරාජය කර තිබේ.

යුද හමුදා කණ්ඩායම ඔවුන් මෙතෙක් සහභාගී වූ තරග දෙකෙන්ම පරාජය වුවද ඒවා ප‍්‍රතිවාදීන්ට පහසු ජයග‍්‍රහණ නොවූහ.

පසුගිය සති අන්තයේ පැවැති තරගයේ ඔවුන් සී. එච්. ඇන්ඩ් එෆ්. සී. කණ්ඩායමට ලකුණු 17 - 22 කින් පරාජය වූයේ අන්තිම මිනිත්තුවේදීය.

ඒ මොහොත වන විට දෙපිලම ලකුණු 17 බැගින් ලබා සම තත්ත්වයේ පසු වෙමින් සිටියහ.

ඊට පෙර සති අන්තයේදී යුද හමුදා කී‍්‍රඩකයෝ ලකුණු 15 - 21 කින් හැව්ලොක්ස් පිලට පරාජය වූයේ ප‍්‍රබල තරගයක් දීමෙන් අනතුරුවය.

මේ අනුව සී. ආර්. කණ්ඩායමට අද තරගයේදී යුද හමුදාව වෙතින් ප‍්‍රබල අභියෝගයක් එල්ල වනු නිසැකය.

මේ සති අන්තයේ පැවැත්වෙන අනෙකුත් කැල්ටෙක්ස් ලීග් අන්තර් සමාජ රගර් තරග මෙසේය. මැයි 17 : ගුවන් හමුදාව - හැව්ලොක්ස් (රත්මලාන)

මැයි 18 : මහනුවර - පොලීසිය (තිත්තවෙල)

මැයි 18 : සී. එච්. - ඕල්ඩ් සහිරියන්ස් (මේට්ලන්ඩ් පෙදෙස)

ආයුධ සන්නද්ධ දෙදෙනෙක් කැටපෙආරච්චි ගේ නිවෙසට රිංගති

නිවෙසට වෙඩි: ජවිපෙ ලියකියැවිලි අරන් යති

පේෂකර්මාන්ත අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් සම්පත් කැටපෙආරච්චි මහතාගේ රාජගිරියේ පිහිටි නිවෙසට ඊයේ (15) අලුයම ඇතුළු වූ ආයුධ සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙකු ඒ මහතට මරණ තර්ජන එල්ල කැර නිවෙසේ තිබූ ලියකියවිලි කිහිපයක් පැහැර ගෙන ගොස් තිබේ.

තීන්ත ටින් තුළ යකඩ බෝල දමා උතුරට යැවීමේ මහා ජාවාරමක

පෑලියගොඩ ප‍්‍රදේශයේ තාර සහ තීන්ත නිෂ්පාදන ආයතනයක් සිදුකළ තීන්ත ටින් තුළ දමා බෝම්බ නිෂ්පාදනයට ගන්නා යකඩ බෝල උතුරට යැවීමේ මහා ජාවාරමක් පිළිබදව කොළඹ ත‍්‍රස්ත විමර්ශන ඒකකය සහ රහස් පොලිසිය පරීක්ෂණ අරඹා ඇත..

ධනවත් දෙමළ ව්‍යාපාරිකයකුට අයිති මෙම තීන්ත ආයතනයේ තීන්ත යවන මුවාවෙන් තීන්ත ටින් සමඟ තීන්තවල බරට සරිලන ප‍්‍රමාණයේ යකඩ බෝල යැවීමේ ජාවාරම ආරම්භ කර ඇත්තේ මීට වසර දාහතරකට පමණ පෙර බව අනාවරණය වී තිබේ.

මෙම ව්‍යාපාරිකයා නිතරම විදේශගතවී සිටින පුද්ගලයකු බව ද හෙළිවී තිබේ.

කොටි අඩවියට භාණ්ඩ ප‍්‍රවාහනය කරන ආයතන සහ ව්‍යාපාරිකයන්ගෙන් බදු අය කළත් මෙම සමාගමෙන් කොටි බදු අය කර නැති බවට ද තොරතුරු හෙළි වී ඇත.

මෙම සමාගමේ යැයි කියන තරුණයෙකු රුපියල් ලක්‍ෂ හතරක මුදලක් රැගෙන කොළඹට පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කර තිබිණි.

මෙම ආයතනය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නිෂ්පාදන කටයුතුවලට තාර මිලදී ගනියි.

එසේ මිලදී ගන්නා තාර පිටතට විකිණිය හැක්කේ රුපියල් 280 කට පමණක් වුවත් රුපියල් 2150 ක මිලකට විකුණන බවට ලැබුණු තොරතුරු ගැන ද පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

එම ආයතනයේ ප‍්‍රධාන නිලධාරියකුගේ අස්සන හොරට යොදා ව්‍යාජ ඉන්වොයිස් යොදා බදු වංචාවක් කිරීම සම්බන්ධව රහස් පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

එම ආයතනයේ කිහිපදෙනකුගෙන් ද මේ සම්බන්ධව ප‍්‍රශ්න කර ඇත.

මෙම සමාගමේ හිමිකරු කොටි සංවිධානය සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වමින් කාලයක් තිස්සේ ඔවුන් දකුණේ සිදුකළ අපරාධවලටද උදව් කරමින් තීන්ත ප‍්‍රවාහනය කරන මුවාවෙන් උතුරට පුපුරණ ද්‍රව්‍ය ප‍්‍රවාහනය කර ඇතැයි පරීක්‍ෂණ අංශ සැක කරයි.

ශී‍්‍ර ලංකා ජනාධිපති ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ

ශී‍්‍ර ලංකා ජනාධිපති ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ


ශී‍්‍ර ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් දා ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ විශේෂ ආරාධනාවකට අනුව එහි ගොස් ඉතා සුවිශේෂ දේශනයක් පැවැත්විය. එම දේශනය පැවැත්වීමට පෙරාතුව ජනාධිපතිවරයා, චිරාගත සම්ප‍්‍රදායානුකූලව පොල්තෙල් පහන දල්වන අයුරුයි මේ. ජාත්‍යන්තර වෙළෙඳ්‍රම් සහ අපනයන සංවර්ධන ඇමැති මහාචාර්ය ජී.එල්.පීරිස්, ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ ශී‍්‍ර ලංකා සභාපති ඩිලාන් ප‍්‍රනාන්දු යන මහත්වරු ද මෙහි වෙත

ජනපති ගේ ඔක්ස්ෆර්ඩ් දේශනයට විද්වතුන්ගෙන් පැසසුම්

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔක්ස්ෆර්ඩ් සරසවියේ මහා ශිෂ්‍ය සංගමය අමතමින් කළ විශේෂ දේශනය මෙරට විද්වතුන්ගේ ප‍්‍රසාදයට ලක් වී තිබේ.

Thursday, May 15, 2008

නැඟෙනහිර මහ ඇමති කවරෙක්ද යන තීරණය අද

ජාති භේදයෙන් තොරව ජාතික සභාවක් ලෙස කටයුතු කිරීම යහපත් - අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන නැඟෙනහිර මහා ඇමති ධුරයට පත් කරන තැනැත්තා සම්බන්ධයෙන් වන තීරණය අද පැවැත්වීමට නියමිත රැස්වීමේදී ගන්නා බව තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි. විදෙස්ගතව සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද පස්වරුවේ පැමිණීමට නියමිත බවත් එතුමාගේ ප්‍රධානත්වයෙන් අද මෙම රැස්වීම පැවැත්වෙන බවත් ඔහු පැවසීය.ඒ අනුව එම ධුරයට පත් වන තැනැත්තා පිළිබඳව හෙට දිනය වන විට ප්‍රකාශයට පත් කළ හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.නැඟෙනහිර මැතිවරණය රජයේ ආධිපත්‍ය පැතිරවීමට නොවන බවත් සිංහල, දෙමළ, මුස්ලිම් භේදයෙන් තොරව ජාතික සභාවක් වශයෙන් කටයුතු කිරීම යහපත් වන බවත් ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.අද (15) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඒ මහතා සඳහන් කළේ සියලු දෙනා එක්ව නැඟෙනහිර සංවර්ධන කටයුතු සිදු කිරීමට ක්‍රියා කළ යුතු බවයි.එම ප්‍රදේශයේ මහඇමති තනතුර සම්බන්ධ ප්‍රශ්නයේදී සාකච්ඡා කර විසඳුමක් ලබා ගත හැකි බවට පිල්ලෙයාන් පවසා ඇති බව පැවසූ අමාත්‍යවරයා එය ඉතා හොඳ ප්‍රවේශයක් බව අවධාරණය කළේය.