Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, May 15, 2008

ජනපතිට ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමය ඇමතීමට ලැබීම ශ්‍රී ලංකාවට වාසිදායකයි

පොදු වරණීය ක්‍රමය(GSP +) ලබා ගන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතු නැහැ - අමාත්‍ය ජී.එල්. පීරිස් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය ඇමතීමට අවස්ථාව උදා වීම දුර්ලභ අවස්ථාවක් බව අපනයන සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසයි. මෙම දේශනයේදී ශ්‍රී ලංකාවේ වාතාවරණය සම්බන්ධයෙන් සහ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් එතුමා පළ කළ අදහස් විශාල වශයෙන් අන්තර්ජාතිකයේ ප්‍රචලිත වීම ශ්‍රී ලංකාවට ලැබෙන මහඟු අවස්ථාවක් බව ද ඒ මහතා අද (15) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේය.ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය එක්සත් ජාතීන්ගේ මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලයේ පැරණිතම විශ්වවිද්‍යාලයකි. එහි ශිෂ්‍ය සංගමයට ද වසර 500කට අධික ඉතිහාසයක් පවතී. රිචඩ් නික්සන්, බිල් ක්ලින්ටන්, රොනල්ඩ් රේගන්, ජිමී කාටර් වැනි ලෝ ප්‍රකට පුද්ගලයන් මෙම සංගමය ඇමතීමට අවස්ථාව ලබා තිබේ.ඒ අනුව ජනාධිපතිතුමාට ද මෙම සංගමය ඇමතීමට අවස්ථාව උදා වීම සහ එතුමා දැක්වූ අදහස් පුළුල් පරාසයක් ඔස්සේ ව්‍යාප්ත වීම ශ්‍රී ලංකාවට ඉතා යහපත් තත්ත්වයක් වනු ඇති බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.පොදු වරණීය ක්‍රමය (GSP +)ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතු බව යුරෝපා සංගමය කිසිදු විටෙක පවසා නොමැති බව අපනයන සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා අවධාරණය කරයි.මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා වන ඉල්ලීම ලබන ඔක්තෝබර් 31 වනදාට පෙර ඉදිරිපත් කළ යුතු බවත්, දෙසැම්බර් මාසයේ 15 වනදා මේ සම්බන්ධව තීරණය ගැනීමට නියමිත බවත් ඒ මහතා සඳහන් කළේය.

No comments: