Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, May 14, 2008

ඇමැති දේවානන්දා ගේ උපදේශිකාව ඝාතනය කරය

ඊ.පී.ඩී.පී සංවිධානයේ මහ ලේකම් සමාජ සේවා හා සමාජ සුබ සාධන ඇමැති ඩග්ලස් දේවානන්දා මහතාගේ උපදේශිකා නීතිඥ මහේෂ්වරි වෙලායුධම් මෙනෙවිය ඊයේ (13) කොටි ත‍්‍රස්තවාදීන් විසින් යාපනය පේදුරු තුඩුවේ පිහිටි ඇයගේ නිවසේදී වෙඩි තබා ඝාතනය කරනු ලැබ ඇත.

හමුදා ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී මුහුණ ආවරණය කරගත් පිරිසක් නිවස සෝදිසි කිරීමට අවශ්‍ය බව පවසා නිවසට ඇතුළුවී මෙම වෙඩි ප‍්‍රහාරය එල්ලකර තිබේ.

මීට දින කිහිපයකට පෙර ඇයගේ මව දැඩිසේ රෝගාතුරුව අසාධ්‍ය තත්වයේ පසුවන බවට ලැබුණු දුරකථන ඇමතුමකට අනුව ඇය මව බැලීමට යාපනය නිවසට ගොස් සිටියදී මෙලෙස ඝාතනයට ලක්වී ඇත.

වෙලායුධම් මෙනවියගේ විදේශ ගතව සිටි සහෝදර සහෝදරියන්ද මෙරටට පැමිණ ඇති අතර ඔවුන්ද සමඟ වෙලායුධම් මෙනවිය යාපනයේ නිවස බලා ගොස් තිබේ.

ඩග්ලස් දේවානන්දා මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ වසර 15 ක් පමණ කාලයක සිට සේවයේ නියුතුව සිටි ඇය ඊපීඩීපී සංවිධානයේ කි‍්‍රයාකාරි සාමාජිකාවක් ද වූවාය.

No comments: