Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, May 14, 2008

ශ‍්‍රී ලංකා කාන්තා රගර් පිල තේරීමට තරගාවලියක

ශ‍්‍රී ලංකා කාන්තා රගර් පිල තේරීමට තරගාවලියක්

අගෝස්තු මස හොංකොං හි දී පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා රගර් තරගාවලිය ඉලක්ක කර ගනිමින් කාන්තා රගර් තරග මාලාවක් සංවිධානය කිරීමට ශ‍්‍රී ලංකා රගර් සංගමය බලාපොරොත්තු වේ.

මේ සඳහා දැනටමත් කාන්තා කණ්ඩායම් 12 ක් තෝරා ගෙන ඇත. තරග වට 4 කින් යුත් තරගාවලියක් සඳහා සහභාගී වන ඔවුන් අතුරින් දක්ෂ කී‍්‍රඩිකාවන් ආසියානු සංචාරය සඳහා තෝරා ගනු ලබන සංචිතය සඳහා සුදුසුකම් ලබනු ඇත.

මෙවර තරගාවලියේ දී අපි පෙර වසරට වඩා යමක් කළ යුතුයි. දක්ෂ කී‍්‍රඩිකාවන් රැසක් අප සතුයි.

ඔවුන්ට වැඩි තරග ප‍්‍රමාණයක් ලබා දී හොඳ කණ්ඩායමක් තෝරා ගැනීම අපේ බලාපොරොත්තුවයි. කාන්තා රගර් කමිටු සභාපති අර්ජුන් ධර්මදාස මහතා දිනමිණ ට පැවසීය.

මෙම තරගාවලිය කොළඹ දී මෙන් ම පිට පළාත් වලදීත් පැවැත්වීමට රගර් සංගමය බලාපොරොත්තු වේ.

තරගාවලියේ පළමුවැන්න සඳහා අනුග‍්‍රහය දැක්වීමට අවිස්සාවේල්ල මාස් ඇක්ටිව් සිනර්ජි ආයතනය ඉදිරිපත්ව සිටින බව ධර්මදාස මහතා වැඩිදුරටත් පැවසීය.

තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් වලට අමතරව තවත් කණ්ඩායම් සඳහා ද අවස්ථාවක් ලබාදීමට රගර් සංගමය බලාපොරොත්තු වන අතර ඒ පිළිබඳ සියලු විස්තර 0777 - 556422 දුරකථන අංකයෙන් ධර්මදාස මහතා විමසීමෙන් ලබාගත හැකිය.

තරගාවලිය සඳහා දැනට නම් කර ඇති කණ්ඩායම්,

මාස් ඇක්ටිව් සිනර්ජි (අවිස්සාවේල්ල) මාස් ඒසියාලයින් (තෝරකොළයාය) ශ‍්‍රී ලංකා යුද හමුදාව, ස්ලිම්ලයින් (පන්නල) අනුරාධපුර, අලව්ව, කළු වෙළඹ (කොළඹ) සබරගමු පළාත්ඒකාබද්ධ, නොච්චියාගම, වයඹ පළාත් ඒකාබද්ධ, මීගොඩ සහ මානියම්ගම.

No comments: