
තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම හා පරිනිර්වාණය සිහි කෙරෙන වෙසක් පොහොය නිමිත්තෙන් රටපුරා සෑම වෙහෙර විහාරස්ථානයකම විවිධ ආගමික වැඩ සටහන් සංවිධානය කොට තිබිණි. එවැනි වැඩසටහනක් ඊයේ (19) කොළඹ 07 ශ‍්‍රී සම්බෝධි විහාරස්ථානයේදී පැවැත්විණි. එහිදී අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා රූපවාහිනී වැඩසටහනකට අදහස් දැක්වූ අයුරු. මෙම අවස්ථාවට සහභාගි වූ සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම, කැනඩාවේ මොන්ටි‍්‍රයල් බෞද්ධ මධ්‍යස්ථානාධිපති දික්වැල්ලේ උපතිස්ස යන හිමිවරු ද, ප‍්‍රවීණ මාධ්‍යවේදී කලාකීර්ති එඩ්වින් ආරියදාස, නවලෝක සමූහයේ අධිපති දේශමාන්‍ය එච්. කේ. ධර්මදාස යන මහත්වරු ද මෙහි වෙති.
ඡායාරූපය - සමන් ශ‍්‍රී වෙදගේ
No comments:
Post a Comment