Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, May 7, 2008

19න් පහළ දිස්ති‍්‍රක් කි‍්‍රකට් තරගාවලියට

මඩකළපුව - ති‍්‍රකුණාමලය කි‍්‍රකට් ගැටුම 12 දා දඹුල්ලේ දී

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තරග ඉතිහාසයේ නව පරිච්ඡේදයක් අරඹමින් 19 න් පහළ දිස්ති‍්‍රක් කි‍්‍රකට් තරගාවලිය සඳහා ප‍්‍රථම වරට උතුරු නැඟෙනහිර පළාත්වලින් කි‍්‍රකට් කණ්ඩායම් 4 ක් සහභාගි වේ.

වව්නියා, මඩකලපුව, ති‍්‍රකුණාමලය හා අම්පාර පළාත්වලින් පාසල් වයසේ කි‍්‍රකට් කී‍්‍රඩකයන් මෙයට පෙර ප‍්‍රධාන පෙළේ කි‍්‍රකට් තරගාවලියක් නියෝජනය කර නොතිබුණු අතර ශී‍්‍ර ලංකා පාසල් කි‍්‍රකට් සංගමයට අනුබද්ධිත තරගාවලියකට හෝ සහභාගි වී නොතිබුණි.

එබැවින් හෙට ආරම්භ වන 19 න් පහළ දිස්ති‍්‍රක් කි‍්‍රකට් තරගාවලියේදී උතුරු - නැඟෙනහිර පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයන් කෙරෙහි වැඩි අවධානයක් යොමුවනු ඇත.

පසුගිය කාලයේ යාපනය හින්දු විද්‍යාලය හා ශාන්ත ජෝන් අතර මහා කි‍්‍රකට් තරගය අවස්ථා කිහිපයකදී පැවැති අතර උතුරු නැඟෙනහිර අනෙක් පාසල් කි‍්‍රකට් තරග අප‍්‍රකටව පැවැතිණි.

දිස්ති‍්‍රක්ක 21 ක 19 න් පහළ කණ්ඩායම් 24 ක් සහභාගි වන මෙම තරගාවලිය ඒ, බී, සී, ඊ, එෆ් හා ජී වශයෙන් කාණ්ඩ 6 ක් යටතේ පැවැත්වේ.

කොළඹ දිස්ති‍්‍රක්කයෙන් බස්නාහිර දකුණ හා උතුර වශයෙන් ‘බි’ කාණ්ඩයෙන් කණ්ඩායම් 4 ක් සහභාගි වෙති.

තරගාවලිය ආරම්භ කරමින් නුවර හා කෑගල්ල දිස්ති‍්‍රක්ක අතර තරගය කටුගස්තොට ශාන්ත අන්තෝනි කී‍්‍රඩාංගණයේදී හෙට පැවැත්වේ.

උතුරු නැඟෙනහිර පළාත්වලින් සහභාගි වන ති‍්‍රකුණාමලය හා මඩකලපුව අතර තරගය රංගිරි දඹුලු ජාත්‍යන්තර කී‍්‍රඩාංගණයේදී 12 වැනිදා, වව්නියාව හා මඩකලපුව අතර තරගය 12 වැනිදා, ති‍්‍රකුණාමලය හා වව්නියාව අතර තරගය 14 වැනිදා දඹුල්ලේදී පැවැත්වේ.

දිස්ති‍්‍රක් 19 න් පහළ කි‍්‍රකට් තරගාවලියෙන් පසුව පළාත් කණ්ඩායම් තෝරා 19 න් පහළ පළාත් තරගාවලිය දෙදින තරග ලෙස පැවැත්වීමට නියමිතය.

දිස්ති‍්‍රක් කි‍්‍රකට් තරගාවලියේ කණ්ඩායම් .

ඒ කාණ්ඩය - මාතලේ, කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව.

බී කාණ්ඩය - කොළඹ දකුණ ඒ, කොළඹ දකුණ බී, කොළඹ උතුර ඒ, කොළඹ උතුර බී. සී කාණ්ඩය - ගාල්ල, මාතර, හම්බන්තොට.

ඩී කාණ්ඩය - වව්නියාව, මඩකලපුව, ති‍්‍රකුණාමලය.

ඊ කාණ්ඩය - මහනුවර, කෑගල්ල, නුවරඑළිය.

එෆ් කාණ්ඩය - ගම්පහ, පුත්තලම, කළුතර, රත්නපුරය

ජී කාණ්ඩය - බදුල්ල, මොනරාගල, අම්පාර.

No comments: