Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, May 14, 2008

දිස්ති‍්‍රක් ක‍්‍රමය අහෝසියි-තෑගි මුදල් වැඩි කරයි

දිස්ති‍්‍රක් ක‍්‍රමය අහෝසියි-තෑගි මුදල් වැඩි කරයි

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගමාලාවේ දී මෙතෙක් පැවැති දිස්ති‍්‍රක් මට්ටමේ තරග අහෝසි කොට කලාප මට්ටමේ තරග ක‍්‍රමයක් ආරම්භ කිරීමට ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ තරග කමිටුව තීරණය කර ඇත.

එක් දිස්ති‍්‍රක්කයක් කලාප දෙකකට බෙදා ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ පිරිමි හා කාන්තා තරග ආරම්භවන අතර කලාප මට්ටමේ ඉදිරියෙන් ම සිටින පිරිමි හා කාන්තා කණ්ඩායම් හතර බැගින් පළාත් මට්ටමට සුදුසුකම් ලබති.

පළාත් මට්ටමේ තරග මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ කී‍්‍රඩාංගණයේ දී පැවැත්වේ.

පළාත් මට්ටමේ සූරතාව හා අනු සූරතාව දිනාගන්නා පිරිමි හා කාන්තා වොලිබෝල් කණ්ඩායම් දෙක බැගින් තෝරා ජාතික මට්ටමේ අවසන් තරගාවලිය පැවැත්වේ.

අවසන් තරගයේ ජයග‍්‍රාහක පිරිමි හා කාන්තා කණ්ඩායම් දෙකට රුපියල් ලක්‍ෂ එකහමාර බැගින් ප‍්‍රදානය කිරීමට තරගාවලියට අනුග‍්‍රහය දක්වන ඩයලොග් ටෙලිකොම් සමාගම කැමැත්ත පලකර ඇත.

මෙයට අමතරව ජනාධිපති රන් කුසලානය හා සහතිකපත් සූරතාව දිනා ගන්නා කණ්ඩායම් දෙකට හිමි වේ.

පසුගිය වසරේ ජනාධිපති රන් කුසලාන වොලිබෝල් සූරතාව දිනූ කණ්ඩායම් දෙකට රුපියල් ලක්‍ෂය බැගින් හිමි විය. තරගාවලියේ සාර්ථකත්වය පිළිබඳ සලකා සෑම අංශයකින් ම මුදල් තෑගි වැඩි කිරීමට සංවිධායකයෝ එකඟව ඇත.

ඒ අනුව ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ අනු සූරතාව දිනා ගන්නා පිරිමි හා කාන්තා කණ්ඩායම් දෙකට රුපියල් ලක්‍ෂය බැගින් ද තෙවැනි ස්ථානය දිනා ගන්නා කණ්ඩායමට රුපියල් පනස් දහස බැගින් ද පිරිනැමේ.

2008 ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය ජුනි මස දී ආරම්භ වන අතර ජුලි මස අවසානය දක්වා පැවැත්වේ.

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය 1991 දී ආරම්භ වූ අතර 1999 දී සිට වසර 6ක් නොපැවැත්වුණි. ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සංවිධානයෙන් පැවැති එම තරගාවලිය 2005 වසරේ සිට පැවැත්වෙයි.

පසුගිය වසරේ ජනාධිපති රන් කුසලාන වොලිබෝල් පිරිමි සූරතාව සීදූව සිරිදුව පිල දිනාගත් අතර අනුසූරතාව කොස්වාඩිය විජය කී‍්‍රඩා සමාජය දිනාගත්තේ ය.

එහි කාන්තා සූරතාව බෝපිටිය නවෝද්‍යා පිල ද අනු සූරතාව රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් පිල ද දිනා ගත්තේ ය.

No comments: