Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, May 15, 2008

රජයට දොස් නඟන විපක්ෂය ප‍්‍රභාගේ මැරකම් ගැන කතා නෑ

විපක්ෂ නායකයා ඇතුළු විවිධ පුද්ගලයන් නැගෙනහිර ඡන්ද අවස්ථාවේ ඇති වූ අපහසුතා පිළිබඳ රජයට විරුද්ධව ජාත්‍යන්තරයට කරුණු දක්වන බවට ප‍්‍රකාශ කළද එල්.ටී.ටී.ඊ. ය විසින් එම අවස්ථාවේදී කළ ඝාතන හා ප‍්‍රහාරයන් පිළිබඳ කිසිවක් කතා නොකරන බව රජය පෙන්වා දෙයි.
ප‍්‍රභාකරන්ගේ නිජබිම් සංකල්පය ප‍්‍රතික්ෂේප කරමින් නැගෙනහිර ජනතාව සිය ඡන්ද අයිතිය පාවිච්චි කිරීම ත‍්‍රස්තවාදයට විරුද්ධ දෙස් විදෙස් ජනතාව ලැබූ විශාල ජයග‍්‍රහණයක් බව රජය තවදුරටත් අවධාරණය කරයි.
තමන්ගේ කැමැත්තෙන් නායකයකු පත්කර ගැනීම සඳහා අවශ්‍ය මූලික මිනිස් අයිතිවාසිකමක් වූ ඡන්ද අයිතිය පාවිච්චි කළ නැගෙනහිර ජනතාව උතුරේ ජනතාවටද නුදුරු දිනකදී එම නිදහස භªක්ති විඳීමට ලැබෙන බවට සතුටුදායක පණිවිඩයක් ලබාදී තිබෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය ප‍්‍රකාශක ඇමැති ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදීව කටයුතු කිරීමේ අයිතිය ලබාදීමත් සමඟම නැගෙනහිර ප‍්‍රදේශයේ ජනතාව එල්.ටී.ටී.ඊ. නායකයාගේ නිජබිම් සිහිනයේ අගනගරය ලෙස සැලකූ නැගෙනහිර අද ප‍්‍රභාකරන්ට අහිමිකර ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කෙළේය.
පසුගිය දිනවල නැගෙනහිර පැවැති පළාත් සභා ඡන්දය අවස්ථාවේ අක‍්‍රමිකතා ඇති වූ බව පෙන්වා දෙමින් විපක්ෂයේ විවිධ කොටස් ජාත්‍යන්තරය වෙතට එය රැගෙන යන බව සඳහන් කර ඇති බවත් ඡන්දය පැවැත්වීමට පෙරදින එල්.ටී.ටී.ඊ. ය සිදුකළ බෝම්බ පිපිරවීම හා ඡන්දය පැවැති දින මෝටාර් ප‍්‍රහාර එල්ල කිරීම ඇතුළු ත‍්‍රස්ත කි‍්‍රයා පිළිබඳව ද හැකිනම් ජාත්‍යන්තරය වෙත කරුණු ඉදිරිපත් කරන ලෙසත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා කීය.
ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ ඊයේ (14) දහවල් පැවැති මාධ්‍ය හමුවේදී රඹුක්වැල්ල මහතා මේ අදහස් පළ කෙළේය.
වසර තිහකට ආසන්න කාලයක් ත‍්‍රස්තවාදීන් විසින් නැගෙනහිර මැතිවරණ පැවැත්වීමේ ප‍්‍රජාතන්ත‍්‍රික අයිතිය අහිමි කර තිබිණි.
1987 වසරේදී එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන සහ ඉන්දීය අගමැති රජීව් ගාන්ධි යන මහත්වරුන් මැදිහත්ව උතුරු නැගෙනහිර පැවැති අර්බුදකාරී තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආහ.

No comments: