Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Saturday, May 10, 2008

පාබල සේනාංක වල සහායට ගුවන් ප්‍රහාර. මන්නාරමේ දරුණු ගැටුම්

මන්නාරම යුද පෙරමුණේ යුද හමුදාව සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් අතර අද (මැයි 9) උදෑසන ඇති වූ දරැණු ගැටුම් වලින් කොටි ත්‍රස්තවාදීන් 33 දෙනෙකු මිය ගොස් 40 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇතැයි මන්නාරමෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි. මන්නාරම ආලන්කුලම ප්‍රදේශයේ යුද හමුදාව දියත් කළ මෙහෙයුමත් සමග දරුණු සටන් ඇවිළී ගිය බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානාද අද (මැයි 9) මන්නාරම යුද පෙරමුණේ පිහිටි එල්.ටී.ටී.ඊ. ඉලක්ක වෙත අවස්ථා කිහිපයකදී ගුවන් ප්‍රහාර එල්ල කර ඇත. භූමියේ ඉදිරියට ඇදෙන පාබල සේනාංක වෙත සහාය ලබා දීමේ අරමුණින් මෙම ගුවන් ප්‍රහාර දියත් කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් ඇන්ඩෲ විජේසූරිය මහතා ප්‍රකාශ කරයි.

ප.ව. 1.15 ට පමණ එම්.අයි. 24 වර්ගයේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා උපයෝගී කර ගනිමින් ආලන්කුලම උතුරු ප්‍රදේශයේ පිහිටි එල්.ටී.ටී.ඊ. ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කල බව ගුවන් හමුදා ආංචි මාර්ග සඳහන් කරයි.

මුලින් ලද වාර්තාවන්ට අනුව ගැටුමේදී යුද හමුදා සෙබලුන් තිදෙනකු මිය ගොස් 5 දෙනෙකු තුවාල ලබා ඇත. මේ අතර යුද හමුදා සාමාජිකයන් 05 දෙනෙකු මෙම ගැටුමේදී අතුරුදන් වී ඇතැයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා පවසයි.

හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර ප්‍රකාශ කරන පරිදි මෙම ගැටුම් වලදී හමුදා සාමාජිකයින් 5 දෙනෙකු පිරිසෙන් මගහැරී ඇති අතර, ඔවුන් මේ වනවිටත් සොයාගැනීමට නොහැකි වී ඇත. මෙම සෙබළුන් පිරිස සොයාගැනීම සඳහා මේ වනවිට ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් සිදු කෙරෙමින් පවතී.

මේ අතර ගුවන් හමුදා ප්‍රහාරක ජෙට් යානා උදෑසන 10.15 ට පමණ පරප්පකන්දාල් ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් රැස්වන ස්ථානයකට ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ. මෙම ප්‍රහාරයේදී එල්.ටී.ටී.ඊ.යට අයත් පාලන මධ්‍යස්ථානයක්ද ඉලක්ක වූ බව ගුවන් හමුදාව පවසයි.

No comments: