Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, May 7, 2008

ශී‍්‍ර ලංකාව ලකුණු 46 කින් පාකිස්තානය පරදවය

ශී‍්‍ර ලංකාව හා පාකිස්තානය අතර ඊයේ කුරුණෑගල වෙලගෙදර කී‍්‍රඩාංගණයේදී පැවැති ආසියානු කුසලාන කාන්තා කි‍්‍රකට් තරගයෙන් ලකුණු 46 ක ජයක් ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවෝ සතු වූහ.

පාකිස්තාන ඉනිමට එරෙහිව තමරි පොල්ගම්පොළ ලකුණු 26 ට කඩුලු 4 ක්ද, ඒෂානි ලොකුසූරිය ලකුණු 25 ට කඩුලු 3 ක්ද ලබා ගනිමින් දක්ෂතා දැක්වූහ.

ලකුණු 195ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන ඉනිමේ දී කැපී පෙනෙන දක්‍ෂතා දැක්වූයේ නායිකා උරුජ් මුම්ටාස්ය. ලකුණු 12කට කඩුලු 2ක් දැවී අසරණ වී සිටි පාකිස්තානයට ජීව වායුව පිඹි මුම්ටාස් පන්දු 103ක් පිටියේ රැඳී සිටිමින් ලකුණු 57ක් ලබා ගත්තා ය.

ඇයගේ ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත් විය. ඇය සමඟ තෙවැනි කඩුල්ලට එක්වූ සජීඩා ෂා ලකුණු 74ක සබඳතාවක් ගොඩ නැගීමට දායක වූවාය. ශී‍්‍ර ලංකා පන්දුයවන්නියන් වෙහෙසට පත්කළ මේ කී‍්‍රඩිකාවෝ දෙදෙනා පන්දු 142ක් පිටියේ රැඳී සිටියහ.

ශෂිකලා සහ කඩුලු රකින්නිය වන ඩිලානි එක්ව ෂා දුවද්දී දැවී යෑමකට හසුකර ගනිද්දී ඇය ලකුණු 27ක් ලබා සිටියා ය. පාකිස්තාන නායිකාවගේ ආරාධනයෙන් පන්දුවට පහර දීමට ප‍්‍රථමයෙන් පිටියට පිවිසි ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවෝ කඩුලු 9 ක් දැවී ලකුණු 194 ක් ලබා ගත්හ.

පිට පිට ම දෙවැනි වතාවටත් ඊයේ දෙදුණු ද සිල්වා අසාර්ථක වූ අතර ඇයට ලබාගත හැකි වූයේ ලකුණු 16 ක් පමණි. පන්දු 14 කදී හතරේ පහර 3 ක් සමග එම ලකුණු සංඛ්‍යාව ලැබූව ද ඇය ඒ වන විට ගිලිහී ගිය උඩ පන්දු දෙකක් ද ලබා දී තිබුණි.

පෙරේදා තරගයේ දක්‍ෂතම කී‍්‍රඩිකාව වූ චමරි පොල්ගම්පලට ඊයේ පිතිකාරිනියක ලෙස වැඩි දායකත්වයක් ලබා දීමට නොහැකි විය. නායිකා ශෂිකලා සිරිවර්ධන කලාතුරකින් දැකිය හැකි ඉනිමක් කී‍්‍රඩා කළ අතර ඇය පන්දු 39 කදී ලකුණු 34 ක් රැස් කළාය. ඊට දර්ශනීය හතරේ පහර 7 ක් ද එක්කිරීමට ඇය සමත් වූවාය.

ඇය පිටියෙන් ඉවත් වීමත් සමග ලකුණු පුවරුව තරමක මන්දගාමී වූ අතර එය වෙනස් කළේ එෂානි ලොකුසූරිය ය.

දුර්වල පන්දු තෝරා බේරාගෙන ලකුණු එක්කළ ඒෂානි තම ඉනිම නිමා කළේ ලකුණු 44 ක් ලබා තිබියදී අනවශ්‍ය කලබලයකින් යුක්තව දුවද්දී දැවී යෑමකිනි. පන්දු 55 කට මුහුණ දෙමින් ඉන් පන්දු පහක් හතරේ සීමාව පසුකිරීමට සැලැස්වූ එෂානි මිනිත්තු 80 ක් පිටියේ රැඳී සිටියාය.

ශී‍්‍ර ලංකා ඉනිමේ කඩුලු 4 ක් ලකුණු 31 කට දවාලීමට පාකිස්තානන නායිකා උරූජ් මුම්ටාස් සමත් වූවාය. අද තරගාවලියේ දෙවැනි විවේක දිනයයි.

No comments: