Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, May 15, 2008

කැටපේආරච්චිගේ නිවසින් ලිපි ගොනු පැහැරගෙන

මැයි 15 - පේෂකර්ම අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් සම්පත් කැටපේආරච්චි මහතාගේ රාජගිරිය ප්‍රදේශයේ පිහිටි නිවසට ඊයේ රාත්‍රි කිසියම් ආයුධ සන්නද්ධ පිරිසක් කඩාවැදී තිබේ.
හිස් වැසුම් පැළඳ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් තමාගේත්, බිරිඳගේ දෙඅත්බැද පසුව ලිපිගොනු කිහිපයක් රැගෙන ගිය බව සම්පත් කැටපේආරච්චි මහතා පැවසීය.
සම්පත් කැටපේආරච්චි මහතා මීට කලකට ඉහතදී ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයෙකි.
මෑත කාලයේ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් ඔහු කළ ඇතැම් කරුණු හෙළි කිරිම් හේතුවෙන් ඔහු වඩාත් කථාබහට ලක් විය.කැටපේආරච්චි මහතාගේ නිවසට ආයුධ සන්නද්ධ පිරිසක් කඩාවැදීම පිලිබදව පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.
වැලිකඩ පොලිසිය මේ පිලිබදව වැඩිදුර පරික්ෂණ මෙහෙය වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා පැවසීය.

No comments: