Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, September 29, 2008

මහින්ද රාජපක්‍ෂ මහතා බෑන් කී මූන් මහතා හමුවී...


ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අමෙරිකාවේ, නිව්යෝර්ක් නුවර දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතා හමුවූ අවස්ථාව.
ඡායාරූපය - සුදත් සිල්වා

සක්විතිගේ මුදල් අධ්‍යක්ෂ පොලිසියට බාර වෙයි

දෙහිවල ගල්කිස්ස සමූහ සුරන්ජිත් පෙරේරා
සක්විතිගේ මුල්‍ය වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි එම මුල්‍ය ආයතනයන් හි ප‍්‍රධාන අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ කේෂර නමැත්තා මිරිහාන වංචා විමර්ශන අංශය වෙත පෙරේදා (27) බාර වී තිබේ.
මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන අට දෙනෙකි.
ඊයේ (28) සවස වන විට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1100ක් වන අතර, තනි පුද්ගලයකු විසින් ආයෝජනය කරන ලද විශාලතම මුදල වන රුපියල් එක් කෝටි හතලිස් ලක්ෂය සම්බන්ධයෙන් කළ පැමිණිල්ල ද ඒ අතර වේ.

කොකාවිල් දුම්රිය ස්ථානය ආසන්නයට හමුදාව ළගා වෙයි

නච්චිකුඩා-අක්කරයාන්කුලම් මාර්ගයේ කිලෝමීටරයක බලය අත්පත් කර ගනී
මහින්ද කුලතුංග සහ චන්ද්‍රිකා පෙරේරා
කිලිනොච්චි දිස්ති‍්‍රක්කයේ නච්චිකුඩා - අක්කරයාන්කුලම් මාර්ගයේ කිලෝමීටරයක් දුරක බලය ඊයේ (28) දහවල් ආරක්ෂක හමුදාව විසින් අත්පත් කරගන්නා ලදී.
ත‍්‍රස්තවාදීන් දසදෙනකු මරා දමා දැඩි සටනකින් පසු යුද හමුදාවේ 58 වැනි සේනාංකයේ රණවිරුවන් මේ ජයග‍්‍රහණය අත්පත් කරගත් බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේය.
ත‍්‍රස්තවාදීන්ගේ යුද අගල් රැසක් සහ බංකර රැසක්ද හමුදාව අතට පත්වූ අතර මෙම සටනේදී හමුදාවේ දෙදෙනකු මියගොස් තවත් අටදෙනෙකු තුවාල ලැබූ බවත් මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේය.
ඊයේ සවස් වනවිටත් එම මාර්ගයේ ඉදිරියට යාමේ අපේක්ෂාවෙන් හමුදාව සටන් කරමින් සිටී.
මේ අතර කිලිනොච්චිය නගරය තුන් පැත්තකින් වටකොට ඇති ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදාව තව සති කීපයකින් කිලිනොච්චි නගරය මුළුමනින්ම අත්පත් කරගැනීමේ මහ සටනට සූදානම් වෙමින් සිටියි.
යුද හමුදාව කිලිනොච්චිය නගරය ආසන්නයේ කිලෝ මීටර් හතර හමාරක් නුදුරින් සිටින බවත් යුද හමුදාපතිවරයා අනාවරණය කළේය.
හමුදාව මේ වනවිට කිලිනොච්චි නගරාසන්නයේ ඒ-9 මාර්ගයට නුදුරු කොකාවිල් දුම්රිය ස්ථානය ආසන්නයට පැමිණ සිටියි.
මේ අතර කිලිනොච්චියේ අක්කරයාන්කුලම් සහ වැලිඔය තන්නිමුරිප්පුකුලම් ප‍්‍රදේශවල කොටි ත‍්‍රස්තවාදීන් එක්රොක්වී සිටි ස්ථානවලට ඊයේ (28) සවස ගුවන් හමුදාව මගින් ගුවන් ප‍්‍රහාර එල්ලකර තිබේ.
ප‍්‍රථම ප‍්‍රහාරය ප‍්‍රහාරක ජෙට් යානා උපයෝගීී කරගෙන සවස 3.00 ට සිදුකර ඇත්තේ කිලිනොච්චි අක්කරයාන්කුලම් සිට කිලෝමීටර් 5 ක් ඊසාන දිගින් ප‍්‍රදේශයකට බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේය.
ගොඩබිම සිටින යුද හමුදාවේ 57 වැනි සේනාංකයට සහාය සඳහා එම ප‍්‍රහාරය සිදුකර ඇත.
දෙවන ප‍්‍රහාරය සවස 3.45 ට වැලිඔය තන්නිමුරිප්පුකුලම් ප‍්‍රදේශයේ ත‍්‍රස්තවාදීන් එක්රොක්වී සිටි ස්ථානයකට එම්. අයි. 24 ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානා මගින් සිදුකර තිබේ.
එම ප‍්‍රහාරවලින් ත‍්‍රස්තවාදීන්ට බරපතල හානි සිදුව ඇති බව ගුවන් හමුදාව පවසයි.

ජනතාව ඉවත් වුනොත් කොටින්ට පැවැත්මක් නෑ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් එස්.බී. දිවාරත්න

අසුවේ දශකයේ සිට අප රටේ පවතින ගැටුම්කාරී තත්වයන් නිසා ගැටුම්වලට ගොදුරුවී ඇති ප‍්‍රදේශවල ජනතාව කාලයක් තිස්සේ අවතැන් වෙමින් සිටිති.
තමන් උපන්, තමන්ගේම මාතෘ භූමියේ තම වාසස්ථාන හා ජීවිකා වෘත්තීන් අතහැර අඹු දරුවන් සමඟ මෙසේ අවතැන් වෙන පිරිස අත් විඳින වධ වේදනා අපමණය.
මව්බිම දෙකඩ කරන බෙදුම්වාදීන් විසින් යාපනයෙ සිටි සිංහල මුස්ලිම් ජනතාව ඉතා අමානුෂික ලෙස පළවා හැරීමේ සිද්ධියක් සමඟ මව්බිමේ ජන කොටසක් මෙසේ අවතැන්වීම ආරම්භ වී තිබේ.
එදා මෙදාතුර ශී‍්‍ර ලංකා භූමියේ තාවකාලික රැඳවුම් පොළවල සිට දහසකුත් එකක් ගැටලු මැද අභ්‍යන්තරව අවතැන්වී සිටින අපේම ජනකොටසකගේ කඳුළු කථාව සැබැවින්ම දුක්බරය.
කාලයක් තිස්සේ මෙසේ අවතැන්ව සිටින ජනතාව පිළිබඳව මානුෂීය මුහුනුවරකින්, ඔවුනට අවශ්‍ය පහසුකම් සලසාදීමට රජය උපරිම මට්ටමෙන් කි‍්‍රයා කරමින් සිටී.
රට දෙකඩ කිරීමේ ත‍්‍රස්තවාදි උවදුරින් නැඟෙනහිර මුදා ගත් රජය උතුරෙන්ද ත‍්‍රස්තවාදය පරාජය කැර ඒ පළාතේ ජනතාවට තමන් කැමති පිරිසක් තෝරා ගෙන සිවිල් පරිපාලනය තහවුරු කැර ගැනීමට අවශ්‍ය පියවරද ගනිමින් සිටී.
ත‍්‍රස්තවාදී කටයුතු පවතින සෑම රටකම මෙවැනි අභ්‍යන්තර අවතැන් වීම් සුලබව සිදු වෙන බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ කොමසාරිස් මහාචාර්ය වෝල්ටර් තෙලීන් මහතා පවසයි.
ශී‍්‍ර ලංකා රජය අභ්‍යන්තරව අවතැන්වී සිටින පිරිසට අවශ්‍ය සහන සැලසීමට කි‍්‍රයාකරන ආකාරයද මහාචාර්ය වෝල්ටර් තෙලින් මහතාගේ විශේෂ පැසසුමට ලක්වී තිබේ.
නැඟෙනහිර පළාතෙන් ත‍්‍රස්තවාදය තුරන් කැර එහි සිවිල් පරිපාලනය තහවුරු කිරීමෙන් අනතුරුව උතුරේ ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ අරමුණින් මානුෂික මෙහෙයුම් දැනට ආරම්භ වී ඇත.
මෙම කි‍්‍රයාවලියේදී ත‍්‍රස්තවාදීන් උතුරේ ජනතාව සිය ආරක්ෂක පලිහ ;ලස භාවිත කරමින් සිටින අතර සාමාන්‍ය ජනතාවට ගැටුම් නොපවතින ප‍්‍රදේශවලට පැමිණෙන ලෙස රජය දැනුම් දී තිබේ.
ඒ සඳහා ආරක්ෂිත මාර්ගයක්ද විවෘත කළ රජය ඒ මාර්ගය ඔස්සේ මන්නාරම උතුරු කොටසේ සහ කිලිනොච්චියේ මෙන්ම මුලතිව් දිස්ති‍්‍රක්කයේන් සිවිල් ජනතාවට පැමිණෙන ලෙස දැනම් දී ඇත.
ගැටුම් පවතින ප‍්‍රදේශවල ජනතාවට රජය සපයන ආහාර ද්‍රව්‍ය හා අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීමට පියවර ගෙන තිබෙන අතර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විශේෂ නියෝගයක් මත ආහාර ටොන් 4700ක් වහාම උතුරට යැවීමටද රජය පසුගියදා පියවර ගත්තේය.
මෙම ආහාර තොගයෙන් ආහාර මෙටි‍්‍රක්ටොන් 2000ක් පමණ ප‍්‍රමාණයක් ඉතා කෙටිකලක් තුළ උතුරට යැවීමට හැකි වූ බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් එස්. බී. දිවාරත්න මහතා පවසයි.
ගැටුම් පවතින ප‍්‍රදේශවලින් සාමාන්‍ය ජනතාවට ඉවත්වෙන ලෙස දැනුම් දීමෙන් පසුව ජනතාව ඒ සඳහා ඉහළ ප‍්‍රතිචාර දක්වමින් සිටින බවද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් වරයා සඳහන් කරයි.
වවුනියාව කේන්ද්‍ර කැරගෙන ගැටුම් පවතින ප‍්‍රදේශවලින් පැමිණෙන ජනතාවට අවශ්‍ය තාවකාලික නැවතුම් පහසුකම් රජය විසින් සකස්කැර ඇති බවද දිවාරත්න මහතා කීවේය.
රජය විසින් කළ දැනුම්දීමට අනුව මන්නාරම උතුරේ ජනතාව සහ කිලිනොච්චියේ ගැටුම්පවතින ප‍්‍රදේශවල ජනතාව මේ වන විට තුනුක්කායි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දක්වා පැමිණ සිටින බවත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් වරයා ප‍්‍රකාශ කෙළේය.
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් වරයා මෙසේද පැවැසීය.
නැඟෙනහිර මුදාගත් ආකාරයෙන්ම උතුරේ ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ යුද හමුදා කි‍්‍රයාමාර්ග රජය ආරම්භ කරලා තිබෙනවා.
නැඟෙනහිරදී මෙන්ම උතුරේදී ත‍්‍රස්තවාදීන් මහජනතාව ආරක්‍ෂක පලිහක් ලෙස යොදා ගනිමින් ඉන්නවා.
එල්. ටී.ටී. ඊ. ය විසින් රජයේ පාලනයට බාධා පමුණුවමින් තිබෙන ත‍්‍රස්තවාදීන්ගේ බලය වැඩි වශයෙන් පවතින කිලිනොච්චියට සහ මුලතිව් යන දිස්ති‍්‍රක්කවලටත් ජනතාවට අවශ්‍ය ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයනු ලබන්නේ රජය විසිනි.
මෙම ආහාර තොග එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ඔවුන්ගේ පරිහරණයට ගනිමින් සිටින බවට තොරතුරු ලැබෙනවා.
එහෙත් රජය දිගින් දිගටම ඒ පළාතේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කල්පනා කරලා, ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයමින් ඉන්නවා.
ජනාධිපතිතුමාගේ නියෝගයක් අනුව ලෝක ආහාර සංවිධානයේ සහායෙන් ආහාර ටොන් 4700ක් උතුරට යැවීම අප ආරම්භ කළා.
මේ ආහාර තොග වව්නියාවට දැනට පැමිණෙමින් සිටින ජනතාවටත්, එමෙන්ම කිලිනොච්චි මුලතිව් යන දිස්ති‍්‍රක්කවල ජනතාවටත් ලබාදීමට කි‍්‍රයා කරනවා.
උතුරේ ජනතාව රජය කෙරෙහි දැඩි විශ්වාසයකින් පසුවෙන බව ඔවුන් අප සමග කීවා. එහෙත් එල්.ටී.ටී. ඊ. සංවිධානය ඔවුන් රජය සකස්කැර ඇති ගැටුම් නොපවතින ප‍්‍රදේශවලට පැමිණීම වලක්වමින් ඉන්නවා.
ජනතාව ඉවත්වුවහොත් එල්.ටී.ටී.ඊ. යට පැවැත්මක් නැහැ.
ඒ ප‍්‍රදේශවල සමහර රජයේ නිළධාරීන්ද සිවිල් ජනතාව එල්.ටී.ටී.ඊ යෙන් ඉවත්ව රජයේ වැඩ පිළළිවෙලට එකතු වෙනවාට අකමැත්තක් දක්වන බව පෙනෙන්ට තිබෙනවා.
එල්. ටී. ටී. ඊ සංවිධානය හා අනෙකුත් රජයේ වගකිව යුතු අය මේ ප‍්‍රදේශවල ලක්ෂ 2කට ආසන්න ජන ගහණයක් සිටින බවට පවසනවා. මේ සංඛ්‍යාව ලේඛණ ගැනත් සැකයක් පවතිනවා.
වාකරේ මුදා ගැනීමට පෙර එහි ජනගහණය 42000ක් සිටින බවට වාර්තා කැර අවශ්‍ය දේවල් රජයෙන් ලබාගත්තා. මුදා ගැනීමෙන් පසුව සිටියේ 15000යි. උතුරේත් තත්Àවය මේකයි.
එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් ජනතාවට ඇති වී තිබෙන පීඩනය අතිවිශාලයි. එසේම ඒ ප‍්‍රදේශවල සංවර්ධනයත් අඩපණ වෙලා. එම නිසා ජනතාව රජයේ වැඩ පිළිවෙලට එක්වීමට කැමැත්තක් තිබෙනවා.
ඒ 9 මාර්ගය දැනට ආරක්‍ෂක හේතූන්මත වසා තිබෙනවා. ඒ වෙනුවට ඒ. 35 මාර්ගය ඔස්සේ ජනතාවට වව්නියාවට ළඟාවිය හැකියි.
ගැටුම් පවතින දිස්ති‍්‍රක්කවල ජනගහනයෙන් 70%ක් පමණ දැනට තන්ඩාවලෙයි දක්වා පැමිණ සිටිනවා.
තන්ඩාවලෙයි පාසල්වල සහ රජයේ ගොඩනැගිලිවල දැනට ඔවුන් රැඳී සිටිනවා. ඔවුනට අවශ්‍ය ආහාර තොග යැවීම දැන් ආරම්භ කරලා තිබෙනවා. මේ කටයුතු සාර්ථකව නිම කිරීමට ආරක්ෂක අංශ අතිදුෂ්කර කාර්යයක යෙදෙනවා.
ලෝක ආහාර සංවිධානය රජයට සහාය වෙනවා. එහෙත් ඇතැම් ජාත්‍යන්තර හා දේශිය රාජ්‍ය නොවන සංවිධානවල කි‍්‍රයාකාරිත්වය අපට ගැටළු සහගතයි.
ආපදා සහන සෙවා හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ ලේකම් ඒ. සී. එච්. රාසික් මහතා
වව්නියාවේ තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන දැනට 7ක් පිහිටුවලා තිබෙනවා. ආහාර බෙහෙත් වර්ග ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයිමට පියවර ගත්තා. මෙසේ පැමිණෙන අයට පිසු ආහාර ලබාදීමටත් පසුව ඔවුන්ට වියලි ආහාර ද්‍රව්‍ය සමග මුළුතැන් ගෙයි උපකරණ ද රජය ලබා දෙනවා.
මෙම ස්ථාන 7ට අමතරව තවත් ස්ථාන අලුතින් ඉදිකිරීමටත් රජය පියවර අරන් තිබෙනවා.
වව්නියාවට එන අයගේ ජීවිත සුරක්ෂිතයි. මේ අය ඉතා ඉක්මණින් නැවත පදිංචි කිරීමටත් රජය බලාපොරොත්තු වෙනවා.
සෞඛ්‍ය, අධ්‍යාපන, සමාජයීය කටයුතු ඇතුළු මේ එන පිරිසට අවශ්‍ය පහසුකම් සැලසීමට එක් එක් අංශවලට කමිටු 7ක් පත්කැර තිබෙනවා.
මගේ අමාත්‍යාංශයේ නිලධාරියෙකු රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයෙකු මෙන්ම රජයේ සේවා සපයන ආයතන නියෝජිතයින් ආරක්‍ෂක අංශවල නිලධාරීන් මේ කමිටුවට ඇතුළත් වෙනවා.
වව්නියාවට පැමිණෙන සංඛ්‍යාව පවුල් 45000ක් පමණ වෙතැයි අප බලාපොරොත්තු වෙනවා. ඒ සියලු දෙනාටම අවශ්‍ය සියලු දේ රජයෙන් සැපයීමට අපේක්ෂා කරනවා.
නැඟෙනහිර පළාතේ මෙසේ හදිසියේ අවතැන් වූ පිරිස වෙනුවෙන් කි‍්‍රයා කරලා රජයට අත්දැකීම් තිබෙනවා.
මේ අයට පහසුකම් දෙනවා පමණක් නොවෙයි ඉතා ඉක්මණින් අප ඒ අය නැවත පදිංචි කිරීමටත් කි‍්‍රයා කරනවා. රජයට ඒ හැකියාව තිබෙනවා.
ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව වව්නියාවට එන සෑම කෙනෙකුටම අවශ්‍ය උපරිම පහසුකම් රජය ලබා දෙනවා..ඒ අය ගේ ආරක්‍ෂාව තහවුරු කරනවා. ඔවුන්ට හොඳ ජීවිතයක් ගතකිරීමට කටයුතු සලසා දෙනවා.
වෙල්ලස්සේ බණ්ඩාරඡායාරූපය - රංජිත් ජයවීර

එන්න වවුනියාවට ඔබ ආරක්‍ෂිතයි

රටට, රටේ ජනතාවට ශාපයක් වූ වේලුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ‘ඊලාම් සිහිනය’ බොඳ වී යාමට තව ඇත්තේ නිමේෂයකි.
සිය ජීවිතය බේරාගැනීමට බංකරයෙන් බංකරයට හැංඟි මුත්තන් කිරීමට සිදු වී ඇති කොටි නායකයාට අද මරණයේ බියකරු සෙවණැලි පෙනීමට පටන්ගෙන ඇත.
ඒ නිසාම සිය ජාතියේ ම අහිංසක ද්‍රවිඩ වැසියන්ව ප‍්‍රාණ ඇපයට තබා ගෙන තම ප‍්‍රාණය ආරක්‍ෂා කර ගැනීමට ප‍්‍රභාකරන් නිර්ලැජ්ජිත උත්සාහයක් ගනිමින් සිටී.
මේ මොහොත වන විට ප‍්‍රභාකරන් දෙමළ ජනතාවගේ ‘ගැළවුම්කාරයා’ නොව ‘දෙමළ ජනතාවගේ ලොකුම ‘ශාපය’ බවට පත්ව ඇත.
ප‍්‍රභාකරන් සහ ඔහුගේ මිනී මරු කොටි සංවිධානයේ ග‍්‍රහණයෙන් මිදී හැකි ඉක්මනින් කිලිනොච්චියේ සිට වවුනියාවට පැමිණෙන ලෙස රජය කිලිනොච්චියේ සිරවී සිටින ජනතාවගෙන් ඉල්ලා ඇත.
එයට ප‍්‍රතිචාර දක්වමින් මේ වනවිටත් දෙමළ ජනයා ප‍්‍රභාකරන්ගේ ග‍්‍රහණයෙන් මිදී වවුනියාවට එමින් සිටී.
එසේ පැමිණෙන ජනතාවට රජයේ පාර්ශ්වයෙන්, ආරක්‍ෂක හමුදා වෙතින් ලැබෙන වරප‍්‍රසාද පහසුකම්, ආරක්‍ෂාව කවරෙක් ද උතුරේ කෙරෙන මානූෂීය යුද මෙහෙයුම්වලින් පසු ඒ අවතැන් වූ ජනයා යළි ඒ ඒ ප‍්‍රදේශවල කෙසේ පදිංචිකරනුයේ ද යන්න සොයා බැලීම මෙවර ‘සතියේ ගවේෂණය’ ඔස්සේ සිදු කෙරේ.
වවුනියාවට එන ජනතාවට හැම පහසුකමක්ම සළසනවා
මහින්ද සමරසිංහ - ආපදා කළමනාකරණ සහ මානව හිමිකම් ඇමැති
ශ‍්‍රී ලංකාව තුළ අභ්‍යන්තරිකව අවතැන්ව සිටින පුද්ගලයින්ගේ (ගැටුම් හේතුවෙන් දිගු කාලයක් තිස්සේ අවතැන්ව සිටින) ගැටලුවට දීර්ඝ කාලීන විසඳුමක් සෙවීම අරමුණු කර ගෙන ජාතික උපදේශක සභාවක් , සරණාගතයින් සඳහා වූ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්ගේ කාර්යාලයේ සහාය ඇති ව ආපදා කළමනාකරණ සහ මානව හිමිකම් අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිබෙනවා.
2006 වසරේ අපෙ‍්‍ර්ල් මාසයට පෙර අවතැන්වූ පුද්ගලයන්ගේ සුබ සාධනය උදෙසා වන ජාතික ප‍්‍රතිපත්තියක් සහ කි‍්‍රයාකාරී සැලැස්මක් නිර්මාණය කර ගැනීම මෙහි ප‍්‍රධාන ඉලක්කය වෙනවා.
මෙම දින 2 1/2ක වැඩසටහනේ ආරම්භක සැසිය සැප්තැම්බර් 23 වැනිදා ආරම්භ වුනා.
දැනට වසර 15කට අධික කාලයක් තිස්සේ අභ්‍යන්තරිකව අවතැන් ව සිටින පුද්ගලයින්ගේ තත්වය පිළිබඳව ජාතික උපදේශක සභාව සිය විශේෂ අවධානය යොමු කරන අතර එය එම ජන කණ්ඩායම පිළිබඳව ශ‍්‍රී ලංකා රජය දක්වන උනන්දුව හා කැපවීම ප‍්‍රදර්ශනය කරන්නක්.
මීට අමතරව 2006 අපෙ‍්‍ර්ල් මාසයට පසුව යුද තත්ත්වයක් හේතුවෙන් අවතැන් වූ ජනතාවට අවශ්‍ය සහන සැලසීම ද මෙහි අරමුණක් වේ.
නැඟෙනහිර පළාත් තුළ අභ්‍යන්තරව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කරවීම 80% - 90% තරම් දුරට අවසන් ව ඇති අතර දීර්ඝ කාලීනව අවතැන් ව ඇති ජනතාවගේ ගැටලුව විසඳීම සඳහා මෙහි දී වැඩි අවධානයක් යොමු කරනවා.
යාපනය ,මන්නාරම, ති‍්‍රකුණාමලය, වව්නියාව, අනුරාධපුර, පුත්තලම,, මඩකලපුව හා අම්පාර යන දිස්ති‍්‍රක්තුළ අභ්‍යන්තරව අවතැන් ව ඇති පුද්ගලයින්ගේ අවශ්‍යතා පිළිබඳව මේ අනුව විශේෂ අවධානය යොමු වෙනවා.
මීට අමතරව 2007 දෙසැම්බර් මාසය තුළදී ජාතිය ගොඩනැඟීමේ හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධයෙන් සිදු කරන ලද සමීක්ෂණයක ප‍්‍රතිඵළ මෙම උපදේශක සභාවට අවශ්‍ය පසුබිම් තොරතුරු සපයනු ලබයි.
දේපල අයිතිය, අභ්‍යන්තරව අවතැන් වී ඇති පුද්ගලයින් සඳහා ස්ථිරසාර සාමයක් ගොඩනැගීමට ඇති අභියෝග, ආධාර දෙන සංවිධානවල කාර්යභාරය, හා දීර්ඝ කාලීන ව අවතැන් වී සිටින පුද්ගලයින්ගේ ගැටලු ව නිරාකරණය කිරීම සඳහා ඉදිරිපත්ව ඇති ජාත්‍යන්තර පාර්ශවකරුවන්ගේ කාර්යභාරය ආදී විෂයයන් මෙහිදී විශේෂ වශයෙන් සාකච්ඡා කෙරේ.
එසේම අභ්‍යන්තර ව අවතැන් ව සිටින පුද්ගලයින්ට අවශ්‍ය මානුෂීය ආධාර සැපයීම මෙන්ම අන්තර්ජාතික මට්ටම්වලට අනුකූලවන පරිදි එම පුද්ගලයන්ගේ ආරක්ෂාව හා රැකවරණය තහවුරු කිරීම සහ මානුෂීය ආධාර ලබන තත්ත්වයක සිට ස්ථිරසාර සංවර්ධනයක් කරා අවතැන්ව ඇති පුද්ගලයන්ගේ ජීවිත පරිවර්තනය කිරීම යන සංකල්ප මෙම උපදේශක සභාවේ සාකච්ඡාවට ගන්නවා.
සැප්තැම්බර් 25 මෙම උපදේශක සභාව අවසන් වුණා.
එවගේම මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නොවන සංවිධානවලට දැනුම්දී තිබෙනවා සැප්තැම්බර් 29 වෙනිදාට පෙර වව්නියාවට එන්න කියලා. ඒ සඳහා අවශ්‍ය ප‍්‍රවේශ මාර්ගද සකස් කර තිබෙනවා.
ඒ වගේම කිලිනොච්චියේ ගැටුම්කාරී තත්ත්වය නිසා අවතැන් වූ ජනතාවට ද වව්නියාවට ඒමට ප‍්‍රවේශ මාර්ග සාදා දී තිබෙනවා.
මේ වන විට වව්නියාවට පැමිණෙන ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීම අඛණ්ඩව සිදු කෙරෙනවා. මෙම ප‍්‍රදේශවල දිසාපතිවරු හරහා මෙම සියලු පහසුකම් ලබා දීම සිදු කෙරෙනවා.
නැඟෙනහිර මුදාගත් සේම කිලිනොච්චියද මුදා ගන්නවා
එස්.එම්.චන්ද්‍රසේන - ජාතිය ගොඩ නැගීමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති
මේ වන විට කිලිනොච්චියේ ත‍්‍රස්තවාදී හිරිහැරවලට ලක්වන ජනතාව වව්නියාවට පැමිණෙමින් සිටිනවා.
එසේ පැමිණෙන ජනතාවට අවශ්‍ය ආරක්ෂාව ඇතුළු සියලු අනෙකුත් පහසුකම් ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු රජය සූදානම් කර තිබෙනවා.
මේ මානුෂීය මෙහෙයුම් ආරම්භ වුනේ එදා මාවිල් ආරු සොරොව්ව බේරා ගැනීමට ගත් උත්සාහයේ සිටයි.
එවගේම මුතූර්, වාකරේ, තොප්පිගල යන නැඟෙනහිර ප‍්‍රදේශයෙන් ත‍්‍රස්තවාදීන්ගෙන් මුදා ගෙන පීඩාවට පත් වූ ජනතාවට අවශ්‍ය සහන සලසා දෙමින් නැවත ඔවුන් එම ප‍්‍රදේශවල පදිංචි කිරීම සිදු කළා.
අද එම ප‍්‍රදේශවල ජනතාව කිසිදු කරදරයකින් තොරව එම ප‍්‍රදේශවල ජීවත් වනවා. ඒ පළමු අදියර.
ඊළඟ අදියර ලෙස කිලිනොච්චිය මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුම් මේ වන විට සිදු කෙරෙනවා. එල්.ටී.ටී.ඊ. ය කිලිනොච්චි ප‍්‍රදේශයේ සාමාන්‍ය ජනතාව බලෙන් රඳවා ගෙන ඉන්නවා.
ඔවුන් එයින් මුදා ගැනීමේ අවශ්‍යතාවයයි අපට තියෙන්නේ.එනිසා මේ වන විට එම ජනතාවට වව්නියාවට පැමිණෙන ලෙස රජය දැනුම් දී තිබෙනවා. අවශ්‍ය ප‍්‍රවේශ මාර්ග විවෘත කර තිබෙනවා.
එසේ වව්නියාවට පැමිණෙන ජනතාවට අවශ්‍ය ආරක්ෂාව ඇතුළු අනෙකුත් සියලු පහසුකම් ලබා දීමට අතිගරු ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දී තිබෙනවා.
නැඟෙනහිර ජනතාව එල්.ටී.ටී.ඊ. ග‍්‍රහණයෙන් මුදා ගෙන නැවත එම ජනතාව සිටි මුල් ප‍්‍රදේශවල ම පදිංචි කර අවශ්‍ය පහසුකම් ලබා දුන් ආකාරයටම කිලිනොච්චිය ද ත‍්‍රස්ත ග‍්‍රහණයෙන් මුදා ගෙන එහි සිටින සාමාන්‍ය ජනතාව නැවත එම ප‍්‍රදේශවල පදිංචි කර අවශ්‍ය පහසුකම් ලබා දීමයි අපේ අරමුණ.
ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම්.
ඒවගේම එම ප‍්‍රදේශවල මාර්ග, විදුලිය, ජල සම්පාදනය, සෞඛ්‍ය, අධ්‍යාපනය ආදී ක්ෂේත‍්‍රයන්ද දියුණු කිරීමට බලාපොරොත්තු වනවා.
කොටි ග‍්‍රහණයෙන් පලා එන්නන්ට අපෙන් ආරක්‍ෂාව ලැබෙනවා
බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වා - 58 වැනි සේනාංකාධිපති සහ කමාන්ඩෝ බළකායේ අණදෙන නිලධාරී
අනාරක්ෂිත ප‍්‍රදේශවල සිට කොටින්ගේ ග‍්‍රහණයෙන් පලාඑන ඕනෑම සිවිල් වැසියෙකුට ආරක්ෂාව දීමට යුද හමුදාවට හැකියි. ඒ සඳහා යුද හමුදාව නිරන්තරයෙන් සූදානම්.
‘කිලිනොච්චි සිට පැමිණෙන සිවිල් වැසියන්ට මන්නාරම සහ ඒ අවට සරණාගත කඳවුරු රජය විසින් සකස් කර තිබෙනවා. ඉන් කිහිපයකම ජනතාව දැනටමත් ආරක්ෂිතව සිටිනවා’.
ආහාර පාන, සෞඛ්‍ය ආරක්ෂණ, ක‍්‍රම ඇතුලු මූලික පහසුකම් සියල්ලම මේ පුද්ගලයන්ට ලැබෙනවා.
ලක්‍ෂ දෙකකට ආසන්න පිරිසක් කොටි බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ සියලු දෙනාම කොටින්ගේ ග‍්‍රහණයෙන් පලාඑන ලෙස හමුදාව ඉල්ලා සිටිනවා.
ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම සහ උපදෙස් මත සරණාගතයින් වෙනුවෙන් වැඩසටහන් රාශියක් කි‍්‍රයාත්මක වෙනවා.
මෙලෙස කොටි ග‍්‍රහණයෙන් පලාඑන පිරිස් යුද හමුදාව සමඟ ඉතා සුහදව සමීපව වැඩකටයුතු කරනවා. අපි ඔවුනට මිනිසුන් ලෙස ඉතා ගෞරවයෙන් සලකනවා.
අවශ්‍ය පහසුකම් සපයා අවසන්
ජගත් පුෂ්පකුමාර - ජාතිය ගොඩනැගීමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති
‘නැඟෙනහිර ප‍්‍රදේශවල අවතැන්වූ ජනතාවගෙන් නොයෙක් ප‍්‍රශ්න මතුවුණා.
නමුත් මේ වන විට නැඟෙනහිර වාකරේ ප‍්‍රදේශයේ අවතැන් වූවන්ට අවශ්‍ය සියලු පහසුකම් සලසාදී තිබෙනවා.
නැඟෙනහිර ප‍්‍රදේශයේ අවතැන්වූ ජනතාවට ලබාදිය හැකි උපරිම සහන ලබාදුන්නා පමණක් නොව නැවත පදිංචිකිරීම් ද සිදුකළා.
මේ වන විට වව්නියාවට කිලිනොච්චි ප‍්‍රදේශයෙන් පැමිණෙන ජනතාවට ද ජාතිය ගොඩනැගීමේ අමාත්‍යංශය හරහා අවශ්‍ය පහසුකම් ලබා දෙනවා.
නැඟෙනහිර අවතැන් වූ ජනතාවට ලබාදුන් සහන සියල්ල උතුරු පළාතේ අවතැන් වූ ජනතාවටත් ලබා දෙනවා.
මේ සඳහා රජය පූර්ණ අනුමැතිය දී තිබෙනවා.
පහසුකම් සපයන්න රජය සූදානම්
රිසාඩ් බදියුදීන් - නැවත පදිංචි කරවීමේ හා ආපදා සහන සේවා අමාත්‍ය
‘කිලිනොච්චියේ සිට අවතැන් වූවන් ලෙස වව්නියාවට පැමිණෙන ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට රජය සූදානම්.
කිසිදු ජාතිභේදයකින් තොරව මේ ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමට අපි කැපවී සිටිනවා.
ඒ වගේම මාසයක් ඇතුළත කිලිනොච්චියෙන් අවතැන් වන සියලු ජනතාව වව්නියාවට පැමිණෙතැයි බලාපොරොත්තු වෙනවා.
මෙසේ පැමිණෙන සියලු දෙනාටම අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙනවා.
මානුෂීය යුද මෙහෙයුම අවසන් වූ පසු කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම උතුර යන ප‍්‍රදේශවල සිටි සියලුම ජනතාවට යළි තමන්ට හිමි ඉඩකඩම් වල නිවාස වල පදිංචියට යාමට රජය කටයුතු කරනවා.
ඒ ගැන අවිශ්වාසයක් ඇතිකර ගත යුතු නෑ. ඔවුන්ව රැකීම අපේ යුතුකමක්.
ද්‍රවිඩ ජනතාවගේ ප‍්‍රසාදය අද ඇත්තේ ජනාධිපතිතුමාට
සුසන්ත පුංචිනිලමේ - ජාතිය ගොඩනැගීමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති
ත‍්‍රස්තවාදී ග‍්‍රහණයේ පැවැති වාකරේ, මාවිල්ආරු වැනි ප‍්‍රදේශ ත‍්‍රස්තවාදීන්ගෙන් මුදා ගෙන ජනතාව නැවැත වරක් එම ප‍්‍රදේශවල පදිංචි කරවීම සිදු කළා.
අද වන විට එම ප‍්‍රදේශවල ජනතාව තම තමන්ගේ ජීවනෝපාය කරගනිමින් සැහැල්ලු ජීවිතයක් ගත කරනවා.
මෙහිදී මෙම අවතැන් වූ ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් රජය ලබා දුන්නා. නැඟෙනහිර පළාත් සභා මැතිවරණයේ දී ජනතාව ඔවුන්ට කළ එම උපකාරවලට කෘතගුණ සැලකුවා.
ඒ වගේම මෙම මානුෂීය මෙහෙයුමත් සමඟ මන්නාරම, වව්නියාව පදිංචි ජනතාව අවතැන්වූවන් ලෙස සිවිල් පරිපාලන ප‍්‍රදේශවලට පැමිණි විට එම ජනතාවට තාවකාලික නිවාස ලබාදී අනෙකුත් සියලු පහසුකම් ද ලබාදී තිබෙනවා.
තවද කිලිනොච්චි, මූලතිව්වලින් ඉවත්වන ජනතාව නැවැත එම ප‍්‍රදේශවල පදිංචි කරවීමටත්, පහසුව අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීමටත් අපි සූදානමින් සිටිනවා.
ත‍්‍රස්ත ග‍්‍රහණයේ පැවැති ප‍්‍රදේශ එම ග‍්‍රහණයෙන් මුදා ගෙන ඉතා ඉක්මනින් එම ප‍්‍රදේශවල ජනතාව නැවත පදිංචි කරවීම පිළිබඳ සියලු සංවිධාන අතිගරු ජනාධිපතිතුමාට සහ රජයට ප‍්‍රශංසා කර තිබෙනවා.
යුද්ධය අවසන් වූ වහාම ජනතාව යළි එහි පදිංචි කරනවා
සාලින්ද දිසානායක - ජාතිය ගොඩනැඟීමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති
ජාතිය ගොඩ නැඟීමේ අමාත්‍යංශය හරහා කි‍්‍රයාත්මක කර ඇති ‘ජාතික සවිය’ වැඩ පිළිවෙළ යටතේ යුදමය තත්ත්වයන් නිසා අවතැන්වූ සියලු ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීම සිදු කරනවා.
ඒ වගේම මේ වන විට කිලිනොච්චියේ සිට වව්නියාවට පැමිණෙන අවතැන් වූ ජනතාව තාවකාලික කදවුරුවල නතර කර ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් ලබාදීමට කටයුතු කරනවා.
තවද යුදමය තත්ත්වය නිමා වූ වහාම නැවැත එම ජනතාව පෙර සිටි ප‍්‍රදේශවල පදිංචි කර අවශ්‍ය යටිතල පහසුකම් ද සැපයීමට රජය සූදානම්.
කොටින්ගෙන් පීඩාවිඳි ජනතාවට අප මිනිසුන් ලෙස සළකනවා
ගුණරත්න වීරකෝන් - ජාතිය ගොඩනැගීමේ සහ යටිතල පහසුකම් සංවර්ධන ඇමැති
‘ත‍්‍රස්තවාදී ක‍්‍රියා නිසා අවතැන් වූ උතුරු සහ නැඟෙනහිර ජනතාව බරපතල ප‍්‍රශ්න රැසකට මුහුණ පෑවා.
මේ ප‍්‍රශ්නවලින් ජනතාව මුදා ගෙන ඔවුන්ට සහන ලබාදීමට රජය මෙතෙක් ගත් කි‍්‍රයා මාර්ග සාර්ථකයි.
මේ වන විට විශේෂයෙන් කිලිනොච්චියේ සිට වවුනියාවට පැමිණෙන ජනතාවට පූර්ණ ආරක්ෂාව ලබාදීමටත් අනෙකුත් දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදීමටත් රජය අදාළ අමාත්‍යාංශ හරහා කි‍්‍රයාත්මක වී තිබෙනවා.
අවතැන් වූවන්ගේ ප‍්‍රශ්නය ආණ්ඩුවට අලුත් දෙයක් නොවේ
මහින්ද අබේසුන්දර - දිනමිණ ප‍්‍රධාන කර්තෘ
ආරක්ෂක ලේකම්වරයා ඉතා පැහැදිලි ලෙස කියා ඇති පරිදි ශී‍්‍ර ලංකා ආණ්ඩුවට අවතැන් වූවන්ගේ ප‍්‍රශ්නය අලුත් දෙයක් නොවේ.
එයට අත ගසා විසඳුමක් දීම ද බරපතල ගැටලුවක් වේ.
යාපනයේ අවතැන් වූ ලක්ෂ හතරක් යළි පදිංචි කරවීම එදා සිදු කෙරුණි. මේ නොබෝ දා නැඟෙනහිර අවතැන් වූ අය ඉතා සීග‍්‍රයෙන් නැවත පදිංචි කොට ඔවුන්ගේ දුක සැප වෙනුවෙන් සියලු දේ ඉටු කළේ ය.
කිලිනොච්චියේ සිටින ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් මේ අන්දමින් රැක බලා ගැනීම සිදු කෙරෙනු ඇත.
සතියේ ගවේෂණය මෙහෙයවූයේනදීකා දිල්හානි ඩයස්, භක්ති ධර්මප‍්‍රිය මෙන්ඩිස්

හොර බැංකු දණ ගස්වන්න ළඟදීම නීති ගෙනෙනවා රංජිත් සියඹලාපිටිය - රාජ්‍ය ආදායම් ඇමැති සහ මුදල් හා ක‍්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති

ලෝක වෙළෙඳ පොළේ ඛනිජ තෙල් මිල පහළ බැස ඇතත් අපේ තෙල් මිල පහළ නොයාම දැවෙන ප‍්‍රශ්නයකි. ඒ අතරතුර විවිධ ෆිනෑන්ස්කාරයෝ ආදීහු නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ ජනතාවගෙන් මුදල් රැස්කරති. මේ කරුණුවලින් පෙනෙන්නේ ආණ්ඩුවේ යුතුකම ජනතාවට හරිහැටි ඉටු නොවන බවද? අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඊට මෙසේ පිළිතුරු දෙයි.
ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ගණන් ඉහළ යද්දී, මේ රටේ තෙල් මිල ඉහළ දමන ආණ්ඩුව, ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල පහත වැටී ඇතත් එහි වාසිය ජනතාවට ලබා නොදෙන බවට විපක්ෂය චෝදනා කරනවා. මුදල් විෂයභාර ප‍්‍රධානියකු ලෙස ඔබට මේ පිළිබඳ කියන්න තිබෙන්නේ කුමක්ද?
ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ඉහළ ගිය විටත්, ඒ තුළින් අපිට පැටවුණු බර අපි මුළුමනින්ම ජනතාව මත පැටවුවේ නැති බව මා මුලින්ම කියන්න ඕන.
ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල මහා විශාල ලෙස ඉහළ ගියත් එහි බර ජනතාව මත නොපටවා වැඩි බරක් ආණ්ඩුව දරාගත්තා. ඒ කියන්නේ මහා භාණ්ඩාගාරය ලොකු සහනාධාරයක් ඉන්ධනවලට ලබා දෙන අතරයි මේ රටේ ඉන්ධන මිල වැඩි කළේ.
නමුත් ජනතාව නම් කියන්නේ නිතිපතා ඉන්ධන මිල ලොකු ලොකු ගණන්වලින් ඉහළ ගිය බවයි.
ඔව් ! අපි බලමු, 2001 සිට 2004 අප්‍රේල් මාසය දක්වා මේ රට පාලනය කළේ, එක්සත් ජාතික පක්ෂය. එදා අගමැති ධුරය දැරුවේ රනිල් වික‍්‍රමසිංහ මහත්තය.
එතුමාගේ නායකත්වයෙන් එදා එක්සත් ජාතික පක්ෂය අපේ රටේ තෙල් මිල 11 වතාවක් වැඩි කළා. වාසනාවකට ඒකාලේ ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් බැරල් එකක මිල අමෙරිකානු ඩොලර් 29 ත්, 30 ත් අතරයි පැවැතුණේ.
එදා ඒ මිල ගණන් තවත් ඉහළ ගියා නම්, අද ඔය ජනතාව ගැන කිඹුල් කඳුළු හලන අය තෙල් මිල වැඩි කරන ගාණ මීට වඩා හුඟක් විශාල වෙයි.
මම පැහැදිලි කරන්නම්, ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් බැරල් එකක මිල ඩොලර් 147 දක්වා ඉහළ ගියා. සමහර ආර්ථික විශේෂඥයෝ කිව්වා ඩොලර් 200ට යයි කියලා.
ඒ මිල වැඩිවීම ප‍්‍රතිශතයක් ලෙස ගත්තොත් සීයයට පන්සීයය හයක වැඩිවීමක්. මේ මිල වැඩිවීම නිසා අපි පෙට‍්‍රල් රු. 70.00 සිට අද වනවිට රුපියල් 157.00 දක්වා වැඩි කළා.
මේ මිල වැඩිවීම ප‍්‍රතිශතයක් ලෙස ගත්තොත් සියයට 224 ක්. ඩීසල් එදා රුපියල් 44.00යි. අද ඩීසල් ලීටර් එකක් රුපියල් 110.00යි. මිල වැඩිවීමේ ප‍්‍රතිශතය සීයයට 250 යි.
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 25.50 යි. අද වනවිට රුපියල් 80.00 යි.
මිල වැඩිවිමේ ප‍්‍රතිශතය සීයයට 313 යි. මේ අනුව පෙනෙනවා සීයයට පන්සියයකින් කිසිම තෙල් වර්ගයක මිල ඉහළ දමල නෑ.
මේ මිල වැඩිවීමේ ප‍්‍රතිශතයත් ඉතාම නිවැරැදි සත්‍ය ඒවා.
මේ දිහා බැලුවිට ඕනෑම බුද්ධියක් තිබෙන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් අපි සීයයට 506 කින් ඉහළ යන ප‍්‍රතිශතයක් දරාගෙන ඊට භාගයකටත් අඩු ප‍්‍රතිශතයකිනුයි මේ රටේ තෙල් මිල වැඩි කර තිබෙන්නේ.
ඉන්ධන සඳහා ආණ්ඩුව ජනතාවට සහනාධාරයක් ලබාදෙන බවද ඔබ කියන්නේ?
ඔව් ! ඒක තමයි ඇත්ත. අපි දැන් බොරුවට කිඹුල් කඳුළු හෙළන අයට කියන්න කැමැතියි, අපේ මේ අන්දමට කටයුතු කරන්නේ, අපේ රටේ තෙල් කඳුලක් නිෂ්පාදනය නොකරන තත්ත්වයක් යටතේ.
ඒවාගේමයි මේ රටේ භූමිය කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් බේරා ගැනීමේ දැඩි මෙහෙයුම් සිදු කරන අතරෙයි. අපි මානුෂීයිය මෙහෙයුම් කියා, මේ රටේ කිසිම සංවර්ධන වැඩසටහනක් නතර කළේ නෑ.
ජනතාවට ලබාදෙන කිසිම සහනාධාරයක් කපා දැම්මේ නෑ. අපි සංවර්ධන වැඩ නතර කොට තිබූ ඒවා ආරම්භ කළා.
ලබාදෙන සහනාධාර මුදල් ප‍්‍රමාණයත් වැඩි කළා. සහනාධාර ලාභීන් ප‍්‍රමාණයත් වැඩි කළා.
ආණ්ඩුව ඉන්ධනවලට සෙස් බද්දක් පැනෙව්වා ඉන්ධනවලට බදු පනවමින් ජනතාව පීඩනයට පත් කරන බවට නඟන චෝදනා ඒ අනුව බොරුවක් කියල හිතන්න බැහැ.
බොර තෙල් බැරල් එකක් අමෙරිකානු ඩොලර් 123 කට තිබුණු කාලේ, පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 157 යි. ඩීසල් ලීටරයක් රුපියල් 110, භූමිතෙල් ලීටරයක් රුපියල් 80 යි.
එතනදි පැට‍්‍රල් වලින් 17 ක ලාභයක් ලැබුණා. නමුත් ඩීසල් වලින් රුපියල් 20.54 කුත්, භූමිතෙල් වලින් රු. 47.37කුත් පාඩු ලැබුවා.
ලෝක වෙළෙඳ පොළේ තෙල් බැරල් එකක් ඩොලර් 147 ට ගියත් ආණ්ඩුව තෙල් මිල ගණන් වැඩි කළේ නෑ.
අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හැමවිටම උපදෙස් දුන්නේ පුළුවන් තරම් ජනතාව මත බර පටවන එක අඩු කරන්න කියලා.
අපි බදු පනවමින් ජනතාව පීඩාවට පත් කළේ නෑ.
අපි ගිය අවුරුද්දේ විතරක් බෝට්ටු හිමියන්ටයි, සමෘද්ධි ලාභීන්ටයි ඉන්ධනවලට සහනාධාර ලෙස රුපියල් මිලියන 350ක් වැයකොට තිබෙනවා.
මම එකක් පැහැදිලිව කියන්නම්, ඔය කිඹුල් කඳුළු හෙළන එක්සත් ජාතික පක්ෂයේ අය ලෝක වෙළෙඳ පොළේ මිල වැඩි වනවිට ඒ අයගේ මිල සූත‍්‍රය අනුව කටයුතු කළා නම් රුපියල් 157 තිබෙන පෙට‍්‍රල් ලීටරය අපිට ගන්න වෙන්නේ රුපියල් 149.58 වෙන්න පුළුවන්.
ඩීසල් ලීටරය රු. 110 දැන් දුන්නාට, ඒ අයගේ ක‍්‍රමයට රුපියල් 152.37 කටත්, භූමිතෙල් ලීටරේ රුපියල් 129.30 කටත් ගන්න වෙනවා.
එක්සත් ජාතික පක්ෂය තෙල් මිල වැඩිවීමේ මුළු බරම ජනතාවගේ කර මත පටවනවා. අපි ඒ බරෙන් හැකිතරම් ප‍්‍රමාණයක් දරනවා. ඒකේ කිසිම අසත්‍යයක් නෑ. අපි දැනටමත් තෙල්වලට සහනාධාර දීලා තිබෙනවා.
තෙල් කඳුලක් නිපදවන්නේ නැති අපි විතරක් නොවෙයි, ලෝකේ තෙල් නිපදවන රටවලුත් තෙල්වලට බදු පනවනවා.
ඒක සාමාන්‍ය බදු ප‍්‍රතිපත්තිය. ඒත් අප අපේ බදු ප‍්‍රතිපත්තිය ජනතාවට දැරිය හැකි ලෙසයි භාවිත කරන්නේ.
අපි මල නොතලා රොන් ගන්නේ. ඒ ගත්තා වුණත් ඒ මුදල් රටේ සංවර්ධනයටයි යොදවන්නේ.
ආණ්ඩුව පොහොර සහනාධාරය ලෙස බිලියන 15 ක් මේ වසර සඳහා වෙන් කළා ඒ මුදල බිලියන 39 ක් දක්වා වැඩි කරන්න සිදුවේතැයි ඇස්තමේන්තු කරලා තියෙනවා.
තෙල් මිල වැඩිවිමත් සමඟ පොහොර විශේෂයෙන් යුරියා පොහොරවල මිල ඉහළ යනවා.
ආණ්ඩුව තෙල් මිල අඩු කරන්නේ නෑ කියා කිඹුල් කඳුළු හෙළන අය අපි පොහොර මිල වැඩි නොකර රුපියල් 350 ට පොහොර මිටියක් ලබාදීම ගැන කථා කරන්නේ නෑ. අපිට දුක ඒකයි.
තෙල්වලට බදු පැනැවීම ගැන කථා කළොත්?
මම මුලිනුත් කිව්වානේ, තෙල් නිපදවන රටවලුත් තෙල්වලට බදු හඳුන්වා දෙනවා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලේ පෙට‍්‍රල් ලීටරයකට රුපියල් 15 කත්, ඩීසල් වලට රුපියල් 15 කත් සෙස් බද්දක් පැනෙව්වා.
අපි පෙට්ට‍්‍රල්වලින් රුපියල් 05 බද්දක් අය කරනවා. ඩීසල්වලින් භූමිතෙල්වලින් ශත පහක්වත්, බදු ගන්නේ නෑ.
යූ.එන්.පීය භූමිතෙල් ලීටරයකින් රු. 1.25 ක නිෂ්පාදන බද්දක් අය කළා.
අපි මේ මෑතකදී ඩීසල්වලට රුපියල් 10 ය, පෙට‍්‍රල්වලට රුපියල් 15කයි සෙස් බද්දක් අය කළේ, ඒ බද්ද තුළින් සමස්ත ඛණිජ තෙල් සංවර්ධන ක්ෂේත‍්‍රයේ ම දියුණුවට වැඩ කරන්නයි.
අපි තෙල් පිරිපහදු, තෙල් ගබඩා සංකීර්ණ හදනවා. තෙල් ගවේෂණය කරනවා. මේවා කරන්න අපිට අරමුදල් අවශ්‍යයයි. අනික ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු නැතිව ඉදිරියට ගෙනයා යුතුයි.
ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල අඩුවීම නිසා ඉන්දියානු තෙල් සමාගම අධික ලාබ ලැබීම සීමා කරන්නත් බද්ද බලපෑවා.
ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ගණන් විපක්ෂය කියන විදිහට මේ දවස්වල ඇත්තට ම අඩු වෙලා ද?
අපිටත් තිබෙන ප‍්‍රශ්නයත් ඒකයි. ලෝක වෙළෙඳ පොළේ තෙල් වර්ග දෙකක් අපි මිලට ගන්නවා.
බ්‍රෙන්ට් සහ ඩබ්ලිව්. ටී. අයි. කියන වර්ග දෙක. ඇත්තටම මේ සැප්තැම්බර් 16 වැනිදා බ්‍රෙන්ට් වෙළෙඳ පොළේ බොර තෙල් බැරල් එකක් ඩොලර් 86.2යි.
17 වැනිදා 86. 18 වැනිදා 91.29. 19 වැනිදා 96.97යි. 20 වැනිදා ආයේ 100.82ක් වුණා. 23 වැනිදා 101.12යි. 26 වැනිදා 100.85යි.
ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බැරල් එකක මිල ඩොලර් 122.6, ඒ සැප්තැම්බර් 22 වැනිදා.
23 වැනිදා 107 26 වැනිදා 112.34. මේ අන්දමට මේ දිනවල තෙල් මිල ගණන් එක මිලක තිබෙන්නේ නෑ. ඉහළ පහල යනවා. අපිට මිල අඩු කරන්න නම් තෙල් මිලත් එක්තරා මට්ටමක ස්ථාවර තැනකට තිබෙන්න ඕනෑ.
ඉන්ධනවලට තිබෙන ඉල්ලුම අඩුකර විකල්ප බලශක්ති කරා යෑමට අපි දක්වන උනන්දුව මදි නේද?
අපි ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කරන්න කියා ජනතාව දැනුවත් කළ නිසා, අද හොඳ ප‍්‍රතිලාභයක් ලබා තිබෙනවා. මේක එක්තරා අන්දමක ජයග‍්‍රහණයක්.
වසර 2007 මුල් මාස හයට (06) වඩා මේ අවුරුද්දේ මුල් මාස හයේ ඉන්ධන පරිභෝජනය සීයයට 5.5 කින් අඩුවෙලා.
අපි තෙල් පිටරටින් ගෙන ඒමට දැරූ වියදම මේ අනුව රටට දැනෙන ලෙස ඉතිරිවෙලා තිබෙනවා.
ශී‍්‍ර ලංකා මහ බැංකුවේ ලියාපදිංචි නොවු මුල්‍ය ආයතන ගණනාවක් රටේ ජනතාවගේ මුදල් තැන්පතු ලෙස භාර ගන්නවා හදිසියේම මේ ආයතන කඩා වැටෙනවා. ළඟදීම වාර්තා වූ සිද්ධිය සක්විති රණසිංහ නැමැත්තා මෙහෙය වූ මුල්‍ය ආයතනයේ සිද්ධිය. මේවා වැලැක්වීමට මුදල් අමාත්‍යාංශය හෝ මහ බැංකුව හෝ කි‍්‍රයාකර නැතැයි ජනතාව චෝදනා කරනවා.
ඇත්ත. මේ චෝදනාව මටත් ඇසුණා. ලංකාවේ මුල්‍ය ආයතන, විශේෂයෙන් බැංකු නොවන මුල්‍ය ආයතනවල කටයුතු සොයා බලා පාලනය කරන්නේ 1988 අංක 78 දරන මුදල් සමාගම් පනත යටතේ මහ බැංකුවයි.
මහ බැංකුවේ ඒ ගැන සොයා බලන්න වෙනමම දෙපාර්තමේන්තුවකුත් තිබෙනවා. මේ අය ජනතාවගේ මුදල් තැන්පතු ලෙස භාර ගන්නා ලියාපදිංචි නොවූ ආයතන ගැන ජනතාවගෙන් පැමිණිලි ලැබුණහොත් සොයා බලනවා.
ඒවා ගැන මුදල් මණ්ඩලයට කරුණු වාර්තා කරනවා. අපි කියනවා ඒ ගැන උපරිමයෙන් කි‍්‍රයා කළත් පවතින නීතිරීති නම් ප‍්‍රමාණවත් මදි බව.
ඒ අනුව ජනතාවගේ චෝදනා හා රටේ වර්තමාන අවශ්‍යතා සලකා බලා අපි බැංකු නොවන මුල්‍ය ආයතනවල කටයුතු මීට වඩා විධිමත් හා වගකිවයුතු මට්ටමින් සිදු කිරීමට හැකිවන සේ දැඩි නිතිරීති පද්ධතියක් ඉක්මනින් රටට හඳුන්වා දෙනවා.
ලියාපදිංචි නොවූ මුල්‍ය ආයතනවල මුදල් තැන්පත් කර අමාරුවේ නොවැටෙන ලෙස බලධාරීහු ජනතාව දැනුවත් කරන්න පුළුවන් නේද?
ඇයි නැත්තේ? අපි, මහ බංකුව නිතරම මේ රටේ මුල්‍ය වෙළෙඳ පොළේ මුදල් තැන්පත් කිරීමට සුදුසුකම් ලැබූ ආයතන ගැන ජනමාධ්‍ය මගින් කරුණු දක්වා තිබෙනවා.
ඊට අමතරව ග‍්‍රාම නිලධාරිවරු හරහා ද පති‍්‍රකා බෙදාහැර ජනතාව දැනුවත් කර තිබෙනවා.
නමුත් අධික පොලියක් ලබා ගැනීමේ අරමුණ ඇතිව ජනතාව මුදල් වංචාකාරී ආයතනවල තැන්පත් කොට අද අමාරුවේ වැටිලා. මේවා නතර කිරීමට නීතිරීතිම තිබිලා මදි.
අපි හොර බැංකු හෝ මුල්‍ය ආයතනවල හෝ මුදල් තැන්පත් කරන අය දුටුතැන අල්ලනු, දැඩි දඬුවම් කරනු කියා නීතිරීති දැම්මත් ඇතැම් අය වැඩි පොලියක් ලබා ගැනීමේ කෑදරකමට ඒවායේම මුදල් යොදවනවා.
අන්තිමට අමාරුවේ වැටෙනවා. බුදු දහමේත් දැක්වී තිබෙන්නේ අධික පොලී ලැබීමේ ආශාව, වැඩි අවධානමක ආරම්භය කියායි. අපි ඒ ගැනත් සිතන්න ඕන.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාගේ ඉල්ලා අස්වීම ඔබ දකින්නේ කොහොමද?
එය උසාවිය මඟින් ලබා දුන් තීන්දුවක් ඔස්සේ සිදුවූවක්. ඒනිසා ඒගැන මොකුත් කියන්න අපිට පුළුවන් කමක් නෑ.
සාකච්ඡා කෙළේ:- ජයසිරි මුණසිංහ

ඩයලොග් ප‍්‍රීමියර් ලීග් පාපන්දුඩයලොග් ප‍්‍රීමියර් ලීග් පාපන්දු රත්නම්-නිගම්බු යූත් ප‍්‍රථම තරගයෙන්ම ජය ලබයි

ප‍්‍රින්ස් ගුණසේකර
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානතම අන්තර් කී‍්‍රඩා සමාජ පාපන්දු තරගාවලියේ ප‍්‍රථම තරගයෙන් පසුගිය වසරේ සූරයන් වූ රත්නම් පිලට ගෝල් 2-1 ක ජයක් හිමිවිය.
ඩයලොග් ප‍්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ කොළඹ සී. ආර්. පිටියේ පැවැති තරගයේදී රත්නම් පිල වෙතින් පරාජයට පත්වූයේ පසුගිය වසරේ අනුසූරතාව දිනාගත් සෝන්ඩර්ස් කී‍්‍රඩා සමාජයයි.
මෙම තරගය සංවිධානය කළ ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය සී. ආර්. පිටියට නිසි පරිදි පොලිස් ආරක්ෂාවක් ලබාදීමට කටයුතු නොකළ හෙයින් දෙපිලේ ආධාරකරුවෝ අතර ගුටිබැට හුවමාරුවක් සිදුවූහ.
තරගයේ 43 වැනි මිනිත්තුවේදී සෝන්ඩර්ස් පිලේ බී. ජී. ඩී. වී. සිල්වා රතු කාඩ්පත් අවවාද ලබා පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු තීරණය කිරීමත් සමඟ නරඹන්නන් නොසන්සුන් තත්ත්වයකින් පසුවූහ.
කෙසේ වූවද තරගය අවසානයේ පිටියට කඩා වැදුන නරඹන්නන් පිරිසක් විනිසුරුට පහරදීමට උත්සාහ කළ අතර පාපන්දු සම්මේලනයේ මාධ්‍ය අධ්‍යක්ෂ රුක්මාල් පෙරේරා මහතා හා දෙපිලේ පුහුණුකරුවන් මැදිහත්ව එය වලකාලූහ.
දෙපිලේ නරඹන්නන් අතර සිදුවූ ගුටිබැට හුවමාරුව ද නතර කර ගැනීමට කණ්ඩායම් දෙකේ බලධාරින් උත්සාහ ගත්හ.
ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තරග සංවිධායක කමිටුව මගින් පොලිස් නිලධාරින් කැඳවා තිබුණේ නම් මෙය වළක්වාගත හැකිව තිබූ බවට කණ්ඩායම් දෙකෙන්ම චෝදනා එල්ලවිය.
සෝන්ඩර්ස් පිල වෙනුවෙන් පී. ආර්. ටී. නන්දසිරි ද රත්නම් පිල වෙනුවෙන් ඊ. බී. චන්න හා කසුන් ජයසූරිය ගෝල් වාර්තා කළහ.
නිගම්බු යූත්ට ජය
කැලණිය පාපන්දු පුහුණු මධ්‍යස්ථාන කී‍්‍රඩාංගණයේ පැවැති නිගම්බු යූත් – රිනවුන් අතර තරගයෙන් ගෝල් 4 – 0 ක පහසු ජයක් වාර්තා කිරීමට ඬගම්බු යූත් පිල සමත්විය.
ඩයලොග් ප‍්‍රීමියර් ලීග් පාපන්දු 2008 තරගාවලිය නිල ආරම්භක උත්සවයට එක්වූ ඩයලොග් ප‍්‍රධාන විධායක නුෂාඩ් පෙරේරා, අලෙවි ප‍්‍රවර්ධන කළමනාකරු චිරන්ත ද සොයිසා ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති හර්ලි සිල්වේරා හා ප‍්‍රධාන විධායක කි‍්‍රෂාන්ත පෙරේරා යන මහත්වරු.
ඡායාරූප - තුෂාර ප‍්‍රනාන්දු
තරගයේ ප‍්‍රථම භාගයේදී ගෝල් 2 – 0 ක් ලෙස නිගම්බු යූත් පිල ඉදිරියෙන් සිටියේය.
නිගම්බූ යුත් පිලේ නිමල් ඇන්තනී ප‍්‍රනාන්දු ගෝල් 2 ක්ද ජී. පී. සී. කරුණාරත්න එක් ගෝලයක්ද ලබාගත්හ.
නිගම්බු යූත් පිල වෙනුවෙන් වාර්තා වූ අනෙක් ගෝලය ඒ. ඒ. නාලක එල්ල කළ පහරකින් “ඕන් ගෝලයක්” ලෙස ලැබුණි.
නිගම්බු යූත් පිලට පසුගිය වසර දක්වා විදෙස් කී‍්‍රඩකයන් කිහිපදෙනෙකුම කී‍්‍රඩා කළද මෙවර කිසිදු විදේශ කී‍්‍රඩකයෙකු නොමැත.
බ්ලුස්ටාර්-යුද හමුදාව ජය පැරදුමෙන් තොරයි
කලුතරදී පැවැති බ්ලුස්ටාර් යුද හමුදා අතර තරගයේ මුලසිටම බ්ලුස්ටාර් පිල ඉදිරියෙන් සිටියද අවසන් විනාඩි තුනක කාලයේදී යුද හමුදා පිලෙන් ගෝල් 2 ක් වාර්තා විය.
තරගයේ ප‍්‍රථම භාගයේදී ගෝල් 2-0 ක් ලෙස බ්ලුස්ටාර් ඉදිරියෙන් සිටියේය.

Friday, September 26, 2008

ඩී. බී. විජේතුංග මහතාගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ගිය අයුරු'

හිටපු ජනාධිපති අභාවප‍්‍රාප්ත ඩී. බී. විජේතුංග මහතාගේ දේහය ඊයේ (24) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමෙන් පසු අග‍්‍රාමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක, විපක්ෂනායක රනිල් වික‍්‍රමසිංහ, කතානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර, ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ඇමැති දිනේෂ් ගුණවර්ධන මහත්වරුන් පාර්ලිමේන්තුවේ අනුස්මරණ ශාලාව වෙත රතු පලස මතින් රැගෙන ගිය අයුරුයි මේ.
ඡායාරූපය සමන් ශ‍්‍රී වෙදගේ

ලබන සතිය ඇතුළතදී කිලිනොච්චිය අල්ලනවා- යුද හමුදාපති සරත් ෆොන්සේකා

නුවන් කොඩිකාර
ඉදිරි සතිය ඇතුළතදී කිලිනොච්චිය සම්පූර්ණයෙන් මුදා ගැනීමට තම හමුදාවට හැකිවනු ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
ඒ සඳහා අවශ්‍ය සහාය ලබාදීමට සමස්ත හමුදාවම සූදානමින් සිටින බවද හෙතම කීය.
මාධ්‍යවේදී තිස්ස රවීන්ද්‍ර පෙරේරා මහතා රචිත "වන්නි සටන" කෘතිය එළිදැක්වීමේ උළෙලට ඊයේ (25) සහභාගි වෙමින් යුද හමුදාපතිවරයා එසේ ප‍්‍රකාශ කළේය.
කිලිනොච්චියට තවත් කිලෝමීටර් හතරක වැනි කෙටි දුරක් තිබෙන බව පවසන ලුතිනන් ජනරාල්වරයා එයද කිසිදු බාධාවකින් තොරව ජයගෙන තව තවත් ඉදිරියට ගමන් ගන්නා බවද අවධාරණය කළේය.
යුද හමුදාපතිවරයා මෙසේද කීය.
මානුෂීය මෙහෙයුම් පටන් ගන්නකොට බොහෝ දෙනා ප‍්‍රකාශ කළා මේ සටන ජයග‍්‍රහණය කරන්න බැහැ කියලා. වන්නි සටනක් නෙවෙයි කොළඹ සටනක් ඇතිවෙයි කියලා කිව්වා.
සමහර බහුතර පිරිස් මෙන්ම මාධ්‍යවේදීන් පැවසුවා. ඒත් එය බොරු කරමින් අපි අපේ ජයග‍්‍රහණය කරා පැමිණ සිටිනවා.
තිස්සට ලියන්න වෙන්නේ යුද්ධය ගැන තව එක පොතයි. එය "කිලිනොච්චියෙන් මව්බිමට කියලා, එතනින් එහාට යුද්ධය ගැන ලියන්න ඉතිරි වෙන්නේ නැහැ.
යුද හමුදාපති ලුතිනන් ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ප‍්‍රකාශය අනුමත කරමින් ගුවන් හමුදාපති එයාර් මාෂල් රොෂාන් ගුණතිලක මහතා මෙසේද පැවසීය.
යුද්ධය නිම කිරීමට තව කෙටි කාලයයි තියෙන්නේ. මේ වෙනකොට ප‍්‍රභාකරන්ට හැංගෙන්න තැනක් නැතුව දුවනවා. අපට ලැබෙමින් තිබෙන බුද්ධි තොරතුරු අනුව වැඩි දිනක් යන්න පෙර ඒ ඉඩ ප‍්‍රමාණයත් අහුරනවා.
ගුවන් හමුදාව ලෙස අපේ හමුදාව යුද්ධය නිම කිරීමට අවශ්‍ය සම්පූර්ණ ශක්තිය ලබාදීමට කටයුතු කරන බවද හෙතෙම කීය.
මෙහිදී සිවිල් ආරක්‍ෂක බළකායේ අධ්‍යක්‍ෂ රියද් අද්මිරාල් සරත් වීරසේකර මහතාද අදහස් දැක්වීය.
මෙම අවස්ථාවට ති‍්‍රවිධ හමුදාවේ හා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවී සිටියහ.

යුද හමුදාපති වන්නි ප‍්‍රදේශයේ සංචාරයක

හමුදා භට පිරිස් විසින් පසුගිය දිනවලදී මුදා ගත් ප‍්‍රදේශවල වත්මන් තත්ත්වය සොයා බැලීම සඳහා යුද හමුදාපති ලුතිනන් ජනරාල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (25) වන්නි ප‍්‍රදේශයේ සංචාරයක නිරත විණි. එහිදී වන්නි අරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් ජගත් ජයසූරිය මහතා විසින් යුද හමුදාපතිවරයා පිළිගනු ලැබූ අයුරු.
ඩීඑස්සී

මුහමලේ කොටි නායක වර්ධන් හමුදා ප‍්‍රහාරයෙන් මරු දකී

භක්ති ධර්මපි‍්‍රය මෙන්ඩිස්, වෙල්ලස්සේ බණ්ඩාර, උපාලි කරුණරත්න සහ චන්ද්‍රිකා පෙරේරා
යුද හමුදාව එල්ල කළ ප‍්‍රහාරවලින් ප‍්‍රබල කොටි නායකයකු වූ ‘වර්ධන්’ නමැත්තා මුහමලේ ප‍්‍රදේශයේ දී මිය ගොස් ඇති බව හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර මහතා ඊයේ (25) පැවසීය.
මේ සමඟ තවත් කොටි ත‍්‍රස්තවාදීන් නම දෙනෙකු මියගොස් තිබේ. ‘වර්ධන්’ නමැති කොටි නායකයා මුහමලේ ප‍්‍රදේශයේ කොටි මෙහෙයුම් රැසක් සිදු කර තිබේ.
මේ ප‍්‍රහාරවලින් කිලිනොච්චි වන්නන් පුල්ලිකුලම් ප‍්‍රදේශයේ පිහිටි කොටි ත‍්‍රස්තවාදීන්ගේ බංකර් 09 ක්ද සම්පූර්ණයෙන්ම අත්පත් කරගෙනඇත.
වන්නන්කුලම් ප‍්‍රදේශයේදී කොටින්ට හමුදාවෙන් දැඩි ප‍්‍රහාර එල්ල වී ඇති අතර එහිදී මිය ගිය කොටි ත‍්‍රස්තවාදීන් තිදෙනකුගේ සිරුරු හමුදාව විසින් සොයා ගනු ලැබතිබේ.
කොටින්ගේ ටී. 56 අවි 03ක් අත්බෝම්බ 15, ටී. 56 උණ්ඩ 15000ක් මෙහිදී හමුදාව විසින් සොයාගෙන තිබේ.

ඡායා අගමැති’ වජිර බව ගයන්ත කියයි

ශ‍්‍රී ලංකාවේ තෙවැනි විධායක ජනාධිපති ඩිංගිරි බණ්ඩා විජේතුංග (ඩී. බී. විජේතුංග) මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ සවස පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව මහනුවර ගැටඹේ කී‍්‍රඩාංගණයේදී සිදු කෙරිණි.
විජේතුංග මහතා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගැමියෙකි. ඔහු රටේ අගමැති ජනාධිපති වුවද ඔහුගේ ගැමිකම කිසි විටෙක විජේතුංග මහතා අමතක නොකළේය.
ඔහු හැමවිටම තරුණ දේශපාලඥයින්ට අත දුන්නේය. විරුද්ධ පක්ෂයේ දේශපාලඥයින් සමගද කි‍්‍රයා කළේ ඉතාමත් සුහද ආකාරයෙනි.
වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මන්තී‍්‍රවරයෙකුව සිටි කාලයේද විජේතුංග මහතා ඔහු සමග තිබුණු මිත‍්‍රත්වය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසුව ද පැවතියේ එකහා සමාන මට්ටමකය.
මහින්ද රාජපක්ෂ මහතා ද ගමෙන් පැමිණි දේශපාලඥයෙකු වශයෙන් ගැමිකම හොඳින් හඳුනන ඩී. බී. විජේතුංග මහතා නිතරම අගය කෙළේය.
ඩී. බී. විජේතුංග මහතාගේ දුක සැප නිතරම සොයා බැලූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විජේතුංග මහතා මිය ගිය පුවත දැන ගන්නා විට සිටියේ ඇමෙරිකාව බලා ගමන් කරමින්ය.
විජේතුංග මහතාගේ පවුලේ සාමාජිකයින් වෙත ශෝකය පළ කළ ජනාධිපතිතුමා අගමැති ප‍්‍රමුඛ ඇමැතිවරුන්ට දැනුම් දුන්නේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අවමගුල් උත්සවය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සලසන ලෙසයි.
විජේතුංග හිටපු ජනාධිපතිවරයාගේ අභාවය ගැන දැනගන්නා විට විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සිටියේ කුලියාපිටියේ පිහිටි තම වත්ත වෙත ගමන් කරමින්ය.
රනිල් වික‍්‍රමසිංහ මහතාට මෙම පණිවුඩය දැනුම් දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා විසිනි.
ඒ විගසම මහනුවර අවට සිටි මන්තී‍්‍රවරුන්ට දුරකථනයෙන් කථා කළ රනිල් වික‍්‍රමසිංහ මහතා කියා සිටියේ මහනුවර රෝහලට ගොස් අවශ්‍ය කටයුතු සොයා බලන ලෙසයි.
විජේතුංග මහතා ප‍්‍රතිකාර ලබමින් සිටින අතරතුර මිය ගියේ මහනුවර මහ රෝහලේදීය. එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කණ්ඩායමේ නායක කරූ ජයසූරිය, රාජිත සේනාරත්න සහ ඇමැතිවරුන් ඇතුළු පිරිස විජේතුංග හිටපු ජනාධිපතිතුමාගේ අභාවය දැනගත් විගස ඊට අදාළ කටයුතු පිළිබඳ සොයා බැලීමට පියවර ගත්හ.
දිගු කලක් මෙරට ජනතාවට විශාල සේවයක් කරමින් හිටපු ජනාධිපතිවරයෙකු ලෙස අවසන් ගමන් යන ඩී. බී. විජේතුංග මහතා පිළිබඳ මතකය දේශපාලන ක්ෂේත‍්‍රයේ දීර්ඝ කාලයක් පවතිනු ඇත.
එ. ජා. සමුළු සැසිවාරයට ධම්ම පදයෙන් ගාථාවක්
එක්සත් ජාතීන්ගේ 63 වෙනි සමුළුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා භාෂා තුනෙන් ඇමතීමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධම්මපදයේ ගාථාවකින් දේශනය අවසන් කිරීමත් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්විය.
ත‍්‍රස්තවාදී ගැටලුවටත්, ආහාර අර්බුදයටත් සාර්ථකව මුහුණ දෙන රටක් ලෙස ශී‍්‍ර ලංකාව ලෝක ප‍්‍රජාවගේ දැඩි අවධානයට ලක්වන තිබෙන අවස්ථාවක ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයාගේ දේශනයට කොයි කාගේත් එල්ල වී තිබුණේ දැඩි අවධානයකි.
ත‍්‍රස්තවාදය ලෝකයටම විශාල ගැටලුවක්ව පවතින අවස්ථාවේදී එය නැති කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
දෙමළ ජනතාවගේ සියලු අයිතීන් යටපත් කරන කොටි ත‍්‍රස්තවාදය නැති කිරීමට ගෙන ඇති පියවර වෙනත් රටවල රාජ්‍ය නායකයින්ගේ ද පැසසුමට ලක්විය.
මේ වන විට දෙමළ ජනතාව දැඩි ලෙස කොටි සංවිධානය ප‍්‍රතික්ෂේප කරන තැනකට පැමිණ සිටීමද විශේෂත්වයකි. මුළු රටම ත‍්‍රස්තවාදයෙන් මුදා ගන්නා දිනය වැඩි ඈතක නොවන බවද ජනාධිපතිතුමා අවධාරණය කර සිටියේය.
සිංහල දෙමළ ශී‍්‍ර ලාංකික ජනතාවගේ භාෂාවන් බවත් එම භාෂා දෙකම නිල රාජ්‍ය භාෂා වශයෙන් පිළිගෙන තිබෙන බව ජනාධිපතිතුමා කියා සිටියේ දෙමළ භාෂාවෙන් වීම තවත් විශේෂත්වයකි.
ධම්ම පදයේ ගාථාවක් කියමින් ජනාධිපතිතුමා දේශනය අවසන් කරන විට බොහෝ දෙනෙකුගේ අවධානය ඒ වෙත යොමු වී තිබුණි. ඇමෙරිකාවේ ජීවත්වන සිංහල, දෙමළ ශී‍්‍ර ලාංකිකයින් තම පවුල් පිටින් පැමිණ ජනාධිපතිතුමා හමුවීමද විශේෂත්වයකි.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමේ රැස්වීම පසුගිය 22 වෙනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූයේ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙනි. ඩී.බී.විජේතුංග හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ප‍්‍රථමයෙන්ම මෙහිදී ශෝකය පළ කරන්නට විය.
ඡායා කැබිනට්ටුවක් සකස් කිරීමට වන ජේ්‍යෂ්ඨයින්ගේ නිර්දේශ රැස්වීමට ඉදිරිපත් කරන ලද්දේ විරුද්ධ පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝශප් මයිකල් පෙරේරා මහතා විසිනි.
ඡායා කැබිනෙට්ටුවේ මන්තී‍්‍රවරුන්ට විෂය බෙදාදීම ගැන මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. 'නායකතුමනි, මන්තී‍්‍රවරුන්ට බෙදා දෙන විෂයන්ට අනුවද යූ.ඇන්.පී. ආණ්ඩුවක් ආවොත් ඇමැතිකම් ලබා දෙන්නේ" දැයි විමසුවේ දයාසිරි ජයසේකර මන්තී‍්‍රවරයා විසිනි.
දයාසිරි ජයසේකර මන්තී‍්‍රවරයාගේ කතාවට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු විය. ඉස්සරවෙලාම අපි කරන්න ඕන ආණ්ඩුවක් හදන එකයි.
මන්තී‍්‍රවරුන් ඡායා කැබිනෙට්ටුවේදී දක්වන කැපවීම මතයි ඇමැතිකම් ලබාදීම රඳ්‍ර පවතින්නේ. තමන් උනන්දුවක් දක්වන ජාලයන් 3ක් ගැන දැනුම් දෙන්න.
ඒවාට පත්කරන මන්තී‍්‍රවරුන්ට පමණයි, අදාළ උපදේශක කාරක සභාවටත් , පාර්ලිමේන්තුවේදීත්, ඉන් පිටතදීත් අදහස් දක්වන්න හැකි වෙන්නේ." යනුවෙන් ඡායා කැබිනෙට්ටුව ගැන දීර්ඝ විස්තරයක් කෙළේ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාය.
මේ අවස්ථාවේදී රංජිත් මද්දුමබණ්ඩාර මන්තී‍්‍රවරයා ගයන්ත කරුණාතිලක මන්තී‍්‍රවරයාගෙන් විමසා සිටියේ ඡායා අගමැති හෙවත් අගමැති විෂය භාර දෙන්නේ කාටද? කියායි.
එම ස්ථානයේ සිටි වජිර අබේවර්ධන මන්තී‍්‍රවරයා පෙන්නමින් ගයන්ත කරුණාතිලක මන්තී‍්‍රවරයා කියා සිටියේ "මේ ඉන්නේ අපේ ඡායා අගමැතිතුමා" කියායි.
මේ කතාවට වජිර අබේවර්ධන, මහ ලේකම් තිස්ස අත්තනායක යන මන්තී‍්‍රවරුට සිනහ ගියහ. ගයන්ත කරුණාතිලක මන්තී‍්‍රවරයාගේ ඡායා අගමැතිගේ කතාව විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට නම් ඇසුණේ නැත.
"මානෙල් මල්" වවුනියාවට
රණවිරුවන්ගේ දුක සැප සොයාබැලීම සඳහා 'මානෙල් මල්' ව්‍යාපාරයේ නියමුවෝ පසුගිය සෙනසුරාදා වවුනියාව බලා පිටත් වූහ. ඔවුන් වවුනියාවට ගියේ නිකම්ම නොවේ.
ඔවුන් ගියේ 'ජයෝදයේ රණඝෝෂා' රථ පෙරහර වටා ඒකරාශි වූ ජනතාව ලබාදුන් තෑගි බෝග ආශිර්වාද කිරීම සඳහා පිරිත් පැන් හා පිරිත් නූල් ද රැගෙනය.
රණවිරුවන්ට ලබාදීම සඳහා 'හෙළබිම පදනම' වැහිකබා තොගයක්ද පරිත්‍යාග කර තිබිණි. ඊට අමතරව උතුරේ ත‍්‍රස්තවාදී ග‍්‍රහණයෙන් මිදී සිවිල් පාලනය සහිත ප‍්‍රදේශ වෙත එන ජනතාවට පරිත්‍යාග කිරීම සඳහා වියළි ආහාර ද්‍රව්‍ය හා ඇඳුම් පැළඳුම් ද ඔවුන් රැගෙන ගොස් තිබිණ.
වවුනියාවේ පිහිටි ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 56 වෙනි සේනාංකය වෙත පැමිණි පිරිස පිළිගන්නා ලද්දේ එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ. සී. රඹුක්පොත මහතා විසිනි.
අධිනීතිඥ එස්. එල්. ගුණසේකර, විමල් වීරවංශ, මහාචාර්ය උපාලි ජයසේකර, බුද්ධදාස විතනාරච්චි, සිරිල් වික‍්‍රමගේ, කර්නල් අනිල් සමරසේකර යන 'මානෙල් මල්' ව්‍යාපාරයේ නායකයෝ ද බෙංගමුවේ නාලක හා කොටපොල මංගල යන හිමිවරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
අනතුරුව 563 වෙනි බල සේනා මූලස්ථානයේ සංවිධාන කර තිබුණු උත්සවයකට මෙම පිරිස සහභාගි වූහ. 563 වෙනි බල සේනා මූලස්ථානයේ බල සේනාධිපති ලෙෆ්ටිනන්ට් කර්නල් ජාලිය සේනාරත්න මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී බෙංගමුවේ නාලක හිමියන් රණවිරුවන්ට ආශිර්වාද කළ අතර 'මානෙල් මල්' ව්‍යාපාරයේ කැඳවුම්කරු එස්. එල්. ගුණසේකර මහතා ද මෙම අවස්ථාවට සහභාගි වූයේය.
ඉන් අනතුරුව මානෙල් මල් ව්‍යාපාරයේ නායකයින් ගමන් කළේ ඕමන්තේ ඉදිරි ආරක්ෂක වළල්ල වෙතය. එහි සිට හමුදා සෙබළුන්ට ආශිර්වාද කළ පිරිස නැවත වවුනියාව වෙත පැමිණ මන්නාරම මාර්ගය ඔස්සේ ගජසිංහපුර පිහිටි 21 වැනි සේනාංකය වෙත පැමිණියහ.
එහිදී පිරිස පිළිගන්නා ලද්දේ 21 වැනි සේනාංකයේ සේනාංකාධිපති බි‍්‍රගේඩියර් ප‍්‍රියන්ත ජයසුන්දර මහතා විසිනි.
අවතැන්වූවන් ගැන ජනපතිගේ අවධානය
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ 63 වෙනි සැසිවාරයට සහභාගිවීම සඳහා අමෙරිකාව බලා පිටත්ව යාමට පෙර ඇමැතිවරුන් හා නිලධාරින්ගේ සහභාගිත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති රැස්වීමකට සහභාගි වූහ.
මහින්ද සමරසිංහ, බැසිල් රාජපක්ෂ, ලලිත් වීරතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් මීට සහභාගි වූහ. කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් මිදී රජයේ පාලන ප‍්‍රදේශවලට පැමිණෙන සියලු වැසියන්ට ලබා දිය යුතු සියලු පහසුකම් ලබාදීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා ලෙස ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නේ ය.
දැනට එම ජනතාව වෙනුවෙන් සලසා ඇති සියලු පහසුකම් සම්බන්ධයෙන් මහින්ද සමරසිංහ අමාත්‍යවරයා විසින් ජනාධිපතිතුමා දැනුවත් කරන ලදි. රජයේ පාලනයට අයත් නොවන ප‍්‍රදේශවල ජීවත්වන වැසියන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට ගෙන ඇති පියවරද ඇමැතිවරයා පැහැදිලි කෙළේ ය.
කිළිනොච්චියේ ජනතාව ජාත්‍යන්තර සමුළුවකට
2006 වසරට පෙර ගැටුම්වලින් අවතැන්වූවන් ගැන සොයා බැලෙන ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණයක් කොළඹදී පැවැත්විණි. එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම් බින්කී මුන් මහතා නියෝජනය කරමින් වෝල්ටර් ක්ලීන් මහත්මියද මීට සහභාගි විය.
රිෂාඩ් බද්යුදීන් අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ද මීට සහභාගි වූහ.
මෙහි ඇති විශේෂත්වයක් වන්නේ වවුනියාව, කිළිනොච්චිය නියෝජනය කරමින් සාමාන්‍ය වැසියන් සහභාගි වීමයි. කොළඹ දරුණු බවත් මෙයට සහභාගි නොවන ලෙසත් පිරිසක් තමන්ට දැන් වූ බවත් කොළඹට පැමිණි පසු එම කතා සියල්ල බොරු වූ බවත් මෙම පිරිස මෙම සමුළුවේදී ප‍්‍රකාශ කිරීම තවත් විශේෂත්වයකි.
වෘත්තීය සමිති ගැන බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් ලාල්කාන්තගෙන් අසයි
ශී‍්‍ර ලංකාවේ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් පීටර් රිචඩ් මහතා පසුගියදා 23 වෙනිදා පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයට පැමිණියේ කේ. ඩී. ලාල්කාන්ත මන්තී‍්‍රවරයා හමුවීමටය.
ශී‍්‍ර ලංකාවේ වෘත්තිය සමිති ව්‍යාපාරය ගැන පැහැදිලි කළ ලාල්කාන්ත මන්තී‍්‍රවරයා කියා සිටියේ තම පක්ෂයේ සහාය නොමැතිව ජාතික මට්ටමේ වෘත්තිය සමිති කි‍්‍රයා මාර්ග සිදුකිරීමට නොහැකි බවයි.
ජාතික නිදහස් පෙරමුණ ගැන ලාල්කාන්ත මන්තී‍්‍රවරයාගෙන් ඇසීමටද බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස්වරයා අමතක නොකළේය. " තවත් දේශපාලන පක්ෂයකට ශී‍්‍ර ලංකාවේ ඉඩකඩක් නැහැ.
නව පක්ෂ පිහිටෙනවානම් බිහිවෙන්නේත් පවතිනවානම් පවතින්නේත් කාටහරි හේත්තුවෙලා ඉන්න විතරයි' යනුවෙන් ලාල්කාන්ත මන්තී‍්‍රවරයා පිළිතුරු දුන්නේය.
පක්ෂ නායක රැස්වීම
පක්ෂ නායක රැස්වීම පසුගිය අඟහරුවාදා දහවල් 12.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වුණේ කථානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙනි.
ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, දිනේෂ් ගුණවර්ධන, අනුර ප‍්‍රියදර්ශන යාපා, ඩිව් ගුණසේකර යන අමතා්‍යවරු ආණ්ඩු පක්ෂය වෙනුවෙන් සහභාගි වූහ. විරුද්ධ පක්ෂය වෙනුවෙන් සහභාගි වූයේ ජෝශප් මයිකල් පෙරේරා, අනුර දිසානායක, විමල් වීරවංශ යන මන්තී‍්‍රවරුන්ය.
මෙහිදී මූලිකව කතාබහ කෙළේ අභාවප‍්‍රාප්ත ඩී. බී. විජේතුංග හිටපු ජනාධිපතිවරයාට ගෞරව දැක්වීම සඳහා 25 වෙනිදා පාර්ලිමේන්තුවේ කටයුතු අත්හිටුවීමට තීරණය කිරීම පිළිබඳවයි.
එදින විජේතුංග මහතාගේ දේහය පාර්ලිමේන්තුව සංකීර්ණයට ගෙනවිත් ගෞරව දැක්වීමටත් එදින පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වීමටත් තීරණය කෙරිණ.
විශ‍්‍රාමිකයින්ගේ වැටුප් විසමතා ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමට අපට කාලය අවශ්‍යයයි" යනුවෙන් විමල් වීරවංශ මන්තී‍්‍රවරයා පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික නිදහස් පෙරමුණ යන පක්ෂ දෙකටම මෙසේ විවාදය සඳහා කාලය වෙන් කිරීමෙන් එක්සත් ජාතික පක්ෂයට අවාසියක් සිදුවන බව පවසමින් ඊට විරුද්ධ වූයේ විරුද්ධ පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝශප් මයිකල් පෙරේරා මහතාය.
එම අදහස පිළිගත් විමල් වීරවංශ මහතා කියා සිටියේ ජාතික නිදහස් පෙරමුණට මන්තී‍්‍රවරුන් 12 දෙනෙකු සිටින නිසා තම පක්ෂයට ප‍්‍රමාණවත් කාලයක් අවශ්‍ය බවයි.
අවසානයේදී තීරණය වූයේ "විශ‍්‍රාමිකයින්ගේ වැටුප් විසමතා ගැටලුව" පිළිබඳ ප‍්‍රශ්නය සිකුරාදා (අද) දින සවස 2.00 සිට 4.30 දක්වා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමටය.
ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම පසුගිය අඟහරුවාදා උදෑසන 8.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූහ.
විමල් වීරවංශ, නන්දන ගුණතිලක, පියසිරි විජේනායක මන්තී‍්‍රවරුන්ගේ මූලිකත්වයෙන් රැස්වීම ඇරඹිණ. මේ වන විට සමාජයේ වැඩිපුර කතාබහ වෙන මාතෘකා ගැන අවධානය යොමු කෙරිණි.
ආණ්ඩුව ඛනිජ තෙල් සඳහා වූ බදු වැඩිකර ඇති බව පෙන්වා දුන්නේ වීරකුමාර දිසානායක මන්තී‍්‍රවරයාය. "පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුකළ විශේෂ ප‍්‍රකාශයක් මගින් මා ඉල්ලා සිටියා, තෙල් මිල අඩුකරන තෙක් ඉන්දියානු තෙල් සමාගම ලබන අතිරේක ලාභය රජයට ලබාගැනීමට අතිරේක බද්දක් අයකරන්න කියලා.
ඒ බද්ද තමයි මේ අයකරන්නේ" යනුවෙන් පෙන්වා දුන්නේ විමල් වීරවංශ මන්තී‍්‍රවරයායි. මෙම අතිරේක බද්ධ අයකිරීම කල්තියා දැනගත් ඉන්දියානු තෙල් සමාගම තෙල් නැව් දෙකක තෙල් රැගෙන ඇති බව මොහොමඩ් මුසම්මිල් මන්තී‍්‍රවරයා පෙන්වා දුන්නේය.
විමල් වීරවංශ මන්තී‍්‍රවරයා ඊට පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ ශී‍්‍ර ලංකා මහ බැංකුවේද ඉන්දියානු තෙල් සමාගමේ ඒජන්තයෙකු සිටින බවයි. විශ‍්‍රාමිකයින්ගේ වැටුප් විසමතා ගැන පාර්ලිමේන්තුවේදී ඉල්ලා තිබෙන විවාදය ගැන ද වීරවංශ මහතා මතක් කෙළේය.
එය ඉතා කාලීන ප‍්‍රශ්නයක් බව පවසමින් එම විවාදය පැවැත්විය යුතුයි කියන යෝජනාව ස්ථිර කරනු ලැබුවේ දීපාල් ගුණසේකර මන්තී‍්‍රවරයා විසිනි.
බඩගිනි සිංහයා
මෙම පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම් රැස්වීමේදී විමල් වීරවංශ මහතා විශේෂ කරුණක් අවධාරණය කෙළේය. "අපි බඩගිනි සිංහයෙක් වගේ අහුවෙන අහුවෙන ගොදුර ගිලින ප‍්‍රතිපත්තියක සිටිය යුතු නැහැ.
තරගයකට වාගේ වෙනත් අය තෝරන කි‍්‍රයා මාර්ගවලට අපි කි‍්‍රයාමාර්ග තේරිය යුතු නැහැ. එහෙම වුණොත් ඔවුන් පරදිනවිට අපටත් පරදින්නයි, වෙන්නේ.' යනුවෙන් විමල් වීරවංශ මන්තී‍්‍රවරයා පෙන්වා දුන්නේ ය.
තම පක්ෂය කි‍්‍රයා මාර්ග තේරිය යුත්තේ මෙරට කේන්ද්‍රීය ප‍්‍රශ්නය වූ ජාතික ගැටලුව පිළිබඳවද සලකා බලමින් බව විමල් වීරවංශ , නන්දන ගුණතිලක යන මන්තී‍්‍රවරු තම සගයින්ට අවධාරණය කළහ.
තක්කඩි සක්විති
අහිංසක ජනතාවගේ රුපියල් කෝටි 900කට අධික මුදලක් වංචාකරන ලදැයි කියන 'සක්විති' කියා පුද්ගලයෙක් ගැන පසුගිය දිනවල මුළු රටේම අවධානය යොමු විය. මෙම සක්විතිවරයා ගැන පාර්ලිමේන්තුවේදී ද කතාබහ කෙරිණි.
"මේ රටේ අහිංසක මිනිසුන්ගේ රුපියල් කෝටි 900 කට අධික මුදලක් හොරකම් කරන ලදැයි කියන සක්විතිවරයෙක් රටින් පැනල ගිහිල්ලා මේ තරම් දෙයක් වෙනකම් වගකිවයුත්තන් මොකද කළේ යනුවෙන් විමල් වීරවංශ මහතා ආණ්ඩු පක්ෂයෙන් විමසා සිටියේ ය.
ඒ සම්බන්ධයෙන් නීතිය කි‍්‍රයාත්මක කර ඇති බව ආණ්ඩු පක්ෂයේ නියෝජිතයෝ පැවසූහ. වීරවංශ මහතා මෙම ප‍්‍රශ්නය ඉදිරිපත් කළේ එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරයෙකු ඉදිරිපත් කරන ලද ප‍්‍රශ්නයකට අතුරු ප‍්‍රශ්නයක් හැටියටයි.
මෙවැනි වංචා සිදුවීමට වගකීමකින් තොරව ඇතැම් මාධ්‍ය ලබාදෙන ප‍්‍රචාරයන්ද බලපාන බව කථානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා කියා සිටියේය.
"ගරු කථානායකතුමනි, ජනමාධ්‍යවලටද යම් වගකීමක් තියෙනවා. නමුත් ඒ පළකරන දැන්වීම් පිළිබඳ සොයා බැලීම මහ බැංකුව සතු වගකීමක්.
ජනතාවගෙන් මුදල් රැස්කරන්න දැන්වීම් දානකොට මහ බැංකුව කියන්න ඕන තමන් ඒ ආයතනය පිළිගන්නවාද? නැද්ද? කියලා එහෙම සඳහනක් තිබුණානම් මෙවැනි දෙයක් නොවන්න ඉඩ තිබුණා." යනුවෙන් පැවසුවේ විමල් වීරවංශ මන්තී‍්‍රවරයා ය.
එකම චීනයක්
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම පසුගිය බදාදා පෙරවරවේ රැස්වූයේ පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී ය. ලබන 30 වැනිදා චීනයේ ජාතික දිනය වෙනුවෙන් කොළඹදී උත්සවයක් පවත්වනවා.
ඒකට සහභාගි වෙන්න ඕන. දිරියේදී ටිබෙටයත් ජාත්‍යන්තර සමුළු චීනයට එරෙහිව පවත්වන්න සැලසුම් කරනවා. ඒවට සහභාගි වෙනන එපා කියලා චීන තානාපති කාර්යාලය විදේශ කටයුතු අමාත්‍යංශය හරහා දැනුම් දීලා තිබෙනවා.
අපි ඒවට යන්නේ නැහැ. අපි පිළිගන්නේ එකම චීනයක්' පමණක් යනුවෙන් අදහස් දැක්වූයේ විජිත හේරත් මන්තී‍්‍රවරයාය.
ඩබ්ලිව්. කේ. ප‍්‍රසාද් මංජු

රජරටට සේවය කරන්න ආණ්ඩු පක්ෂයට සහාය දෙනවා- උතුරුමැද විපක්ෂ නායක ජානක පෙරේරා

චූල බණ්ඩාර කුලසේකර සහ ගාමිණි ජයසිංහ
මැතිවරණ සමයේදී පිල්බෙදී අපි දේශපාලනය කළද රජරට ජනතාවට ජනතා හිතෛෂි ඕනෑම යෝජනාවකට අවංකවම ආණ්ඩු පක්ෂයට සහය ලබාදෙන බව උතුරුමැද පළාත් සභාවේ විපක්ෂ නායක ජානක පෙරේරා මහතා පැවැසීය.
සභාපති පී. බී. දිසානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ වූ පස්වන පළාත් සභා රැස්වීමේදී විපක්ෂනායකවරයා මේ අදහස් දැක්වීය.
තවදුරටත් අදහස් දැක්වූ ජානක පෙරේරා මහතා - ජනතාවට අහිතකර රජරටට අහිතකර ඕනෑම කටයුත්තකට එරෙහිව කටයුතු කිරීමටද අපි විපක්ෂය වශයෙන් බලාපොරොත්තු වෙනවා.
එමෙන්ම සන්ධානයේ මන්තී‍්‍රවරයෙක් වන නව සභාපතිතුමාට අපේ සුබපැතුම් පිරිනමනවා. සභාපති ධූරයට පත් වූ ඔබතුමා ඉදිරියේදී අපක්ෂපාතීව කටයුතු කරයි කියා බලාපොරොත්තු වෙනවා

එස්.එස්.සී – එන්.සී.සී අවසන් තරගය අද

ජගත් පෙ‍්‍ර්මචන්ද්‍ර
ශ‍්‍රී ලංකා කි‍්‍රකට් සංවිධානය කරන වයස අවුරුදු 23 න් පහළ පළමු කොටසේ අවසන් මහ කි‍්‍රකට් තරගය අද (26 දා) එස්. එස්. සී. පිටියේ දී ඇරැඹේ.
මේට්ලන්ඩ් පෙදෙස අසල්වාසීන් වන එස්. එස්. සී. සහ එන්. සී. සී. අතර පැවැත්වෙන මෙම තරගය 28 දා දක්වා පැවැත්වීමට නියමිත ය.
ශ‍්‍රී ලංකා පාසල් වයස අවුරුදු 20 න් පහළ කි‍්‍රකට් කණ්ඩායමට එරෙහි වූ කඩුලු 8 ක ජයක් ලබමින් එස්. එස්. සී. කී‍්‍රඩකයෝ ද කෝල්ට්ස් කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබමින් එන්. සී. සී. කී‍්‍රඩකයෝ ද අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූහ.
එස්. එස්. සී. කණ්ඩායම හානස් ප‍්‍රනාන්දු විසින් මෙහෙයවනු ලබන අතර ඔහු මෙම තරගවාරයේදී තරග 9 කදී ශතකයක් සමග ලකුණු 297 ක් ලබා ගෙන ඇත. ඔහුගේ කණ්ඩායමේ කැපී පෙනෙන කී‍්‍රඩකයා වී සිටින්නේ ශාලිත කරුණානායක ය.
ඔහු තරග 9 කදී ලකුණු 322 ක් ලබා 46.0 ක සාමාන්‍යයක් රඳවාගෙන සිටියි. මීට අමතරව ඔහු පන්දු යවන්නෙක් ලෙස කඩුලු 26 ක් දවා ගෙන ඇත.
ශතකලාභී නවීන් පෙරේරා ලකුණු 355 ක් ලබමින් එස්. එස්’ සී. පිලේ වැඩිම ලකුණුලාභී පිතිකරුවා වී සිටී. පන්දු යවන්නන් අතුරින් මිලාන් ප‍්‍රනාන්දු කඩුලු 30 ක් ද ධනුෂ්ක කොළඹගේ කඩුලු 25 ක් ද චතුපම ගුණසිංහ කඩුලු 24 ක් ද දවාගෙන එස්. එස්. සී. කණ්ඩායම වෙනුවෙන් අවසන් තරගයේ දී ද දක්ෂතා දැක්වීමට බලාගෙන සිටිති.
එන්. සී. සී. පිලේ කඩුලු රකින්නා ද වන නායක මාපා බණ්ඩාර තරග 9 ක දී ලකුණු 357 ක් ලබාගෙන හෙට තරගයට මුහුණ දෙනු ඇත. ප‍්‍රබල පිතිකරු ලැයිස්තුවකින් හෙබි එන්. සී. සී. පිලට රජිත මෙන්ඩිස් (434) එරංග ගංගොඩ (411) සශ‍්‍රික පුස්සෙගොල්ල (279) සහ ශෂාන් ගුණතිලක (276) ඇතුලත් වෙති.
මීට අමතරව අවසන් පූර්ව තරගයේ දී සුපිරි දක්ෂතා දැක්වූ කෝසල කුලසේකර ද ඉහත කණ්ඩායමට ඇතුළත් වේ.

වසර 71ක සිහිනය සැබෑවී ඔලිම්පික් නිවහන විවෘත වෙයි

පි‍්‍රන්ස් ගුණසේකර
වසර 71ක ඔලිම්පික් සිහිනය සැබෑවී ශී‍්‍ර ලාංකේය කී‍්‍රඩා ඉතිහාසයේ අමරණීය සටහනක් තබමින් “ශී‍්‍ර ලංකා ඔලිම්පික් නිවහන ඊයේ පෙරවරු 10.14 ට යෙදුනු සුබ මොහොතින් විවෘත විය.
කී‍්‍රඩා අමාත්‍ය ගාමිණී ලොකුගේ හා බන්ධුල බස්නායක යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය මහින්ද විජේසේකර, ඉඩම් අමාත්‍ය ජීවන් කුමාරතුංග යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ඔලිම්පික් නිවහන විවෘත කිරීමේ කටයුතු සිදුවිය.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හා ආසියානු ඔලිම්පික් කමිටුව නියෝජනය කරමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ජාත්‍යන්තර සම්බන්ධතා අධ්‍යක්ෂ විනෝද් කුමාර් තිවාරි මහතා ඇතුළු දෙස් විදෙස් ආරාධිතයන් රැසක් ද මෙම සුවිශේෂී අවස්ථාවට එක්ව සිටියහ.
ඔලිම්පික් නිවහන විවෘත කිරීම සංකේතවත් කරමින් සමරු මුල්දින මුද්දර කවරයක් නිකුත් කිරීම තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යතුමා අතින් සිදුවිය.

කී‍්‍රඩා අමාත්‍යතුමා “ඔලිම්පික් නිවහනේ” සමරු ඵලකය විවෘත කරමින්.

කී‍්‍රඩා අමාත්‍යවරුන් වන ගාමිණී ලොකුගේ, බන්ධුල බස්නායක, ඉඩම් අමාත්‍ය හා හිටපු කී‍්‍රඩා අමාත්‍ය ජීවන් කුමාරතුංග යන මහත්වරුන් ඔලිම්පික් නිවහන විවෘත කළ අවස්ථාව.

ඡායාරූප:- ඉරේෂා වඩුගේ
ශී‍්‍ර ලංකා ඔලිම්පික් කමිටුව මගින් එළිදැක්වූ දෙවැනි සමරු මුද්දර පොත හා ශී‍්‍ර ලංකා ඔලිම්පික් කමිටුවේ නිල වෙබ් අඩවිය ද විවෘත විය.
ශී‍්‍ර ලංකා ඔලිම්පික් කමිටුවේ ආරම්භක නිලධාරීන්ට හා ඔලිම්පික් නිවහන විවෘත කිරීමේ ප‍්‍රධාන ආරාධිතයන්ට සමරු සිහිවටන ප‍්‍රදානය කිරීම ද සිදුවිය.
ඔලිම්පික් නිවහන විවෘත කිරීමේ උත්සව සභාවේ පිළිගැනීමේ කතාව කරමින් ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශ කළේ ඔලිම්පික් නිවහන විවෘත වීම තම ජීවිතයේ සිහිනයක් සැබෑවීමක් ලෙස සැලකිිය හැකි බවයි.
“මේ දැවැන්ත කාර්යය සාර්ථකව නිමා කිරීමට බොහෝ දෙනා කැපවුනා. රුපියල් මිලියන 157කට අධික මුදලක් වැයවුනා.
පර්චස් 80ක වටිනා ඉඩම ලබාදුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට හා හිටපු කී‍්‍රඩා අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතාටත් වත්මන් කී‍්‍රඩා අමාත්‍යවරුන් දෙපලටත් සිය ස්තුතිය පළ කළේය.
විශේෂ ආරාධිතයෙකු ලෙස එක්වූ අමාත්‍ය මහින්ද විජේසේකර මහතා ප‍්‍රකාශ කළේ ඔලිම්පික් නිවහන ශී‍්‍ර ලාංකේය කී‍්‍රඩාවේ ප‍්‍රගතිය උදෙසා තෝතැන්නක් වන බවයි.
“පසුගිය බීජිං ඔලිම්පික් උළෙලේ දී ශී‍්‍ර ලංකා පිල පසු බැසීමකට ලක්වූවා. එයට හේතුවත් ඔලිම්පික් කණ්ඩායමට මෙවැනි පහසුකම් සහිත ස්ථානයක් කාලයක් සිට නොමැති වීමයි.
දැන් විශාල අඩුපාඩුවක් සම්පූර්ණයි” යනුවෙන් විජේසේකර මහතා පැවැසීය.
කී‍්‍රඩා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අදහස් දක්වමින් කියා සිටියේ මෙවැනි දැවැන්ත කාර්යයක් මාස 17 ක් වැනි කෙටි කාලයක දී අවසන් කිරීමට නායකත්වය දුන් හේමසිරි ප‍්‍රනාන්දු මහතා ඇතුලු ජාතික ඔලිම්පික් කමිටුවට සිය ස්තුතිය පළ කරන බවයි.
ජාත්‍යන්තර හා ආසියානු ඔලිම්පික් කමිටු නියෝජිත විනෝද් කුමාර් තිවාරි හා ශී‍්‍ර ලංකා ඔලිම්පික් කමිටු උප සභාපති රොහාන් ප‍්‍රනාන්දු මහතා ද අදහස් දැක්වූහ.
කී‍්‍රඩා සංගම්වල නිලධාරීන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Thursday, September 25, 2008

දෙමළ ජනතා අයිතීන් අහිමි කළ කොටි ත‍්‍රස්තවාදයට යට වන්නේ නෑ - ජනපති මහින්ද එ. ජා. 63වැනි සමුළුව අමතා කියයි

දෙමළ ජනතාවගෙන් සුළුතරයක් බිය ගන්වා උතුරු පළාතේ බලහත්කාරයෙන් රඳවා ගනිමින් එම ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි කරන එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදයට තම රජය කිසි විටෙකත් යට වන්නේ නැතැයි ශ‍්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මෙතෙක් ගත් කි‍්‍රයා මාර්ග වලින් අප ඒ බව ඔප්පු කර තිබෙන බවද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 63 වැනි සැසි වාරයට සහභාගි වෙමින් නිව්යෝක් නුවරදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසීය.
මේ ත‍්‍රස්තවාදී කණ්ඩායම සමඟ තම ආණ්ඩුවට සාකච්ඡා කළ හැකි වන්නේ සියලු අවි බිම තබා ඔවුන්ගේ යුදමය හැකියාවන් සියල්ල විසුරුවා හැර ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවකට ඇතුළත් වූවොත් පමණක් බවද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
නිත්‍යානුකූලව තේරී පත්වූ රජයක් ලෙසත්එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකයකු ලෙසත් ශ‍්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව කඩා බිඳ දමා රට බෙදීමට කිසිසේත් ඉඩ නොදෙන බවත් ආණ්ඩුව වෙනුවෙන් ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා තරයේ ප‍්‍රකාශ කළේය.
අපේ ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදී කි‍්‍රයාදාමයේ ප‍්‍රතිඵල භªක්ති විඳීමට ඉඩදීම අපේ අරමුණයි. ඒ වගේම දැනට ත‍්‍රස්තවාදීන් සිය ග‍්‍රහණයේ තබාගෙන තිබෙන ප‍්‍රදේශ වල ජනතාවට හැකි ඉක්මනින් සංවර්ධන කි‍්‍රයාදාමයකට ඇතුළත් වීමට ඉඩ කඩත් සැලසීම අපේ අරමුණක්. දැනට ශ‍්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ කි‍්‍රයාත්මක වන කඩිනම් ආර්ථික දියණුවට සමාන දියුණුවක් උතුරේත් දියත් කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.
එල්. ටී. ටී. ඊ. ය ළමා සොල්දාදුවකු ලෙස යොදවාගෙන සිටි පුද්ගලයකු අද නැගෙනහිර පළාත් සභාවේ ප‍්‍රධාන ඇමැතිවරයා ලෙස පාලන කටයුතු වල යෙදී සිටින බවත් මේ සියල්ල අප කළේ නැගෙනහිර මුදාගෙන අවුරුද්දකටත් වඩා අඩු කාලයකදී බවද එතුමා පැවසීය. එක්සත් ජාතීන්ගේ 63 වැනි සමුළුව ඇමතූ ජනාධිපතිතුමා ආරම්භයේදීම කෙටි වචන කිහිපයක් දෙමළ බසින්ද කතා කළේය.
දිනමිණ ඇසුරින්

මානුෂීය ආධාර මුදලින් කොටි ආයුධ මිලදී ගත්තා - කරුණා අම්මාන්

පී. කේ. බණ්ඩාර
මානුෂික ආධාර ලෙස ලබා දෙන මුදල් එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් ආයුධ ලබා ගැනීමට යොදා ගත් බව එම සංවිධානයේ හිටපු සන්නද්ධ නායක කරුණා අම්මාන් ප‍්‍රකාශ කරයි.
කැනේඩියානු පුවත් පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් කරුණා අම්මාන් තවදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ කොටි පාලන ප‍්‍රදේශවල දුක්විඳින ජනතාවගේ ප‍්‍රයෝජනය සඳහා ලැබුණු විදෙස් ආධාර කොටි සංවිධානය විසින් මෙසේ ආයුධ මිලදී ගැනීමට භාවිත කළ බවයි.
කොටි සංවිධානයට ආධාර ලැබෙන ප‍්‍රධාන රාජ්‍ය කැනඩාව වන බව කරුණා පවසා තිබේ.
කොටි සංවිධානය කැනඩාවේ මුදල් එකතු කරන බවට එරට ආරක්ෂක අංශ පවසා සිටියද කොටි සංවිධානයේ හිටපු සන්නද්ධ අංශ නායක කරුණා අම්මාන් ගේ ඉහත ප‍්‍රකාශයත් සමගින් කැනඩා ආරක්ෂක අංශ චෝදනාව ප‍්‍රථම වරට තහවුරු වූ බව විදෙස් පුවත් ප‍්‍රකාශ කරයි. කැනඩාවේ සිටින කොටි හිතවාදීන් ඩොලර් මිලියන 3 කට වඩා මුදලක් විවිධ මාර්ග ඔස්සේ කොටි සංවිධානයට ලබා දී ඇති බවට එරට ආරක්ෂක අංශ පවසයි.
කැනඩාවට පසුව කොටි සංවිධානයට වැඩියෙන් ආධාර ලැබෙනුයේ ස්විට්සර්ලන්තයෙන් බව කරුණා අම්මාන් වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබේ. එරටින් ලැබෙන ආධාර වලින් පැරණි රුසියානු සමූහාණ්ඩු රටවලින් කාලතුවක්කු උණ්ඩ හා වෙනත් ආයුධ මිලදී ගත් බව ඔහු වැඩිදුරටත් පවසයි.

ජනපති පුටුවට අහම්බෙන් ආ ඩී. බී.

මඩ සෝදාගත් පසු ගොවියා රජකමටත් සුදුසුය යන රොබට් නොක්ස් ගේ ප‍්‍රකාශය සනාථ කළ හොඳම අවස්ථාව ලෙස ඩිංගිරි බණ්ඩා විජේතුංග මහතා ගේ දේශපාලන ජීවිතය හඳුන්වා දිය හැකිය. දීර්ඝ කාලයක් දැවැන්ත දේශපාලකයකු වූ දුම්බර ඒ. රත්නායක මහතා ගේ සෙවණැල්ල මෙන් සිටි විජේතුංග මහතා විවිධ හැල හැප්පීම් ඔස්සේ ජනතාව අතරින් ඉදිරියට පැමිණි ජන නායකයෙකි. හේ කිසි දිනක පදවි අපේක්‍ෂා කළේ නැත. පදවි ඔහු සොයාගෙන පැමිණියේය.
ඇමැතිවරයකුගේ පෞද්ගලික ලේකම්වරයකු ලෙසින් දේශපාලන භූමියට පැමිණි විජේතුංග මහතා ශ‍්‍රී ලංකාවේ තෙවැනි විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කොට විශ‍්‍රාම ගියේ ද එම පදවියට පත් වූ දින ඇති කර ගත් ප‍්‍රීතියෙනි.
අපේක්‍ෂා නොකළ පෙ‍්‍ර්මදාස ඝාතනය
රණසිංහ පෙ‍්‍ර්මදාස ජනාධිපතිවරයා 1993 මැයි පළමු වැනි දින ඝාතනයට ලක් වූයේ කිසිවකු අපේක්‍ෂා නොකළ අයුරිනි. පෙ‍්‍ර්මදාස මහතා සිය දීර්ඝතම දේශපාලන ගමන අවසාන භාගයට පැමිණ සිටිය දී පක්‍ෂයේ දෙවන පෙළ නායකයන් සමඟ ඇති කර ගත් ගැටුම් නිසා ගාමිණි දිසානායක මහතා ප‍්‍රධාන පිරිසක් එජාපය හැර ගොස් තිබුණි. විජේතුංග මහතා අගමැති ධූරයේ කටයුතු කළඅතර රනිල් වික‍්‍රමසිංහ මහතා සභානායකවරයා විය.
මැයි පළමු වැනි දින පෙ‍්‍ර්මදාස මහතා ගේ ඝාතනයත් සමඟ වහාම කි‍්‍රයාත්මක වූ රනිල් වික‍්‍රමසිංහ මහතා ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ඊළඟට කළ යුතු කටයුතු සංවිධාන කළේය. බෝම්බයක් පිපිරී ගිය බව දැන සිටියත් ජනාධිපතිතුමා ඝාතනයට ලක් වූ බව නොදැන සිටි විජේතුංග මහතා මේ අවස්ථාවේ දී සිය උඩුනුවර පාක්‍ෂිකයින් සමඟ මැයි දින පෙළපාලියේ ගමන් කරමින් සිටියේය.
රනිල්ගෙන් විජේතුංගට ඇරයුමක්
වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් මත පැමිණි ආරක්‍ෂක නිලධාරින් වහාම විජේතුංග මහතා ජනාධිපති මන්දිරයට රැගෙන ආවේ හේතු නොකියාමය. ඒ වන විට එවකට අගවිනිසුරු ජී. පී. එස්. ද සිල්වා මහතා සහ නීතිපතිව සිටි තිලක් මාරපන මහතා එහි සිටි අතර වික‍්‍රමසිංහ මහතා උද්ගත වී ඇති අවශ්‍යතාව තේරුම්කර දුන්නේ ය.
එහි දී හිස් වී ඇති ජනාධිපති ධූරය සඳහා වහාම දිවුරුම් දී වැඩභාර ගන්නා ලෙසට වික‍්‍රමසිංහ මහතා අගමැති විජේතුංග මහතාට ඇරැයුම් කළේ අවශ්‍ය ලේඛන ද සහිතවය. ජනාධිපති ලේකම්ව සිටි කේ. එච්.ජේ. විජේදාස මහතා අවශ්‍ය කටයුතු සම්පාදනය කළේය. ති‍්‍රවිධ හමුදාපතිවරුන් ද කැදවනු ලැබීය. ඇමැතිවරු ද පැමිණ සිටියහ. සවස 4.30 ට අගවිනිසුරු සිල්වා මහතා ඉදිරියේ විජේතුංග මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.
සිය දේශපාලන ජීවිතයේ උච්චතම අවස්ථාවට විජේතුංග මහතා පැමිණියේ අහම්බෙනි. එතුමා කිසි දිනක අපේක්‍ෂා නොකළ ද එතුමා ගේ නායකත්වය සියලු දෙනා පිළිගත්හ.
මේ රටේ විධායක ජනාධිපති ධූරයට පත් අයගෙන් විජේතුංග මහතා හැර අන් සියලුම දෙනා පදවියට පත් වූයේ මුළු රටේ ම මහජන ඡන්දයෙනි. එහෙත් විජේතුංග මහතා ජනාධිපති ධූරයට පත් වූයේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත් වූ මහජන නියෝජිතයන් ගේ කැමැත්තෙනි.
පෙ‍්‍ර්මදාස මහතාගේ ජනාධිපතිධූර කාලයේ ඉතිරි කොටස නිම කිරීම සඳහා විජේතුංග මහතා තේරී පත් වූයේ 1993 මැයි මස 07 වැනි දින පැවැති පාර්ලිමේන්තුවේ විශේෂිත රැස්වීමේ දීය.
වැඩබලන ජනාධිපතිවරයා වෙනුවට ස්ථිර ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම සඳහා මැයි 7 වැනි දින පාර්ලිමේන්තුව රැස් කිරීමට කතානායක එම්. එච්. මොහොමඩ් මහතා පියවර ගත්තේ ය. ඒ වන විට එජාපය සිය ජනාධිපති අපේක්‍ෂකයා ලෙස විජේතුංග මහතා තෝරාගෙන තිබුණේ සිරිසේන කුරේ හා ඒ. සී. එස්. හමීඩ් යන මහත්වරුන් ගේ යෝජනා ස්ථිරත්වයෙනි. පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම එය අනුමත කළේය.
මැයි 4 වැනි දින පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා 7 වැනි දින නාම යෝජනා භාර ගන්නා බව පාර්ලිමේන්තු ලේකම්වරයා නිවේදනය කළේය.
මෙහි දී විපක්‍ෂයෙන් ද අපේක්‍ෂකයන් ඉදිරිපත් කිරීමට කළ යෝජනා පිළිනොගත් විපක්‍ෂනායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඒකච්ඡන්දයෙන් විජේතුංග මහතාට ජනාධිපතිධූරයට පත්වීමට අවස්ථාව ලබා දුන්නාය. ඊට විරුද්ධව වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේ දී අදහස් පළ කළේය.
කතානායක එම්. එච්. මොහොමඩ් මහතා ගේ ප‍්‍රධානත්වයෙන් මැයි 7 වැනි දින පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ හිස් වී ඇති ජනාධිපතිධූරය සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස නිවේදනය කළේය. එවිට ආණ්ඩු පක්‍ෂය අගමැති විජේතුංග මහතාගේ නම ජනාධිපතිධූරය සඳහා යෝජනා කළේය. මෙහි දී නැගී සිටි විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක රිචඩ් පතිරණ මහතා විරුද්ධ පක්‍ෂය ජනාධිපතිධූරය සඳහා නාමයෝජනා ඉදිරිපත් නොකිරීමේ තීරණය විපක්‍ෂනායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය වෙනුවෙන් ප‍්‍රකාශ කළේය.
සභාව තුළ අති විශාල අත්පොළසන් නාදය පැතිර ගියේ ය. පාර්ලිමේන්තු ගැලරිය පුරා මාධ්‍යවේදීන් ද ඡායාරූප ශිල්පීන් ද රැස්ව සිටියේ ඊළඟ ජනාධිපතිවරයා රටට හඳුන්වාදීමට ය. සභාවේ ලේකම් මේසය ඉදිරිපිට ඡන්ද පෙට්ටියක් ද තබා තිබුණ ද ඉදිරිපත් වූයේ විජේතුංග මහතාගේ නම පමණයි.
දෙපාර්ශ්වයේ ම අත්පොළසන් හඬ මැද කතානායක මොහොමඩ් මහතා නව ජනාධිපතිවරයා ලෙස විජේතුංග මහතා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලව තේරී පත් වී ඇති බව නිවේදනය කළේය.
විපක්‍ෂ නායිකා බණ්ඩාරනායක මැතිනිය ප‍්‍රධාන පක්‍ෂ විපක්‍ෂ දේශපාලන පක්‍ෂවල නායකයින් සභාව අමතා නව ජනාධිපතිවරයාට සුබපතා කතා පැවැත්වීමෙන් පසු සභාවේ කටයුතු අවසන් විය.
එම අවස්ථාවේදී ආණ්ඩු පක්ෂය නියෝජනය කළ එජාපයේ මැති ඇමැතිවරු විජේතුංග මහතා ළඟට විත් අතට අත දී සුබ පතන්නට වූහ. එකල අසනීප ගතියෙන් පසුවූ බණ්ඩාරනායක මැතිනිය අපහසුතාවෙන් පුටුවෙන් නැගිටිනු දුටු විජේතුංග මහතා "මැඩම් ඔහොම ඉන්න" කියා වාඩිවී සිටි අගමැති අසුනින් නැගිට මැතිනිය සිටින විපක්ෂ නායක අසුන දෙසට ගමන් කරන විට එපා එපා මම එන්නම් කියා මැතිනිය සභාව මැද ට පැමිණියාය.
එවිට තමන් දෙසට පැමිණි විජේතුංග මහතා ගේ දෑතින් අල්ලා ගත් මැතිනිය විජේතුංග මහතාට සුබපැතුවාය.
තමාට වඩා ජ්‍යෙෂ්ඨයකු වූ මැතිනියට විජේතුංග මහතා ගරු කළේ ඒ අයුරිනි. තමා ජනාධිපති වුවද එතුමා නිහතමානීව මැතිනිය දෙසට ගමන් කිරීම එදා කාගේත් ප‍්‍රශංසාවට ලක් විය.
මේ සියල්ල මාධ්‍ය ගැලරියේ සිට බලා සිටින මාධ්‍යවේදීන් හා ඡායාරූප ශිල්පීන් දෙස බැලූ විජේතුංග මහතා එන්න පහළට ඇවිත් අපේ පින්තූරයක් ගන්නැයි ඉල්ලා සිටියේය. කිසි දිනක සභා ගර්භය තුළට යාමට නොලැබෙන අවසරය එදා නව ජනාධිපතිවරයා ලෙස විජේතුංග මහතා අපට ලබා දුන්නේය.
ආරාධනය කෙරුණේ සභාව තුළ සිට අතින් සංඥා කර එන්නැයි කීමෙනි. අප සියලු දෙනා අතින් අත්හල කුරුල්ලන් සේ ඉතා වේගයෙන් තට්ටු දෙකක් බැස පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළට කඩාගෙන වැදුණේ නව ජනාධිපති වරයාට අතට අතට දී සුබ පතන විපක්ෂ නායිකා බණ්ඩාරනායක මැතිනිනියගේ ඡායාරූපයක් ගැනීමටය.
ඡායාරූප ශිල්පීන්ට සිත් සේ පින්තූර ගැනීමට ඉඩ දුන් විජේතුංග මහතා තමාගෙන් මාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්නවලට සුහදව පිළිතුරු දුන්නේය.
මාධ්‍යවේදීන්ට ඉඩ ලබාදීම
මේ වන විට රනිල් වික‍්‍රමසිංහ මහතා හා ඒ. ජේ. රණසිංහ මහතා දෙපසින් සිට විජේතුංග මහතා මැදිකරගෙන සිටියහ. "ජනාධිපතිතුමා දැන් කවුද අගමැති දකුණු පැත්තෙන් දැයි" මම විමසීමි. දකුණේ සිටියේ වික‍්‍රමසිංහ මහතාය.
"ඒක අපි අද හවසට තීරණය කරන්නේ කලබල නැතුව ඉමු" කියා විජේතුංග මහතා පිළිතුරු දුන්නේය.
පාර්ලිමේන්තුවෙන් ප‍්‍රථම වරට තේරී පත් වූ නව ජනාධිපතිතුමාට එම අවස්ථාවේදීම මාධ්‍ය ගැලරියේ සිටි අපි සියලු දෙනා සුබ පැතීමු. එවිට විජේතුංග මහතා ඒ සුබ පැතුම පිළිගත්තේ "ඔයාලගේ සහයත් මට ඕනෑ" යැයි කියමිනි. ඒ විජේතුංග මහතා ජනාධිපති වූ හැටිය.
ජේ. ආර්. ජයවර්ධන මහතාගේ අවසාන භාගයේ විජේතුංග මහතා වයඹ පළාතේ ආණ්ඩුකාර වරයා ලෙස පත් කෙරිණි. බොහෝ අය කීවේ එතුමා විශ‍්‍රාම ගැන්වූ බවය. එහෙත් පෙ‍්‍ර්මදාස මහතා යළි විජේතුංග මහතාට 1989 මහ මැතිවරණයේදී මහනුවර දිස්ති‍්‍රක්කයට තරග කිරීමට අවස්ථාව ලබා දුන්නේ කණ්ඩායම් නායකයා ලෙසය.
එම මැතිවරණයේදී අගමැති ධුරය අපේක්ෂාවෙන් තරග කළේ ගාමිණී දිසානායක හා ලලිත් ඇතුළත්මුදලි යන මහත්වරුන්ය. මැතිවරණය අවසන් වී අගමැති ධුරය අපේක්ෂාවෙන් ඒ දෙදෙනා මන්තී‍්‍රන්වරුන් හමුවූහ.
මෙහිදී විජේතුංග මහතා ගාමිණී දිසානායක මහතාට කතා කර කීවේ "මගේ සම්පූර්ණ සහාය ඔබතුමාටයි. බය වෙන්න එපා, ඔබතුමාට අගමැති වියහැකි" බවයි. විජේතුංග මහතා තුළ අගමැති ධුරය ගැන කිසිදු හැඟීමක් නොතිබූ බව පසු කළෙක මේ කතාව කියමින් ගාමිණී දිසානායක මහතා කීය.
එහෙත් ජනාධිපති පෙ‍්‍ර්මදාස මහතා අගමැති ධුරයට ආරාධනා කළේ විජේතුංග මහතාටය. ඔහු දැවැන්ත ප්‍රේමදාස හමුවේ නිහඬව අගමැති ධුරය මැනවින් කි‍්‍රයාත්මක කළේය.
නිහඬව සිය දේශපාලන කටයුතු කළ විජේතුංග මහතා ජනාධිපති වූ පසු වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාතාවරණයක් රටට උදා කළේය.
රට තුළ තිබූ බිය දුරු කළේය. මාධ්‍යයට නිදහස දුන්නේය. මැතිවරණ නිදහසේ පැවැත්විය. එම නිසා එජාපය පරාජය වූ බව කියන ඇතැම් අය විජේතුංග මහතාට ගැරවූහ.
ඔහු ජනාධිපතිව සිටියදී අගමැති ධුරයට පත් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට සමස්ත පාලනයම භාර දී නියම නායකයකු ලෙස කටයුතු කළේය. කුමාරතුංග මැතිනිය ඔහු ඉදිරියේ අගමැතිවරිය ලෙස දිවුරුම් දුන් විට ඇයට සුබ පතා කුඩා ත්‍යාගයක්ද විජේතුංග මහතා පිරිනැමීය. ඊළඟ ජනාධිපතිවරණයත් සමග දේශපාලනයෙන් විශ‍්‍රාම ගොස් උපන් ගමට වී රට තුළ සිදුවන දේ නිහඬව බලා සිටීමට තරම් ඒ මහතා විශිෂ්ඨයෙක් විය.ඔහු ත‍්‍රස්තවාදීන්ට නොබියව ත‍්‍රස්තවාදියා යැයි කීය. මේ කප තිබෙන තුරු ඊළම නොදෙන බව වේදිකාවේ සිට හඬ ගා කීය. ප‍්‍රභාකරන්ට අභියෝග කළේ අහිංසක ජනතාව නොමරා තමා සමග සටනට එන ලෙසය. හොඳින් කතා කර ත‍්‍රස්තවාදියා සමග ගනු දෙනු කළ නොහැකි බව ඔහු අවබෝධ කර ගෙන තිබුණේ අත්දැකීම් වලිනි. සිය පරිණත භාවයෙනි.
"මේක ඉක්මනට ඉවර කර අපේ දරුවන්ට යහපත් සාමකාමී රටක් අපි හදන්න ඕනෑ යැයි කියා එතුමා වේදිකාවෙන් බැස ගියේ කතාව ලිවීමට ගිය මාධ්‍යවේදීන් වෙත පැමිණ "මම කීවා හරිනේ" යැයි කියමිනි.
එතුමා අපේ්ක්ෂා කළ දේ කි‍්‍රයාත්මක වෙමින් තිබෙන අයුරු දුටු එතුමාට එහි අවසානය දකින්නට නොලැබිණි.
- රන්ජිත් පද්මසිරි

සක්විතිගේ මගඩියට හසු වූ අයගේ අඳෝනා

ඔහුගේ දකුණතේ සුදු සැරැටියකි. වමත බිරිඳගේ උරහිස මත රැඳී ඇත. අසීරුවෙන් මිරිහාන පොලිසියේ පියගැට පෙළ බැසගත් ඔවුහු අප ඉදිරියේ නතර විය. ඔහුගේ අඳ දෙනෙත් අතරින් කඳුළු කැට රූරා වැටෙන්නට විය.
"අපේ දරුවන්ට මොකද වෙන්නෙ? උන්ගේ අනාගතේ විනාශ වුණා දෙවියනේ" ගැහෙන මුවෙන් එවදන් පිටවූයේ මහත් ආයාසයෙනි.
“මගේ මහත්තයාගේ ඇස් පෙනෙන්නේ නැහැ. ඒත් අපි හිඟා නොකා ජීවත්වුණා. ඇයි අසරණ අපිට මෙහෙම කළේ? " ඔහුගේ බිරිඳ සිය අඳෝනාව අප ඉදිරිපිට තැබුවාය.
හෙතෙම නමින් දයානන්ද ය.
ඇය මාලනී කෝදාගොඩ ය.
පසුගිය දිනෙක වාර්තා වූ තනිපුද්ගලයකු විසින් මෙරටදී සිදුකරන ලද සුවිශාල මූල්‍ය වංචාවට ගොදුරු වූවන් අතුරින් දෙදෙනෙකි.
ඉංගී‍්‍රසි භාෂාව ඉගැන්වීම සිය ජීවිකාව බව නොව ඉංගී‍්‍රසි ඉගැන්වීමට ම උපන්නායැයි වහසි බස් දෙඩ වු සක්විති රණසිංහ ජනමාධ්‍ය මගින් මහා පරිමාණයෙන් ගෙන ගිය ප‍්‍රචාරක ව්‍යාපෘති ඔහුගේ ප‍්‍රසිද්ධියට බලපෑවේ ය.
එකී ප‍්‍රකට සක්විති රණසිංහ සුප‍්‍රකට පුද්ගලයකු බවට පත්වූයේ මෑතකදි සිදුවූ මූල්‍ය වංචාවන් හෙළිවීමත් සමඟ ය. සිය නමින්ම නිවාස ගොඩනැඟීමේ ආයතනයක් ආරම්භ කර, මෙරට සිටි කීර්තිමත් මාධ්‍යවේදියකු එයට හවුල් කරගත් සක්විති නැමැත්තාගේ මේ මූල්‍ය වංචාව නිසා අද දහස් ගණන් මිරිහාන පොලිසියට පැමිණිලි එක්කරන බව පෙනේ.
මේ ස්ථානයට පැමිණෙන පිරිස් එලෙස ලක්ෂ ගණනින් මුදල් ආයෝජනය කළේ ඇයි? එසේ මුදල් යෙදවීමෙන් ඔවුන් බලාපොරොත්තු වූයේ මොනවාද? ඔවුන් මේ ව්‍යාපාරය විශ්වාස කළේ ඇයි? අපි ඔවුනගෙන්ම ඒ ගැන විමසමු.
මේ එසේ අසරණ වූ බලාපොරොත්තු සුන්වු පිරිස අතර සිටි දෑසම නොපෙනෙන දයානන්දගේ අදහසයි.
" මම මෙතැන ලක්ෂ 35ක් දාලා තියෙනවා. කලින් අපිට ගෙයක් තිබුණා. ඒක කුලියට දීලා තමයි අපි ජීවත් වුණේ. පස්සේ ඒක විකුණලා සල්ලි මෙතැන්ට දැම්මා.
අපේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලයි අපි හිතුවේ. ළමයින්ගේ අධ්‍යපනයත් සාර්ථක කරගන්න පුළුවන්ය කියන විශ්වාසයත් අපට තිබුණා. පස්සේ අපි මෙතෙන්ට ඇවිල්ලා කොහොමද අපි ඔයාලව විශ්වාස කරන්නේ කියලා ඇහුවා.
එතකොට කිව්වේ බය වෙන්න එපා මෙතැනට දහස් ගණනින් සෙනඟ එනවා. ඔයා වගේ කෙනෙකුගෙන් සල්ලි වංචා කරන්න මට වුවමනාවක් නැහැ කිව්වා. අනික මේක කරගන්න බැරිව ගියොත් අරන්දාපු තේක්ක අක්කර 100ක් තියෙනවා.
එක විකුණලා ඔයාලට සල්ලි දෙනවා බය වෙන්න එපා කියලා කිව්වා. ඒ එක්කම මෙතැන හිටිය ඇතැම් අයට ලංකා පුත‍්‍ර, දේශමාන්‍ය ආදී සම්මාන තිබුණා . ඉතින් මේවගේ අය හොරු වෙයි කියලා අපිට හිතන්න බැහැ ”.
මේ මූල්‍ය වංචාව නිසා තම දරුවන්ගේ අනාගතය පවා විනාශ වූ බව ප‍්‍රකාශ කළේ ඔහුගේ බිරිද මානෙල් කෝදාගොඩය,
“මහත්තයාගේ ඇස් පේන්නේ නැහැනේ. ඒ නිසා මේ අය කිව්වේ ඔයා වගේ කෙනෙක්ගෙන් සල්ලි අරගෙන මට රජ වෙන්න බැහැ කියලයි. අපි සල්ලිදාලා ටික දවසකික් ආයෙත් ලියුම් ආවා තවත් සල්ලි ආයෝජනය කරන්න කියලා.
ඇත්තෙන්ම මේක මහ අපරාධයක්. තියෙන මනුස්සයෙක්ගෙන් ගත්තට කමක් නැහැ. මේවගේ ඇස් පේන්නේ නැති මනුෂ්‍යයකු මහ මඟට දාන එක හරිද? අපේ දරුවෝ වැඩි හොඳට උගන්වන්න කියලා අපි ගම්පොළ ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට දැම්මේ.
දැන් ඒ ළමයින්ට සල්ලි ගෙවන්නේ කවුද? එදා අපි එතැනට ගිය වෙලාවේ එතැන ජනාධිපතිතුමාගෙත් පොටෝ ගසාගෙන හිටියා. මේ මිනිසා ළඟ අපි සල්ලි දැම්මේ පෙබරවාරි 8 වෙනිදායි. ලක්ෂ තුනක් විතර වරින්වර හම්බවුණා. පොලිය විතරක් ලක්ෂ දහයක් තව එන්න තියෙනවා”.
තමා මේ ආයතනයේ මුදල් තැන්පත් කළේ තමාට ගුරුවරයකු ලෙසට සක්විති රණසිංහ පිළිබඳව තිබු විශ්වාසය නිසා බව පිටකෝට්ටේ සිට පැමිණ සිටි ප‍්‍රභාත් පෙරේරා මහතා කියා සිටියේය.
" මගේ බබා තමයි මේ සර්ගේ මොන්ටිසෝරියට ඉස්සරලාම බාර දුන්නේ. මොන්ටිසෝරිය ඉතාමත් හොඳට තිබුණා. අනික එඩ්වින් ආරියදාස වගේ අය ඇවිල්ල කිව්වා මෙතන දියුණු තැනක් මේකෙ මුදල් ආයෝජනය කරන්න කියලා.
ඉතින් මමත් හිතුවා දරුවාගේ අධ්‍යාපනය වගේ ම මුදල් ගනුදෙනුත් ඉතාමත් හොඳින් සිද්ධවෙයි කියලා. මොකද පුතාත් අවුරුදු 3ක්ම මෙතන ඉගෙන ගත්ත නිසා.
අපි සල්ලි දැම්මේ මාස 6කටයි. පසුගිය මැයි 14 වෙනිදාට මාස 6 සම්පූර්ණ වුණා. එදා අපි ඉල්ලුවා අපිට ගෙදර වැඩ තියෙනවා . ඒ නිසා සල්ලි ආපහු දෙන්න කියලා.
ඊට පස්සේ සැප්තැම්බර් 10 එන්න කිව්වා. අපි ඊට පස්සේ දවසක ගියා. මට පොලිය දුන්නා ඒත් සල්ලි දුන්නේ නැහැ. අපි ලක්ෂ 3 1/2ක් දාලා තිබුණා. රු. 21000 බැගින් දෙපාරකුයි 14000 බැගින් හතරපාරකුයි විතරයි හම්බවුණේ ”.
සක්විති රණසිංහ නමින් සුප‍්‍රකටව සිටි මේ පුද්ගලයා නම් කිහිපයක් භාවිතා කර ඇති අතර චන්ද්‍රකුමාර යනුවෙන් ද නමක් භාවිතා කර ඇති බව පොලිසිය අනාවරණය කර ගෙන තිබේ.
එසේ ම මොහු මීට පෙර ද මූල්‍ය වංචාවකට සහභාගි වූ බවට තොරතුරු තිබෙන අතර මොහුගේ නිවාස ඉදිකිරීමේ සමාගම ශී‍්‍ර ලංකා මහබැංකුවේ ලියාපදිංචි වී නොමැති බව ද කියවේ. මෙවැනි විස්තර තමා නොදැන සිටි බව ප‍්‍රකාශ කරන ප‍්‍රභාත් පෙරේරා මහතා තමාට දිනක සැක සහිත සිදුවීමක් සිදුවූ බව ද අපට අනාවරණය කෙළේය.
" මම දවසක් පොලිය ගන්න ගියා. එතැන පත්තරයක් තිබුණා. මේ වගේ ලියාපදිංචි නොකළ වැඩි පොලියක් දෙන ආයතන ගැන ඒකෙ ලිපියක් තිබුණා. මම ඒක කියෙව්වා. කියවනකොට ආයතනයේ කෙනෙක් ඇවිල්ලා මගෙන් පත්තරේ අරන් ගියා.
ඒ එක්කම මොන්ටිසෝරියට තිබුණු බස් එකත් ෆිනෑන්ස් එකෙන් උස්සලා කියලා ආරංචි වුණා. ආයතනයේ තිබුණු බයිසිකල් ටිකත් එකින් එක අඩුවෙනවා වගේ පෙනුණා. මෙහෙම සැකයක් ඇතිවෙද්දී සල්ලි දීලා තියෙනවා නම් ගන්න. මේකෙ එන්න එන්න බංකොලොත් වෙනවා කියලා මගේ නෝනාගේ යාළුවෝ කියලා තිබුණා.
මිරිහාන පොලිස් භූමියේ මෙන්ම නුගේගොඩ පිහිටි සක්විති රණසිංහ නිවාස ඉදිකිරීමේ සමාගම ඉදිරිපිට විශාල පිරිසක් අපට දැක ගන්නට ලැබුණි.
මොවුන් අතරින් බොහෝ දෙනෙකු කියා සිටියේ තමා පුවත්පත් දැන්වීම්වලට රැවැටුණ බවය. මේ බෙන්තොට චන්දිමා නිශාන්ති මහත්මියයි,
" පත්තරේ ටෙලිෆෝන් නම්බර් හතරක් දාල තිබුණා . ඒ කෙනෙකුට කතා කරලා මම ඇහුවා. කොහොමද අපි ඔයාලව විශ්වාස කරන්නේ කියලා. එතකොට කිව්වා ලෝයර් කෙනෙක් ඉස්සරහා අස්සන් කරලයි අපි සල්ලි ගන්නේ කියලා. ඒ වාගේ ම ඒ අය කිව්වා අපේ සර් ප‍්‍රසිද්ධ කෙනෙක් එඩ්වින් ආරියදාස මහත්තයාත් ඉන්නවා කියලා.
මම සල්ලිදාලා මාස 3යි. මට පොලියත් හම්බවුණා. පසසේ මම කිව්වා මට කොළඹ එන්න දුර වැඩි නිසා පොලිය බැංකුවකට හරවන්න කියලා. නමුත් ඒ අය හෙට දානවා අනිද්දා දානවා කිව්වා ඒත් දැම්මේ නැහැ.
මෙතැන සල්ලි දාද්දි අපේ තාත්තා මට එපා කිව්වා ඔය මිනිහා උඹට විශ්වාස ද ඇහුවා මම තාත්තාට හොරෙන් සල්ලි දැම්මේ. මෙතැන තවත් එහෙම අය ඉන්නවා ගෙවල්වලට හොරෙන් සල්ලි දාපු අය. පත්තරේ පොටෝ දාන්න නම් එපා. මේක අපිට මහ ලැජ්ජාවක්”.
මිරිහාන පොලිසියට එක්ව සිටි පිරිස් අතර ති‍්‍රවිධ හමුදා සේවයට සම්බන්ධ වූ කිහිප දෙනකු විය. මේ අතරින් අප සමඟ නම හෙළිකිරීමට එකඟ නොවු නිලධාරියෙක් අදහස් දක්වමින්;
" පත්තරවල පිටු පුරෝල දැන්වීම් දාලා තිබුණා. එඩ්වින් ආරියදාස මහත්මයා මෙහි ව්‍යාපෘති අධ්‍යක්‍ෂ වශයෙන් ඉන්නවා කියලා තිබුණා. ඒ නිසා අවුරුදු 22ක් උතුරු - නැෙඟනහිර පළාත්වල අව්ව වැස්ස නොබලා , ජීවිතය නොතකා හම්බකරපු සල්ලි ටික මේ බැංකුවට දැම්මේ. මේ ආයතනයට ආව දවසේ ඒක ඇතුළේ එඩ්වින් ආරියදාස මහත්තයාගේ වගේම ජනාධිපතිතුමා එක්ක ඉන්න පොටෝත් එල්ලලා තිබුණා.
ඒ නිසා අපිට බයක් තිබුණේ නැහැ. මම විතරක් නොවේ මෙතැන හමුදාවේ 300 - 400ක් විතර ඉන්නවා. සමහරු පැන්ෂන් ගිය අය, තවත් සමහරු හයිටිවල ඉදන් ආව අය. මම මේ සල්ලි තැන්පත් කළේ මාස හයකින් ගන්න බලාගෙනයි. අවුරුදු ගාණක් යුද්ධ කරලා වෙහෙස මහන්සිවෙලා හිටිය නිසා මාසයක් , දෙකක් විවේක ගන්නයි මෙහෙම තැන්පත් කළේ.
මේකට හමුදාවේ අය ගැනවත් හිතලා අඩුම ගානේ රජය මේකට මැදිහත් වෙනවා නම් මේ හොරාව අල්ල ගන්න පුළුවන් වේවි. අපිට ඒ හැර වෙනත් ආයතන ගැන විශ්වාසයක් නැහැ."
මෙම මූල්‍ය වංචාව හා සම්බන්ධව ඈදුණු තවත් සුප‍්‍රකට නමක් තිබේ. ඒ එඩ්වින් ආරියදාස මහතාය. ඔහු දැන්වීම්වල පෙනී සිටීම නිසා තමා මේ සමාගමට මුදල් දැමු බව පැවසු හෝමාගම ධම්මික මහතා,
" මම සල්ලි දැම්මේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ දිහා බලලයි. එයා මේ රටේ කීර්තිමත් මනුෂ්‍යයෙක් කියන එක කවුරුත් දන්නවා. මම පොඩි ව්‍යාපාරයක් කරන්නේ. ඉතින් කීයක් හරිදාලා වැඩි පොලියක් ගන්න හිතාගෙනයි මේකට එකඟවුනේ.
දැන් දාල සුමානයයි ගියේ අපිට පොලියත් නැහැ සල්ලිත් නැහැ. දැන් අපි මේකට අහුවෙලා ඉවරයි. එත් මට මෙතෙන්දි මේ රටේ අනික් මිනිස්සුන්ට කියන්න පණිවිඩයක් තියෙනවා. අනිවාර්යෙන්ම පිළිගත් බැංකුවක හැරෙන්න වෙනත් තැනක සල්ලි දාන්න එපා.
වෙනත් තැන්වල දාලා සල්ලි දුන්නට පස්සෙ හෙට දොර වැහුවොත් මොකවත් කරන්න බැහැ.”
ඉතා දුක් මහන්සියෙන් උපයා ගත් ජනතාවගේ මිල මුදල් සම්බන්ධයෙන් ඇති වු පළමු වංචාව මෙය නොවේ.මෙවැනි වංචාවක් අතීතයේ සිද්ධ වූ බව ප‍්‍රමුඛ බැංකුව, පිරමීඩ ක‍්‍රමය වැනි සිදුවීම් හරහා අපට පෙනී යයි.
ජනතාවගේ නොදැනුවත්භාව, අසරණභාව මෙන් ම තෘෂ්ණාව ද මේ පිටුපස පවතින අතර මේ සියල්ල වසා පැතිරෙන මුලාවට පත්වීමක් පවතින බව නම් නිසැකය.
මෙහිදී මෙරට ජනමාධ්‍ය හැසිරීම සම්බන්ධයෙන් විශාල චෝදනාවක් මේ පිරිසගෙන් එල්ල වේ. ජනමාධ්‍යයෙ ආර්ථික භූමිකාව විසින් සදාචාර භූමිකාව ගිලගනු ලැබ ඇතැයි යනුවෙන් සමාජයේ පැතිරෙණ මතය මෙමගින් සනාථ වන බව සමහරු කියති.
කෙසේ වුව මෙරට ජනමාධ්‍ය මගින් මේ පිළිබඳ ජනතාව සැලකිලිමත් විය යුතු බව අවධාරණය කෙරුණු අවස්ථා තිබෙන බවද කිව යුතුව තිබේ. ජනතාව ඒ පිළිබඳ අවධානය යොමු නොකිරීම, විමසිලිමත් නොවීම මේ ගැටලුව පිටුපස තිබෙන ප‍්‍රධාන කරුණයි.විශේෂයෙන්ම තමා දුකසේ උපයාගත් මුදල් තැන්පත් කිරීමේදී ඒ පිළිබඳ පවතින නීතිරීති අණ පනත් පිළිබඳ ජනතාවගේ අවබෝධය වැදගත් වේ.
ලියාපදිංචි මූල්‍ය ආයතන ගැන මහ බැංකුව විසින් නිතර දැනුම් දුන්නද ජනතාවගේ ඇස නිසි ලෙස ඒවා කෙරෙහි යොමුව නැති බව එකම ආකාරයේ වංචා නැවත නැවත සිදුවීමෙන් තහවුරු වේ.
මලික් චමින්ද ධර්මවර්ධන
ඡායාරූප සරත් වීරසිංහ
වැල නොකැඩී පැමිණිලි ගලයි
නුගේගොඩ කොට්ඨාස බාර පොලිස් අධිකාරී
රුපියල් ලක්‍ෂයකට වසරකට රුපියල් 42,000 ත් 72,000 ත් අතර ඉහළ පොලී අනුපාතයක් ලබා දෙන බව පවසමින් පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළ සක්විති රණසිංහ පිළිබඳ මේ වන විට තොරතුරු රැසක් අනාවරණය වී ඇතැයි නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.
දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව මේ පුද්ගලයා අඹු දරුවන් සමඟ විදේශයකට පලාගොස් ඇතැයි ද පොලිසිය අනාවරණය කර ගෙන තිබේ.
සක්විති රණසිංහ නමැති ඉංගි‍්‍රසි ගුරුවරයා පවත්වාගෙන ගිය මුල්‍ය ආයතනයේ සේවය කළ පුද්ගලයන් සිව් දෙනෙකු මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් පිළිබඳ දීර්ඝ වශයෙන් පරීක්ෂණ සිදු කරගෙන යන බවත් දේශබන්දු තෙන්නකෝන් මහතා දිනමිණ ට කීය.
සක්විති රණසිංහ නමැත්තා පුවත්පත් සහ රූපවාහිනි මාධ්‍ය ඔස්සේ වෙළෙඳ දැන්වීම් පළ කරමින් පුද්ගලයන් මුලා කර ඇති නමුත් මීට පෙර කිසිවෙකු මොහු සම්බන්ධව පැමිණිලි කර නැති බවත් පොලිස් අධිකාරිවරයා පැවසීය.
සක්විති රණසිංහ විසින් තමන් ගේ මුදල් ලබා ගත් බවට 2008/09/23 දින විට පුද්ගලයන් 600 ක් පමණ පැමිණිලි කර ඇති අතර ඒ පැමිණිලි ප‍්‍රමාණය දහස ඉක්මවනු ඇතැයි මිරිහාන පොලිසිය බලාපොරොත්තු වෙයි.
මෙම මුල්‍ය ආයතනය පවත්වාගෙන යෑමේදී සමාජයේ උසස් ප‍්‍රසිද්ධ පුද්ගලයන් ඒ සඳහා නොයෙක් ක‍්‍රම ඔස්සේ මෙයට සම්බන්ධ කරගනිමින් මුල්‍ය ආයතනයේ නම ජනතාව අතර ප‍්‍රසිද්ධ කර ගෙන ඇති බව පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ.
මෙම මුල්‍ය ආයතනය පිළිබඳව කටින් කට ගොස් විශාල පිරිසක් එයට සම්බන්ධ වී ඇතැයි පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ජනතාව දන්නා තොරතුරු මිරිහාන පොලිසිය වෙත ලබාදෙන ලෙස මිරිහාන පොලිසිය ඉල්ලීමක් කරයි.
භක්ති මෙන්ඩිස්
වංචාව හෙළිවුණේ පැන්නට පස්සේ
පී.බී.අබේකෝන් බණ්ඩාර - ආගමන විගමන පාලක
මුල්‍ය වංචාවකට සම්බන්ධ සක්විති රණසිංහ නමැත්තා විදේශගතවීම සම්බන්ධයෙන් තොරතුරු පුවත්පත්වල පළ වී තිබුණා. සක්විති රණසිංහ කියන්නේ ඔහුගේ නියම නම නොවෙයි.
මේ තැනැත්තා විදේශ ගත වීමට අදාළව ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු තොරතුරු ලබාදීමට අපට හැකි වෙන්නේ ඔහුගේ නියම නම සහ ජාතික හැඳුනුම්පත් අංකය ආදී තොරතුරු ලැබුණු පසුවයි.
ඒ තොරතුරු ආරක්ෂක අංශවලින් අපට තවම ලැබී නැහැ. මා ඔබට මේ ප‍්‍රකාශය ලබා දෙන අද දිනයේ (23) මිරිහාන පොලිසියට ලිඛිතව දන්වා සිටියා ඔහුගේ තොරතුරු අපට ලබාදෙන ලෙස. ඒ තොරතුරු ලැබුණ පසුවයි එම පුද්ගලයා ගැන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වාර්තා ලබාදීමට හැකිවෙන්නේ.
මේ මුල්‍ය වංචාව පිළිබඳ තොරතුරු හෙළිවෙන්නට ප‍්‍රථමයි ඔහු රටින් පැන ගොස් තිබෙන්නෙ.
මේ නිසා ඔහු රටින් පැන යාම වළක්වන්නට අදාළ ලියවිල්ලක්වත් ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු වුණේ නෑ. ඒ නිසා ඔහු රටින් පිටවීම වළක්වන්නට අපට පුළුවන් කමක් තිබුණේ නෑ.
නිලූෂා නිරංජලා
නීතිය කි‍්‍රයාත්මක කරන්න කටයුතු යොදනවා
මහ බැංකුවේ ප‍්‍රකාශකයෙක්
සක්විති රණසිංහ නමැති පුද්ගලයා සිදු කරන ලද මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් මහ බැංකුවෙන් අදහස් විමසූ අවස්ථාවේ නම හෙළි කිරීමට අකමැති වූ මහ බැංකුවේ ඉහළ පෙළේ නිලධාරියෙක් ප‍්‍රකාශ කර සිටියේ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට අදාළ කටයුතු සිදුවෙමින් පවතින බවයි.
මේ සඳහා දැනට (2008 – 09 –23) සාකච්ඡා පැවැත්වෙන අතර එහි තීරණය මෙම 25 වැනිදා (අද) නිකුත් කෙරෙන බව ද එම නිලධාරියා පැවසීය. මෙවන් මුල්‍යමය කටයුතු සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වයත් එහි දී මහ බැංකුව මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන ආකාරයත් පිළිබඳ එම නිලධාරියා පැවසූ කරුණු මෙසේය.
දැනට රටේ තිබෙන නීතිය අනුව මුදල් තැන්පතු භාර ගැනීම, ආයෝජනය කිරීම හෝ එම මුදල් ණයට දීම සඳහා බැංකු පනතේ හෝ මුදල් සමාගම් පනතේ විධි විධාන ප‍්‍රකාරව ශ‍්‍රී ලංකා මහ බැංකු මුදල් මණ්ඩලයෙන් බලපත‍්‍රයක් ලබාගත යුතුයි. එසේ නොමැතිව එම ව්‍යාපාර කටයුතු කිරීම නීතිය උල්ලංඝනය කිරීමක්.
මේ සඳහා විශේෂ නීති පනවා තිබෙන්නේ මුදල් ව්‍යාපාර කටයුතු කිරීම ඉතා අවදානම් සහගත කාර්යයක් නිසයි. එකී පනත් යටතේ බලපත‍්‍ර ලබාගත් ආයතන අදාළ පනත්වල අවශ්‍යතාවන්ට අනුකූලව සහ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පනවනු ලබන විචක්ෂණ අවශ්‍යතාවන්ට අනුකූලව කටයුතු කළ යුතුයි.
එසේ කටයුතු කරනවද යන්න මහ බැංකුවේ නිලධාරීන් විසින් අදාළ ආයතන සම්බන්ධයෙන් කරනු ලබන පරික්ෂණවල දී සොයා බලනවා.
නීතිය කඩ කරමින් මුදල් ව්‍යාපාර කටයුතුවල යෙදෙන පුද්ගලයන් සම්බන්ධයෙන් මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි, මාධ්‍ය ඔස්සේ කරනු ලබන ප‍්‍රචාරණයත් සහ වෙනත් ප‍්‍රචාරක ක‍්‍රම මගින් ලැබෙන තොරතුරු මත ශ‍්‍රී ලංකා මහ බැංකුව පරීක්ෂණ පවත්වනවා.
එසේ පරීක්ෂණ පැවැත්වීමෙන් පසුව එවැනි නීතිය කඩ කරන්නන්ට විරුද්ධව පියවර ගැනීමට කටයුතු කරන අතර එසේ නීතිය කඩ කරන පුද්ගලයන් සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සඳහා පුවත්පත් නිවේදන පළ කරනවා. මහජනතාවගේ දැන ගැනීම සඳහා බලපත‍්‍ර ලත් ආයතනවල නම් ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් පුවත්පත්වල සිංහල දෙමළ, ඉංග‍්‍රීසි යන භාෂා තුනෙන් ම වරින් වර පළ කරනවා.
ඊට අමතරව ශ‍්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ ද අදාළ දැන්වීම් සහ බලපත‍්‍රලත් ආයතනවල නම් ලැයිස්තු පළ කරනවා. ඒ ගැන විමසිලිමත්ව තමන් ආයෝජනය කළ යුත්තේ කොතැනද යන්න ජනතාව තීරණය කරනවානම් වංචනිකයන්ට මුදල් සොරකම් කරන්න ඉඩ ලැබෙන්නේ නෑ.
නිවන්ති තිලකරත්න
එඩ්වින් ආරියදාස මෙසේ කියයි
සක්විති රණසිංහ මුලින් ම මම හඳුනාගත්තෙ මගේ ශිෂ්‍යයකුගෙ මාර්ගයෙන්. ඔහු සමග ඇති වූ මිත‍්‍රත්වයේ ප‍්‍රතිඵලයක් විදියට තමයි මා ඔහුත් සමඟ වැඩ කිරීමට පටන් ගත්තේ.
ඔහු ගේ ආයතනයේ අධ්‍යාපන අංශයේ වැසටහන් අධ්‍යක්‍ෂ හැටියට තමයි මා කටයුතු කළේ. මූලිකව ම මට පැවරුණු කාර්ය වුණේ ඉංගී‍්‍රසි භාෂාව ජනතාව තුළ ප‍්‍රචලිත කිරීම.
මේ සඳහා මා විසින් ඉංගී‍්‍රසි භාෂා පාඨමාලාවන් කි‍්‍රයාත්මක කළා. එය මාදුරුඔය, ගල්කිරියාගම වැනි ඈත පළාත්වලටත්, පොලිස් අභ්‍යාස ආයතන වලටත් ගෙන යෑමට හැකි වුණා.
ජනතාවගේ ඉංගී‍්‍රසි භාෂා ඥානය වර්ධනය කිරීම මහඟු සද්කාර්යක් නිසා මා ඉතා ම කැමැත්තෙන් ඒ කටයුත්ත කළා. ඇත්තට ම වැටුප් පවා මට නිසි වෙලාවට ලැබුණෙ නෑ.
ආයතනයේ මුල්‍යමය සහ ආයෝජන සම්බන්ධ කිසිම කටයුත්තකට මා සම්බන්ධ වුණේ නෑ. ඔහු ඉංගී‍්‍රසි පංති ආරම්භයේ දී මගේ ඡායාරූපයත් සමඟ වෙළෙඳ දැන්වීමක් ප‍්‍රචාරය කළා. ඇත්තට මං ඊට විරෝධය නොපෑවෙ එහි මා වරදක් නොදුටු නිසා.
නමුත් පසු කාලයේ දී ඔහු අයථා ලෙස මගේ නමෙන් ප‍්‍රයෝජන ගන්න බව මට පසක් වුණා. මා ඒ අවස්ථාවේ දී මගේ දැඩි විරෝධය ප‍්‍රකාශ කළා. ඔහු එම අවස්ථාවේදීත් එය නිවැරදි කරන බවට පොරොන්දු වුණා. මේ කිසි ම අවස්ථාවක මා මුල්‍යමය කටයුතු වලට සම්බන්ධ වුණේ නෑ.

ඉන්දියන් ඔයිල් සමාගමට බදු වැටුණේ අපි නිසයි ජයන්ත සමරවීර, කළුතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්

මහ සද්දෙන් ඇරඹුණු ජාතික නිදහස් පෙරමුණ මේ වන විට කිසිම සද්දයක් නැති තත්ත්වයකට පත්වෙලා . මේ නිහැඩියාවට හේතුව මොකක්ද කියල මුලින්ම අපට කියනවාද?
නිකම් බොරුවට සද්ද නො කළට රටේ කේන්ද්‍රිය ගැටලුව ඇතුළු ගැටලු රැසක් විසඳීම සම්බන්ධයෙන් අප සකි‍්‍රයව දායක වී ඉන්න බව ජනතාව ඉතා හොඳින් දන්නවා.
කොටි ත‍්‍රස්තවාදීන්ගේ ග‍්‍රහණයෙන් මිදී පලා එන අහිංසක දෙමළ ජනතාව වෙනුවෙන් කඩිනම් සහන සැලසීමට හා ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට " සහන සේවා මෙහෙයුම " නමින් පුළුල් වැඩ පිළිවෙළක් ප‍්‍රථමයෙන්ම ආරම්භ කළේ ජාතික නිදහස් පෙරමුණයි.
රටපුරා පිහිටි විහාරස්ථාන දහදහස් එකසියයක විශේෂ සහන සේවා මධ්‍යස්ථාන පිහිටුවලා ඒ ජනතාවට අවශ්‍ය ද්‍රව්‍ය එක්රැස් කරමින් තිබෙනවා.
මීට අමතරව වෙනත් ආගමික ස්ථානවල හා සුබ සාධන මධ්‍යස්ථානවල අපේ ඉල්ලීමට අනුව මේ කටයුතු කරගෙන යනවා. ජාතික නිදහස් පෙරමුණේ කාර්යාලවලත් මෙම මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා.
මේ සඳහා ජනතාවගෙන් අති විශාල ප‍්‍රතිචාරයක් ලැබෙමින් තිබෙනවා.
ඊට අමරතව ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල අඩු වීමේ වාසිය ජනතාවට දෙන්න කියලා පාර්ලිමේන්තුවට විශේෂ ප‍්‍රකාශයක් කරමින් මුලින්ම ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ ජාතික නිදහස් පෙරමුණේ සභාපති විමල් වීරවංශ සහෝදරයායි.
මෙමගින් ඉන්දියානු ඔයිල් සමාගම වැඩි වාසියක් ලබා ගන්නා බවත් එම වාසිය අපේ රටටත්, ජනතාවටත් ලබාදෙන ලෙසත් ජාතික නිදහස් පෙරමුණ ආණ්ඩුවට බලකර සිටියා.
නමුත් ඒ ඉල්ලීමට තවම ආණ්ඩුවෙන් ප‍්‍රතිචාර ලැබිල නැහැ නේද?
ප‍්‍රතිචාර ලැබුණා. ඉන්දියානු ඔයිල් සමාගමට බද්දක් පැනෙව්වා. මෙම බද්ද නිසා දැන් මාසෙකට රුපියල් මිලියන 620ක් ආණ්ඩුවට ලැබෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලයට, දුම්රිය දෙපාර්තමේන්තුවට ආදී රජයේ ආයතනවලින් තෙල් සංස්ථාවට ලැබිය යුතු මුදල් මෙමඟින් පියවගන්න හැකියාව ලැබෙනවා.
තෙල් සංස්ථාව ලබන පාඩුව මෙමගින් අවම කරගන්න පුළුවන්. ඒ සමගම රටේ ජනතාවටත් මෙම වාසිය ලබා දෙන්න පුළුවන්.
ඉන්දියානු ඔයිල් සමාගමට බදු පැනෙව්වට ලෝක වෙළඳ පොළේ තෙල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදීම සඳහා තවම ඉන්ධන මිල අඩුකරලා නැහැනේද?
ඒක අපි පිළිගන්නවා. ඉන්ධන මිල අඩුකරලා ඒ වාසිය ජනතාවට දෙන්න ආණ්ඩුව කි‍්‍රයා කරලා නැහැ. ඒක ඉක්මණින්ම කළ යුතුයි. ඉන්දියානු ඔයිල් සමාගමට බදු පනවල විතරක් හරියන්නේ නැහැ.
ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල අඩුවීමේ වාසිය අනිවාර්යෙන්ම ජනතාවට ලබාදිය යුතුයි. ඒක ඉතා ඉක්මණින් සිදුවෙයි කියා අප සිතනවා. එහෙම නොවුණොත් එම වාසිය ජනතාවට ලබාදෙනතුරු දිගින් දිගටම අපි ආණ්ඩුවට විවිධ බලපෑම් කරනවා.
රටේ පවතින ආර්ථික ප‍්‍රශ්නවලින් ජනතාව බැටකනවා. ඒ වගේම ආණ්ඩුවේ තිබෙන ආකාර්යක්ෂමතාවන් මේ කරුණුවලට බලපාලා තියෙනවා. මාතෘ භූමියේ නාමයෙන් රටට තියෙන ආදරය නිසා මේ හැම දෙයක්ම ජනතාව අමාරුවෙන් හරි ඉවසගෙන ඉන්නවා.
ඒක නිසා ජනතාවට යම් සහනයක් ලබාදෙන්න පුළුවන් හැම අවස්ථාවකදීම නොපිරිහෙලා ඒ දේ ඉටු කිරීම ආණ්ඩුවේ යුතුකමක්. ඒ සෑම අවස්ථාවකදීම ජනතාව වෙනුවෙන් අප පෙනී ඉන්නවා.
ඔබේ පක්ෂය යටින් ආණ්ඩුවට කඩේ යමින් උඩින් ජනතාවට පේන්න බොරුවට පාර්ලිමෙන්තුවට එක එක ප‍්‍රකාශ කරන බවටත් චෝදනාවක් එල්ල වෙනවානේද?
ජාතික නිදහස් පෙරමුණ බිහිවෙන්නේ මේ රටේ කේන්ද්‍රීය ප‍්‍රශ්නයට අවශ්‍ය විසඳුම් ලබාදීම වෙනුවෙන්. ඒ ප‍්‍රශ්නය විසඳීමට ගන්නා අවස්ථාවලදි පමණක් අප ආණ්ඩුවට සහාය ලබා දෙනවා.
පසුගිය පළාත් සභා මැතිවරණවලදි ජනතාව ආණ්ඩුවට සහය ලබා දුන්නෙත් මෙම කේන්දී‍්‍රය ප‍්‍රශ්නය විසඳීම සඳහායි. නමුත් එයට පරිබාහිරව ආණ්ඩුව කරන වැඩ ගැන විවේචන ඕනෑ තරම් තියෙනවා. ඒවාට නොබියව අපේ විරුද්ධත්වය ප‍්‍රකාශ කර තිබෙනවා.
අනෙක මේ රටේ ඕනෑම ගැටලුවක් අදාළ වගකිවයුත්තන්ට ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කිරීමට තිබෙන හොඳම ස්ථානය පාර්ලිමේන්තුවයි.
ජාතික හෙළ උරුමය කියන්නේ ත‍්‍රස්තවාදය පරාජය කිරීම සඳහා කොන්දේසි විරහිතව ආණ්ඩුවට කඩේ යනවා කියලා. ජාතික නිදහස් පෙරමුණ එහෙමද?
මං කලිනුත් කිවා වගේ රට හමුවේ තිබෙන ප‍්‍රධානතම ගැටලුව මේ අවස්ථාවේ දී කොටි ත‍්‍රස්තවාදය පරාජය කිරීමයි. ඒක නිසා ඒ කි‍්‍රයාවලියට පමණක් අපේ වගකීම අපි ඉටු කරනවා. අනෙක් කාරණා එක්ක පටලවා ගතයුතු නැහැ.
නමුත් තීරණාත්මක අවස්ථාවලදී ජනතාව ගැන නොසිතා ආණ්ඩුව ආරක්‍ෂා කරන බවටත් ජාතික නිදහස් පෙරමුණ ගැන චෝදනා එල්ල වෙනවා.
ඒක පදනම් විරහිත චෝදනාවක්. තීරණාත්මක අවස්ථාවලදීද අපි ජනතාව වෙනුවෙන් කටයුතු නොකරපු එක් අවස්ථාවක් හෝ තියෙනවා නම් කියන්න කියලා චෝදනා කරන අයගෙන් මා ඉල්ලා සිටිනවා.
මේ රටේ ප‍්‍රධානතම ගැටලුව ත‍්‍රස්තවාදී ප‍්‍රශ්නය. මෙය අනෙක් ගැටලුවලට සෘජුවත් වක‍්‍රවත් බලපානවා. ඒක නිසා මෙම ගැටලු විසඳීමට සහාය ලබාදීම වරදක්ද? කියලා ඔය චෝදනා කරන පාර්ශවයන්ගෙන් මං අහන්න කැමතියි.
ආණ්ඩුව යුද්ධය ඉස්සරහට දමාගෙන වංචා දූෂණ වහ ගන්නා බවත් ආණ්ඩුව අකාර්යක්ෂම බවත් එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් චෝදනා කරනවා ඒ කතාවේ ඇත්තක් තියෙනවාද?
පසුගිය ආණ්ඩුවල වාගේම මේ ආණ්ඩුවෙත් වංචාව, දුෂණය, අකාර්යක්ෂමතාව තියෙනවා. ඒ වගේම කොටි ත‍්‍රස්තවාදය මුළුමණින්ම පරාජය කිරීම සඳහා මීට පෙර ආණ්ඩු ක‍්‍රියා නොකළ ආකාරයෙන් මේ ආණ්ඩුව කටයුතු කරනවා.
ඒක නිසා අපි මේ අවස්ථාවේදී ඉන්නේ කේන්දි‍්‍රය ප‍්‍රශ්නය කෙසේ හෝ විසදාගත යුතුයි කියන ස්ථාවරයේ.
ඒ වගේම වංචාව, දුෂණය, නාස්තිය නැතිකිරීම වෙනුවෙනුත් අප පෙනී ඉන්නවා. ඊට අවශ්‍ය පියවර දැනටමත් අපි අරගෙනයි ඉන්නේ. කේන්දී‍්‍රය ප‍්‍රශ්නය තේරුම් ගෙන ඉන්න අපි අනෙක් කරුණු ගැනත් දැඩි අවධානයකිනුයි ඉන්නේ.
ඉන්දියානු තෙල් සමාගම අසාධාරණ ආකාරයෙන් විශාල ලාභයක් උපයන විට ඒක මුලින්ම පෙන්නලා දීලා එම වරද නිවැරදි කරගැනීමට කි‍්‍රයා කළේ ජාතික නිදහස් පෙරමුණයි.
සමහර විටෙක ඉන්දියානු සමාගමක් සමග එකතුවෙලා ඇතැම් දේශපාලඥයින් හා නිලධාරීන් හොඳ ගණනක් හම්බකරන්න සැළසුම් කළාද? දන්නෙත් නැහැ. ඒ ගැනත් අපි සොයා බැලීමක් කරනවා.
17 වෙනි සංශෝධනය බලාත්මක කර රටේ පාලනයක් ඇති කිරීම සඳහා විරුද්ධ පක්ෂය ගෙන වැඩපිළිවෙළට ජාතික නිදහස් පෙරමුණ නියමාකාරයෙන් දායකත්වයක් නොදක්වන බවටත් චෝදනා එල්ල වෙනවා.
රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා යහපාලනය ගොඩනැගීම සඳහා ගෙන එනු ලබන ඕනෑම වැඩපිළිවෙළකට ජාතික නිදහස් පෙරමුණ තම උපරිම සහාය දෙනවා.
17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමේ වැඩසටහනත් එහෙමයි. ව්‍යවස්ථාදායකයට උඩින් ජනතාවට වග නොකියන ව්‍යුහයක් සඳහා බලයක් ලැබෙන ව්‍යුහයක් සකස් කරනවා නම් ඒ ගැන ඉතා ගැඹුරින් සාකච්ඡා කළ යුතුයි.
මෙතනදි යම් වැරැද්දක් සිදුවුණොත් ඒක ජනතා පරිමාධිපත්‍යට බාධාවක් වෙන්න පුළුවන්. ඊට හානියක් නොවන ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරැකෙන ලෙස පරිස්සමෙන් මේ දේ කළ යුතුයි.
උතුරේ අවතැන් වන ජනතාව වෙනුවෙන් සහන ලබාදීමේ වැඩසටහන ප‍්‍රථමයෙන්ම ආරම්භ කළේ ජනතාව හරහා දේශපාලන වාසි ලබාගැනීමටද කියල ඇහුවොත් ?
ජාතික නිදහස් පෙරමුණ කියන්නේ දේශපාලන ව්‍යාපාරයක්. කොටි ග‍්‍රහණයෙන් මිදී එන අහිංසක දෙමළ ජනතාවට සහෝදරත්වයේ දෑත් දිගු කිරීම සද්භාවයෙන් කළ දෙයක්.
දෙමළ ජනතාව වෙනුවෙන් කෑගහන වෙනත් දේශපාලන පක්‍ෂවලට හා ඇතැම් සංවිධානවලින් අපිව ආදර්ශයට අරගෙන මේ වගේ සත්කාරක සේවා සහන සේවා පටන්ගන්න කියලා මා ඉල්ලීමක් කරනවා.
එවැනි සහන සේවා පවත්වාගෙන යන්න රාජ්‍ය නොවන සංවිධාන ඕනෑතරම් තියෙනවා නේ ද?
ඉතා පැහැදිලියි. අපේ රටේ ත‍්‍රස්තවාදය, බෙදුම්වාදය ආරක්‍ෂා කරන ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන තියෙනවා. කොටි ත‍්‍රස්තවාදීන් බේරා ගැනීම සඳහා අවතැන්වූවන් යොදා ගැනීමට කි‍්‍රයාකරන ඇතැම් රාජ්‍ය නොවන සංවිධානය තිබෙනවා.
ඔවුන් අහිංසක දෙමළ ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළලා කොටි ත‍්‍රස්තවාදයට පක්ෂව කි‍්‍රයා කරන්න හදනවා. දෙමළ ජනතාව කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් පීඩා විඳිනකොට සද්ද නැතුව ඉන්න ඒ සංවිධාන දෙමළ ජනතාවට ආරක්‍ෂක අංශවලින් හිරිහැර සිදුවන බවට අභූත චෝදනා එල්ල කරනවා.
තමන් මිත‍්‍රත්වයේ දෑත දෙමළ ජනතාව වෙත ලබා දෙන බවට මෙම සංවිධාන උඩින් පෙන්නුවට යටින් ඔවුන් මිත‍්‍රත්වයේ දෑත් දිගු කරන්නේ කොටි සංවිධානයටයි.
එම නිසා රටට සතුරු ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ගැන අවධියෙන් සිටීම ඉතා වැදගත්. අපට මතකයි, සුනාමි ඛේදවාචකයේදී මෙරටට පැමිණි ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන කොටි සංවිධානයට නොයෙකුත් දේවල් ලබාදීමට පසුබට වුණේ නැහැ.
ඒක නිසා මෙවරත් අවතැන් වූවන් ගැන කියමින් එම සංවිධාන යළිත් වතාවක් කොටි සංවිධානයට වාසි සහගත වන ආකාරයෙන් කි‍්‍රයා කරන්න පුළුවන්. ජාතික සමගිය රටේ ඒකීයභාවය ආරක්‍ෂා වෙන ආකාරයෙන් කි‍්‍රයා කරන සංවිධාන ආයතන ඉතිහාසයේ ඕනෑ තරම් තියෙනවා.
ජාතික නිදහස් පෙරමුණ අද දවසේ කරන්නේත් ඒ දේයි.
උතුරේ අවතැන් වන ජනතාව ගැන බොරුවට කිඹුල් කඳුළු හලන ජාතික නිදහස් පෙරමුණ කියුබානු දේශපෙ‍්‍ර්මින් වෙනුවෙන් ඇමෙරිකාවට එරෙහිව පෙළපාලි යාම විහිළුවක් බවයි, සමහරුන් කියන්නේ.
මේවා ප‍්‍රශ්න දෙක සමාන්තර ගැටලු දෙකක්. කොටි ත‍්‍රස්තවාදීන්ගේ ෆැසිස්ට් මිලිටරි බලයට යටවෙලා ඉන්න අහිංසක දෙමළ ජනතාව කොටින්ගෙන් නිදහස්වෙලා එනවිට ඔවුන්ට සහන ලබාදීමට ඉදිරිපත් වීමයි, කියුබානු දේශපෙ‍්‍ර්මීය පස්දෙනා නිදහස් කරන ලෙසට අමෙරිකාවට බලපෑම් කිරීමයි එක හා සමාන දෙයක්. දේශීයව හා ජාත්‍යන්තරව එකම අවස්ථාවක අප සහෝදරත්වයේ දෑත් දිගුකර තිබෙනවා.
මේ කාරණා දෙකම බටහිර අධිරාජ්‍යවාදයට සම්බන්ධයි. කොටි ත‍්‍රස්තවාදය මෙහෙයවන්නේ බටහිර අධිරාජ්‍යවාදයයි. ඒ නිසා බටහිර අධිරාජ්‍යවාදයට එරෙහිව අවස්ථා දෙකේදීම කි‍්‍රයා කිරීම සමහරුන්ට විහිළුවක් වුණාම අපට විහිළුවක් නොවෙයි.
සමාජවාදය ගැන මහ ලොකුවට කතාකරන බොහෝ දේශපාලන පක්‍ෂ, සංවිධාන නිහඬව සිටින අවස්ථාවක ප‍්‍රථමයෙන්ම කි‍්‍රයාත්මක වීමට හැකිවීම ගැන අප සතුටු වෙනවා. අපේ මැදිහත්වීම ශී‍්‍ර ලංකාවේ සිටින කියුබානු තානාපතිවරියගේද දැඩි පැසසුමට ලක් වී තිබෙනවා.
මීළඟ අයවැයේදී ඔබ ඇතුළු කණ්ඩායම කුමක් කරන්නද හිතාගෙන ඉන්නේ
මෙවර අයවැයේදී කේන්ද්‍රීය සාධකය වන්නේත් කොටි ත‍්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කළ යුතුයි කියන කරුණයි. මවුබිම ත‍්‍රස්තවාදයෙන් නිදහස් කර ගැනීම වෙනුවෙන් හා ආර්ථික පීඩනයෙන් ජනතාව නිදහස් කරගැනීම වෙනුවෙන් හා අය වැය සකස්විය යුතු බවයි අප කියා සිටින්නේ.
එවැනි අයවැයක් ඉදිරිපත් කිරීම සඳහා අපට කළ හැකි සියලු බලපෑමක්ම අපි ආණ්ඩුවට කරනවා.
අප ආණ්ඩුවට ලබාදීම සඳහා යෝජනාවලියක්් සකස් කිරීමට පෙර දේශයට ලැදි සියලු කොටස් හා බලවේග සමග මේ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා.
පසුගිය අය වැය පරාජය කිරීමට බෙදුම්වාදයට හිතවත් පිරිස් විවිධ උත්සාහයන් ගත්තත් එය ව්‍යර්ථ වුණා. මෙවරත් එවැනි ආකාරයේ යම් යම් බලවේග අයවැයට බලපෑම් කරන්න ඒවි. ඒ දෙසත් අප විමසිල්ලෙන් බලා සිටිනවා.
සාකච්ඡා කෙළේ ඩබ්ලිව්. කේ. ප‍්‍රසාද් මංජු

තෙල් අලෙවි කිරීමෙන් ලබන පාඩුව අවම කර ගන්න සෙස් බද්ද පැනවූවා - ඇමැති ඒ. එච්. එම්. ෆවුසි

දයා පෙරේරා, දුමින්ද ගුරුගේ සහ ස්වර්ණා විජේකෝන්
ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල අඩු වීමෙන් ඉන්දියානු තෙල් සමාගමට ලැබෙන අධික ලාභය වළක්වා ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලබන පාඩුව අවම කිරීම සඳහා ඩීසල් සහ පෙට‍්‍රල් සඳහා සෙස් බද්ද පැනවූ බව ඛනිජ තෙල් හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති ඒ. එච්. එම්. ෆවුසි මහතා පාර්ලිිමේන්තුවේදී ඊයේ (24) ප‍්‍රකාශ කළේය.
සභාව කල් තබන අවස්ථාවේ විවාදයට සහභාගි වෙමින් ඇමැති ෆවුසි මහතා මේ බව පැවසුවේය.
කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මහතා (එ. ජා. ප.) සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කරමින් මෙසේ කීවේය.
ගිය අඟහරුවාදා වන විට බොර තෙල් බැරලය ඩොලර් 91.6 ක් වුණා. අද වන විට ඩොලර් 107.8 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කිසි දවසක තෙල් මිල වැඩි නොකරන බව කියමින් මේ ආණ්ඩුව ගත්තා. ඊට පසු දවසින් දවස තෙල් මිල වැඩි කළා. අපේ ආණ්ඩුව කාලෙ මිල සූත‍්‍රයකට අනුව දහතුන් වතාවක් තෙල් මිල වැඩි කළා. හත් වතාවක් මිල අඩු කළා.
උඩවත්තේ නන්ද හිමියෝ මුලසුනට වැඩම කළහ.
ජයසේකර මහතා - ඩීසල් හා පෙට‍්‍රල් සඳහා සෙස් බද්ද මීට පෙර නොතිබුණු එකක්. ඒ බද්ද ඉවත් කර, රුපියල් 25/- බද්ද අයින් කරන්න. අපේ ඉල්ලීම ජනතාවට අඩු මිලට ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලීමයි.
විදුලිබල හා බලශක්ති ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනවිරත්න මහතා - ඉන්ධන සම්බන්ධ අර්බුදය ලංකාවට විතරක් ඇති වී තිබෙන අර්බුදයක් නොවෙයි. එය අද ලෝක අර්බුදයක්. නමුත් මහින්ද රාජපක්‍ෂ රජය පුළුවන් විදිහට ජනතාවට සැම ක්ෂේත‍්‍රයක්ම ආවරණය වන පරිදි සහන ලබා දී තිබෙනවා.
ඛනිජ තෙල් සංස්ථාව මොන අර්බුද තිබුනත් දූරදර්ශීව කටයුතු කරන ආයතනයක්. ඩීසල් ලීටරය මෙම ජනවාරියේදී රුපියල් 91 ට විකිණීමට නියමිතව තිබුනත් අලෙවි කළේ රුපියල් අසූවට. අපි රජයක් ලෙස ජනතාවට සහන ලබා දෙනවා. මෙවැනි ආකාරයට ඛනිජ තෙල් සංස්ථාව ඩීසල් මිල පවත්වාගෙන ගියේ දිගින් දිගටම විශාල පාඩුවක් ලබමින්. මේ ඇත්ත විපක්‍ෂය දන්නවා. නමුත් රජයට මඩ ගැසීමේ අපේක්‍ෂාවෙන් මෙවැනි යෝජනා ගෙන එනවා.
දුප්පත් ජනතාව භාවිත කරන භූමිතෙල් අපි හැමදාමත් අලෙවි කරන්නෙ සහනාධාරයක් සමග. ඒ හැම එකකින්ම පැහැදිලි වෙනව ඛනිජ තෙල් සංස්ථාව මොන තරම් අලාභයක් පාඩුවක් විඳිනවද කියල.
ඒ වගේම ගත වූ මාස 8 ඇතුළත ඛනිජ තෙල් සංස්ථිාව ලැබූ පාඩුව බිලියන දහඅටයි. ඛනිජ තෙල් සම්බන්ධයෙන් එ. ජා. ප. කාලයේදී මොනවද කළේ. ඛනිජ තෙල්වලට 41%ක බද්දක් එ. ජා. ප. ය පැනවූවා. 41% බද්දෙ ආදායම එජාපය පාවිච්චි කළේ එදා රජය පවත්වාගෙන යන්නට. අද මේ අයට එය අමතකයි. මිල සූත‍්‍රය අනුව එජාප රජය දහසය වතාවක් ඉන්ධන මිල වැඩි කළා. නමුත් ඉන්ධන මිල අඩු කළේ තුන් වතාවයි.
විදුලිබල මණ්ඩලය මෙරට සමස්ථ ජනතාවට විදුලිය සපයන ආයතනයයි. විදුලි බල මණ්ඩලය පවත්වාගෙන යාමේ අසීරුවක් පවා ඇතිවුණා ඉන්ධන මිල වැඩිවීමත් සමග. නමුත් විදුලිය නිෂ්පාදනය හා පාරිභෝගික අවශ්‍යතාවය ඉටු කිරීමට අපට හැකියාව ලැබුනෙ ඛනිජ තෙල් සංස්ථාව අපිට දැක්වූ සහය නිසා.
කොහොම වුනත් දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ සද්භාවයෙන් නෙවෙයි, පටු පරමාර්ථ ඉටුකර ගැනීම සඳහා.
කෑගල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ගාමිණී රත්නායක මහතා (ජ. වි. පෙ.) - ගත වූ මාස කිහිපය තුළ රජය එකොළොස් වතාවක් ඉන්ධන මිල ඉහළ දැම්මා ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල වැඩි වෙනකොට. ඊට සාපේක්‍ෂව අපේ රටෙත් ඉන්ධන මිල වැඩි වුණා. නමුත් ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල අඩුවෙනකොට අපේ වෙළෙඳ පොළ තුළ ඉන්ධන මිල අඩු කරන්නෙ නැහැ.
නියෝජ්‍ය කාරක සභා සභාපති රාමලිංගම් චන්ද්‍රසේකර මහතා මූලාසනයට පැමිණියේය.
වෙළෙඳ අලෙවි සංවර්ධන පාරිභෝගික කටයුතු සහ සමුපකාර සංවර්ධන ඇමති බන්දුල ගුණවර්ධන මහතා- නිදහසින් පසු දැවැන්තම ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින්නේ වර්තමාන රජයයි. ලෝක වෙළෙඳ පොළේ ඛණිජ තෙල් මිල අසීමිත ලෙස ඉහළ ගොස් තිබෙනවා. නිදහසින් පසු ඉතාම කෙටි කලක් තුළ ඛණිජ තෙල් මිල ඉහළ ගිය වකවානුව මෙයයි. 2003 දී මේ රටට තෙල් මිලදී ගැනීමට වියදම් වුණේ ඇමෙරිකානු ඩොලර් මිලියන 838 යි. 2007 වසරේදී ඇමෙරිකන් ඩොලර් මිලියන 2490 ක් දක්වා මෙය ඉහළ ගියා.
මේ රටේ සමස්ත රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමට රුපියල් කෝටි 23000 ක් වැය වෙනවා. මේ රජයේ සේවක වැටුප් සඳහා වැය කරන මුදලටත් වඩා ඛණිජ තෙල් සඳහා වැය වන වියදම වැඩියි. දේශීය වශයෙන් ආණ්ඩුව දරන විශාලතම වියදම වන මේ වැටුප් හා විශ‍්‍රාම වැටුප් වියදමටත් වඩා ඛනිජ තෙල් සඳහා වැය කරන වියදම වැඩියි. මේ වසරේදී (2008) ඛනිජ තෙල් සඳහා රුපියල් කෝටි 35,000 ක් වැය වන බව ගණන් බලා තිබෙනවා.
මඩකළපුව දිස්ති‍්‍රක් මන්තී‍්‍ර මාවයි සේනාධිරාජා මහතා (දෙ. ජා. ස.) - ලෝක වෙළඳ පොළේ මිල අඩු වන විට ඇයි මිල අඩු නොකරන්නේ.
කළුතර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර පියසිරි විජේනායක මහතා (ජා. නි. සෙ) - තෙල් සඳහා අතිරේක බද්ද අය කිරීමට දින දෙකකට කලින් අයි. ඕ. සී. සමාගම තෙල් නැව් දෙකක් ඇනවුම් කළා. අයි. ඕ. සී. සමාගමෙන් ආණ්ඩුවට අය විය යුතු බදු මුදල් අය කර නොගන්නේ නම් එය විශාල ගැටලුවක්.
මාතර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර සාගල රත්නායක මහතා - ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල ආණ්ඩුවට පාලනය කරන්නට බැරි වුණත් තෙල් සඳහා අය කරන බදු පාලනය කරන්න රජයට පුළුවන්. රුපියල ශක්තිමත් කිරීම ඇතුළු ආණ්ඩුවට කළ හැකි තවත් බොහෝ දේ තිබෙනවා.
මහනුවර දිස්ති‍්‍රක් මන්ත‍්‍රී පූජ්‍ය උඩවත්තේ නන්ද හිමියෝ මූලාසනයට වැඩම කළහ
ඛනිජ තෙල් හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති ඒ. එච්. එම්. ෆවුසි මහතා -
විපක්ෂ මන්තී‍්‍රවරුන් වැරැදි තොරතුරු සොයාගෙන චෝදනා කරනවා. මිල වැඩි වුණාම මිල වැඩි කළේ කවදද ? දවසත් කියන්න. අප ජනවාරියේ සිට බලා හිටියා. තමුන්නාන්සේලා ජනතාවට සහනාධාර නොදී වැඩි කළා. සහනාධාර දීපු නිසා සංස්ථාවට බිලියන 17 ක් පාඩුයි.
අප මෙතන වංචාවක් හොරකමක් කරලා නැහැ. දින විසි අටක තොගයක් අප තබා ගන්නවා. මාසයකටත් අඩු කාලයකටයි ගේන්නේ. වැඩි කරන කොට මාස හයකට පසු සියයට 50 ක් පමණයි පාරිභෝගිකයාට දුන්නෙ. ඉතිරිය සංස්ථාව විඳගත්තා.
පොදුවේ ගත් විට සංස්ථාවට බිලියන 1.5 ක ලාභයක් තිබෙනවා. එහෙත් තෙල් මිල ගත් විට පාඩුයි. දවසක් දෙකක් අඩු වුණාට මිල අඩු කරන්න පුළුන්ද ? මාසයක් දෙකක් බලන්න ඕන. අප ඉවසා බලමු. අප මහජනයාට සහනයක් දෙන්න බලමු.
පිරිපහදුව සමාගමට දෙන්න බැහැ. අප පෞද්ගලිකරණයට විරුද්ධයි. ණය අරන් හෝ අපේම පිරිපහදුවක් හදාගන්න අපට අවශ්‍යයි.
තිබෙන පිරිපහදුව අලුත්වැඩියා කර රුපියල් මිලියන 3000 ක් පමණ ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. අවුරුදු පහකින් පමණ ඒ මුදල ගෙවා අවශ්‍ය වූ විට අපට ඉතිරි වෙනවා. සල්ලි පිටරටට දෙන්න අප කැමැති නැහැ. ජනතාව පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට අප ගන්නා පියවර තමුන්නාන්සේලා අනිත් පැත්තට හරවන්නයි හදන්නෙ.
කිරිඇල්ල මහතා - තෙල් මිල අඩු කරනවාද නැද්ද ?
ෆවුසි මහතා - කවදාහරි වැඩි වූ වෙලාවක අප වැඩිකර තිබෙනවාද ? ලෝක වෙළඳ පොළේ මිල වැඩියි කීවාට අප වැඩි කළේ බිලියන 11 ක් පාඩු වුණාට පසුවයි.
පත්තර කියන විදියට අඩු කරන්න බැහැ. ආනයන බලා අඩු කරනවා මිස කවුරුත් කියන විදියට කරන්න බැහැ. ජනවාරියේ සිට පාඩුව බලන්න ජනවාරියේ ලීටරයක් 80 % ට වික්කා විකිණිය යුත්තේ 90 % ටයි. මිල වැඩි වූ බව නිතරම කිව්වා තමයි. නමුත් වැඩි කළේ නැහැ. ඉවසාගෙන ඉන්න අඩු කරලා මහජනයාට දෙන්න පුළුවන් අවස්ථාව එනවා. එතකොට දෙන්නම්. පෞද්ගලිකරණයට අප විරුද්ධයි. පිරිපහදුව එතැන හදන්න දෙන්නෙ නැහැ. ඕනෑ නම් ලේ වලින් අස්සන් කර දෙන්නම්. තමුන්නාන්සේලා වගේ දාහත් වරක් වැඩි කළේ නැහැ. ජනතාවට බර පැටෙව්වෙ නෑ. අප භාගයයි බර පැටෙව්වේ.
මුදල් හා රාජ්‍ය ආදායම් ඇමැති සහ මුදල් හා ක‍්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා - එ. ජා. ප. කාලෙ ඩීසල් ද පෙට්රල් ද භූමිතෙල්ද කියා නොබලා මිල සූත‍්‍රයක් මගින් එකොලොස් වතාවක් මිල වැඩි කළා. එදා මේ වගේ කිඹුල් කඳුළු හෙලුවේ නැහැ. කරත්ත වල ගියෙත් නැහැ.
ලෝක වෙළඳ පොළේ තෙල් මිල ඉහළ යාම පොහොර මිල වැඩිවීමටත් බලපානවා. නමුත් පොහොර මිල ඉහළ ගියත් අප පොහොර සහනාධාරය නතර කළේ නැහැ.
2003 දී බොරතෙල් බැරලයක මිල ඇ. ඩො. 29 ක පමණ පැවති නමුත් 2004 වර්ෂයේ සිට බොරතෙල් බැරලයක මිල පෙර නොවූ විරූ අයුරු ඉහළ ගියා. 2008 ජූලි මාසය වන විට බොරතෙල් බැරලයක මිල ඇ. ඩො. 147 දක්වා ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම අගය වාර්තා කළා. 2004 බලයට පත් වුණු අප රජය මෙම ඉහළ යන බොරතෙල් මිලට සාපේක්ෂව දේශීය වෙළෙඳ පොලේ මිල ගණන් වෙනස් කළේ නැහැ.
මෙම තත්ත්වය හමුවේ 2004 වර්ෂයේදී රජයට ඉන්ධන සහනාධාරය වශයෙන් රු. බිලියන 14කුත් 2005 දී රු. බිලියන 26 කුත් දැරීමට සිදුවුණා. 2006 දී මෙය රු.බිලියන 10 ක් විය. ලෝක වෙළෙඳපොලේ මිල ඉහළ යාම අනුව වැඩි වන පිරිවැය යම්තාක් දුරකට අවම කිරීමට දේශීය වෙළෙඳපොලේ මිල ගණන් වැඩි කිරීමට රජයට සිදු විය. එසේ දේශීය මිල ගණන් ඉහළ දැමූවද විශේෂයෙන් ඩීසල් හා භූමිතෙල් සඳහා මිල නියම කරන විට, එම මිල ගණන් ලෝක වෙළෙඳපොලේ මිල ගණන් වලට අනුරූප වන ලෙස වැඩි කළේ නැහැ. ඩීසල් සහ භූමිතෙල් ප‍්‍රධාන වශයෙන් ජනතාවගෙන් වැඩි කොටසකට කෙලින්ම බලපාන බැවින් රජය එම පාඩුව දරා ගත්තා. 2008 වසරේ ජූලි මාසයේදී එසේ වූ පාඩුව (ලීටරයකට) ඩීසල්වලට රු: 26.10යි. භූමිතෙල්වලට රු 53.20යි.
ඒ ලෝක වෙළෙඳපොලේ මිල ගණන් වැඩිවන විට එම මුළු බරම මහජනතාවට පැටවීමට ඇතමුන් මාධ්‍ය මඟින් කරන ප‍්‍රකාශ ආකාරයට අපේ රජය කටයුතු කර නැති බව මෙම සභාවට පැහැදිළි වනවා ඇත.
මේ තත්ත්වය තුළ ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඩීසල් සහ භූමිතෙල් අලෙවි කිරීම නිසා දිගටම පාඩු ලැබූ
මිල සූත‍්‍රය සම්බන්ධව තවත් වැදගත් කරුණක් කිව යුතුව තිබෙනවා. අපේ රජය විසින් මේ මිල සූත‍්‍රයේ සඳහන් වුණු ඇතැම් බදු ඉවත් කිරීම හෝ අඩු කිරීමසිදු කළ අතර මිල සූත‍්‍රයේ සඳහන් වුණු ඉන්ධන විකිණීම් කරන දේශීය ආයතනවලට අදාළ වුණු ලාභ ප‍්‍රමාණය සියයට 5 සිට සියයට 1.5 දක්වා අඩු කළා.
එදා පැවැති රජයේ මිල සූත‍්‍රයට අනුව අප 2008 මැයි මාසයේදී ඉන්ධන මිල ගණන් වෙනස් කරන විට පැවැති බොරතෙල් මිල අනුව ඩීසල් ලීටරයක් රු. 152.37 ද භූමිතෙල් ලීටරයක් රු. 129.30 විය යුතුව තිබුණා. නමුත් අප ඩීසල් ලීටරයක් සඳහා රු. 110 ද භූමිතෙල් සඳහා රු. 80ක්ද වශයෙනුයි මිල තීරණය කළේ.
ලංකා ඛණිජතෙල් සංස්ථාව, දිගටම ඩීසල් හා භූමිතෙල් අලෙවිය නිසා පාඩු ලැබූ බව මෙම සභාවට පසක් වනු ඇත. දැනට වැඩි මිලට ගත් තෙල් සංචිත නිම වන තෙක් සහ කලින් දැරූ පාඩුව යම් දුරකට පියවා ගැනීමට අවශ්‍ය නිසා දේශීය වෙළෙඳපොළේ තෙල් මිල අඩු කිරීමට කටයුතු කළේ නැහැ. ඒඅතරම ලංකා ඛනිජ තෙල් සංස්ථාව හැර දේශීය වෙළෙඳපොලේ ඛනිජ තෙල් විකුණුම්කරණ ආයතන විසින් මෙම මිල ගණන් පහත වැටීම තුළින් ලාභ ඉපැයීම අවම කිරීමට ඩීසල් හා පෙට‍්‍රල් නිම් භාණ්ඩ වශයෙන් ආනයනයේදී සෙස් බද්දක් පැනවූවා.
විවාදය නිම විය.
පාර්ලිමේන්තුව හෙට (26)
පෙරවරු 9.30ට රැස්වේ.

කොටි සමඟ රජය සාකච්ඡා කරන්නේ ඔවුන් යුද ශක්තිය විසුරුවොත් පමණයි එක්සත් ජාතීන්ගේ 63 වැනි සැසිය අමතමින් ජනපති කියයි

එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදීන් සමඟ රජයට සාකච්ඡා කළ හැකි වන්නේ ඔවුන් අවි බිම තබා යුදමය හැකියාවන් විසුරුවා හැර ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පිවිසුණොත් පමණක් බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එක්සත් ජාතීන්ගේ 63 වැනි සැසිවාරය අමතා පැවසීය.
ජනපති මෙසේද කීවේය.
සභාපතිතුමනි, මෙම උසස් පදවියට පත් වූ ඔබතුමන්ට ශී‍්‍ර ලංකාවෙන් උණුසුම් සුභපැතුම්.
මිනිස් වර්ගයාට මුහුණදීමට සිදුවී ඇති වැදගත් ප‍්‍රශ්නවලට විසඳුම් සෙවීමට ඔබතුමන්ගේ මඟ පෙන්වීමෙන් මේ ජගත් සමුළුවට හැකිවේවි. එසේම බිලියන ගණනක් වන ලෝක ප‍්‍රජාවගේ ජීවිත වඩා අර්ථවත් කර ගැනීමට එක්සත් ජාතීන්ගේ සංගමයට මග පෙන්වීමටත් ඔබතුමන්ට හැකි වේ යැයි අපේ විශ්වාසයයි.
අද අපි කථා කරන තේමාව ලෝකයේ සමහර ජන කොටස්වල දිළිඳුකම හා කුසගින්න කෙරෙහි මොන ආකාරයට ගෝලීය ආහාර අර්බුදය බලපෑ හැකිද යන්නත්, එක්සත් ජාතින්ගේ සංගමය වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී බවට පත් කරන්නේ කෙසේද යන්නත් සැබවින්ම දූරදර්ශි ප‍්‍රවේශයක්.
එය මිනිස් සංහතියේ ඉදිරි පැවැත්ම කෙරෙහි වාගේම, එක්සත් ජාතින්ගේ සංවිධානයේ වැදගත් ආයතනික අවශ්‍යතාවන් කෙරෙහි ද අවධානය යොමු කෙරෙනවා.
අද පවත්නා ලෝක ආහාර අර්බුදය අවාසනාවන්ත ලෙස භයානක යථාර්ථයක් බවට පත් වී තිබෙනවා. අප විසින් මේ පිළිබඳව සාමුහික මෙන්ම හදිසි කි‍්‍රයාමාර්ගයන් නොගතහොත් එය තිබෙනවාටත් වඩා බැරෑරුම් තත්ත්වයකට පත්වීමට බොහෝ සෙයින් ඉඩකඩ තිබෙනවා. එමෙන්ම, ප‍්‍රජාතන්ත‍්‍රවාදී බව දියාරු වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් මතු පැවැත්ම තීරණාත්මක අවස්ථාවකට එළඹ තිබෙනවා.
දකුණු ආසියානු කලාපයට බලපෑම් ඇති කළ හැකි ව්‍යාපෘති තුළින් කෘෂිකර්මයට හා කෘෂිකාර්මික පර්යේෂණවලට වැඩියෙන් ආයෝජනය කිරීමෙනුත්, විශිෂ්ට ක‍්‍රමවේදයන් සහ තාක්ෂණයන් බෙදාහදා ගැනීමෙනුත්, විශාල දායකත්වයක් සැපයීමට ශී‍්‍ර ලංකාව බලාපොරොත්තු වෙනවා. මෙය සංවර්ධනය වන රටවල ජීවත් වන ග‍්‍රාමීය ජනතාව සවිබල ගැන්වීමට අත්‍යවශ්‍ය සාධකයක් බැව් අමතක නොකළ යුතුයි.
සංවර්ධනය වන රටවල සිටින ජනතාවගෙන් බහුතරයක් ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජීවත් වීමත් ඒවාගේ ම තම ජීවනෝපාය සඳහා කෘෂිකර්මය මත යැපීමත් මෙයට හේතුවයි.
ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමට නම් කෘෂිකාර්මික ක්ෂේත‍්‍රය ශක්තිමත් කරමින් එයට නව ජවයක් එකතු කළ යුතුයි. මෙය කළ හැක්කේ කි‍්‍රයාදාමයන් රැසක් ඔස්සේ කුඩා හා මධ්‍ය පරිමාණ ගොවීන් සවිබල ගැන්වීමෙන් පමණයි.
ආහාර අර්බුදයෙන් මිදීමට නම් ස්වයංපෝෂණය කරා අනිවාර්යයෙන්ම යා යුතුයි. ඒ අනුව අපනයන වෙළෙඳ පොළට හුදෙක්ම ද්‍රව්‍ය නිපදවන්නන් ලෙස අප රටවල ගොවි ජනතාව පෙළඹවීම තවදුරටත් කළ යුතු නැහැ. සමාජ ආරක්ෂණ කි‍්‍රයාවලින්ට ප‍්‍රමුඛත්වය දිය යුතුයි. ග‍්‍රාමීය ජනතාව සවිබල ගැන්වීමක් ලෙසයි අප එය දැකිය යුත්තේ. මේ නිසා ඔවුන්ගේ විශ්වාසය ගොඩ නගා ගැනීමටත් අපට පුළුවන් වෙනවා.
අපේ රටේ පොහොර සහානාධාරය, ධීවර සහනාධාරය වැනි සමාජ ආරක්ෂණ කි‍්‍රයා අප දියත් කෙළේ මේ නිසයි. සමහර බලගතු රටවලින් බලගතු ආයතන වලින් අපට මේ පිළිබඳව ලබා දෙන උපදෙස් මීට ප‍්‍රතිවිරුද්ධයි. නමුත් අපි ඒවා ගැන නොතකා අපේ රටවල අහිංසක ජනතාවට හිතකර දේ පමණක් කිරීමට ඉටාගත යුතුයි.
මෑතක දී පැවැත්වූ සාර්ක් රාජ්‍ය නායක සමුළුවේ දී, ආහාර අර්බුදය ජය ගැනීමට කලාපයක් වශයෙන් කි‍්‍රයා කිරීමට අප අධිෂ්ඨාන කරගත් බව එම සංවිධානයේ සභාපති වශයෙන් මා අභිමානයෙන් යුතුව ප‍්‍රකාශ කරනවා.
පෙර දවස ආහාර නිෂ්පාදනය සඳහා අප අනුගමනය කළ වැදගත් ඓතිහාසික කාර්යභාරයන්, යළි පණගන්වමින්, අපගේ කලාපය ලෝකයේ ප‍්‍රමුඛ පෙළේ ධාන්‍යාගාරයක් බවට පත්කිරීම අපේ අරමුණුයි. ඒ සඳහා අප සියලු දෙනාම ඇපකැප වී කි‍්‍රයා කිරීමටත් එකඟ වුණා.
ඒ වාගේම , සාර්ක් කලාප ආහාර බැංකුව පිහිටුවා, කි‍්‍රයාත්මක කිරීමටත්, අප තීරණය කළා. මේ නිසා දකුණු ආසියාතික ජනතාවගේ ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව සහතික කිරීමට අපට හැකි වෙනවා.
ආහාර අර්බුදයෙන් ඇති විය හැකි අහිතකර බලපෑම් වැළැක්වීමට මේ වසරේ ජුනි මස ;ර¤මයේ දී අප විසින් දියත් කළ පුළුල් ප‍්‍රයත්නයටත් මේ නිසා දායකත්වය නිසැකව ලැබෙනවා.
ආහාර අර්බුදයට පිළියම් සොයන අතරේ, බලශක්ති අර්බුදයටත්, සාධාරණ වූත්, ප‍්‍රායෝගික වූත් පිළියම් සොයා ගත යුතුයි. ගුණාත්මක බවින් උසස්, හානිදායක නොවන, ඒ වගේම කාර්යක්ෂම හා වියදම් සාධාරණිකරණය කළ හැකි තාක්ෂණයන් භාවිතා කොට, අපගේ පොසිල ඉන්ධන හා විකල්ප බලශක්ති සැපයීම, නව ක්ෂේත‍්‍රයන්ට යොමු කිරීමත් අවශ්‍ය කරුණක්.
මේ සඳහා අපට දැන් තිබෙන බලශක්තිය අරපිරිමැස්සෙන් භාවිතා කළ යුතු වෙනවා. තව බොහෝ කලක් පොසිල ඉන්ධන මත යැපීමට සිදුවන බවත් අමතක නොකළ යුතුයි.
සංවර්ධනය වෙමින් පවතින රටවලට නව තාක්ෂණය ලබා දීම අත්‍යවශ්‍යයි. එය අවිවාදයෙන් ම පිළිගත යුතුයි. දකුණු ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින මානව හා විද්‍යාත්මක කුසලතා හා සම්පත් භාවිතා කරමින්, අපගේම යැයි කිව හැකි තාක්ෂණයෙන් නිපදවීමට දැන් කාලය ඇවිත්, අපගේ කලාපයේ සුලභව ඇති ස්වභාවික සම්පත් වන හිරු එළියෙන්, සුළගෙන් හා සමුද්‍රයෙන් උපරිම ප‍්‍රයෝජන ලබා ගත යුතුයි.
මිනිස් වර්ගයාගේ අවශ්‍යතාවන්, ලාබ ලැබීමේ පරමාර්ථය පමණක් ඇති ඒකාධිකාරි වෙළෙඳ පොළකට තීරණය කිරීමට තවදුරටත් ඉඩ තැබීමට බැහැ.
ඉහත කී අරමුණු ඉටු කර ගැනීමට නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එහි නියෝජිතායතනයන්, ප‍්‍රතිපත්ති රාමුවක් නිර්මාණය කිරීමට නායකත්වය ගතයුතු බැව් ශ‍්‍රී ලංකාවේ මතයයි.
මෙසේ කළහොත් නොයෙකුත් තර්ජනයන්ට මුහුණ පා සිටින සංවර්ධනය වන්නා වූ රටවල්වලටත් න්‍යෂ්ටික පුනරුදය තුළින් සාධාරණ වූ විසැඳුම් ලබා ගැනීමට හැකි වේවි.
මෙවැන්නකින් බලශක්ති සහස‍්‍ර සංවර්ධන ඉලක්ක දේශගුණික වෙනස්වීම් යන ක්ෂේත‍්‍රවලට පමණක් නොව අවි පාලනයට පවා බලපෑම් ඇති කළහැකි යැයි අප විශශ්වාස කරනවා.
ෆොසිල බලශක්ති මත යැපීමෙන් ඉවත් වී වෙනත් විවිධ බලශක්ති යොදා ගැනීමට කරන හදිසි ප‍්‍රයත්නයන් ගැන අප මීට වඩා කල්පනාකාරී විය යුතුයි. ජීව ඉන්ධන භාවිතය සඳහා දක්වන හදිසිය හා කලබලය නිසා ආහාර මිල ද ඉහළ ගොස් තිබෙන බව අප දුටුවා. කෙටි කාලීනව කෙතරම් ලාභදායී වූවත්, ජීව ඉන්ධන නිපදවීම සඳහා කෘෂිකාර්මික ඉඩම් යොදා නොගත යුතුයි යන්න අපගේ දැඩි පරමාර්ථයයි. වාසනාවකට ශ‍්‍රී ලංකාව පසුගිය අවුරුදු තුන තුළ නොයෙකුත් බලපෑම්වලට යටත් නොවී ස්වාධීනව කටයුතු කළ නිසා අපගේ අහිංසක ජනතාවට මොනම අවස්ථාවකවත් බඩගින්නේ හා හාමතේ ඉන්නට සිදුවුනේ නැහැ.
දේශගුණික වෙනස්වීම් සම්බන්ධයෙන්, සාර්ක් කලාපයේ රාජ්‍ය නායකයන් යළි යළිත් අවධාරණය කෙළේ, වඩාත් පළල් වූ රාමුවක් තුළ පරිසර ආරක්ෂාව, පරිසර සංරක්ෂණ ය හා ඒ පිළිබඳ යුක්තිය පසිඳලීම යන කරුණු සඳහා දැඩි ප‍්‍රයත්නයක් යෙදිය යුතු බවයි. දකුණු ආසියාවේ උරුමයේ කොටසක් වූ ස්වභාව ධර්මයට එරෙහිව කටයුතු නොකිරීම පණ ගැන්විය යුතු බැව් ද අප අවධාරණය කළා. මිනිස් වර්ගයා බොහෝ කලක සිට අනවශ්‍ය ලෙස සොබා දහමේ පැවැත්මට අහිතකර ලෙස බලපෑම් කොට තිබෙනවා. අහිතකර දේශගුණික වෙනස්වීම් ඇති වී තිබෙන්නේ මිනිසාගේම කි‍්‍රයාකාරකම් වලින්, ඒ නිසා ඒවාට විසඳුම් සෙවිය යුත්තෙත් මිනිසාමය.
එක්සත් ජාතීන්ගේ සම්මුතියත් සමගම, අන්තර් මහාද්වීපික යුද්ධ විශාල වශයෙන් වැළකී ගොස් තිබෙන බව අප පිළිගන්නවා. එය එසේ වූවත් ස්වකීය රාජ්‍ය ගොඩ නගා ගැනීම සඳහා පලස්තීනයට සාධාරණ අරගලයක යෙදීමට සිදු වී ඇති බව අප අමතක නොකළ යුතු යි.
අද ආසියා, අප‍්‍රිකා සහ ලතින් අමෙරිකානු කලාපවල අප ජනතාව විවිධාකාර රුදුරු ත‍්‍රස්තවාදී ව්‍යසනයන්ට මුහුණ දෙනවා. මේ නිසා මෙවන් උවදුරු වලින් වර්තමාන සහ අනාගත පරම්පරාවන් බේරා ගැනීම, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බලවත් වගකීමක් බැව් මා ප‍්‍රකාශ කරනවා. අපි මේ ගැන කථා කරකර සිටියා ඇති මේ ගැන නිශ්චිත කි‍්‍රයාමාර්ගයක් ගත යුතුයි.
බොහෝ රටවල්වලට මෙන්ම, ශ‍්‍රී ලංකාවටත් මෙම උවදුරෙන් ගැලවීමට හැකි වී නැහැ. දේශපාලන ක‍්‍රමවේදයන් තුළින් විසදා ගතහැකි බොහෝ දේ ජනවාර්ගික දුක් ගැනවිලි ලෙස මවාපාමින්, සැඟවුනු අරමුණු ඇති ත‍්‍රස්තවාදී කණ්ඩායමක් අතිශයින් දරුණු වූත්, මෘග වූත් ත‍්‍රස්තවාදී කි‍්‍රයාදාමයන්ට එළඹි ඇති බැව් රහසක් නොවේ.
මෙම එල්.ටී.ටී.ඊ. නම් ත‍්‍රස්තවාදී කණ්ඩායම, මරාගෙන මැරෙන බෝම්බකරුවන් යොදා ගනිමින් තමන්ට වාසිදායක වාතාවරණයක් ඇති කිරීමට උත්සාහ ගන්නේ නිත්‍යානුකූූල භාවයත්, දේශපාලන වශයෙන් පිළිගැනීමත් අරමුණු කර ගෙන බැව් අපි අමතක නොකළ යුතුයි.
පකිස්තානයේ දැන් ඇති වී තිබෙන්නේ රුදුරු ත‍්‍රස්තවාදීන්ගේ විනාශකාරී ක‍්‍රියාදාමයක්. පසුගිය දිනෙක එහි ඇති වූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන් සිදු වූ විනාශය ගැන මා මාගේ කනගාටුව ප‍්‍රකාශ කරනවා.
අපේ රජය මැනවින් කරුණු සොයා බලා, සෑම ජන කොටසකම අපේක්ෂාවන් හා අයිතිවාසිකම් ඉටුවෙන ලෙසට දේශපාලන හා ව්‍යවස්ථාමය කි‍්‍රයාමාර්ග ගැනීමට, හැමවිටම සූදානම්, අපගේ ම ජනකොටසක් වූ දෙමළ ජනතාවගෙන් සුළුතරයක් බිය ගන්වමින් ඔවුන් උතුරු පළාතේ බලහත්කාරයෙන් රඳවා ගනිමින් එම ජන කොටසට ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි කරන එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන්ට අපේ රජය කිසිවිටෙකත් යට වෙන්නේ නැහැ. මෙතෙක් ගත් කි‍්‍රයාමාර්ගයන් තුළින් අප එය ඔප්පු කර තිබෙනවා.
ශතවර්ෂ ගණනාවක් තිස්සේ ම ශ‍්‍රී ලංකාවේ අනිකුත් ජන කොටස් සමඟ සමගි සම්පන්නව ජීවත් වී ඇති දෙමළ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයන් සමඟ අප රජය නිරතුරුවම සංවාදයක යෙදෙන බැව් මා ප‍්‍රකාශ කිරීමට කැමතියි. දෙමළ නායකයන් අපගේ රජයේ කි‍්‍රයාකාරී සාමාජික අමාත්‍යවරුන් ලෙසත් ඉන්නවා. ශ‍්‍රී ලංකාවේ ඇටෝර්නි ජනරාල්වරයකු ලෙස කීර්තිමත් ලෙස කටයුතු කළ ඒවාගේ ම කාගේත් ගෞරවාදරයට පාත‍්‍ර වූ දෙමළ දේශපාලනඥයකු වූ ශ‍්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මැතිතුමා 1904 සැප්තැම්බර් මාසයේ දී කරන ලද ප‍්‍රකාශයක් මා දැන් උපුටා දක්වනවා. මම ලෝකයේ බොහෝ රටවල සංචාරය කර ඇත්තෙමි.
එහෙත් සිංහල මිනිසුන් පමණ හිතමිත‍්‍ර, ප‍්‍රියමනාප ජාතියක්වත්, ඒ තරම් උසස් ගුණධර්ම රකින ජාතියක්වත් ලොව කිසිම තැනක දැක නැත. එතුමාගේ මේ ප‍්‍රකාශයෙන් අපට එක් දෙයක් පැහැදිළියි. එනම් දෙමළ ජනතාවත්, සිංහල ජනතාවත් අතර පැවති සමඟි සම්පන්න බවයි.
නමුත් අද ද්වේශ සහගතව කි‍්‍රයාත්මකවන එක් කණ්ඩායමක් විසින් ඒ සියල්ල උඩු යටිකුරු කර තිබෙනවා.
ශ‍්‍රී ලංකාවේ පැවති සෑම රජයක්ම අද මේ තිබෙන ප‍්‍රශ්නය විසඳීමට විසි පස් වසරක් තුළ ප‍්‍රයත්න දරා තිබෙනවා. සම සභාපතිවරුන්ගේ අධීක්ෂණයට ලක්ව තිබූ ඒ වගේම නෝර්වේජියානුවන්ගේ පහසුකම් සැළසීම මත කි‍්‍රයාත්මක වූ ඊනියා සාම කි‍්‍රයාදාමය මෙයට ඇතුළත්.
මේ සාම කි‍්‍රයාදාමය දෙස වූවත් කොටි ත‍්‍රස්තවාදීන් බැලුවේ මහත් අවඥාවෙන්. කොටි ත‍්‍රස්තවාදීන් සෑම අවස්ථාවකම සාම සාකච්ඡාවලින් බැහැරව ගියේ පිළිගත නොහැකි සුළු හේතු දක්වමින්.
ඉන් පසු ඔවුන් නැවතත් අහිංසක සිවිල් වැසියන් ඝාතනය කිරීම වැනි ම්ලේච්ඡ කි‍්‍රයාදාමයන්ට යොමු වුණා. සෑම අවස්ථාවකදීම ඔවුන් කෙළේ මේ වැඩපිළිවෙළයි.
මේ ත‍්‍රස්තවාදී කණ්ඩායම සමඟ අප රජයට සාකච්ඡා කළ හැකි වන්නේ ඔවුන් තම සියලු අවි බිම තබා ඔවුන්ගේ යුදමය හැකියාවන් සියල්ල විසුරුවා හැර, ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවකට එළඹුනොත් පමණයි.
නීත්‍යානුකූලව තේරී පත් වූ රජයක් ලෙසත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකයකු ලෙසත්, ශ‍්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව කඩා බිඳ දමා රට බෙදීමට කිසිසේත් ඉඩ නොදෙන බව රජය තරයේ ප‍්‍රකාශ කරනවා.
අපේ ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදී කි‍්‍රයාදමයේ ප‍්‍රතිඵල භªක්ති විඳීමට අවස්ථාව ලබාදීම තමයි අපේ අරමුණ. ඒ වගේම දැනට ත‍්‍රස්තවාදීන් සිය ග‍්‍රහණයේ තබා ගෙන සිටින ප‍්‍රදේශවල ජනතාවට හැකි ඉක්මණින් සංවර්ධන කි‍්‍රයාදාමයට ඇතුළත් වීමට ඉඩ කඩ සැළැස්වීමත් අපේ තවත් අරමුණක්. දැනට ශ‍්‍රී ලංකාවේ නැඟෙනහිර පළාතේ කි‍්‍රයාත්මක වන කඩිනම් ආර්ථික දියුණුවට සමාන දියුණුවක් උතුරේත් අප දියත් කිරීමට අපේක්ෂා කරනවා.
කළින් එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් ලෙස කි‍්‍රයා කළ සමහර අය අද නැඟෙනහිර පළාත් සභාවේ සාමාජිකයන් ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදීව තෝරා පත් කරගෙන තිබෙනවා. එමෙන්ම, කළින් එල්.ටී.ටී.ඊ.ය. ළමා සොල්දාදුවකු ලෙස යොදවාගෙන සිටි පුද්ගලයකු අද එහි ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙස පාලන කටයුතුවල නියැළී සිටිනවා. මේ සියල්ල අප කෙළේ නැඟෙනහිර මුදාගෙන අවුරුද්දකටත් අඩු කාලයක් තුළදී.
අප රටේ අභ්‍යන්තර වශයෙන් අවතැන් වී සිටින පුද්ගලයන්ට මානුෂික ආධාර සැපයීම සඳහා අපගේ ඉල්ලීමට ප‍්‍රතිචාරයක් ලෙස ජගත් සංවිධානවල සහයෝගය ලැබුණා.
අභ්‍යන්තරව අවතැන් වී සිටින පුද්ගලයන් පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ විශේෂ නියෝජිතයෙක් ශ‍්‍රී ලංකාවට පැමිණි අවස්ථාවක මෙසේ ප‍්‍රකාශ කළා. ප‍්‍රධාන ත‍්‍රස්ත කණ්ඩායම් යටතේ සිටින පුද්ගලයන්ට සහනාධාර රජය විසින් සැපයීමේ අපූරු තත්ත්වයක් ශ‍්‍රී ලංකාවේ දැකිය හැකියි. රාජ්‍ය මෙන්ම කැරලි කණ්ඩායම් සිවිල් ජනතාවට එරෙහිව පාවිච්චි කරන හිංසාකාරී ආයුධයක් ලෙස අහාර යොදාගත් අවස්ථා ලෝකයේ අපට දැකිය හැකියි. නමුත් ශ‍්‍රී ලංකාවේ පවත්නා තත්ත්වය මේ අතින් බලන විට දැඩි අවධානයක් යොමු කොට පූර්වාදර්ශයක් ලෙස වැඩි ප‍්‍රසිද්ධියක් ලබාදිය යුත්තක්.
අප හොඳ්‍රකාරවම දන්නවා මානුෂිය ආධාර වශයෙන් සපයනු ලබන ද්‍රව්‍යවලින් විශාල ප‍්‍රමාණයක් එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදීන් පැහැර ගන්නා බව. එහෙත් අප රජය මේ දක්වාම මෙම මානුෂිය ප‍්‍රතිපත්ති නොකඩවා පවත්වාගෙන යනවා. අප ලබාදෙන ද්‍රව්‍ය ආහාරවලට පමණක් සීමා වන්නේ නැහැ. ඖෂධ වර්ග හා වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, එසේම පාසල් හා රෝහල් වලට අවශ්‍ය දෑ, ගුරුවරුන්, වෛද්‍යවරුන්, සාත්තු සේවිකාවන් හා වෙනත් අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩලයත් මෙයට ඇතුළත්.
ඒ විතරක් නොවේ, ඒ ප‍්‍රදේශවල නිපදවන වී හා අනිකුත් ආහාර ද්‍රව්‍යයත් රජය මිලදී ගන්නවා.
මා හිතන්නේ නැහැ ලෝකයේ කිසිම රටක තමන්ට පහර දෙන ත‍්‍රස්තවාදීන්ටත් මෙවැනි මානුෂීය ආධාර සපයන රජයක් තිබෙනවායි කියලා. අපගේ රජය මෙම මානුෂිය ආධාර සැපයීම තම පරම වගකීමක් හැටියටයි කල්පනා කරන්නේ. මේ අපේ ප‍්‍රතිපත්තියයි.
ශී‍්‍ර ලංකාවේ පවත්නා සංකීර්ණ තත්ත්වයන්ට මුහුණදිය යුත්තේ ප‍්‍රවේශමෙන්. එය එක් පැත්තකින් අපරාධවලට වැට බඳින නීතිය හා සාමය පවත්වන කි‍්‍රයාදාමයකිනුත් එසේම පොදු ජන සම්මුතියක් ගොඩනැගීම සඳහා යොමු වූ ඉවසිලිවන්ත දේශපාලන ප‍්‍රයත්නයක සැකසිය යුත්තක්.
දුෂ්කරවුවත් අත්‍යවශ්‍ය වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩ නැගීම අප නැඟෙනහිර පළාතේ ඉටු කර ගෙන තිබෙනවා. එසේම එය අපේ රටේ උතුරු පළාතේ ද කළ හැකි බැව් අපි දැඩිව විශ්වාස කරනවා.
මෙම සැසිවාරය සහස‍්‍ර සංවර්ධන ඉලක්කවල ප‍්‍රගතිය මැන බැලීමට හොඳ අවස්ථාවක්. බොහෝ කි‍්‍රයාදාමයන්හි ප‍්‍රගතිය පසුබෑමට ලක්ව තිබීම කනගාටුවට කරුණක්. ලෝකයේ ආර්ථික වර්ධන වේගයේ පසුබෑම, මූල්‍ය ක්ෂේත‍්‍රය අවුල්වීම, ලාභ ඉපයීම පමණක් ඉලක්ක කර ගැනීම, ආහාර හා ඉන්ධන මිල වැඩිවීම, එසේම දේශගුණික වෙනස්වීම් වල බලපෑම පැහැදිලිව පෙනෙන්න තිබෙන අතර, ඒවා සහස‍්‍ර සංවර්ධන ඉලක්ක වෙත දැඩි අසුබවාදී බලපෑමක් එල්ල කොට තිබෙනවා.
එසේම දේශපාලන භූමිකාව පදනම් කොට ගෙන සමහර රටවල නායකයන්ට ඒ වගේම නායකත්වයට, ඇති යම් විරෝධතා නිසා පනවා ඇති සම්බාධක ඇත්ත වශයෙන් එල්ල වෙන්නේ ඒ ඒ රටවල අහිංසක ජනතාවටයි.
ක‍්‍රම ක‍්‍රමයෙන් දැඩිව වර්ධනය වෙමින් පවතින ජාත්‍යන්තර ත‍්‍රස්තවාදය පමණක් නෙවෙයි එයට සමගාමීව තිබෙන හොර අවි ජාවාරම්, නීත්‍යානුකූල නොවන සංක‍්‍රමණික ජාවාරම්, මත්ද්‍රව්‍ය වෙළෙඳ්‍රම්, හොර මුදල් ජාවාරම් මෙන්ම ත‍්‍රස්තවාදී කණ්ඩායම් විසින් පවත්වාගෙන යනු ලබන විශාල ව්‍යාපාරත් මනුෂ්‍යත්වයේ හා ශිෂ්ටාචාරයේ මුලධර්මවලට දැඩි බලපෑම් එල්ලකොට තිබෙනවා.
අප විසින් මෙතෙක් ගන්නා ලද කි‍්‍රයාදාමයන් මගින් මේවා මැඬ පැවැත්වීමට අපොහොසත් වී ඇති බැව් පැහැදිලියි. ජාතික වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් සහශ‍්‍ර සංවර්ධන ඉලක්ක කරා යාම මේ නිසා තවත් සංකීර්ණවී තිබෙනවා. බොහෝ අවස්ථාවලදී අප ප‍්‍රකාශ කර ඇති ආකාරයට, ත‍්‍රස්තවාදය නිසා අප සුළු වශයෙන් හෝ ලබාගෙන ඇති ජයග‍්‍රහණ සියල්ල පසු පසට තල්ලු වී තිබෙනවා.
ගෝලීය ත‍්‍රස්තවාදය වගේම සෑම ජාතියකම වටිනාම සම්පත වූ ළමා පරපුර ගිල දැමීමට වලිකන තවත් ව්‍යසනයක් තිබෙනවා. එනම් සයිබර් අවකාශය නැතිනම් අන්තර් ජාලය හරහා ඇති වී ඇති තර්ජනයයි. අන්තර් ජාලයෙන් එන බලවේගයන් අප ළමා පරපුරේ සිත් දූෂ්‍ය කරනවා පමණක් නොවේ නොයෙකුත් ලිංගික අපචාරවලට යොදා ගැනීම මෙන්ම විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් හා අසභ්‍ය වෙබ් අඩවි පවත්වන්නන්ගේ ගොදුරු බවට පත්වීමත් සිදු වෙනවා.
ශ‍්‍රී ලංකාව තුළ මෙම අසභ්‍ය වෙබ් අඩවි රජය විසින් තහනම් කොට තිබෙනවා. ජංගම දුරකථන භාවිතයෙන් කරන මෙවන් කටයුතුත් අප විසින් පාලනය කර තිබෙනවා. මේ ජගත් නායකයන්ගේ අවධානය යොමු විය යුතු වැදගත් ක්ෂේත‍්‍රයක් බව මා අවධාරණය කරනවා.
මෙම අහිතකර ප‍්‍රවනතා ඉදිරියට යාම මර්දනය කිරීමට ජගත් නායකයන් විසින් කෙටි කාලීන මෙන්ම දීර්ඝ කාලීනව හැකි ඉක්මණින් සාමූහික කි‍්‍රයාමාර්ග ගත යුතුයි.
සහස‍්‍ර සංවර්ධන ඉලක්ක හා අපගේ අනිකුත් සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමට මෙන්ම අප ලබා තිබෙන ජයග‍්‍රහණ විනාශ කර චපමට උත්සාහ කරන කණ්ඩායම් පරාජය කිරීමට හැකි වන්නේ අප විසින් ගනු ලබන අධිෂ්ඨානශීලී ප‍්‍රයත්න තුළින් පමණයි.
එක්සත් ජාතින්ගේ සංවිධානයේ සාමාජිකයින් ලෙස අප විසින් දැඩි කැපවීමක් කළ යුතු යැයි මා විශ්වාස කරනවා. ඒ නිසා මානව ප‍්‍රජාවට වෙන් වූ මෙම මහඟු ආයතන බිහි කිරීමට මුල් වූ පුද්ගලයින් නොදුටු සීමා පවා බිඳ දමා ඉදිරියට අප ගමන් කළ යුතුයි. අපට එය දැන් කළ නොහැකි වුවහොත් අනාගත පරම්පරාව අපට දොස් පවරාවි යැයි මා සිතනවා.
අවසන් වශයෙන් මාගේ කථාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධම්ම පදයේ ගාථාවකින් නිම කිරීමට අවසර පතනවා
ජයං වෙරං පසවතී
දුක්ඛං සෙති පරාජිතො
උපසන්තො සුඛං සෙති
හිත්වා ජයපරාජයං
මෙයින් පවසන්නේ දිනන්නා පරදින්නා තුළ වෛරය ඇති කරයි පරාජිතයා දුක සේ වෙසේ සන්සුන් තැනැත්තා දිනුම් පැරදුම් හැර සුවසේ වසයි
ඔබ සියලු දෙනාට
ති‍්‍රවිධ රත්නයේ සරණයි !