Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, September 3, 2008

කණ්ඩායම් හැඟීමෙන් තොරව තනිව ගෝල් ගැසීමට යෑම ගැන චෝදනා ශී‍්‍ර ලංකා පාපන්දු පිලේ කඩාවැටීමසොයන්න විශේෂ තාක්‍ෂණික කමිටුවක්

පි‍්‍රන්ස් ගුණසේකර
ශී‍්‍ර ලංකා පාපන්දු කණ්ඩායම පසුගිය කාලයේ දිගින් දිගටම ලද පරාජයන් හා ඉදිරියේදී කලයුතු වෙනස්කම් පිළිබඳ කරුණු සෙවීමට පාපන්දු ප‍්‍රවීනයන් හා නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ තාක්‍ෂණික කමිටුවක් පත්කර ඇත.
ලබන වසරේ අපේ‍්‍රල් මාසයේදී පැවැත්වෙන ආසියානු පාපන්දු සූරතාවලියේ සුදුසුකම් ලැබීමේ තරගවලට ශී‍්‍ර ලංකා කණ්ඩායම කෙසේ සූදානම් කළයුතුද යන්න පිළිබඳ යෝජනා ඉදිරිපත් කිරීම මෙම කමිටුවට පැවැරී ඇත.
පසුගිය දකුණු ආසියා පාපන්දු තරගාවලියේ හා ආසියානු පාපන්දු අභියෝගතා කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකා පාපන්දු පිලේ කී‍්‍රඩා විලාශය හා පසුබෑමට හේතුවූ කරුණු ඇතුළත් පුහුණුකරු හා කළමනාකරුගේ වාර්තා පදනම් කරගෙන මෙම විශේෂ තාක්‍ෂණික කමිටුව සාකච්ඡා ආරම්භ කරනු ඇත.
ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයේ උප සභාපති සරත් වීරසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් ලබන සෙනසුරාදා පෙරවරු 10.00 ට රැස්වෙන විශේෂ තාක්‍ෂණික කමිටුවට සභාපති හර්ලි සිල්වේරා, උප සභාපති රංජිත් රුද්‍රිගු, ප‍්‍රධාන විධායක කි‍්‍රෂාන්ත පෙරේරා, බාලේන්ද්‍ර ඇන්තනී, අනුර ද සිල්වා, ක්ලෙමන්ට් ද සිල්වා හා පී. ඩී. සිරිසේන යන මහත්වරු ඇතුළත් වෙති.
පසුගිය තරගාවලි කිහිපයකදීම ශී‍්‍ර ලංකා පාපන්දු පිලේ ඉදිරිපෙළ කී‍්‍රඩකයන්ගෙන් සුපුරුදු දක්‍ෂතා නොලැබුණ බවට චෝදනාවක් ඉදිරිපත් වී තිබුණි.
කණ්ඩායම් හැගීමෙන් තොරව තනිව ගෝල් ගැසීමට යෑමේ බලාපොරොත්තුව ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් කිහිපදෙනෙකුගෙන්ම දුටු ප‍්‍රධාන දුර්වලතාවක් ලෙස බොහෝ දෙනාගේ කතාබහට ලක්වූහ.
ශී‍්‍ර ලංකා පාපන්දු පුහුණුකරු හා කළමණාකරු පාපන්දු සම්මේලනයට සැපයූ සවිස්තරාත්මක වාර්තාවේ කී‍්‍රඩකයන්ගේ හැසිරීම හා කී‍්‍රඩාශීලිත්වය පිළිබඳ වෙන වෙනම සඳහන් කර ඇත.
විශේෂ තාක්‍ෂණික කමිටුව මෙම වාර්තා දීර්ඝ ලෙස සැලකිල්ලට ගෙන දිගින් දිගටම දුර්වලතා දැක්වූ කී‍්‍රඩකයන් ඉවත් කිරීමට හා අලුතින් කළයුතු වෙනස්කම් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමටද බලාපොරොත්තුවෙන් පසුවේ.
මෙම විශේෂ තාක්‍ෂණික කමිටුව පිළිබඳ ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති හර්ලි සිල්වේරා මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා පැවැසුවේ පාපන්දු කවුන්සිලයේදී ගත් තීරණයක් අනුව විශේෂ තාක්‍ෂණික කමිටුව පත් කිරීමට හේතුව වූ බවයි.

No comments: