Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, September 2, 2008

උතුර මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුම පැහැදිලි සැලැස්මකට අනුව - ආරක්ෂක ලේකම්

එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන්ට එරෙහිව මානුෂීය මෙහෙයුම් කි‍්‍රයාත්මක කිරීමේදී සිවිල් වැසියන්ට සිදුවන හානිය අවම කිරීම රජයේ අරමුණ බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
ත‍්‍රස්තවාදී ග‍්‍රහණයේ පසුවන සාමාන්‍ය වැසියන් ඉවත් කිරීමේ උපක‍්‍රම මැනවින් භාවිතා කර අති සාර්ථක ලෙස මානුෂීය මෙහෙයුම් කි‍්‍රයාත්මක කර ජනතා අභිලාෂයන් ඉටු කිරීම සඳහා දැනටමත් පියවර ගෙන ඇතැයි ද හෙතෙම අවධාරණය කළේ ය. ආරක්ෂක ලේකම්වරයා මේ බව කියා සිටියේ ඊයේ (28) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවකදීය. එහිදී වැඩිදුරටත් කථා කළ ගෝඨාභය රාජපක්ෂ මහතා

























උතුරේ මෙහෙයුම් කි‍්‍රයාත්මක කිරීමේදී සිවිල් වැසියන්ට සිදුවන තුවාල හා අවතැන් වන පුද්ගලයින් සම්බන්ධයෙන් ගන්නා කි‍්‍රයාමාර්ග මොනවාද යන්න පිළිබඳව විදේශීය තානාපතිවරුන් ප‍්‍රශ්න කළා. මෙහිදී සඳහන් කළ යුතුයි අපි නැඟෙනහිර පළාත ත‍්‍රස්තවාදී ග‍්‍රහණයෙන් මුදා ගැනීම සඳහා අති සාර්ථක ලෙස මෙහෙයුම් කළා. ඒ ආකාරයටම සිවිල් වැසියන්ට කිසිදු හානියක් නොවන අයුරින් ඉතිරි මෙහෙයුම් ද කරගෙන යනවා.
අපිට විරුද්ධව කටයුතු කරන ඇතැම් වෙබ් අඩවි වැරැදි තොරතුරු ලබා දෙනවා. නමුත්අද ත‍්‍රස්ත ග‍්‍රහනයෙන් මුදාගත් නගර දෙස බැලුවාම පේනවා ඒ නගරවල තිබෙන ගොඩනැගිලි , රෝහල්, පාසල් ආදී සියල්ලක්ම තිබුණ විදියට තිබෙනවා. ඒවා සියල්ල කොටි ත‍්‍රස්තවාදීන් ප‍්‍රයෝජනයට ගෙන තිබෙන්නේ ඔවුන්ගේ අරමුණු ඉටු කර ගැනීම සඳහායි. අපි මේ කර්තව්‍යයේදී විශාල පරිශ‍්‍රමයක් දරනවා. මෙහෙයුම් කටයුතුවල නිරත ප‍්‍රදේශවලින් අවතැන්වන සිවිල් ජනතාව වවුනියාවට රැගෙන විත් ඔවුන්ට අවශ්‍ය සියළු පහසුකම් සලසාලීමට කටයුතු කරනවා. මන්නාරම ප‍්‍රදේශය මුදා ගැනීමෙන් අනතුරුව දැනටමත් සංවර්ධන කටයුතු සිදු කර ගෙන යනවා. රජයේ ප‍්‍රතිපත්තියක් ලෙස අපි මේ ප‍්‍රදේශවල සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමට පියවර ගෙන තිබෙනවා.
නැඟෙනහිර පළාත ත‍්‍රස්තවාදී ග‍්‍රහණයෙන් මුදා ගැනීමේදී කොටස් වශයෙන් මානුෂීය මෙහෙයුම් කරගෙන යන්න හැකි වුණා. නමුත් දැන් මෙහෙයුම් කරන ප‍්‍රදේශ ඊට වඩා වෙනස්. අද හමුදා මෙහෙයුම් අති සාර්ථක ලෙස සිදු කරගෙන යනවා.
එයින් ලැබෙන ප‍්‍රතිඵලය ගැන කිසිම සැකයක් නෑ. අවතැන්වූ සිවිල් වැසියන් ඉක්මනින්ම පදිංචි කර සංවර්ධන කටයුතු වේගවත්ව සිදු කරගෙන යනවා. අද වනවිට හමුදාමය මෙහෙයුම් සිදු කෙරෙන සෑම ප‍්‍රදේශයකම වැසියන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය, බෙහෙත් ද්‍රව්‍ය කිසිදු අඩුවකින් තොරව යවා තිබෙනවා. මෙම වසර තුළ පමණක් 1000ක පමණ ප‍්‍රමාණයක් එල්.ටී.ටී.ඊ. පාලන ප‍්‍රදේශයෙන් පැන රජයේ පාලන ප‍්‍රදේශයට පැනවිත් තිබෙනවා. මේ අයට කිසිම ප‍්‍රශ්නයක් නෑ. ඔවුන්ගේ සියළු අවශ්‍යතා ඉටු කිරීමෙහි ලා රජය විශාල පරිශ‍්‍රමයක් දරනවා. රජයට එල්ල වන චෝදනාවන් ඇත්තටම වැරැදි සහගතයි. අපේ රණවිරුවන් හොඳ සැළැස්මකට අනුව මානුෂීය මෙහෙයුම් කරගෙන යනවා. යනුවෙන් කියා සිටියේය. මෙම අවස්ථාව සඳහා විදේශ කටයුතු ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා සහභාගි විය.
දිනමිණ ඇසුරනි

No comments: