Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, September 3, 2008

අපට ඡන්ද අඩුවුණා ආණ්ඩුවට වැඩිවුණා - එස්. බී. දිසානායක - එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික සංවිධායක

පළාත් සභා මැතිවරණයේ ප‍්‍රතිඵල හා පක්‍ෂයේ ඉදිරි කටයුතු ගැන එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික සංවිධායක එස්. බී. දිසානායක මහතා සමඟ කරන ලද සාකච්ඡාවකි මේ.
පළාත් සභා මැතිවරණයෙන් කෙසේ හෝ ජයගන්නා බව එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රකාශ කළ ද මේ වන විට පරාජය වෙලා. පක්‍ෂයේ ජාතික සංවිධායක ලෙස ඔබට කියන්න පුළුවන් ද පක්‍ෂයට කුමක් ද වුණේ කියලා?
මේ ඡන්දය පටන් ගත්තු තැන ඉදලා අවසානය දක්වා ම වාසිය තිබුණේ එක්සත් ජාතික පක්‍ෂයට. ඒක ආණ්ඩුව වගේම ජනතා විමුක්ති පෙරමුණත් දැනගෙන හිටියා.
සන්ධානයේ පළාත් සභා අපේක්‍ෂකයන් මේ නිසා හොඳටම බයවෙලයි හිටියේ. ජනාධිපතිතුමා සහභාගි වුණු මහජන රැස්වීම් හැරෙන්න අනෙක් රැස්වීම් අසාර්ථක වූ නිසා ආණ්ඩුවේ මැති ඇමැතිවරුණුත් හිටියේ බොහොම බයකින්.
ආණ්ඩුව හැම තැන ම කිව්වේ එක ම එක සටන් පාඨයයි. ළඟදීම කිළිනොච්චිය අල්ලනවා කියලා ආණ්ඩුව දින වකවානු කිව්වා. විශේෂයෙන් ම ජනාධිපතිතුමා කිව්වා, දින වකවානු සමඟ කිළිනොච්චිය අල්ලනවා කියලා.
උතුරේ මෙහෙයුම් සාර්ථක ලෙස කි‍්‍රයාත්මක වෙන බව ආරක්‍ෂක අංශ කියනවා. ඔබ කියන්නේ ඒක අසත්‍යයක් යයි කියල ද?
මං අසත්‍යයක් කියලා කියන්නේ නැහැ. ආරක්‍ෂක අංශ හොඳින් ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු කරනවා. උතුර අල්ලමින් අපේ හමුදාව ඉදිරියට යනකොට කොටි සංවිධානය පසුබසිනවා.
ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් උතුර ගැන කියන කතා නම් අතිශෝක්තියකින් යුක්තයි. ආණ්ඩුව දේශපාලන වාසි ගන්නත් හමුදාව උතුර මුදාගැනීමේ කටයුතු සාර්ථකව කරගෙන ගියා.
කොහොම නමුත් ජනතාව අවසානයේ දී තීන්දු කළා, උතුර මුළුමනින් ම මුදාගැනීම සඳහා ආණ්ඩුවට සහයෝගය ලබාදෙන්න. පසුගිය ජනාධිපතිවරණයට සාපේක්‍ෂව එක්සත් ජාතික පක්‍ෂයේ 5 1/2%, 6% කින් පමණ පසුබැසීමක් මේ පළාත් සභා මැතිවරණයෙන් පෙන්නුම් කරනවා.
ජනාධිපතිවරණයට සාපේක්‍ෂව බලනකොට 7 1/2% ක පමණ වර්ධනයක් ආණ්ඩුවේ තියෙනවා. උතුර මුදාගැනීමේ කතාව අහලා එක්සත් ජාතික පක්‍ෂයේ කොටසකුත් අවසානයේ දී ආණ්ඩුවට ඡන්දය ලබාදුන්නා.
මුලදී ජන රැල්ල එක්සත් ජාතික පක්‍ෂයට තිබුණා කියලා ඔබ කිව්වා. ජන රැල්ල නැතිවුණේ මොන වෙලාවෙද; වරද සිදුවුණේ කොතැනද?
බඩුමිල, ජීවන වියදම, ආණ්ඩුවේ අකාර්යක්‍ෂමතාව, වංචා, දූෂණ, පළාත් සභාවල අක‍්‍රමිකතා ගැන ජනතාවට ප‍්‍රශ්න තිබුණා. නමුත් උතුර ත‍්‍රස්තවාදයෙන් නිදහස්කර ගැනීමේ කාරණය මේ සියලු කරුණුවලට ඉහළින් තැබීමට ආණ්ඩුව සමත් වුණා.
ජනතාව ඒක පිළිගත්තා. උතුර මුදාගැනීමට සහයෝගය ලබාදෙන්න කියන කරුණු ආණ්ඩුව හොඳට අලෙවි කළා. මේ පාර ආණ්ඩුව දිනුවට හමුදා ජයග‍්‍රහණවලින් හැමදාම දිනන්න බැහැ.
තාවකාලිකව මෙවැනි ජයක් ලබාගත්තත් ආණ්ඩුව මේ වන විට යළි ක‍්‍රම ක‍්‍රමයෙන් ආර්ථික පඹගාලක පැටලෙන්නයි හදන්නේ. දැනටමත් කර්මාන්ත ශාලා රැසක් වැසීයමින් පවතිනවා. ආර්ථිකයට අමතරව දේශපාලන පඹගාලකත් ආණ්ඩුව පැටලෙනවා.
ජීවන වියදම ඉහළ යනවා. ආණ්ඩුවේ අකාර්යක්‍ෂමතාව වැඩිවෙලා. අක‍්‍රමිකතා වැඩිවෙලා කියලා ඔබ කියනවානම් ආණ්ඩුව දිනුවේ ඒ චෝදනා ජනතාව ප‍්‍රතික්ෂේප කරන නිසා ද?
ජනතාව එහෙම හිතන්නේ් නැහැ. මාත් ඇතුළුව මේ රටේ ජනතාවට තියෙන ප‍්‍රධාන ප‍්‍රශ්නය තමයි මේ යුද්ධය. මේ යුද්ධය අවසන් වෙනවනම් හැම කරුණක් ගැන ම මුල සිට හිතන්න අපට පුළුවන්.
හෙට අනිද්දා කිලිනොච්චිය අල්ලගන්නවනම් ආණ්ඩුව දුර්වල කරන්නේ මොකටද? කියලා ජනතාව හිතන්න ඇති. මේ මොන ප‍්‍රශ්න තිබුණත් මේ යුද්ධය ඉවරයක් කරන්න ඕන කියලා මේ රටේ බහුතරයක් ජනතාව තීන්දු කළා.
කිළිනොච්චිය අල්ලගන්න මිනිස්සු කැමැත්තෙන් ආණ්ඩුවට සහයෝගය ලබාදෙනවානම් යුද්ධය විකුණගෙන කනවා කියලා ආණ්ඩුවට චෝදනා කිරීම සාධාරණ ද?
ජීවන වියදම, දූෂණ, වංචා, අක‍්‍රමිකතා, අකාර්යක්‍ෂමතාව කියන මේ සියලු කරුණු ආණ්ඩුව යුද්ධයෙන් ලස්සනට වහනවා. ආණ්ඩුව මේවා වහගෙන කෙතරම් අතිශෝක්තියකින් කථා කළත් අපේ රණවිරුවන් ඇත්තටම යුද්ධය හොඳින් කරනවානේ.
ඒක මිනිස්සුන්ට දැනෙනවා. ඒක නිසා කුමන ප‍්‍රශ්න තිබුණත් යුද ජයග‍්‍රහණ වෙනුවෙන් ආණ්ඩුවට සහයෝගය ලබාදීමට ජනතාව තීන්දු කළා.
මේ යුද්ධය අවංකව සිදු කෙරෙනවා කියලා ඔබ විශ්වාස කරනවා ද?
අතිශෝක්ති තියෙනවා, හඟවන දේවල් තියෙනවා. නමුත් යුද්ධෙ හොඳට යනවා. නැඟෙනහිර වාගේ මුළුමනින් ම උතුරු පළාතත් හමුදාව විසින් මුදාගනියි කියලා මං විශ්වාස කරනවා.
කොහොම නමුත් අවසානයේ දී බලය බෙදාගන්න දේශපාලන විසඳුමකට එන්න වෙනවා. ඒකට ආණ්ඩුව එයි කියල නම් මං විශ්වාස කරන්නේ නැහැ.
මේ ආණ්ඩුව යුද්ධය හැම මැතිවරණයකටම ගේන්න හැදුවොත් ටිකක් කල් යනකොටත් අනෙක් පොරොන්දු වගේ මේකත් ජනතාව විශ්වාස කරන්නේ නැතුව යනවා.
එතකොට ආණ්ඩුවට මාකට් කරන්න දෙයක් නැතුව අසරණ වෙනවා. ඒකයි මං කලින් කිව්වේ ඕනෑවට වඩා අතිශෝක්තිය ආණ්ඩුවට ඉදිරියේ දී අවාසිවෙන්න පුළුවන් කියලා.
මතක තියාගන්න දෙවන ලෝක මහා යුද්ධයේ දී බි‍්‍රතාන්‍ය අගමැති වර්චිල් යුද්ධය දිනුවා. ඊට පසුව තිබුණු මැතිවරණයෙන් වර්චිල් පරාද වුණා.
යුද්ධය සාර්ථකව කරගෙන යාමට සේනාධිනායකයා වශයෙන් උපදෙස් දෙන්නේ ජනාධිපතිතුමා. යුද්ධය සාර්ථකව සිදු වෙනවානම් එහි වාසිය නිතැතින් ම ජනාධිපතිතුමට හා ආණ්ඩුවට ලැබෙනවා නේද?
ඔව් වාසිය ලැබෙනවා. ඒ වගේම වාසිය ගන්න එපා කියලත් මං කියන්නේ නැහැ. මං කියන්නේ ඔච්චර පහත් මට්ටමින් දේශපාලන වාසි ලබාගන්න එපා කියලයි.
යුද්ධය, රණවිරුවන්, මාධ්‍ය ඡන්දයකට හරවලා වාසි ගන්න එකනම් අනුමත කරන්න බැහැ. ඒක ආණ්ඩුවේ ඉදිරි පැවැත්මටත් හිතකර වන්නේ නැහැ.
පළාත් සභා මැතිවරණය නිදහස් හා සාධාරණව පැවැත්වුණා කියලා ඔබ විශ්වාස කරනවා ද?
එක්සත් ජාතික පක්‍ෂයේත්, ජනතා විමුක්ති පෙරමුණේත් හිතවතුන්ගේ ගෙවල් විනාශ කරමින් පහර දී භයානක පූර්ව මැතිවරණ ප‍්‍රචණ්ඩකි‍්‍රයා සිද්‍රුකළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට යම් භීතියක් තිබුණු නිසයි.
නමුත් ඡන්දෙ දිනේ වෙනකොට හිතාගන්නවත් බැරිවෙන විදියට ප‍්‍රචණ්ඩ කි‍්‍රයා අඩු වුණා. ආණ්ඩුවට එරෙහිව ඡන්දෙ ප‍්‍රකාශ කරන්න තීන්දු කරපු ජනතාව අන්තිම දවස් දෙකේ දී තීරණය කළා, උතුර මුදාගැනීමේ කටයුතු ශක්තිමත් කිරීමට ආණ්ඩුවට ඡන්දය ලබාදෙනවා කියලා.
සැළකිය යුතු ප‍්‍රමාණයක් ඡන්දය පාවිච්චි කිරීමට නො පැමිණි බවත් ඔවුන් ඡන්දය ප‍්‍රකාශ කළා නම් ආණ්ඩුව පරාජයට පත්වෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රකාශ කරලා තිබුණා.
පළාත් සභා ඡන්දයක පාව්චිචිවෙන උපරිම ඡන්ද ප‍්‍රමාණය මෙවර ප‍්‍රකාශයට පත්වෙලා තියෙනවා. ජනාධිපතිවරණයක, මහ මැතිවරණයක නම් 70% කට වඩා ප‍්‍රකාශිත වුණා නම් ඒක උපරිමයක් ලෙස ගණන් ගැනෙනවා.
සාමාන්‍යයෙන් පළාත් සභා ඡන්දයක දී ප‍්‍රකාශ වෙන්නේ ජනාධිපතිවරණයකට, මහ මැතිවරණයකට වඩා අඩුවෙන්. රටක මධ්‍යම පංතිය ලොකු වෙනකොට ඊට සාපේක්‍ෂව ඡන්දෙ ප‍්‍රකාශ කරන ප‍්‍රමාණය අඩුවෙනවා.
ඒක අපේ රටෙත් සිදුවීගෙනයි එන්නේ. මෙවර පළාත් සභා මැතිවරණයේ සියයට 65%ක් පමණ ඡන්ද ප‍්‍රකාශ වෙලා තියෙනවා. ඒක හොඳ මට්ටමක්.
එක්සත් ජාතික පක්‍ෂයේ ඇතැම් දේශපාලඥයන් කියන්නෙ නම් මෙවර පළාත් සභා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්‍ෂයේ ඡන්ද ප‍්‍රමාණය වැඩිවෙලයි කියලයි.
පසුගිය පළාත් සභා මැතිවරණය එක්ක ගත්තම එක්සත් ජාතික පක්‍ෂයේ ඡන්ද වැඩිවෙලා තියෙනවා. රජරටින් වැඩි ඡන්ද හැටතුන්දහසක් ගන්නකොට සබරගමුවේ වැඩිවෙලාතියෙනවා එක්ලක්‍ෂ එකොළොස් දහසක්.
නමුත් මේ සන්සන්දනය වැරැදියි. 2004 පැවැති පළාත් සභා මැතිවරණයෙන් පසුව තවත් මැතිවරණ පැවැත්වුණා. ඒක නිසා අපි සන්සදනය කළ යුත්තේ 2005 ජනාධිපතිවරණය සමඟයි.
එහෙම සසදනකොට අපේ ඡන්ද අඩුවෙලා තියෙනවා. සියයට 5 1/2%ක් 6%ක් අතරින් අපේ ඡන්ද අඩුවෙනකොට සියයට 7කින් සන්ධානයේ ඡන්ද වැඩිවෙලා.
වැඩිපුරම කඩාවැටීම පෙන්නුම් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ. ඔවුන්ගේ ඡන්ද සියයට 9%කින් අඩුවෙලා. පක්‍ෂයක ජන පදනම සැසදිය යුත්තේ ළඟම තිබුණු ප‍්‍රධාන මැතිවරණයක් සමඟ මිසක් වසර ගණනක් පැරණි ඡන්දයක් සමඟ නො වෙයි.
මේ ඡන්ද ප‍්‍රමාණය අඩුවීමත් සමඟ එක්සත් ජාතික පක්‍ෂය ඉදිරියට මුහුණ දෙන්නේ කොහොමද?
මේක තාවකාලික පසුබැසීමක් පමණයි. යුද්ධෙන් ආණ්ඩුවට හැමදාම දිනන්න බැරි බව ඔවුන් තේරුම් නොගත්තොත් ආණ්ඩුව ලොකු අමාරුවක වැටෙනවා.
ඒ එක්කම ඡන්ද පදනම වැඩිකරගන්න එක්සත් ජාතික පක්‍ෂය කි‍්‍රයා කළ යුතුයි. ඒ සඳහා පක්‍ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු සිදුවිය යුතුයි. පක්‍ෂය තුළ තීරණාත්මක වෙනස්කම් විය යුතුයි.
තීරණාත්මක ප‍්‍රතිසංවිධාන සිදු වී පක්‍ෂය ශක්තිමත් විය යුතුයි. පක්‍ෂයේ ව්‍යූහය හදාගෙන නව පක්‍ෂයක් ලෙස එක්සත් ජාතික පක්‍ෂය ඉදිරියට යායුතුයි. ඒක අපි තේරුම් අරගෙනයි තියෙන්නේ.
එක්සත් ජාතික පක්‍ෂයට අහිමි වී තිබෙන ඡන්ද ප‍්‍රමාණය වැඩි කරගැනීමට ජාතික සංවිධායක ලෙස ඔබටත් වගකීමක් තියෙනවා නේද?
අඩුවෙච්ච ඡන්දය වැඩිකරගන්න කිසි ම අමාරුවක් නැහැ. ඒ වගේම ඉදිරි ඡන්දයකට මුහුණදීමත් එතරම් අභියෝගයක් නොවෙයි. මං කලින් කිව්ව වගේ පළාත් සභා ඡන්දය තීරණාත්මක එකක් බවට ජනතාව පත්කරගත්තේ උතුරේ මෙහෙයුම් නිසයි.
උතුර මුදාගැනීමේ සටන් පාඨයෙන් ආණ්ඩුව ලබාගත් වාසිය දැන් ඉවරයි. උතුර මුළුමනින් ම මුදාගත්තා හෝ නැතා හෝ ආණ්ඩුව ජනතාව අසන ප‍්‍රශ්නවලට පිළිතුරු දිය යුතුයි.
ආණ්ඩුව පෙරලන්න පුළුවන් ශක්තිය එක්සත් ජාතික පක්‍ෂයට තියෙනවා. ඒ සඳහා පක්‍ෂය ප‍්‍රතිසංවිධානය කළ යුතුයි.
හදිසි මහ මැතිවරණයක් පැවැත්වුවොත් ඒකට මුහුණ දෙන්න එක්සත් ජාතික පක්‍ෂය සූදානම් ද?
ඔව්. මහ මැතිවරණයකට නොවෙයි, ඕනෑ ම මැතිවරණයකට මුහුණ දෙන්න එක්සත් ජාතික පක්‍ෂය සූදානම්. නමුත් එහෙම ආවොත් ආණ්ඩුව හෙළුවෙන් දඟලනවා වගේ වැඩක්.
කිළිනොච්චිය අල්ලගන්න පළාත් සභා මැතිවරණයේ දී ඡන්දය ඉල්ලලා ඊට පස්සේ මහ මැතිවරණයක් පවත්වන්න ආණ්ඩුවට ඇඳුම් ඇදගෙන ඉන්න පුළුවන් ද? මේකම ආණ්ඩුවට පාරා වළල්ලක් වෙන්න පුළුවන්.
ජනතාව හැමදාම රවට්ටන්න බැහැ. රැවටෙන්නෙත් නැහැ. ආණ්ඩුවට ලබා දී තිබෙන ජන වරම හා ආණ්ඩුව ජනතාවට ලබා දී තිබෙන පොරොන්දු ගැන ආණ්ඩුව මීට වඩා කල්පනා කළ යුතුයි.
එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රතිසංවිධාන යෝජනා පළාත් සභා මැතිවරණය හේතුවෙන් යටපත් වුණා. ඡන්ද ප‍්‍රතිඵලත් සමඟ එම ප‍්‍රතිසංවිධාන යෝජනා යළි කරළියට ඇවිල්ලා නේද?
මේ සියල්ල පක්‍ෂයේ අභ්‍යන්තර කරුණයි. ඒවා සාකච්ඡාකර විසඳ්‍රගත යුත්තේ පක්‍ෂය තුළ දී. එක එක්කෙනා එළියට ඇවිල්ලා, නොයෙක් දේවල් කියන්න පුළුවන්.
පක්‍ෂය තුළ යම් යම් තීරණාත්මක වෙනස්කම් සිදු කළ යුතුයි. එහි ගැටලුවක් නැහැ. ඒවා කළ යුත්තේ පක්‍ෂය තුළ ඉදගෙනයි. පක්‍ෂය තුළ කතා කළ යුතු දේවල් පිටත කථා කරන එක ජාතික සංවිධායක ලෙස මං කිසිසේත් ම අනුමත කරන්නේ නැහැ.
පළාත් සභා මැතිවරණයේ ප‍්‍රතිඵල සමඟ එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය පිළිබඳ ගැටලුව උග‍්‍ර වී ඇති බවට වාර්තා පළවෙනවා.
පරණ චීන කියමනක් තියෙනවා "ජයග‍්‍රහණයට පියවරු බොහොමයි. පරාජය අවජාතකයි කියලා." පරාජයක දී ඕනෑ ම පක්‍ෂයක තියෙන අර්බුද ගැටලු මතුවෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. එම ගැටලුව දුරදිග යා නොදී පක්‍ෂයේ ම වගකිව යුත්තන් විසින් විසඳ්‍ර ගත යුතුයි.
රනිල් වික‍්‍රමසිංහ මහතා පක්‍ෂයේ නායකත්වයෙන් ඉවත්කළ යුතුයි කියා පිරිසක් කියන කොට තවත් පිරිසක් කියන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් නායකත්වයේ සිටිය යුතු බවයි. මේ මත දෙකෙන් ඔබ දරන්නේ කුමන මතය ද?
පක්‍ෂයේ නායකත්වය හා වෙනත් තීරණාත්මක කරුණු අප සාකච්ඡා කළ යුත්තේ පක්‍ෂයේ ඇතුළේ මිසක් පත්තරවලින් හෝ වෙනත් දේවල්වලින් නො වේ.
ඒ අතින් මං ඉතා ම අගය කරන පක්‍ෂයක් වන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. "නැත්ත වෙනුවට ඇත්ත" පොත එළිදැක්වෙනතුරු ඔවුන් තමන්ගේ පක්‍ෂයේ ඇතුළේ රහස් සියයට 99ක් ම රැක්කා.
ඒ විනය දේශපාලන පක්‍ෂයක තියෙන්න ඕන. ඒ විනය වමේ පක්‍ෂවලට තිබුණා. මැතිනිය, ජේ. ආර්. ජයවර්ධන මහතා නායකත්වයේ ඉන්නකොට එම පක්‍ෂවලටත් ඒ විනය තිබුණා.
සාකච්ඡා කෙළෙ ඩබ්ලිව්.කේ.ප‍්‍රසාද් මංජු

No comments: