Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, September 10, 2008

කොටින් දුර්වල වී ඇති තරම මේ අසාර්ථක ප‍්‍රහාරයෙන් පේනවා- ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල

චන්ද්‍රිකා පෙරේරා හා විජයානි එදිරිසිංහ
ජාත්‍යන්තරය හමුවේ තම ශක්තිය පෙන්වීමේ අරමුණින් කොටි ත‍්‍රස්තයන් වවුනියාවට එල්ල කිරීමට ගිය දැවැන්ත ප‍්‍රහාරය සාර්ථකව මැඬපැවැත්වීමට හමුදා සමත්වූ බව ජාතික ආරක්‍ෂක මාධ්‍ය ප‍්‍රකාශක ඇමැති ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
2005 වසරේ අග සිට මේ දක්වා කාලය තුළදී ත‍්‍රස්තවාදීන් දුර්වලවී නැතැ’යි යමෙකු ප‍්‍රකාශ කරන්නේ නම් එම තැනැත්තා මන්දබුද්ධිකයෙකු බව හෙතෙම අවධාරණය කෙළේය.
මේ කුමන ප‍්‍රහාරයක් එල්ල කළද ඔවුන් හැකි උපරිම ශක්තිය යොදනු ලබයි. ඔවුන්ගේ් දුර්වල බව කොපමණද යන්න තීරණය කළ නොහැකි අතර ඔවුන්ගෙන් එක් අයකු හෝ යම් ප‍්‍රහාරයක් එල්ලකළද එයින් විශාල හානියක් සිදුවීමට ඉඩ ඇති බව පිළිගත හැකි නමුත් ප‍්‍රභාකරන්ගේ ඊලාම් සිහිනය සිහිනයක්ම වී ඇති බව රඹුක්වැල්ල මහතා සඳහන් කෙළේය.
ජනතාව අද ති‍්‍රවිධ හමුදාවේ මෙහෙයුම්වලට ආශිර්වාද කරන බවත් ජනතා උද්යෝගය හා යුද මානසිකත්වය ත‍්‍රස්තවාදය පරාජය කිරීම සඳහා අත්‍යවශ්‍ය බවත් හෙතෙම කීය.
ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ ඊයේ (09) දහවල් පැවැති මාධ්‍ය හමුවේදී රඹුක්වැල්ල මහතා මෙම අදහස් පළකෙළේය.
යම් සිද්ධියක් වූවිට හැමදේම දුර්වල යැයි ප‍්‍රකාශ කිරීම වරදක් බවත් දශක තිහකට ආසන්න කාලයක් තිස්සේ පැවැති ත‍්‍රස්තවාදය මාස 18ක් තරම් කෙටි කාලයකින් විනාශ කිරීමට නොහැකි බවත් පැවසූ ඇමැතිවරයා ත‍්‍රස්තවාදය විනාශ කිරීමේ වැඩපිළිවෙළ දැඩි විශ්වාසයකින් ඉටුකරමින් ආරක්‍ෂක අංශ කැපවීමෙන් කි‍්‍රයාත්මකව සිටින බවත් සඳහන් කෙළේය.

No comments: