Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, September 5, 2008

උතුරු මැද - සබරගමු මැති ඇමැතිවරු දිවුරුම් දෙති

ජයසිරි මුණසිංහ
ශී‍්‍ර ලංකාවේ පළාත් සභා ඉතිහාස වංශ කථාවේ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සබරගමුව සහ උතුරු මැද පළාත් සභා දෙක ජය ගත් මහ ඇමැතිවරු, ඇමැතිවරු හා මන්තී‍්‍රවරු ජනාධිපති මහ ලේකම් කාර්යාලයේ ඊයේ (04) උදේ පැවැති අභිමානවත් උත්සව අවස්ථාවේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
රාජ්‍ය මන්ත‍්‍රණ සභාව සහ පැරණි පාර්ලිමේන්තුව රැස්වූ ප‍්‍රතාපවත් ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැගිලි සංකීර්ණයේ සභා ගර්භය මේ අභිමානවත් අවස්ථාව සඳහා චාම් අයුරින් සැරසිලි කොට තිබිණි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ “බුලත් කොළය” ලකුණින් සබරගමුව සහ උතුරු මැද පළාත් සභා දෙක ජය ගත් මන්තී‍්‍ර කණ්ඩායමේ සාමුහිකව දිවුරුම් දීමේ නිල උත්සවයට ජනාධිපතිවරයා පැමිණියේ උදෑසන 11.45 ට ය.
ඉන්පසුව ආගමික වතාවත් පැවැත්විණි. අනතුරුව එළැඹි සුබ නැකතට සියලු මන්තී‍්‍රවරු සාමුහිකව ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීම සිදුකළහ.
දෙපළාතේ මහ ඇමැති සහ ඇමැති මණ්ඩලය දිවුරුම් ලබා දුන්නේ ඉන් පසුවය.
දිවුරුම් දීමේ අවස්ථාවේදී ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ සබරගමුව පළාත් ආණ්ඩුකාර ඩික්සන් දෑල යන මහත්වරු ජනාධිපතිතුමා අබියස සිටියහ.
උතුරු මැද පළාත් සභා මහ ඇමැති සහ ඇමැතිවරු දිවුරුම් දෙන අවස්ථාවට උතුරු මැද ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා ද විය. මෙලෙස දිවුරුම් දීමේ අවස්ථා නිමාවීමෙන් පසු ජනාධිපතිවරයා විසින් සභාව අමතනු ලැබිණි.
චාම් අයුරින් පැවැත්වූ මේ දිවුරුම් දීමේ උත්සවයට අමාත්‍යවරුන් වන මෛතී‍්‍රපාල සිරිසේන, සුසිල් පේ‍්‍රමජයන්ත, නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප‍්‍රියදර්ශන යාපා, එම්. එච්. මොහොමඩ්, ඩග්ලස් දේවානන්ද, අමීර් අලි, රිෂාඩ් බදුර්දීන්, පළාත් ආණ්ඩුකාරවරුන් වන වික්ටර් පෙරේරා, අලවි මවුලානා, මහ ඇමැතිවරුන් වන ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්, සරත් ඒකනායක, රෙජිනෝල්ඩ් කුරේ, අතුල විජේසිංහ යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු, පළාත් සභා, ප‍්‍රාදේශීය සභා, නගර සභාවල මහජන නියෝජිතයෝ ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් එක්ව සිටියහ.
ඒ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර දේශපාලන පක්‍ෂවල නායකයෝ සහ නව මැති ඇමැතිවරුන්ගේ පවුල්වල ඥාතීහු, ජනාධිපති ලේකම් කාර්යාලයේ, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු සහභාගි වී සිටියහ.
සබරගමු නව ඇමැති මණ්ඩලය
ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා – නීතිය හා සාමය, මුදල් හා සැලසුම්, පළාත් පාලන, අධ්‍යාපන හා තොරතුරු තාක්ෂණ, සංස්කෘතික හා කී‍්‍රඩා කටයුතු, විදුලිබල, නිවාස හා ඉදිකිරීම්, සමුපකාර, වෙළෙඳ හා ආහාර, මගී ප‍්‍රවාහන සහ වතු සුබසාධන කටයුතු අමාත්‍ය
ලලිත් දිසානායක මහතා - ඉඩම්, පළාත් වාරිමාර්ග, කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන හා සත්ව සෞඛ්‍ය, පරිසර කටයුතු සහ ධීවර අමාත්‍ය
ජානක වක්කුඹුර මහතා - පළාත් මාර්ග සංවර්ධන, ග‍්‍රාමීය යටිතල පහසුකම් සහ සංචාරක අමාත්‍ය
තිරිමාදුර රංජිත් ද සොයිසා මහතා - සෞඛ්‍ය, දේශීය වෛද්‍ය සහ වනිතා කටයුතු අමාත්‍ය
ජී. එම්. කරුණාපාල මහතා – සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක, ග‍්‍රාම සංවර්ධන සහ ග‍්‍රාමීය කර්මාන්ත අමාත්‍ය
උතුරු මැද නව ඇමැති මණ්ඩලය
ප‍්‍රධාන අමාත්‍ය බර්ටි පෙ‍්‍ර්මලාල් දිසානායක මහතා - නීතිය හා සාමය, මුදල් හා ක‍්‍රමසම්පාදන, ආර්ථික ප‍්‍රවර්ධන, පළාත් ඉංජිනේරු ඉදිකිරීම්, යන්ත්‍රෝපකරණ, ප‍්‍රවෘත්ති, අධ්‍යාපන, පළාත් පාලන, පළාත් වාරිමාර්ග, ඉඩම්, පරිසර, ප‍්‍රවාහන සංස්කෘතික, සංචාරක සහ බලශක්ති අමාත්‍ය
කේ. එච්. නන්දසේන මහතා - කෘෂිකර්ම හා සත්ව නිෂ්පාදන, සත්ව සෞඛ්‍ය, ධීවර සහ පළාත් සභා කටයුතු අමාත්‍ය
එච්. බී. සේමසිංහ මහතා - සමුපකාර, වෙළෙඳ හා ආහාර, කුඩා කර්මාන්ත, පේෂ කර්මාන්ත සහ ග‍්‍රාම සංවර්ධන අමාත්‍ය
එස්. එම්. පේෂල ජයරත්න මහතා - සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක, කී‍්‍රඩා හා යෞවන කටයුතු සහ කාන්තා කටයුතු අමාත්‍ය
ආර්. එම්. පුංචි බණ්ඩා රත්නායක මහතා - ග‍්‍රාමීය යටිතල පහසුකම්, පළාත් මාර්ග සංවර්ධන සහ විදුලිබල අමාත්‍ය

No comments: