Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, September 4, 2008

කිලිනොච්චියේ දරුණු ගැටුම්: කොටි ත‍්‍රස්තවාදීහු 52ක් මරුට

කිලිනොච්චියේ නාව්විකුඩා සහ අක්කරායන්කුලම් ප‍්‍රදේශයේ දී පෙරේදා (02) ආරක්‍ෂක හමුදාවත් කොටි ත‍්‍රස්තවාදීනුත් අතර ඉතා දරුණු සටන් ඇවිලී ගිය අතර කිලිනොච්චිය ඇතුළුව වන්නියේ ගැටුම්වල දී කොටි ත‍්‍රස්තවාදීන් 52 ක් මියගොස් තවත් 65 ක් තුවාල ලැබූහ.
නාච්චිකුඩා සහ අක්කරායන්කුලමේදී වූ ගැටුම්වලදී පමණක් ත‍්‍රස්තවාදීන් 27 ක් මරා දැමූූ හමුදාව තවත් 31 කට තුවාල සිදුකර තිබේ.
මෙහිදී වූ ගැටුමෙන් යුද හමුදාවේ සෙබළු හත්දෙනකු මිය ගොස් තවත් 50 ක් තුවාල ලැබූ බවත් හමුදා සෙබළු හත්දෙනකු අතුරුදන් වූ බවත් ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කෙළේය.
වවුනියාවේ නාවක්කුඩා සහ පාලමොඩෙයි ප‍්‍රදේශවලදී සිදු වූ ගැටුම්වලින් ත‍්‍රස්තවාදීන් 19 ක් මරා දැමූ හමුදාව විසින් තවත් 23 කට තුවාල සිදුකර තිබේ. එහිදී යුද හමුදාවේ සෙබළකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇත.
වැලිඔය ප‍්‍රදේශයේදී වූ ගැටුම්වලින් ත‍්‍රස්තවාදීන් හයදෙනකු මියගොස් තවත් 11 ක් තුවාල වූ බවත් මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කෙළේය. යාපනය එලුත්තුකඩවායි ප‍්‍රදේශයේ දී කොටින්ගේ අත් බෝම්බ ප‍්‍රහාරයකින් හමුදාවේ සෙබළකු තුවාල ලබා තිබේ.

No comments: