Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, September 8, 2008

එජාපයේ නියෝජ්‍ය නායකත්වයට රුක්මන් පත් කිරීමේ සූදානමක් ජයවික‍්‍රම – එස්.බී.- සජිත් උප නායක ධූරවලට

නිරූෂි විමලවීර
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස රුක්මන් සේනානායක මහතා පත් කිරීමේ සූදානමක් ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉදිරියේදී රැස්වන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම පත්වීම අපේක්ෂා කෙරේ. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පක්ෂ නායකත්වයට ඉදිරිපත් කළ ප‍්‍රතිසංවිධාන වාර්තාව කි‍්‍රයාත්මක කිරීමට විපක්ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා එකඟ වී ඇති බවත්, ඒ අනුව මෙම මස 11 දා පැවැත්වෙන එජාප කෘත්‍යාධිකාරි රැස්වීමේදී අලුතින් තනතුරු කිහිපයක් ස්ථාපිත කිරීමට නියමිත බවත්, දැනගන්නට තිබේ.
එජාප ප‍්‍රතිසංවිධානයට අනුව උපනායක ධූර තුනක් අලුතින් ස්ථාපිත කෙරේ. එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක එස්.බී. දිසානායක පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් වන ගාමිණි ජයවික‍්‍රම පෙරේරා හා සජිත් පෙ‍්‍ර්මදාස යන මහත්වරුන් ඒ සඳහා පත් කරන ලෙසට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.
විපක්ෂ නායකවරයා පක්ෂ නායකත්වයෙන් ඉවත් කොට ඒ වෙනුවට රුක්මන් සේනානායක මහතා පත් කළ යුතු බව කියා සිටි කැරළිකාර මන්ති‍්‍ර කණ්ඩායම පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයට රුක්මන් සේනානායක මහතා පත් කළ යුතු මතයට පැමිණ ඇතැයි කියති.
පක්ෂ ප‍්‍රතිසංවිධානය හා තනතුරු ලබාදීම පිළිබඳ එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතාගෙන් ‘දිනමිණ’ කළ විමසීමකදී එජාප ප‍්‍රතිසංවිධානය පිළිබඳ සාකච්ඡා පැවැත්වෙන බව කීය.

No comments: