Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, September 16, 2008

අජන්තට නිසි පිළිගැනීමක් නොකිරීම ගැන සොයා බලන්න අද විශේෂ පරීක්ෂණයක්

ප‍්‍රින්ස් ගුණසේකර
‘වසරේ නැගී එන කි‍්‍රකට් කී‍්‍රඩකයා’ ජගත් සම්මානය දිනා මව්බිමට පැමිණි අජන්ත මෙන්ඩිස් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී නිල වශයෙන් පිළිගැනීමකට ලක් නොකිරීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් අතුරු කමිටු ප‍්‍රධානී අර්ජුන රණතුංග මහතා තීරණය කර ඇත. අද පෙරවරුවේ ශ‍්‍රීී ලංකා කි‍්‍රකට් මූලස්ථානයේදී පැවැත්වෙන විධායක කමිටු රැස්වීමේදී මේ පිළිබඳ විශේෂයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් මාධ්‍ය කළමනාකරු ෂේන් ප‍්‍රනාන්දු මහතා ‘දිනමිණ’ට පැවැසීය.
“අජන්ත ශ‍්‍රී ලංකාවට එන බව කි‍්‍රකට් මාධ්‍ය ඒකකය දැනගත්තේ එදින පෙරවරු 9.00 ට පමණ. අජන්තගේ පැමිණීමට අදාළ සියලු කටයුතු කළේ ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය මගින්. කොහොම වුණත් නිල පිළිගැනීමකට ලක්නොවීම ගැන පරීක්ෂණයක් පවත්වන්න අතුරු කමිටු සභාපතිතුමා තීරණය කළා” යැයි ප‍්‍රනාන්දු මහතා පැවැසීය.
ශ‍්‍රී ලංකා කි‍්‍රකට් අතුරු කමිටු සභාපතිවරයා පසුගිය දිනවලදී විදේශගතව සිටි හෙයින් වැඩබලන සභාපති ලෙස කී‍්‍රඩා අමාත්‍යාංශයේ ලේකම් එස්. ලියනගම මහතා කටයුතු කළේය.

No comments: