Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, September 9, 2008

පාර්ලිමේන්තුවට පැමිණි කි‍්‍රකට් කී‍්‍රඩකයන්

අපගේ පාර්ලිමේන්තු ක‍්‍රමය නෑකම් දක්වන්නේ "වෙස් මිනිස්ටර් " සම්ප‍්‍රදායට ය. ආණ්ඩු පක්ෂයත්, විරුද්ධ පක්ෂයත් මෙහි දක්නට ලැබේ. පාර්ලිමේන්තුවේ ප‍්‍රධානියා කථානායකවරයායි. කි‍්‍රකට් කී‍්‍රඩාවේ විනිසුරුවන් තරගය පාලනය කරන්නාක් මෙන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂණ පිළිබිඹු කරමින්, කථානායකවරයා පාර්ලිමේන්තුවේ තීරණ ලබාදේ. පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට අනුව කථානායකවරයා ගන්නා තීරණ සෑම මන්තී‍්‍රවරයෙකු ම ගරු කළ යුතුයි.
ඒ නිසා අපේ කථාව කථානායකවරයාගෙන් ම අරඹමු.
තම පාසල් දිවියේ කි‍්‍රකට් පිටියේ දස්කම් දැක්වූ කි‍්‍රකට් කී‍්‍රඩකයින් තිදෙනෙක් ම පසු කලෙක පාර්ලිමේන්තුවේ කථානායක ධූරයට පත්වූහ.
1940 ප‍්‍රථම පාර්ලිමේන්තුවේ කථානායක, සර් ෆ‍්‍රැන්සිස් මොලමුරේ ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. එක්දාස් නවසිය හැටගණන්වලදී මෙම ධූරයට පත් වූ සර් ඇල්බට් එෆ්. පීරිස්, මරදාන ශාන්ත ජෝශප් විදුහලේ සිප් සතර හැදෑරුවෙකි.
එක්දාස් නවසිය හැත්තෑ ගණන්වලදී මෙම සම්භාවනීය තනතුර හෙබවූ කේ. බී. රත්නායක මහතා යාපනය හාර්ට්ලි විදුහලේ කි‍්‍රකට් නායකයාව සිටි අයෙකි.
ශී‍්‍ර ලංකාවේ අගමැතිවරුන් සිව් දෙනෙකු ඔවුන්ගේ පාසල් සමයේදී දක්ෂ කී‍්‍රඩකයන් ලෙස කැපී පෙනුණි. ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම අගමැති, ඩී. එස්. සේනානායක සහ ඔහුගේ පුත්, ඩඩ්ලි සේනානායක යන දෙදෙනාම ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ, 1902 දී සහ එක්දාස් නවසිය විසි ගණන්වලදී ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහල නියෝජනය කර ඇත. මෙයට අමතරව, රාජකීය විද්‍යාලය නියෝජනය කළ දෙදෙනෙක්ද පසුකලෙක අගමැති පුටුව හෙබවූහ. ඔවුන් දෙදෙනා නම්, රාජකීය විද්‍යාලය නියෝජනය කළ සර් ජෝන් කොතලාවල සහ ජේ. ආර්. ජයවර්ධනයි.
ශී‍්‍ර ලංකා දේශපාලන අම්බරයේ දිදුලන තාරකාවක් සේ බැබළුණු,, ලංකා සමසමාජ පක්ෂයේ නායකයා වූ ආචාර්ය එන්. එම්. පෙරේරා, ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල සහ කොළඹ ආනන්ද විදුහලේ හිටපු දක්ෂ කි‍්‍රකට් කී‍්‍රඩකයෙකි. 1924 වසරේදී ආනන්ද මහා විදුහලේ නායකත්වය ඉසිලීමේ ගෞරවය ද ආචාර්ය එන්. එම්. පෙරේරා සතු විය.
1940 අගභාගයේ මහනුවර ති‍්‍රත්ව විදුහල, එකම වර්ෂයේ එක ම කණ්ඩායම නියෝජනය කළ, කී‍්‍රඩකයන් දෙදෙනෙකු පසුකලෙක එකම කැබිනට් මණ්ඩලයක කැබිනට් ඇමැතිවරු ලෙස කටයුතු කිරීම ලෝක වාර්තාවක් යයි මගේ විශ්වාසයයි. ඒ දෙදෙනා ම ලක්ෂ්මන්ලා ය. ඒ ලක්ෂ්මන් කදීිර්ගාමර් සහ ලක්ෂ්මන් ජයකොඩි ය. මෙය ඇතැම්විට නොබිඳිය හැකි වාර්තාවක් වන්නට ද ඉඩ ඇත.
දකුණු සිරිලක පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයන් ලෙස ප‍්‍රසිද්ධියක් ඉසිලූ, කී‍්‍රඩකයින් කිහිප දෙනෙක් ම පසුකලෙක පාර්ලිමේන්තුවට තේරී පත්විණ. රුහුණේ සිංහයා යන විරුදය ලද ඩී. එම්. රාජපක්‍ෂ, ගාල්ලේ රිච්මන්ඩ් විදුහලේ නායකයා ලෙස එක්දාස් නවසිය ගණන්වල මුල් භාගයේදී තරග කර ඇත. පසුව හේ වෙස්ලි විදුහල නියෝජනය කළේය. එයට හේතුව වූයේ, රිච්මන්ඩ් විදුහලේ නායකත්වය පිළිබ¼ඳ පැන නැඟුණු ප‍්‍රශ්නයකි. ආර්. ඒ. ද මෙල් රිච්මන්ඩ් පිළේ නායකත්වයට පත්වීම නිසා රාජපක්‍ෂ, වෙස්ලි විදුහලට බැඳුණේ ය.
ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුවුණු බෝම්බ ගැසීමෙන් ජීවිතක්ෂයට පත්වුණු පාර්ලිමේන්තු මන්තී‍්‍ර, කීර්ති අබේවික‍්‍රම මහතා රිච්මන්ඩ් විදුහල නියෝජනය කළ විශිෂ්ට ගණයේ පිතිකරුවෙකි. තම සොහොයුරු එස්. ජී. අබේවික‍්‍රම සමඟ ලකුණු 152 ක් සබඳතාවයක් මහනුවර, කිංස්වුඩ් විද්‍යාලයට එරෙහිව දෙවැනි විකට්ටුව සඳහා වාර්තා කරමින්, සොහොයුරන් දෙදෙනෙකු ඒකාබද්ධව වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව පිහිටුවීමට කීර්ති අබේවික‍්‍රමයන් සමත් විය. කීර්ති අබේවික‍්‍රම කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු පමණක් නොව, දක්ෂ ජවන හා පිටිය මලල කී‍්‍රඩකයෙකු සහ පාපන්දු කී‍්‍රඩකයෙකු ද විය.
1944 රාජකීය විද්‍යාලයේ නායකත්වය දැරුවේ තවත් රුහුණු පුත‍්‍රයෙකි. ඒ ජෝසප් රාජපක්‍ෂය. මොවුනට අමතරව එදා පාර්ලිමේන්තුව නියෝජනය කළ, එම්. ඩී. බණ්ඩා, කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල නියෝජනය කළ කී‍්‍රඩකයෙකි. 1970 ගණන්වල ජේ. ආර්. රජයේ ඇමැතිවරයෙකු වූ ෆිල් දේවනායගම්, මරදාන ශාන්ත ජෝශප් පිළේ නායකත්වය 1930 ගණන්වලදී ඉසුලුවේය.1900 ගණන්වල මුලදී ඊ. ඒ. නුගවෙල ද පාසල් කී‍්‍රඩකයෙකු ලෙස දස්කම් දැක්වූ බව වාර්තාවේ.
රාජකීය විද්‍යාලයේ බිහිවුණු අති විශිෂ්ට පන්දු යවන්නෙකු හැටියට තිස්ස කපුකොටුව නම් කළ හැකි ය. රාජකීය, ශාන්ත තෝමස් මහා කි‍්‍රකට් තරගයේදී විකට් 08 ක් ලබාගනිමින් ඔහු විශිෂ්ට දස්කම් එදා දැක්වූවේ ය. පසු කළෙක මොහු තෙල්දෙණිය පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා විය.
පෙ‍්‍ර්මසර ඈපාසිංහ

No comments: