Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, September 1, 2008

පළමුව රට

ඉන්දියන් සාගරයේ මුතු ඇටය යන විරුදාවලිය ලද ශී‍්‍ර ලංකාද්වීපය පුණ්‍යවන්ත භූමියකි.
සම්බුදු පියාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් අති පාරාශුද්ධත්වයට පත් ලංකා ධරණි තලය මිහිදු මා හිමියන්ගේ වැඩමවීම තුළින් එය තවත් ඔපවත් වෙමින් ධර්මද්වීපය යන විරුදාවලිය ලැබීය.
රජවරු තෙවරක්ම මේ රට සඟසතු කොට පූජාකොට ඇත. එවන් අසිරිමත් භූමියකට අද සිදු වී ඇති ඉරණම කොතරම් ඛේදජනක ද?
එකම රටක රාජ්‍යයන් දෙකක් වෙනුවෙන් යුධ කරති. ඊළාම් රාජ්‍යයකට අර අදිති. අද මේ වනවිට කොතරම් ජීවිත ප‍්‍රමාණයක්, කොතරම් දේපොළ හානියක් සිදු වී ඇත් ද? මේ සියල්ලම සිදු වී ඇත්තේ අපේම වැරැදි නිසාය.
ඔවුන් ඊළාම් රාජ්‍යයකට යුද්ධ ප‍්‍රකාශ කරද්දී අපේ මිනිස්සු පක්ෂ, පාට වශයෙන් බෙදී කුලල් කා ගනිමින් සිටිති. එනිසා එදා නිය පිටින් කඩන්නට තිබුණ දෙය අද පොරවෙන් කොටන්නට සිදු වී හමාරය.
අප බෙදී සිටිනතාක් කල් ඕනෑම සතුරෙකුට අපව විනාශ කර දැමීම ඉතාම ලෙහෙසිය. එල්.ටී.ටී.ඊ.ය ද එය ඉතා හොඳින් අවබෝධ කරගෙන ඇත. ඒ නිසා අපව විනාශ කොට ඔවුන්ගේ අරමුණ කරා යෑමට කළ හැකි සියලු උපක‍්‍රමයන් යොදමින් සිටිති.
බොහෝ දෙනෙක් මෙම යුද්ධය වවාගෙන කෑවා මිස එය නැති කිරීමට උත්සහ කළේ නැත. අද එහි ප‍්‍රතිඵලය ඉතාම බිහිසුණුය. විටෙක අපේ වීරෝදාර රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් බේරාගත් බොහෝ ප‍්‍රදේශ බන්දේසි වල තබා ආපසු දීමට සිදු වූ අවස්ථාවන් ද නොතිබුණා නොවේ.
එසේම අපේ වීරෝදාර හමුදාවන්ගේ ප‍්‍රහාර වලට බියේ පලා ගිය එල්.ටී.ටී.ඊ. යට නැවත ඔක්සිජන් දී ප‍්‍රාණවත් කොට ඔවුන්ට ශක්තිය ලබා දුන් අය ද සිටි බව අමතක කළ නොහැක. අදත් ඒ බලවේග වලට අතීතය අමතක කොට වර්තමානයට මුහුණ දීමට අපහසු වී ඇත.
එල්.ටී.ටී.ඊ. සංවිධානය යනු කිසිසේත්ම විශ්වාස කළ හැකි සංවිධානයක් නොවේ. ලැබෙන ඕනෑම අවස්ථාවකින් අනිසි ප‍්‍රයෝජන ගනී. තමන්ට අපහසු තැන සටන් විරාම තබමින් අපව රවට්ටන පිරිසකි.
අපේ සමහර අය ද එයට රැවටී සටන් විරාම ගිවිසුම් පවා අස්සන් කොට ඇත. එහි ප‍්‍රයෝජනය අප නොව එල්.ටී.ටී.ඊ.ය ලබා ගත් බව පැහැදිලිය. පොලිසි, බැංකු, වැනි රාජ්‍යයකට අවශ්‍ය බොහෝ දේ ඒ කාලසීමාව තුළ ඔවුහු එක් රැස් කර ගත්හ.
එපමණක් ද නොව තම සේනාව ද ඉතා ප‍්‍රබල ලෙස සංවිධානය කර ගත්හ. ඒ නිසා එල්.ටී.ටී.ඊ. ය කිසිදා විශ්වාස කළ නොහැක.
සමහරු අපේ හමුදාව කරන කැප කිරීම හෑල්ලුවට ලක් කරති. ජීවිත පරිත්‍යාගයෙන් මුදාගත් නැඟෙනහිර කැලෑ කියමින්, ගල් කඳු කියමින්, සමච්චලයට ලක් කරති. නමුත් ඔවුන් කරන කැප කිරීම පිලිබඳව කිසිවෙක් කථා කරන්නේ නැත.
කුසට අහරක් නොමැතිව, නෙතට නින්දක් නොමැතිව, මහා ඝන කැලෑවල, තම තරුණ ජීවිත තල් කදන් බංකරයකට සීමා කර ගනිමින් කරන කැප කිරීම කොතරම් දුක්ඛදායක ද? ඒ කරන කැප කිරීම තමන් වෙනුවෙන් ද , නොව මුලු රටක් වෙනුවෙනි.
ඔවුන්ට පක්ෂ, පාට වැඩක් නැත. රටට සාමය උදා කරදීම ඔවුන්ගේ එකායන අභිලාශයයි.
ඒ නිසා ඒකීය රටක් වෙනුවෙන්, මාතෘ භූමියේ අනාගතය වෙනුවෙන්, අපේ වීරෝදාර රණවිරුවන් කරන කැප කිරීමට ඔවුන් හෑල්ලුවට ලක් නොකොට ඔවුන්ගේ දෑත් ශක්තිමත් කිරීමට කටයුතු කිරීම කාගෙත් යුතුකමකි.
මෙය අප කවුරුත් උපන් රටයි. එක්කෙනෙකුගේ හෝ කීප දෙනෙකුගේ හෝ රටක් නොවේ.
අපට වෙනත් රටක් ද නැත. වෙනත් රටකට ගොස් පුරවැසිකම ඉල්ලුව ද පළමු පන්තියේ පුරවැසි කමක් නම් ලැබෙන්නේ නැත. කවදා හෝ එළියට දැමිය හැකි දෙවන පන්තියේ පුරවැසිකමක් ලැබේ.
ඒ නිසා මෙම තීරණාත්මක මොහොතේ සියලු වාද භේද ඉවත දමා මේ පුංචි රටේ අනාගතය වෙනුවෙන් අප කවුරුත් එකතු විය යුතුය. අද අප පක්ෂ, පාට වශයෙන් බෙදී ඇත. එක එක්කෙනා එක එක්කෙනාට චෝදනා කර ගනිති.
එකම පිරිසක් මෙසේ බෙදී වෙන් වී සිටීම සතුරාගේ ජයග‍්‍රහණයට මහත් අස්වැසිල්ලකි. එල්.ටී.ටී.ඊ.ය ද මෙය හොඳින් වටහා ගෙන ඇත.
ඒ නිසා මොන භේද තිබුණත් මේ මොහොතේ පක්ෂ , පාට, පෞද්ගලික ලාභ අමතක කළ යුතුය. මෙය රටේ තීරණාත්මක අවස්ථාවයි. මින් පසුව මෙවැනි අවස්ථාවක් උදාවේදැයි කීම අපහසුය.
ඒ නිසා මේ මොහොතේ සියලු වාද - භේද ඉවත දමා,පක්ෂ පාට අමතක කොට, පටු පරමාර්ථ සියල්ලක්ම අමතක කොට, ඒකීය රටක සාමයෙන් ජීවත් විය හැකි හෙට දිනක් උදාකරලීමට අපි සියලු දෙනාම එකාවන්ව අත්වැල් බැඳ ගනිමු. පළමුව රට ගැන සිතමු. දෙවනුව අපි සියලු අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගන්නට උත්සහ දරමු.
පොල්ගහවෙලශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි,පූජ්‍ය දෙගල්ලස්සේගෙදර විමලසිරි හිමි,මයුරාවතී පුරාණ රජමහ විහාරයකළුහෙන්දිවල - තලවත්තේගෙදර

No comments: