Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, September 9, 2008

ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් මිල පහත වැටීම නිසා ශ‍්‍රී ලංකාවේ ඉන්ධන මිල පහත දැමීමට පියවර ගත යුතුයි - මන්තී‍්‍ර කේ.ඩී.ලාල්කාන්ත

ලෝකවෙළඳ පොලේ බොරතෙල් මිල ඉහළ යන විට ලංකාවේ තෙල් මිල ඉහළ නංවන්නාක් මෙන්, ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඩුවී ඇති මේ මොහොතේ ලංකාව තුළ ඉන්ධන මිල පහත දැමිය යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කේ.ඩී.ලාල්කාන්ත මහතා යෝජනා කරයි.
විශේෂයෙන්ම තෙල්මිල පහළ මට්ටමක පවත්වාගෙන යෑම අනෙකුත් භාණ්ඩවල මිලට ද බලපාන බව පෙන්වාදෙන මන්තී‍්‍රවරයා, රටේ ආර්ථිකයේ ප‍්‍රධාන භූමිකාවක් උසුලන ඛනිජ තෙල්මිල පහත හෙළීමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තුවෙන බව ඛනිජතෙල් සම්පත් ඇමැති ඒ.එච්.එම්.ෆවුසි මහතා වෙත ලිපියක් යවමින් සඳහන් කරයි.
පෙට‍්‍රල්, ඩීසල්, හා භූමිතෙල් වැනි ඉන්ධන වල මිල අඩුකිරීම මගින් දිනෙන් දින උග‍්‍රවන ජීවන වියදම් අර්බුදයට යම් සහනයක් ජනතාවට ලබා දෙන ලෙසද මන්තී‍්‍රවරයා එම ලිපියෙන් ඉල්ලා සිටී.
ලෝක වෙළඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 140 දක්වා මෙම වසරේ ඉහළ ගිය බව සඳහන් කරන කේ.ඩී.ලාල්කාන්ත මන්තී‍්‍රවරයා එසේ ඉහළයන තෙල්මිලට සමගාමීව ලංකාවේ ඛනිජතෙල් ආශ‍්‍රිත නිෂ්පාදනවලද මිල ඉහළ නංවා ඇතැයි පෙන්වා දෙයි. එපමණක් නොව පෙට‍්‍රල්, ඩීසල්, භූමිතෙල් මිලද ඉහළ දමා ඇතැයි මන්තී‍්‍රවරයා එම ලිපියෙන් අවධාරණය කරයි.
මේ වසරේ මැද භාගයේ දී වේගයෙන් ඉහළ ගිය බොරතෙල් මිල මේ වනවිට පහළ වැටෙමින් පවතින බව එම ලිපියෙන් ප‍්‍රකාශ කරන මන්තී‍්‍රවරයා ඇමෙරිකානු ඩොලර් 140 - සිට ඇමෙරිකානු ඩොලර් 106 දක්වා බැරලයක මිල අඩුවී ඇතැයිද කියා සිටී.

No comments: