Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, September 9, 2008

ශීත දේශගුණික තරග බිමට හුරුවෙන්න රුපියල් මිලියන 410ක වියදමින් නුවරඑළියේ ජාත්‍යන්තර කී‍්‍රඩා පිටියක්

ප‍්‍රින්ස් ගුණසේකර
රුපියල් මිලියන 410ක වියදමින් නුවරඑළියේ ඉදිකෙරෙන ජාත්‍යන්තර කී‍්‍රඩාංගණයේ වැඩකටයුතු පසුගිය දා ආරම්භ විය.
ශ‍්‍රී ලංකාවේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට ශීත දේශගුණික තත්ත්වයන් යටතේ මලල කී‍්‍රඩා, පාපන්දු, වොලිබෝල් හා කි‍්‍රකට් ඇතුළු කී‍්‍රඩා ගණනාවක් පුහුණු විය හැකි අංග සම්පූර්ණ පහසුකම් සහිතව ඉදිකෙරෙන මෙම කී‍්‍රඩාංගණය වසර පහක දී නිමා කිරීමට සැලසුම් කොට ඇත.
කී‍්‍රඩා අමාත්‍ය ගාමිණී ලොකුගේ හා කී‍්‍රඩා අමාත්‍යාංශ ලේකම් එස්. ලියනගම යන මහත්වරු ඇතුළු පිරිසක් නුවරඑළියේ නිරීක්‍ෂණ චාරිකාවක නියැලීමෙන් අනතුරුව කී‍්‍රඩාංගණයේ ඉදිකිරීමේ කටයුතු ආරම්භ විය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ඉදිවන “නුවරඑළිය ජාත්‍යන්තර කී‍්‍රඩාංගණය” අංග සම්පූර්ණ ගෘහස්ථ ක‍්‍රීඩාංගණයකින් ද සමන්විත වෙයි. එම කී‍්‍රඩාංගණයට අනුබද්ධව නව තාක්‍ෂණික මෙවලම් සහිත ව්‍යායාම් මධ්‍යස්ථානයක් ද පිහිටුවීමට සැලසුම්කර ඇත.
‘දැඩි ශීත කලාපයේ අපේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට අවශ්‍ය පුහුණුව ලබා ගැනීමට අවශ්‍ය සියලු පහසුකම් නුවරඑළිය කී‍්‍රඩාංගණයෙන් ලැබෙනවා. ජාත්‍යන්තර තරගවල දී එම රටේ දේශගුණයට අනුකූලව කී‍්‍රඩා පුහුණුව වැදගත්. ඒ නිසා නුවරඑළිය කී‍්‍රඩාංගණයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට තීරණය කළා’ යනුවෙන් කී‍්‍රඩා අමාත්‍යාංශ ලේකම් එස්. ලියනගම මහතා ‘දිනමිණ’ට පැවැසීය. එමෙන් ම සංචාරක ව්‍යාපාරය මෙමගින් දියුණු කිරීම ද රජයේ අපේක්‍ෂාවක් බව ලියනගම මහතා පැවැසීය.
නුවරඑළිය කී‍්‍රඩාංගණයේ ප‍්‍රථම අදියරට රුපියල් මිලියන 139.5ක් වෙන්කර ජලය බැසයෑම ක‍්‍රමවත් කිරීමට කාණු පද්ධතිය ඇතුළු ඉදිකිරීම් මූලිකව සිදු කෙරේ.
කී‍්‍රඩා නේවාසිකාගාරයට හා හොකී පිටියට මිලියන 409යි
කොළඹ රීඩ් මාවතේ ඉදිවන කී‍්‍රඩා නේවාසිකාගාරයට රුපියල් මිලියන 244ක් හා කෘති‍්‍රම හොකී පිටිය ප‍්‍රතිසංස්කරණය කිරීමට රුපියල් මිලියන 165ක් වෙන් කර ඇත. කී‍්‍රඩා නේවාසිකාරයේ ඉදිකිරීම් ලබන වසරේ දී අවසන් කිරීමට නියමිතව ඇති අතර කෘතිම හොකී පිටියේ ප‍්‍රතිසංස්කරණ කටයුතු මේ වසරේ දී නිමා කෙරේ.
පිට පළාත්වලින් කොළඹට පැමිණෙන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට විශාල අඩුපාඩුවක් ව පැවැති කී‍්‍රඩා නේවාසිකාගාරයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට කී‍්‍රඩා අමාත්‍යාංශය බලාපොරොත්තුවේ.
කී‍්‍රඩාවේ දියුණුවට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අත්‍යාවශ්‍යයි. ඒ සඳහා කී‍්‍රඩා අමාත්‍යාංශය උපරිම ප‍්‍රමුඛතාව ලබාදෙනවා’ යැයි කී‍්‍රඩා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මේ පිළිබඳව ‘දිනමිණ’ ට අදහස් දැක්වීය

No comments: