Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, September 8, 2008

කොටි පරදිනකොට දෙමළ සන්ධානය ලෝකේ වටේ දුවනවා - ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන - ජනමාධ්‍ය අමාත්‍ය

පළාත් සභා මැතිවරණ දෙක සමයේ ජනමාධ්‍ය හැසිරීම ගැන සහ යුද්ධය හා සම්බන්ධ පුවත් ආවරණයේදී මාධ්‍ය කටයුතු කරන ආකාරය පිළිබඳ එජාපය නඟන චෝදනා ද ඇතුළත්ව, මාධ්‍යවේදීන්ගේ ආරක්‍ෂාව, මාධ්‍යවේදීන්ගේ ගැටලු සොයාබැලීම සඳහා වන ඇමැති අනුකමිටුවේ කි‍්‍රයාකාරිත්වය ආදි කාලීන ප‍්‍රශ්න කිහිපයක් අළලා ජනමාධ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා සමඟ කළ කතා බහ.
කිළිනොච්චිය පැය 24න් අල්ලනවා කියලා මැතිවරණයට කලින් කියපු ආණ්ඩුව මැතිවරණයෙන් පසුව සද්දයක් නැහැ කියලා විරුද්ධ පක්ෂය චෝදනා කරනවා නේද. මේ නිශ්ශබ්දතාවට හේතු තියනවාද?
පැය 24න් කිලිනොච්චිය අල්ලනවා කියලා ආණ්ඩුවේ කිසිම වගකිව යුත්තෙක් කියල නැහැ.
සේනාධිනායකයා හැටියට ජනාධිපතිතුමා හෝ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හෝ යුදහමුදාපතිවරයා කිව්ව නම් පැය 24න් කිලිනොච්චිය අල්ලනවා කියලා විරුද්ධ පක්ෂයට මෙහෙම තර්ක කරන්න පුළුවන්.
ඒ තුන්දෙනාගෙන් කිසි කෙනෙක් පැය 24න් කිළිනොච්චිය අල්ලනවයි කියල කිව්වේ නැහැ. නමුත් ඉදිරි දින කිහිපය ඇතුළත උතුර මු‍්‍රළුමණින්ම ත‍්‍රස්තවාදයෙන් මුදාගනිවි කියන දැඩි බලාපොරොත්තුවක් නම් හැමෝටම තියෙනවා.
ඒ සඳහා අවශ්‍ය කරන සැලසුම කි‍්‍රයාත්මක කරලා රණවිරුවන් සාර්ථක ලෙස ඉදිරියට යනවා.
කොටි ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රධානතම කොටි තිප්පොළක් වන මල්ලාවි ප‍්‍රදේශය මේ වන විටත් මුළුමනින්ම ත‍්‍රස්තවාදීන්ගෙන් මුදාගෙන තියෙනවා.
කොටින්ගේ සැපයුම් මාර්ග මුළුමනින්ම ඇහිරිලා තියෙනවා.
මේක යුද්ධයේ ඉතාමත්ම තීරණාත්මක අවස්ථාවක්. මේක අවසන් සටන වශයෙනුත් හඳුන්වන්න පුළුවන්.
වෙනම රාජ්‍යයක් ගැන කථා කරපු උදවියගේ මර්මස්ථානය අල්ලාගැනීමට සියලු සැලසුම් සකස් කරලා එය ක‍්‍රමානුකූලව කි‍්‍රයාවට නංවලා අවසන්.
ඕනෑම යුද්ධයකදී ප‍්‍රධාන මූලස්ථානයේදී තමයි අවසන් සටන කි‍්‍රයාත්මක වෙන්නේ.
මැතිවරණයට පෙර කිළිනොච්චිය අල්ලගන්න ආසන්නයි කියලා රජයේ මාධ්‍යවලින් පුන පුනා ප‍්‍රචාරය කරලා මැතිවරණයට වාසි ලබා ගත්තා කියලත් චෝදනා එල්ලවෙනවා. ජනමාධ්‍ය අමාත්‍යවරයා විදියට මෙම චෝදනා ගැන ඔබේ ස්ථාවරය කුමක්ද?
ආණ්ඩුව උතුරේ මෙහෙයුම් ගැන අලුතින් ප‍්‍රචාරය කරන්න දෙයක් නැහැ. ආණ්ඩුව මේ යුද්ධය හරියට කරනවා කියලා මහජනතාවට දැඩි විශ්වාසයක් ඇතිවෙලා තියෙනවා.
යුද්ධෙ නිවැරැදිව කරන්නේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව පමණක් කියලා ජනතාවගේ හදවතේ පැලපදියම්වෙලා තියෙනවා.
දේශපාලන වශයෙන් පරාජය වුණාට පසුව විරුද්ධ පක්‍ෂය එක එක චෝදනා කරනවා. නමුත් ඒවා සත්‍යයක් නොවන බව ඔවුන්ම දන්නවා.
යුද්ධය හරියට කරන බව ජනතාව පිළිගෙන තිබෙන නිසා ආණ්ඩුව ජයග‍්‍රහණය කළ බව එස් . බී. දිසානායක , ලක්‍ෂ්මන් සෙනෙවිරත්න මහත්වරුන් වැනි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයිනුත් පිළිඅරන් තියෙනවා.
රජයේ මාධ්‍ය ඔස්සේ යුද්ධය අතිශෝක්තියකින් වාර්තා කරන බවටත් විරුද්ධ පක්ෂය දිගින් දිගටම චෝදනා කරනවා.
විරුද්ධ පක්ෂය කියන විදියට අතිශෝක්තියකින් පෙන්වනව නම් පෙන්වන්න වෙන්නේ රජයේ මාධ්‍ය හරහා පමණක් වෙන්න එපැයි.
නමුත් ස්වර්ණවාහිනිය, දෙරණ, සිරස ඇතුළු පෞද්ගලික මාධ්‍ය යුද්ධයේ නියම තත්ත්වයන් පිළිගත හැකි ආකාරයෙන් පෙන්වනවා.
රජයේ නොවන පුවත්පත්වලිනුත් යුද ජයග‍්‍රහණ ගැන හොඳින් වාර්තා කරනවා. මෙම මාධ්‍යවේදීන් සියලු දෙනාම ඉන්නේ යුදබිමේ.
ඒක නිසා රජයේ මාධ්‍ය ඇතුළු සියලු මාධ්‍ය සිදුකරන මෙම වාර්තා කිරීම් අතිශෝක්තියක් නොවේ. ඒ විතරක්නොවේ, තමන් පරාජයට පත්වෙමින් තිබෙන බව කොටි සංවිධානයක් පිළිඅරන් තියෙනවා.
අද දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍රවරුන් යුරෝපයට ගිහිල්ලා කියන්නේ මේ යුද්ධය කොහොමහරි නතර කරල දෙන්න කියල කියන්නේ ඒ නිසයි.
මේ පළාත් සභා මැතිවරණයේදී යුද්ධය ගැන කියමින් ආණ්ඩුව ගහන්න පුළුවන් උපරිම තුරුම්පුව ගැහුව නිසා ඊට පසුව පවත්වන මැතිවරණවලදී ජනතාවට කියන්න ආණ්ඩුවට යමක් ඉතිරිවෙලා නැහැ කියලත් සමහරුන් තර්ක කරනවා.
මේ රටේ වසර ගණනාවක් තිස්සේ පවතින ප‍්‍රධාන ප‍්‍රශ්නය ආණ්ඩුවට විසඳන්න පුළුවන්නම් මැතිවරණ දිනන්න වෙනත් කරුණක් අවශ්‍ය වෙන්නේ නැහැ. න්‍යාය පත‍්‍රයේ අංක එකට තියෙන්නෙ රට - උතුරු නැගෙනහිර ප‍්‍රශ්නය.
නැගෙනහිර පළාත මේ වන විට මුළුමණින්ම මුදාගෙන අවසන්. දැනට ඉතිරිවෙලා තියෙන්නේ උතුර මුදාගැනීම පමණයි. ත‍්‍රස්තවාදය මර්ධනය කරමින් ආණ්ඩුව සාමයට පිවිසෙමින් සිටිනවා.
නැඟෙනහිර පළාත මුදාත්තා. ඉන් පසුව මේ වන විට 40%ක් නැගෙනහිර පළාතේ නිෂ්පාදනය ඇතිකරගෙන තිබෙනවා. තව මාස කිහිපයකින් 60% දක්වා නිෂ්පාදනය ඉහළ යනවා.
තව ටික දවසක් යනකොට රටටම අවශ්‍ය සහල් නැෙඟනහිර පළාතෙන් පමණක් නිෂ්පාදනය කරගන්න පුළුවන්.
උතුර මුළුමණින්ම මුදාගත් පසුව උතුරේ ජනතාවටත් නැෙඟනහිර ජනතාවට වාගේම අවශ්‍ය සියලු පහසුකම් ලබාදී සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාවට නංවනවා.
ත‍්‍රස්තවාදය මුළුමණින්ම පරාජය කිරීමෙන් අනතුරුව උතුරු , නැෙඟනහිර නිෂ්පාදනයන් ඉහළ යෑමක් සමගම ජීවන වියදම, බඩු මිල සැලකිය යුතු මට්ටමින් අඩු කරන්න පුළුවනි.
යටිතල පහසුකම් සංවර්ධනය රැකියා ලබාදීම, ආර්ථිකය වර්ධනය කර ගැනීම වැනි තත්ත්වයන් දැනටමත් වඩා හොඳින් කිරීමට ආණ්ඩුවට හැකිවෙනවා.
ගිය මාසේ වෙනකොට 1.7කින් ජීවන වියදම අඩුවෙලා තියෙනවා. ඉක්මණින් යුද්ධය ඉවර කරගන්න පුළුවන් වුණොත් ජීවන වියදම තවත් අඩුකරලා සංවර්ධනයට තවත් මුදල් යොදවන්න පුළුවන්.
පළාත් සභා මැතිවරණයේ ප‍්‍රතිඵල ගැන තවමත් කතා බහ පවතිනවා. එහිදී ආණ්ඩුව නීති විරෝධී ආකාරයට රාජ්‍ය බලය යොදාගත් බවට විරුද්ධ පක්ෂය චෝදනා නගනවා. ඒ චෝදනාවෙන් කොටසක් රජයේ මාධ්‍ය වෙතත් එල්ල වෙනවා නේද?
1970, 1977 මහ මැතිවරණ වෙනකොට ලේක්හවුස්එක, ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාව යන මාධ්‍ය ආයතන තිබුණේ රජයටනේ.
ආණ්ඩුව වෙනුවෙන් කෙතරම් ප‍්‍රචාරක කටයුතු කළත් මේ රටේ බහුතරයක් ජනතාව රජයේ මාධ්‍ය කියන දේවල් පිළිගන්නේ නැහැ.
පිළිගත්ත නම් 1970 දී සමගි පෙරමුණත්, 1977 දී එක්සත් ජාතික පක්ෂයත් බලයට පත්වෙන්න විදියක් නැහැ. එදා තිබුණේ රාජ්‍ය මාධ්‍ය පමණයි.
අද වගේ පෞද්ගලික මාධ්‍ය තිබුණේ් නැහැ. විකල්ප මාධ්‍ය නොමැති වෙලාවකත් රජයේ මාධ්‍ය කියන දේ ජනතාව පිළිඅරගෙන නැහැ කියලා ඉතිහාසය සාක්ෂි දරනවා.
අද රාජ්‍ය මාධ්‍ය තුනක් තියෙනකොට පෞද්ගලික මාධ්‍ය ආයතන 33ක් තියෙනවා. රූපවාහිනී සේවා 12ක් තියෙනවා. ඉන් රජයට අයත් වෙන්නේ රූපවාහිනී සේවා 2ක් පමණයි.
එදාට වඩා අද පෞද්ගලික මාධ්‍යයෙන් කොතරම් රජයට එරෙහිව විවේචන කරනවාද? 'ඉරුදින' පුවත්පත විතරක් අරගෙන බලන්න, රජයට එරෙහිව කෙතරම් විවේචන තිබෙනවාද? කියලා.
නක්ශාස්ත‍්‍රකරුවන් යොදාගෙන 'ඉරුදින' දිගටම කිව්වේ මේ පළාත් සභා මැතිවරණ අනිවාර්යෙන්ම යූ. ඇන්. පී. එක දිනනවා කියලයි.
කවුරු මොනවා කිව්වත් මාධ්‍යවල යන දේවල් ජනතාව බැලුවත් ඔවුන් ඡන්දෙ දෙන්නේ මාධ්‍යවල යන ඒවා බලලා නොවෙයි . ජනතාව තීන්දු ගන්නේ තමන්ගේ බුද්ධියට අනුවයි.
අද කිසිම දෙයක් ජනතාවට හංගන්න බැහැ. තාක්ෂණික දියුණුවත් සමග මාධ්‍ය විශාල වශයෙන් වැඩිවෙලා. ඕනෑම පැත්තකින් තොරතුරු දැනගැනීමේ පහසුකම අද ජනතාවට තියෙනවා.
මෙවර මැතිවරණයේදී ජනාධිපතිතුමා කිව්වේ එකම එක දෙයයි. ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට සහාය දෙන්න.
ඒ වගේම මේ ආණ්ඩුව මේ දක්වා ගිය ගමන් මග අනුමත කරනවාද? මේ කාරණා දෙකම ජනතාව ඉතා ඉහළින් අනුමත කර තිබෙන බව ඡන්ද ප‍්‍රතිඵල අනුව පෙනී යනවා.
ආණ්ඩුවේ අක‍්‍රමිකතා, අකාර්යක්‍ෂමතා ගැන නිවැරැදි තොරතුරු මාධ්‍ය මගින් ඉදිරිපත් නොකරන ලෙසට බලපෑම් එල්ල වෙන බවටත් චෝදනා එල්ල වෙනවා.
කිසිම බලපෑමක් කරන්නේ නැහැ. ඕනෑම දෙයක් වාර්තා කිරීමට අද නිදහස තියෙනවා. උදාහරණයක් කියන්නම් හරි හෝ වැරැදි ලේ බැංකුවේ සිද්ධිය ගැන නිතර නිතර මාධ්‍යයේ වාර්තා වුණා.
ඇත්තම සිද්ධිය මොකක්ද කියලා පරීක්‍ෂණය අවසානයේදී හෙළි වේවි. ආණ්ඩුවක් විදියට ඊට අවශ්‍ය කරන පියවර දැනටමත් අරගෙන තියෙනවා.
අනාවරණය , විමර්ශන වැනි ප‍්‍රවෘත්ති අංගවලින් නොයෙක් අඩුපාඩු ඕනෑතරම් පෙන්වනවා. ඒවා නිවැරැදි කළාට පසුව ඒකත් පෙන්වලා ස්තූතියි කියනවා.
කළුබෝවිලදී ළමයෙක් පැහැර ගත්තා. මේ සිද්ධියට මාධ්‍ය පුළුල් ප‍්‍රචාරයක් ලබාදුන්නු නිසා ළමයා හොයන්න පොලීසියට හැකිවුණා.
එක තැනක දෙක සුළු සුළු සිද්ධිවුණාට මාධ්‍යයට අපි ගරු කරනවා. මාධ්‍යයෙන් රටට වියයුතු සහයෝගය ලැබෙනවා.
උතුරේ තීරණාත්මක යුද්ධයක් පවතින අවස්ථාවක ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් මාධ්‍යයට නිසි වගකීමක් තියෙනවා කියලා ආණ්ඩුව කියනවා. ඒ වගේම ජනතාවට තොරතුරු දැනගැනීමට තිබෙන අයිතිය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කරලා තියෙනවා. මේ කරුණු දෙක අතර ගැටුමක් ඇති නොවී පවත්වාගෙන යාමට තිබෙන හැකියාව කොපමණද?
මේ කාරණයේදී ලෝකයේ ප‍්‍රබල රටවල් අනුගමනය කරන කි‍්‍රයාදාමය කිසිකෙනෙක් කතා කරන්නේ නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය , මාධ්‍ය නිදහස උපරිම තියෙන රටවල් ඇමෙරිකාව, යුරෝපීය රටවල් පිළිගන්න වනේ ඇමෙරිකාවේ යුධ පුවත් වාර්තාකරණය ඕන ඕන විදියට කරන්න බැහැ.
හෙලිකළ යුතු කරුණු මොනවාද? එහෙම කරන්න බැරි කරුණු මොනවාද කියලා ඇමෙරිකාවේ ඒවාට නීතිරීති තියෙනවා.
අපේ රටේ එහෙම නීති නැහැ. එහෙම පාලනයක් ඕන කියලා මං කියන්නේ නැහැ.
නමුත් රටක මෙවැනි තීරණාත්මක තත්ත්වයක් පවතින විට අනාවරණය කළ යුතු දේ ඒවගේම නොකළ යුතු දේගැන සදාචාරත්මක අවබෝධයක් තිබිය යුතුයි.
ජනතාවට අවශ්‍ය, වැදගත් තොරතුරු ජනතාවගේ යහපත වෙනුවෙන් ලබාදීම මාධ්‍යයේ වගකීම. ඒ වගේම ආණ්ඩුවත් ජනතාවත් අතර සම්බන්ධයක් ගොඩනැගීමට යොදා ගන්නා පාලමක් වශයෙන්ද ජනමාධ්‍ය හඳුන්වන්න පුළුවන්.
ජනතා යහපත වෙනුවෙන් කි‍්‍රයාකිරීම ජනමාධ්‍යයක මූලික වගකීම නම් ජනතාවට අයහපත් , රටට අයහපත් කරුණු වාර්තා කිරීම සදාචාර සම්පන්න නැහැ.
නමුත් ප‍්‍රායෝගිකව කටයුතු සිදුකිරීමේදී ගැටලු මතුවෙනවා නේද?
මෙහි සීමාවන් නිවැරැදිව හඳුනාගන්නවනම් ප‍්‍රායෝගික ගැටලු ඇතිවෙන්න විදියක් නැහැ. මෙහි සීමාවන් හඳුනාගත යුත්තේ තමන් විසින්මයි. මාධ්‍යවේදීන් 20,000ක් පමණ ඉන්නවා.
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පත තියෙන මාධ්‍යවේදීන් 5000ක් පමණ ඉන්නවා. නමුත් ප‍්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ මාධ්‍යවේදීන් 50කටත් අඩු සංඛ්‍යාවකටනේ.
සමහරුන්ට වාර්තා කිරීමේදී යම් යම් ප‍්‍රශ්න මතුවෙලා ඇති. සමහර දේවල් වාර්තා කිරීමේදී යම් අවධානමක් යන්න වෙන අවස්ථාවක් තියෙනවා.
අපේ වගකීම නිසි පරිදි අවබෝධ කරගත්තොත් ඒ තත්ත්වය වුණත් නැතිකරගන්න පුළුවන්.
උදාහරණයක් ලෙස දේශපාලඥයන් තමන්ගේ වගකීම නිසි පරිදි තේරුම්කර ගන්නවා නම් ඔහුට ගැටුමකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
මිනිස්සුන්ට සේවය කරන්න ඇවිල්ලා. මිනිස්සුන් එක්ක ගහගන්න අවශ්‍ය නැහැනේ. දේශපාලඥයාගේ පැත්තට පමණක් ඇඟිල්ල දික්කරලා මාධ්‍යවේදීන්ට පමණක් ඇඟ බේරාගන්නත් බැහැ.
දේශපාලඥයින් සුවිශේෂි කොටසක් නොවනවා වාගේම මාධ්‍යවේදීනුත් සුවිශේෂි කොටසක් නොවෙයි.
දේශපාලඥයා , මාධ්‍යවේදී ඇතුළු මේ හැමෝම කරන්නේ මහජනයා වෙනුවෙන් සේවය කිරීම.
පාර්ලිමේන්තුවේ ඉන්න 225ම දෙතුන් දෙනෙක් අනුමත කරන්න බැරි දේවල් කළ පලියට 225ම එකම ගොඩට දාන එක අසාධාරණයි.
සාකච්ඡා කෙළේ ඩබ්ලිව්. කේ. ප‍්‍රසාද් මංජු

No comments: