Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, September 10, 2008

එජාප ජ්‍යෙෂ්ඨයන්ගේ වාර්ථාව රනිල්ට

නිරූෂි විමලවීර
එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථා සංශෝධන යෝජනා ඇතුළත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ වාර්තාව ඊයේ (09) රාති‍්‍රයේ කේම්බි‍්‍රජ් ටෙරස්හිදී විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට භාර දී ඇත.
ජ්‍යෙෂ්ඨයින්ගේ වාර්තාවලට අනුව පක්ෂ ව්‍යවස්ථාවේ සංශෝධනයක් කොට පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයක් ස්ථාපිත කිරීමට යෝජනා වී ඇතැයි විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ගම්පහ දිසා මන්තී‍්‍ර ජෝෂප් මයිකල් පෙරේරා මහතා “දිනමිණට” පැවසීය.
පැයක පමණ සුහද සාකච්ඡාවකින් අනතුරුව විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා එම යෝජනාවලිය පිළිගත් බවත් හෙට (11) සවස සිරිකොතේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බවත් ජෝෂප් මයිකල් මහතා පැවසීය. පක්ෂයේ ප‍්‍රති සංවිධානයක් අවශ්‍ය බවට විටින් විට යෝජනා ඉදිරිපත් කළ එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරුන්ගේ යෝජනාද මෙම යෝජනාවලියට ඇතුළත් කර ඇති බවද හෙතම කීය.
විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂ ප‍්‍රතිසංවිධානය සඳහා පත්කළ ජ්‍යෙෂ්ඨයින්ගේ කමිටුව මෙසේයි. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන ජෝෂප් මයිකල් පෙරේරා, ගාමිණී ජයවික‍්‍රම පෙරේරා, ජොන් අමරතුංග, සරත්චන්ද්‍ර රාජකරුණා, අමරා පියසීලි රත්නායක, රේණුකා හේරත් යන මහත්ම මහත්මීන් මීට ඇතුළත්ය.

No comments: