Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, September 16, 2008

කැනඩාවේ 20යි විස්ස තරගාවලියට ශී‍්‍ර ලංකා පිලත්

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිල සහභාගිවන සිව්කොන් ඕවර් 20 යි විස්ස කි‍්‍රකට් තරගාවලිය ලබන මස 10 දා සිට 13 දක්වා කැනඩාවේ ටොරොන්ටෝ නුවරදී පැවැත්වේ.
ශී‍්‍ර ලංකාව, පාකිස්ථානය, සිම්බාබ්වේ හා කැනඩාව අතර මෙම ඕවර් 20 යි විස්ස කි‍්‍රකට් තරගාවලිය පැවැත්වේ.
බංග්ලාදේශය හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් කි‍්‍රකට් කණ්ඩායම්වලට කලින් ආරාධනා කර තිබුණද විවිධ හේතු නිසා එම කණ්ඩායම් දෙක තරගාවලියෙන් ඉවත් වී ඇත. ඒ වෙනුවට ශී‍්‍ර ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම්වලට ආරාධනා කිරීමට කැනඩා කි‍්‍රකට් බලධාරීහු තීරණය කළේය.
බංග්ලාදේශ කි‍්‍රකට් පිල නවසීලන්තයේ සංචාරය කිරීම හේතුවෙන් තරගාවලිය කල් දමන ලෙස ඉල්ලීමක් කර තිබුණි. බටහිර ඉන්දීය කොදෙව් පිල ද සති දෙකකින් තරගාවලිය කල් දමන ලෙස ඉල්ලා සිටියේය. එහෙත් එසේ දින වකවානු වෙනස් කිරීම හේතුවෙන් කැනඩාවේ ශීත දේශගුණික කාලය එළැඹී කි‍්‍රකට් කී‍්‍රඩාවට අහිතකර පරිසරයක් උදාවනු ඇතැයි බලධාරිහු තීරණය කළහ.
මෙම ඕවර් 20 යි විස්ස කි‍්‍රකට් තරගාවලිය කැනඩාවේ කි‍්‍රකට් කී‍්‍රඩාව දියුණු කිරීමට හේතුවක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කැනඩාවේ පාසල් මට්ටමේ සිට ජාතික මට්ටම සඳහා අනුග‍්‍රහය දක්වන රෝයල් හා ස්කොට්ලන්ඩ් බැංකු මෙම සිව්කොන් කි‍්‍රකට් තරගාවලියටද අනුග‍්‍රහය දක්වයි

No comments: