Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, September 4, 2008

රනිල්ගේ යෝජනාවට විරෝධය දේශපාලන මණ්ඩල රැස්වීමේ ගාලගෝට්ටි

විජයානි එදිරිසිංහ
එක්සත් ජාතික පක්ෂයේ නම සහ අලියා ලකුණ වෙනස් කර සන්ධානයක් ඇති කොට මංගල සමරවීර මහතාට අගමැතිකමත් දකුණේ නායකත්වයත් දීමට රනිල් වික‍්‍රමසිංහ මහතා ගෙන ආ යෝජනාවට විරෝධය පළවීම නිසා එජාප දේශපාලන මණ්ඩල රැස්වීම එකම ගාලගෝට්ටියක් විය.
කේම්බි‍්‍රජ් ටෙරස්හිදී මෙම දේශපාලන මණ්ඩල රැස්වීම පැවැත්විණි. ලක්ෂ්මන් සෙනෙවිරත්න, රවී කරුණානායක, දොස්තර ජයලත් ජයවර්ධන, ජෝන් අමරතුංග, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇතුළු මන්තී‍්‍රවරු රනිල් වික‍්‍රමසිංහ සහ මංගල සමරවීර සංවිධාන කළ ජාතික සභාවට සිදුවූයේ කුමක්දැයි මෙහිදී විමසා සිටියහ. ජාතික සභාවට කැඳ වූ රැස්වීම්, සකස් කළ ප‍්‍රතිපත්ති ගැනද ප‍්‍රශ්න කළහ.
තවද එජාපයට හදිසියේ කඩා වැටුණ මංගල සමරවීර මහතාට අගමැතිකම් ලබාදීමට එකඟ වී ගිවිසුම් ගසා තිබෙන්නේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සහ දේශපාලන මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන දැයි මන්තී‍්‍රවරු රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ප‍්‍රශ්න කළහ.
රනිල් වික‍්‍රමසිංහ මහතා සන්ධානයක් හදා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට අත්තනගල්ල ප‍්‍රදේශයෙන් තරග කිරීමටත්, මංගල සමරවීර මහතාට දකුණේ නායක තනතුරක් ලබාදීමටත් කටයුතු කරන බව මන්තී‍්‍රවරු පවසති.
මංගල සමරවීර මහතාට දකුණේ නායකත්වයක් දී මාතර ගාල්ල හම්බන්තොට, මොණරාගල ප‍්‍රදේශවල බලය ලබාදී ඒ තුළින් සජිත් පෙ‍්‍ර්මදාස මහතා කපා දැමීමට උත්සාහ කරන බව මන්තී‍්‍රවරු විවෘතවම එම දේශපාලන මණ්ඩල රැස්වීමේදී කියා සිටියහ.
එක්සත් ජාතික පක්ෂය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ බූදලයක් නොවන බව පැවැසූ රවී කරුණානායක මහතා සන්ධානයක් ඇතිකර පක්ෂයට විශාල බොරුවක් සිදු කිරීමෙන් කිසිම විටෙක එජාපය ඇද වැටී තිබෙන තත්ත්වයෙන් ගලවා ගත නොහැකි බවද කීය.
ජෝන්ස්ටන් ප‍්‍රනාන්දු මන්තී‍්‍රවරයා කතා කරමින් මේ පවතින්නේ මතවාදී අරගලයක් බවත් පක්ෂ නායකත්වය අනිවාර්යයෙන්ම වෙනස් විය යුතු බවත් කීය.පක්ෂයේ ඇද වැටීම පිළිබඳව පක්ෂ සාමාජිකයන්ට ඔවුන් වගකිව යුතුයි.
එම නිසා පක්ෂ නායකත්වයයෙන් ඉවත් වන්නැයි පැවසීමට තමාට අයිතියක් තිබෙන බැවින් පක්ෂ නායකත්වයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් වී වෙනත් සුදුසු කෙනකුට පක්ෂ නායකත්වය බාරදිය යුතු බවද ඔහු කීය.
උතුරු මැද සහ සබරගමු පළාත් ඡන්ද ඉතාමත් සාධාරණව පැවැති බව රන්ජන් රාමනායක, ජානක පෙරේරා ඇතුළු මන්තී‍්‍රවරු සියලු දෙනාම කියා සිටියහ. පවතින ආණ්ඩුව එම ඡන්දයේදී ඡන්ද පෙට්ටි මාරු කළා යැයි නායකත්වය පැවසීම පක්ෂයේ සැබෑ පරාජය වසා ගැනීමට ගොතාගත් බොරුවක් බවද දේශපාලන මණ්ඩලයේ මන්තී‍්‍රවරු එහිදී කියා සිටියහ.
මෙම මතවාදී ගැටුම් මධ්‍යයේ එජාප දේශපාලන මණ්ඩල රැස්වීම ඊයේ කිසිදු තීරණ ගැනීමකින් තොරව අවසන් විය.

No comments: