Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, September 8, 2008

ශාන්ත කුමාර-උපාලි රාජකරුණා අද තරග බිමේ

චීනයේ බීජිං නගරයේ දැන් පැවැත්වෙන 13 වැනි පැරලිම්පික් කී‍්‍රඩා උළෙලට සහභාගිවීමට පැමිණ සිටින ශ‍්‍රී ලංකා කණ්ඩායමේ කී‍්‍රඩකයින් දෙදෙනකු අද තරග බිමට පිවිසීමට නියමිතය.
සිරිමාන ආරච්චිලාගේ සාන්ත කුමාර සහ උපාලි රාජකරුණා ඔවුන් දෙදෙනාය.
මීටර් 100, 200 හා 400 දිවීමේ තරග වෙනුවෙන් ඉදිරිපත් වී සිටින සාන්ත කුමාර අද ප‍්‍රථමයෙන්ම මීටර් 200 (T.46) මූලික තරගයට ඉදිරිපත්වන අතර එය ශ‍්‍රී ලංකා වේලාවෙන් උදෑසන 7.00 පැවැත්වෙනු ඇත.
උපාලි රාජකරුණා සහභාගි වන රෝදපුටු ටෙනිස් මුලික තරග අද සවස ආරම්භ වීමට නියමිතය.
මීටර් 200 (T.46) න් සාන්ත කුමාරගේ හොඳම කාලවේලාව තත්: 23.60 ක් වශයෙන් දැක්වෙන අතර එය මෙම තරගය ඉදිරිපත්ව සිටින තරගකරුවන් 24 දෙනා අතරින් 12 වැනි ස්ථානය වශයෙන් වාර්තා වෙයි.
පැරලිම්පික් තරගාවලියට සහභාගිවීම පිණිස කී‍්‍රඩකයින් කණ්ඩායම ඊයේත් සිය පුහුණු කටයුතුවල යෙදී සිටි අතර සියලුදෙනාම “ඉතාමත් හොඳ මානසික මට්ටමකින්” සිටින බව කණ්ඩායමේ කළමනාකරු කර්නල් රජීව වික‍්‍රමසිංහ පැවැසීය.
පෙරේදා රාතී‍්‍ර (06 දා) අතිඋත්කර්ෂවත් සංදර්ශනයකින් ආරම්භ වූ මෙම පැරලිම්පික් තරගාවලියේ සමාරම්භක උත්සවය පැය තුනක පමණ කාලයක් පැවැති අතර චීන සංස්කෘතියට මුල්තැන දෙමින් අහස පොළොව හා මිනිසා අතරේ ඇති සබැඳියාව ඒ මගින් මැනවින් ප‍්‍රදර්ශනය කරන ලදී.
රටවල් 148 කින් පැමිණ සිටින කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 4200 ක් සමාරම්භක උත්සවයේදී සිය ජාතික ධජයන් පෙරටුකර ගනිමින් කී‍්‍රඩාංගණය වෙත පැමිණෙද්දී ශ‍්‍රී ලංකා ධජය රැගෙන ජාතික ඇඳුමින් සැරසුණු ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් පැමිණියේ නායක සඳුන් වාසනා පෙරේරාය.
මහජන චීන ජනරජයේ ජනාධිපති හූ ජින්ටාවෝ HU- JINTAO) ගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම පැරලිම්පික් කී‍්‍රඩා උළෙලේ සමාරම්භක උත්සවය වෙනුවෙන් චීන රජයේ සියලුම නායකයින් සමගින් රටවල් 13 ක ප‍්‍රධානීන් හා රාජකීයන්ද එක්වී සිටියහ.
ජර්මන් ජනාධිපති හා එහි මුදල් ඇමැතිවරයාත්, ඉරාන ජනාධිපතිවරයාත්, කොරියන් ජනරජයේ අගමැතිවරයාත්, ඉක්වදෝරයේ උප ජනාධිපතිවරයාත්, ස්පාඤ්ඤයේ රාජකීය බිසවත් ඒ අය අතරින් කිහිපදෙනෙකි

No comments: