Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, September 8, 2008

මුහුදු කොටි කඳවුරක් සහ පුහුණු සංකීර්ණයකට ගුවන් ප‍්‍රහාර කොටි රැස්වන තිප්පළ දෙකක් විනාශයි

චන්ද්‍රිකා පෙරේරා
පුනරීන-කවිතාරමුනෙයි සහ මාන්කුලම් බටහිර ප‍්‍රදේශවල මුහුදු කොටි කඳවුරක් හා ත‍්‍රස්තවාදීන් පුහුණු කිරීමේ කඳවුරු සංකීර්ණයක් ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ප‍්‍රහාරයකින් ඊයේ (07) විනාශ කෙරිණි.
කිලිනොච්චි දිසාවේ ප‍්‍රධාන පෙළේ මුහුදු කොටි කඳවුරක් වූ කවිතාරමුනෙයි කඳවුරේ හමුදාවට හදිසි ප‍්‍රහාරයක් එල්ල කිරීම සඳහා මරාගෙන මැරෙන යාත‍්‍රා, ආයුධ සූදානම් කළ කොටි ත‍්‍රස්තවාදීන් එහිඅවි රැස්කර තිබු බවට බුද්ධි අංශ මගින් කරුණු හෙළිකර ගෙන තිබේ.
මේ අනුව එදින අලුයම 4.15ට පමණ එම්. අයි. 24 ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානා උපයෝගීකර ගනිමින් නිවැරදි ඉලක්කය වෙත මෙම ප‍්‍රහාරය එල්ල කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක පියාසර කොමදොරු ජානක නානයක්කාර මහතා පැවසීය.
වවුනියාව, මාන්කුලමට කිලෝමීටර් තුනක් පමණ බටහිරින් පිහිටා තිබුණු කොටි ත‍්‍රස්තවාදීන් ගේ පුහුණු කඳවුරේ අලුතින් බඳවා ගත් බොහෝ පිරිසක් යුද පුහුණුව ලබමින් සිටි බවත් හෙළිවී තිබේ.
එදින උදෑසන 10.20 ට පමණ ජෙට් ප‍්‍රහාරක යානා උපයෝගී කර ගනිමින් මෙම පහර දීම සිදු කැර ඇත.
කඳවුරු පරිශ‍්‍රයේ පිහිටි ගොඩනැගිලි ප‍්‍රහාරයෙන් පසු ගිනි ගෙන පුපුරා විනාශවූ බව හෙළිවී ඇතත් ත‍්‍රස්තවාදීන්ටවූ හානිය ගැන කරුණු අනාවරණය වී නැතැයි ද ගුවන් හමුදාව පැවසීය.
මේ අතර නාච්චිකුඩා ප‍්‍රදේශයට කිලෝමීටර් දෙකක් පමණ නැඟෙනහිර දෙසින් ත‍්‍රස්තවාදීන් එක් රැස්වී සිටි ස්ථාන දෙකකට ද ඊයේ (07) සවස 2.10 ට පමණ ගුවන් හමුදාව ජෙට් ප‍්‍රහාරක යානා මගින් පහර දී තිබේ.
පාබල හමුදා වෙත ප‍්‍රහාර එල්ල කිරීම සඳහා මෙම ස්ථානවල ත‍්‍රස්තවාදීන් සැඟවී සිටින බවට හෙළිවීමෙන් පසු මෙසේ පහර දුන් බව ගුවන් හමුදාව සඳහන් කරයි’ 58 වැනි සේනාංකයේ භට පිරිස්වල සහායට මෙම ප‍්‍රහාර එල්ල කර ඇත.

No comments: