Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, September 3, 2008

රනිල්ට එරෙහි මන්තී‍්‍ර පිරිස ඉවතට :ඉදිරි මැතිවරණයක දී අලුත් පිරිසක්

විජයානි එදිරිසිංහ
විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට කටයුතු කරන මන්තී‍්‍ර කණ්ඩායම ඉදිරි පාර්ලිමේන්තුª මැතිවරණයකදී ඉවත් කර වෙනත් කණ්ඩායමක් පත් කර ගැනීමට ඒ මහතා තුළ සැළසුමක් තිබෙන බව එජාප ජ්‍යෙෂ්ඨ මන්තී‍්‍රවරයෙක් දිනමිණට පැවසීය.
උතුරු මැද සහ සබරගමු පළාත් වලින් සභාවලට ඉදිරිපත් වූ එජාප නියෝජිතයෙක් වූ ඒ සඳහා විශේෂයෙන් තෝරා ගැනීමට රනිල් වික‍්‍රමසිංහ මහතා දැනටමත් පොරොන්දු වී ඇති බවද පැවසේ.
රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂ නායකකත්වයෙන් ඉවත් වෙනවා වෙනුවට ඒ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට කටයුතු කරන පාර්ලිමේන්තු කණ්ඩායම ඉවත් කිරීම රනිල් වික‍්‍රමසිංහ මහතාට හිතවත් මන්තී‍්‍රවරුන් සමඟ සාකච්ඡා වී ඇති බවද පැවසේ.
උතුරු මැද සහ සබරගමු පළාත් සභාවලට එජාපයෙන් තරඟ කළ නියෝජිතයන් ඊයේ සිරිකොතේදී රනිල් වික‍්‍රමසිංහ මහතා හමු වී ඇත.
පෙරවරු 10.00 ට පමණ රැස් වූ එම රැස්වීම පැය භාගයකටත් අඩු කාලයක් තුළ අතරමඟ බිඳ වැටී ඇත.
සබරගමු සහ උතුරු මැද පළාත් සභා ඡන්දයෙන් එජාපය පරාජයට පත් වූයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් එම පළාත්වලට කිසිදු සේවයක් කර නොමැති නිසා බව ඡන්ද අපේක්ෂකයකු වූ සිරිපාල කිරිඇල්ල මහතා ප‍්‍රකාශ කර ඇත.
ඉන් කෝපයට පත් ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා සිරිපාල කිරිඇල්ල මහතාට බැන වැදී ඔහු රැස්වීමෙන් එළවා දමා ඇත. අනතුරුව ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා රනිල් වික‍්‍රමසිංහ මහතාටද බැන වැදී ඇති අතර ඉන් රැස්වීමද කඩාකප්පල් වී ඇත.

No comments: