Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, September 9, 2008

පිටකොටුව ගෑස්පහ හන්දියේ පිපිරීමකින් 10කට තුවාල

මහින්ද කුලතුංග, ධනුෂ්ක ගොඩකුඹුර, චන්ද්‍රිකා පෙරේරා සහ භක්ති මෙන්ඩිස්

පිපිරීම සිදුවූ ස්ථානය පරීක්ෂා කරන අයුරු.
ඡායාරූපය - රංජිත් ජයවීර
පිටකොටුව ගෑස්පහ හංදියේ හෝටලයක් ආසන්නයේ නවතා තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් අසළ ඊයේ (08) රාතී‍්‍ර 9.35 ට පමණ සිදු වු බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් දස දෙනෙකු තුවාල ලබා ඇත.
මෙම පිපිරීමෙන් තුවාල ලත් දසදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවත් ඉන් හය දෙනෙකු සුළු තුවාල ලබා ඇති අතර දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හෙක්ටර් වීරසිංහ මහතා පැවසීය.
මෙම පිපිරීම පිළිබඳව ආරක්ෂක අංශ පරීක්ෂණ පවත්වාගෙන යන අතර මෙය බොහෝ දුරට අත් බෝම්බයක් විය හැකි බවත් කිසියම් පාතාල කණ්ඩායමක් විසින් විනාශකාරී කටයුත්තක් සඳහා රැගෙන එන්නට ඇති බවටත් සැක කෙරේ. පිපිරීම සිදුවන අවස්ථාවේදී ඒ අසළින් ගමන් කළ පොලිස් හදිසි ඇමැතුම් අංශයේ රථයකටද පිපිරීමෙන් බරපතල හානි සිදුවී තිබේ.
සුඛෝපභෝගී මෝටර් රථයේ ඩිකිය අසළ සිදුවු මෙම පිපිරීමෙන් එම රථයටද තවත් රථයකටද හානි සිදුව ඇති අතර එම ස්ථානයේ කුඩා වළක්ද හෑරී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුරටත් පොලිස් පරීක්ෂණ පැවැත්වේ. එම ස්ථානයට ඊයේ රාති‍්‍ර මහේස්ත‍්‍රාත්වරයාද පැමිණීමට නියමිතව තිබිණි.

No comments: