Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, September 10, 2008

විනාඩි ගණනක් ඇතුළත කොටි යානා ලුහුබැඳ ගියා - ගුවන් නියමු බළගණ නායක සංජය අධිකාරි

විජයානි එදිරිසිංහ සහ චන්ද්‍රිකා පෙරේරා
ගුවන් හමුදාවේ ප‍්‍රහාරක ජෙට් යානා කොටි ත‍්‍රස්තවාදීන්ගේ සැහැල්ලු ගුවන් යානා පසුපස හඹාගොස් ප‍්‍රහාර එල්ල කරද්දී එම ප‍්‍රහාර වලින් බේරී පලා යාමට කොටින්ගේ යානා දැඩි උත්සාහයක් ගත් බව ගුවන් නියමු බළගණ නායක සංජය අධිකාරී පැවසීය.
කොටින්ගේ යානය ගුවන් හමුදා ප‍්‍රහාරයෙන් විනාශ කළ ආකාරය පිළිබඳව ගුවන් නියමු සංජය අධිකාරී මෙසේ කරුණු ගෙන හැර දැක්වීය.
ඊයේ (09) අලුයම කොටි ත‍්‍රස්තවාදීන්ගේ යානයක් පැමිණෙන බවට අපේ රේඩාර් තිරයට හසුවුණා. ඒ සමඟම අපේ ගුවන් හමුදා ආරක්ෂක පද්ධතිය කි‍්‍රයාත්මක වුණා.
කටුනායක ගුවන් තොටුපළින් ගුවන් හමුදාවේ ප‍්‍රහාරක ජෙට් යානා දෙකක් වහාම ගුවන්ගත කෙරුණා. අනතුරුව අලුයම 3.36 ට කොටින්ගේ තවත් ගුවන් යානයක් රේඩාර් පද්ධතියට හසු වුණා.
මේ පිළිබඳව මෙහෙයුම් දියත් කෙරීගෙන යද්දී යානා දෙකම වවුනියාව දෙසට හැරී ගුවන් ගත වන බව දක්නට ලැබුණා.
ගුවන් හමුදා ප‍්‍රහාරක ජෙට් යානා විනාඩි කීපයක් වැනි ඉතා සුළු කාලයක් තුළ කොටි සැහැල්ලු යානා දෙක පසුපස හඹා යන විට ඔවුන්ගේ ඉලක්කය දෙසට යා නොහැකිව වෙනත් අතකට හැරී බෝම්බ දෙක බිම හෙළා පළා ගියා.
එවිට ගුවන් හමුදා ප‍්‍රහාරක ජෙට්ය යානා කොටි යානා දෙක පසු පස හඹා යමින් ගුවන් හමුදා මිසයිල ප‍්‍රහාර එල්ල කළා.
ගුවන් හමුදා ප‍්‍රහාර වලින් බේරී පලා යාමට කොටි යානා දෙක දැඩි උත්සාහයක් ගත්තද ගුවන් හමුදා ජෙට් යානා පැදවූ නියමුවන් සාර්ථක ලෙස ඉලක්කය ලබා ගනිමින් කොටින්ගේ එක් යානයක් විනාශ කළේ යයි සංජය අධිකාරි කියයි. එම ප‍්‍රහාරය එල්ල වූයේ මුලතිව් ප‍්‍රදේශයේදීය.
කොටි යානයට ප‍්‍රහාරය එල්ල වූයේ අලුයම 3.55 ට පමණයි.
වවුනියාව ගුවන් හමුදා කඳවුරේ තිබෙන නව තාක්ෂණික උපකරණ වලින් සමන්විත රේඩාර් පද්ධතිය කොටි ත‍්‍රස්තවාදීන්ගේ කි‍්‍රයාකාරකම් වලට විශාල බලපෑමක් වී තිබෙන බවත් මෙය විනාශ කිරීමට සැලසුම් කළ කොටි ත‍්‍රස්තවාදීන් එය ඉලක්ක කරගෙන එම ප‍්‍රහාරයට පැමිණ ඇති බවත් ගුවන් නියමු සංජය අධිකාරී පැවසීය.

No comments: