Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, September 3, 2008

සටන් විරාමයට මුවාවී කඳුකරයේ 400 කට යුද පුහුණුව -හමුදා බුද්ධි අංශ කියයි

ඉන්දික පොල්කොටුව
සටන් විරාමයට මුවා වී එම වකවානුවේ කඳුකරයේ ප‍්‍රදේශ රැසකින් ද්‍රවිඩ තරුණයන් 300 - 400 ත් අතර ප‍්‍රමාණයක් උතුරට ගෙන ගොස් එල්. ටී. ටී. ඊ යෙන් පුහුණුව ලබාදී ඇතැයි පොලිස් බුද්ධි අංශ වලින් අනාවරණය කැර තිබේ.
අඹකොටේවත්ත, කෙන්ගල්ල ගලහ, මාඋස්සාව, රත්තොට, උකුවෙල, නුවරඑළිය සහ හැටන් ආදී ප‍්‍රදේශවලින් මෙම ද්‍රවිඩ තරුණයන් කිලිනොච්චිය, මුලතිව් හා මන්නාරමට ගෙන ගොස් එල්. ටී. ටී. ඊ පුහුණුව ලබාදී ඇතැයි පොලිස් බුද්ධි අංශ හෙළි කැර ගෙන ඇත.
අවුරුදු 17 - 22 ත් අතර තරුණයන් වැඩි පිරිසක් මෙලෙස මෙම ප‍්‍රදේශවලට ගෙනගොස් ඇති අතර ඉන් විශාල පිරිසක් එල්. ටී. ටී. ඊ පුහුණුව ලැබීමෙන් පසු යළි කඳුකරයට පැමිණ ඇතැයිද අනාවරණය වී තිබේ.
2002 වසරේ අස්සන් කළ සටන් විරාමයෙන් පසු “මුහුන්දන්” නැමති කිලිනොච්චියේ එල්. ටී. ටී. ඊ නායකයකු මහනුවර ඇතුළු කඳුකරයට පැමිණ මාස හයක පමණ කාලයක් එහි රැඳී සිට ද්‍රවිඩ තරුණයන් උතුරට යැවීමට කි‍්‍රයා කැර ඇතැයි බුද්ධි අංශ නිලධාරීහු පවසති.

No comments: